හැමෝම වගේ ආසාවෙන් බලපු, බොහෝ දෙනෙක් උපසිරැසි සදහා ඉල්ලීම් කරපු ලස්සන චිත්‍රපටයකට තමයි අද සබ් අරගෙන ඇවිල්ල ඉන්නෙ. ඔව් පරණ එකක් පොඩ්ඩක් උඩට ගන්න හිතුව. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් ඉල්ලගත්තු එකක්. ඒකට ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට දුන්නට. ඒ වගේම තමයි මේක අරගෙන නම් ටික කාලයක් ව…

හැමෝම වගේ ආසාවෙන් බලපු, බොහෝ දෙනෙක් උපසිරැසි සදහා ඉල්ලීම් කරපු ලස්සන චිත්‍රපටයකට තමයි අද සබ් අරගෙන ඇවිල්ල ඉන්නෙ. ඔව් පරණ එකක් පොඩ්ඩක් උඩට ගන්න හිතුව. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් ඉල්ලගත්තු එකක්. ඒකට ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට දුන්නට. ඒ වගේම තමයි මේක අරගෙන නම් ටික කාලයක් වෙනව. වැඩ අධික වීම නිසා සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඔයාල දැනටමත් දන්නව මේකට තවම කිසිම උපසිරැසියක් නිකුත් වෙලා නැහැ කියලත් ඒ වගේම අපි මේ චිත්‍රපටය කොච්චර ආසාවෙන් බැලුවද කියලත්. ඒ නිසාම පොඩි කාලයක් අරගෙන නැවත නරඹන්න හිතාගෙන ඉන්න අයට සාධාරණයක් කරන්න ඕන කියල හිතුව. ගීත කිහිපයකටත් උපසිරැසි කරල ඇති. පලමු වතාවට පොඩි උත්සහයක් දරල ගොඩක් අය ආස කරපු Oorikey Ala ගීතය සිංහලට පරිවර්ථනය කරා. ඒකට කිසිම පරිවර්තනයක් හොයාගන්න බැරිවුනා. කොහොමවුනත් මට ගීතය අත්හරින්න හිතුනෙ නැහැ.
චිත්‍රපටය නිකුත්වෙන්නෙ 2016 සැප්තැම්බර් මාසෙ 23 වෙනිද, මේ වෙනකොට IMDb අගය 6.5ක් වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂනය Virinchi Varma විසිනුත් ප්‍රධාන චරිත වලට Nani, Riya Suman, Anu Emmanuel යන තිදෙනා රංගනයෙනුත් දායක වෙලා තියනව. චිත්‍රපටය සඳහා පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 16ක් වෙද්දි ඉන්දියානු රුපියල් කෝටි 27ක් පමණ මුදලක් උපයගන්නත් චිත්‍රපටයට හැකියාව ලැබිල තියනව. තවත් එක් විශේෂත්වයක් තමයි චිත්‍රපට අධ්‍යක්ෂක S.S. Rajamouli මහතා කොටස් කිහිපයකට තමන්ගෙ රංගනයෙන් දායක වෙලා තියනව.
කතාවෙන් පොඩ්ඩක් කියලම ලිපිය අවසන් කරන්නම්. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ බාහුබලි චිත්‍රපටයේ තිරගත කිරීමක් අතරතුර. ආදිත්‍යා(නානි) එම චිත්‍රපටයෙ සහය අධ්‍යක්ෂකවරයෙක්. ඔය අතර නානිට එයාගෙ යාලුව කාසිගෙන් කෝල් එකක් එනව මැරයො වගයක් එයාට ගහන්න එනව කියල. ඉතින් ආදිත්‍යා එතනට යනව, කොහොමින් හරි එතනදි තමයි ආදිත්‍යා සුමාව දකින්නෙ. ආදිත්‍යාට සුමා ගැන කැමැත්තක් ඇති වෙලා එයාගෙන් කැමැත්ත අහන්න තමයි උත්සහ කරන්නෙ. ඉතින් කතාවෙන් කතාවෙන් සුමා ආදිත්‍යාගෙ පරණ ආදර කතාව ගැන අහනව. දැඩි බලකිරීම මත ආදිත්‍යා තමන්ගෙ ආදර කතාව කියන්න පටන් ගන්නව. ඉතින් එතන ඉදල තමයි ආදිත්‍යා සහ කිරන් අතර ආදර කතාව පටන්ගන්නෙ. මජ්නු චිත්‍රපටයෙ මතක නැවත අලුත් කරගන්න හැමෝටම ආරධනා කරන ගමන්, මේක මගේ උපන්දිනේට මගෙන් ඔයාලට හිමිවෙන විශේෂ තෑග්ගක් හැටියට සලකන්න. එහෙනම් මම සමු ගන්නවා. වෙනද වගේම…
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
9,012 downloadsDownload Majnu.2016.Baiscopelk.com_.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
33 comments
Krishan NiShalya
prince isha
WIsh U Happy Birthday
&
Thanks For Subtitleisuru srinath sjs
Thanks සහෝදරයා සබ් එකට.. බොහොම ස්තුතියි.. ❤️
ඒ වගේම " සුභම සුභ උපන්දිනයක් වේවා "..!Kantha_DLA
Happy birthday to you..........
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sanjeewa2010
Thnxxxxxxxxxx
Nuwandika Dil
Thanks and happy Birthday
maikee
තැන්ක්ස් බං. සුබ උපන්දිනයක් bro. ජයවෙවා
Sampathkelum
Thanx bro.............happy bithday
Ayesh Prashan
Thank You Sub Ekata
maikee
සුබ උපන්දිනයක් වෙවා බං. තැන්ක්ස් සබ් එකටත් ජයවෙවා
Udaya Saman
උපසිරසිය දෙනකන් ලග තියන් හිටපු එකක්.සුභම සුභ උපන් දිනයක් වේවා සෙහා් .උපන් දිනතෑග්ගට බොහොම තුති.මොකද සබ දෙනකන් බලන් හිටපු එකක් නිසා..
Bandara76
Wish U Happy Birthday
Buddhika Lakmal (laKMal)
සබ් එකට තෑන්ක්ස් මචං...
ඒ වගේම 'සුභ උපන්දිනයක්' මචං...EM Nishshanka
Thanks
EM Nishshanka
Happy Birthday mcn..
871001227x
සබ් එක හරියට වැඩ කරන්නේ නැහැ
TharakaWAS
Thanks for sub
damith_janaranjana
Thanks bro
supun herath
tnx brooo
Prasadmdrnga01
Puluwannan Hippi eke sub ek diynko bn
janaka124pra
කාල රාමු අවුල් බන් හරියට වැඩ නෑ බන් ..සබ් එක කාල රමු හදලා දෙන්නකො
gayan215
bohoma sthuthi saho...
Rukshan37
Ela ela
Arun chala
ELa
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ගොඩක් කල් ඉඳන් ෆිලුම තියන් හිටියේ සබ එක්ක බලන්න.
දිගටම සබ් දෙමු ආ..
ජය!patta bn , thanks oiiii,
Meee....... Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Pereralakshitha
Sub ekat thanks.puluvn nm film eka downlod karana link eka dannko.loku udaduvk.
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sublove
bohoma sthuthi me sub eka apita genawata
Bandarajbandara
ස්තුතියි ජයවේවා
ravimal max
Film eke link ek diymkoo
Ovindu
happy birthday aiye
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුභම සුභ උපන්දිනයක් වේවා !
බොහොම ස්තූතී උපසිරැසියට
Good Luck Bro ❤