Watch Trailer

Kill (2024) Sinhala Subtitles | වියරු වැටුණු පෙම්වතා! [සිංහල උපසිරසි]

Kill (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේදී නොසිතූ ලෙස ජනප්‍රියත්වෙට පත් හින්දි චිත්‍රපටයක්, සහ ඔව්, සබ් එක ගේන්න නම් හොඳටම පරක්කුයි තමා. චිත්‍රපටය එන්නත් කලින් මේක කැම් එකට කරන්න ලයින් ටික ගහල දෙන්නම් කියලා මයුර අයියා කිව්ව නිසා වැඩේ පටන් ගත්තත් හදිසියේ සයිට් එක බිඳ වැටුණු…

Kill (2024) Sinhala SubtitlesKill (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේදී නොසිතූ ලෙස ජනප්‍රියත්වෙට පත් හින්දි චිත්‍රපටයක්, සහ ඔව්, සබ් එක ගේන්න නම් හොඳටම පරක්කුයි තමා. චිත්‍රපටය එන්නත් කලින් මේක කැම් එකට කරන්න ලයින් ටික ගහල දෙන්නම් කියලා මයුර අයියා කිව්ව නිසා වැඩේ පටන් ගත්තත් හදිසියේ සයිට් එක බිඳ වැටුණු නිසා ඔන්න දැං තමයි ඔයාලට සබ් එක දෙන්න පුළුවන් වුණේ. ඒ වෙනුවෙන් මයුර අයියට විශේශයෙන් ස්තූතියි කරනවා ෆිල්ම් එකේ බොහෝ දුරට ලයින් ටික ගහල දුන්නට. එහෙනම් දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ ඒ කතා නවත්තලා අපි කෙලින්ම ෆිල්ම් එක පැත්තට හැරෙමු,

මේ ෆිල්ම් එක ඉන්දියානු සිනමාශාලාවල් වලට බෙදා හැරුණේ AA Films සමාගම හරහා ජූලි 5 වෙනිදයි. ඒ වගේම ෆිල්ම් එකේ බෙදාහැරීම් කටයුතු ගැන කතා කරද්දි මේකෙ පොඩි විශේශයක් තියෙනවා, ඒ තමයි උතුරු ඇමරිකාවෙ සහ එක්සත් රාජධානියේ මේ ෆිල්ම් එකේ බෙදා හැරීම් කටයුතු කරේ ප්‍රසිද්ධ ඇමරිකානු සමාගමක් වෙන Lionsgate විසින්. සාමාන්‍යයෙන් කලාතුරකින් තමා මේ වගේ ප්‍රධාන පෙලේ හොලිවුඩ් සමාගමක් හින්දි ෆිල්ම් එකක ඇමරිකාවේ බෙදාහැරීමේ අයිතිය කෙලින්ම ලබාගන්නේ. ඒ අනුව මේකෙ වෙබ් පිටපත් අන්තර්ජාලයට මුදා හැරුණේ ජූලි 23 වෙනිදයි. මේක අධ්‍යක්ෂණය කරන්නේ Nikhil Nagesh Bhat විසින්. මීට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්නා පෝරස් නැතිනම් දික්විජය කියලා මෙහෙ සිංහලෙන් හඩකවා පෙන්නපු ඉන්දියානු කතා මාලාවේ පෝරස්ගෙ චරිතය රඟපෑ Lakshya විසින්. මේකෙ ප්‍රධාන නිලිය තමයි Tanya Maniktala, ඇය ගැන ඔයාල Tooth Pari: When Love Bites, Flames කියන ජනප්‍රිය ඉන්දියානු වෙබ් සීරිස් බලලා තියෙනවා නම් දන්නවා ඇති. ඊට අමතරව Raghav Juyal / Ashish Vidyarthi / Harsh Chhaya / Abhishek Chauhan වැනි අය රංගනයෙන් දායක වෙනවා.

මේ වෙනකොට මේකට ඉතාමත් හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලබා ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි ඉන්දියානු සිනමාවෙ තියෙන ගුරුත්වාකර්ශනය අඩු, නළුව එකෙක්ට ගැහුවාම සිය දෙනෙක් විතර වැටෙන අතාත්වික ක්‍රියාදාම වලින් මිදිලා තාත්වික විදිහට කරපු වැඩක් නිසාවෙනුයි. ඒ නිසාවෙන්ම බලපු ගොඩක් අය මේක හදුන්වන්නේ ඉන්දියාවේ ජෝන් වික් චිත්‍රපටයක් කියලයි. ඒ ඇයි කියල බලාගන්න නම් ගිහින් මේකෙ ට්‍රේලර් එක බලලා එන්නකො. ඒ අනුව මේ වෙනකොට IMDb දර්ශකේ 7.8 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 90% ලබා ගන්න හැකිවෙලා තියෙනවා.

කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ ෆිල්ම් එකේ මම දාල තියෙන ටයිටල් එකෙනුත් දල අදහසක් ගන්න පුළුවන් නිසා, ඒත් එක දෙයක් කියන්නම් කොල්ලා වැඩේට එන්ටර් වුණාම ආයෙ ඉවර වෙනකල්ම ක්‍රියාදාම විතරයි. John Wick වගේ සුපිරිම ඇක්ෂන් ටිකකට කැමතී නම් ආයෙ හිතන්න දෙයක් නෑ අරන් බලන්න. දැන්නම් හැබැයි නොබලපු අයත් හොයාගන්න නැතිව ඇති. එහෙනම් ඔච්චරයි කියන්න යන්නේ තව උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!

“මෙහෙම කවුද මරන්නෙ බං?
මම හතරයි මැරුවේ උඹේ.
උඹ හතලිස් දෙනෙක්ව මැරුවා මගෙ පවුලේ!
ආරක්ෂකයෙක් නෙමෙයි උඹ.
රාක්ෂයෙක්! “

Kill (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB RIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,100 downloadsDownload Kill-2024-Sinhala-Subtitles-2.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Kill (2024) Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

15,100 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බිම්සර සහෝ උපසිරැසියට

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Senuth

    A quite place day one, The bikerider Sinhalasub

  4. ishu

    sub ekta thx machn

  5. යුරාන් ධනුක (දනුවා)

    සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. බය නැතුව බලන්න කියලා නිර්දේශ කරනවා.
    ඒ වගේම උපසිරසියත් පට්ට.
    උපසිරසියට බොහොම ස්තූතියි ඔලිව සහෝ.

  6. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  7. Darkmoon

    thanks mchng sub ekt , super film ekk

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Sidath

    Supirima action film ekak...

  10. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  11. Chalaka krishantha

    ඔබේ වටිනා කාලය මිඩංගු කර අපගේ රසවින්දනය වෙනුවෙන් කල මෙහෙයට ස්තුතී

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤