The Roundup: Punishment (2024) Sinhala Subtitles 2016 වසරේ හවස් වරුවක Mr. & Mrs. Smith 2005 චිත්‍රපටයේ srt file එකේ සුළු වෙනස්කමක් කරලා ඒ ආසාව ගිය දුරේ අවසානයේ තමයි අද මම මේ නැවතිලා ඉන්නෙ. මගේ මුල්ම නිර්මාණය වුනේ 2017 වසරේ Sweet November (2001) චිතරපටයට ඉදිරිපත් කල සිංහල උපසිරසියයි. එතනින් නොනැවතී…
The Roundup: Punishment (2024) Sinhala Subtitles
2016 වසරේ හවස් වරුවක Mr. & Mrs. Smith 2005 චිත්‍රපටයේ srt file එකේ සුළු වෙනස්කමක් කරලා ඒ ආසාව ගිය දුරේ අවසානයේ තමයි අද මම මේ නැවතිලා ඉන්නෙ. මගේ මුල්ම නිර්මාණය වුනේ 2017 වසරේ Sweet November (2001) චිතරපටයට ඉදිරිපත් කල සිංහල උපසිරසියයි. එතනින් නොනැවතී වසර 7 ක් පුරාවට ඔබ හමුවට උපසිරසි රැගෙන ඒමට මාහට හැකිවුනා. ඇත්තටම කිසිදු ලාභ ප්‍රයෝජයක් නොමැතිව මේ දක්වා උපසිරසිකරනයේ යෙදුනේ ඔබගේ සතුට වෙනුවෙන්මයි.. ඩවුන්ලෝඩ්ස් අඩු වුනත් අලුතින් රිලීස් වෙන චිත්‍රපට වලටත් වඩා අපට මඟ හැරී ගිය විශිෂ්ඨ චිත්‍රපට වලට උපසිරසි සෑදීමට මා උනන්දු වුනේ ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයින්ගේ චිත්‍රපට රසවින්දනය පුළුල් කිරීමේ අරමුනින්මයි. එහිදී මා අතින් විවිධ භාෂා 5 කට අධික ප්‍රමානයක චිත්‍රපට සිංහලට පරිවර්තනය කර ඇත..
ඒ වගේම 50 වෙනි උපසිරසිය පලකරන අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කල යුතු බයිස්කෝප් මහගෙදර සගයින් කිහිපදෙනෙක්ම සිටී. විශේෂයෙන්ම අශාන් විමුක්ති සහෝදරයා නැතහොත් අපි කවුරුත් දන්න “විමා” උපසිරසියක් ලබා දීමේ සිට පල කිරීම දක්වා ක්‍රියාදාමයේදී මාහට කල උදව් උපකාර විශේෂයෙන් මතක් කරනවා.. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ හසන්ත අයියා, රොයිලි සහෝදරයාවත් ආදරයෙන් මතක් කිරීමට මා මෙය අවස්ථාව කරගන්නවා.. මාගේ උපසිරසි ගමනේ විශේෂ කඩයිමක් වූ ලංකාවේ පලවෙනි වතාවට තුර්කි කතාමාලාවක් සදහා උපසිරසි ලබා දීමේදී මාහට සහය වූ මයුර සුරාජ්, පූ, හෙලලි, යසිරු ඇතුළු සහෝදර කැල ආදරයෙන් මතක් කරනවා.. විශේෂයෙන්ම ඔලිව සහෝදරයාවත්
රවිදු සහෝදරයාවත් මතක් කරන අතර, නම් කියූ නොකියූ බයිස්කෝප් පවුලේ සියලු දෙනාටත් විශේෂයෙන් මාගේ උපසිරසි නැරඹූ ඔබටත් හදවතින්ම ආදරෙයි..

ඔන්න එහෙනම් The Roundup සීරීස් එකේ අළුත්ම කොටසට පරක්කු වෙලා හරි උපසිරසි දෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ.. ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් වෙලා ටික කාලයක් ගිහිල්ලා.. එදිනෙදා රාජකාරි වැඩ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ඒ පරක්කුවට මම ඔයාලගෙන් වගේම ඇඩ්මින් මඩුල්ලෙනුත් සමාව ඉල්ලනවා…
The Roundup සීරීස් එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්නෙ. ඒකට ප්‍රධානම හේතුව වුනේ මේ සීරිස් එක පුරාවටම තියෙන තාත්වික සටන් වගේම අමතක කරන්න බැරි අපේ “තඩියා” Ma Dong-Seok ප්‍රධාන නළුවා ලෙස එක්වීම කියලා මම හිතනවා.. The Outlaws 2017, The Roundup 2022, The Roundup:No Way Out 2023 චිත්‍රපට කතා තේමාවන් තුනක් ඔස්සෙ ගලාගෙන ගිය අතර The Roundup: Punishment (2024) චිත්‍රපටයද වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලාගෙන යනවා.. එනිසා කලින් චිත්‍රපට නොබැලුවාට එය මේ චිත්‍රපටය රසවින්දනයට නම් කිසිම බාධාවක් වෙන්නෙ නැහැ..
The Roundup: Punishment (2024) චිත්‍රපටය Heo Myung-haeng ගේ අධ්‍යක්ෂනයක් වන අතර Ma Dong-Seok දොන් සුක් ලෙසත් Kim Mu-yeol බේක් චන්ග්-ගි ලෙසත් ප්‍රධාන චරිත වලින් දායක්වත්වය
ලබා දෙනවා. 2024 අප්‍රේල් 24 වන දින ලොව පුරා තිරගතවීම ඇරඹි මෙම චිත්‍රපටය මේ වන විට ඇ.ඩො, මිලියන 72 ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම IMDB 6.7 කුත්, Rotten Tomatoes 90% ක අගයකුත් වාර්තා කරගෙන තිබෙනවා.. මෙවර චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නෙ, 2018 වසරේ කොරියාවේදී හා පිලිපීනයේදී සිදුවූ සත්‍යය සිදුවීමක්..
මා දොන් සුක් මේ පාර මැදිහත් වෙන්නෙ අතින් පයින් විතරක් නෙමෙයි තාක්ෂණික පැත්තෙනුත් ඉදිරියට ගිය අපරාධයක සුලමුල හොයන්නයි. පිලිපීනය පසුබිම් කරගෙන නීති විරෝධී ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාරයක් කරගෙන යන කෝටිපති කොරියානු ව්‍යාපාරික ජැන්ග් ඩොන්ග්-චියොල් ඔහුගේ සහචරයන් ලෙස කොරියානු විශේෂ හමුදා බලඝනයෙන් නෙරපා දැමූ සෙබළුන් දෙදෙනෙකුද හවුල් කරගන්නවා. මිනිසුන් බලෙන් පැහැරගෙන ගොස් සේවයේ යොදවමින් කරගෙන යන මෙම ව්‍යාපාරයෙන් බේරී පලායමින් සිටි සොන්ග්-ජේ, බේක් චන්ග්-ගි ගේ පිහි පහරකින් දිවි අහිමි වනවා.. මේ කල්ලියේ තර්ජනය ඉව වැටෙන මා දොන් සුක් ඇතුළු සියොල් අපරාධ විමර්ෂණ කණ්ඩායම මෙහි විමර්ෂණ කටයුතු භාරගන්නවා. ඉතින් මේ පැටළුනු ඩිජිටල් අපරාධ නූල් බෝලය දොන් සුක්, මන් ජේ ඇතුළු කණ්ඩායම කෙසේ විසදයිද..
ඉතින් ක්‍රියාදාම වලට ලැදි චිත්‍රපට රසිකයින්ට කුතුහලය හා හාස්‍යයද මැනවින් මුසුවූ The Roundup: Punishment චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් 50 වෙනි උපසිරසියෙන් මා උපසිරසිකරනයට සමුදෙනවා.. ඔයත් මගේ සබ් එකක් බලලා රසවිදලා තියෙනවා නම් අදහසක් පලකරගෙන යන්න කියලා ඉල්ලනවා. ඒක මට ලොකු සතුටක් වෙයි මාගේ පැමිණි ගමන් මග ගැන ආපහු හැරී බලද්දි..
එහෙනම් චිත්‍රපටිය රසවිදින්න අරාධනා කරමින් මා සමුගන්නවා, ඔබ සැමට සුභ අනාගතයක්…
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
9,633 downloadsDownload The-Roundup-Punishment-2024-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Roundup: Punishment (2024) Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #2024
- #Box Office Hits
- #Derek Chouinard
- #Editor's Pick
- #Heo Myeong-haeng
- #Kim Min-jae
- #Kim Mu-yeol
- #Kim Young-woong
- #Lee Beom-su
- #Lee Dong Hwi
- #Lee Ji-hoon
- #Lee Joo-bin
- #Ma Dong-seok
- #Must Watch
- #Offbeat
- #Park Ji-hwan
- #Ryu Ji-hoon
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #The Roundup
- #The Roundup: Punishment
- #The Roundup: Punishment (2024)
- #The Roundup: Punishment (2024) Sinhala Sub
- #The Roundup: Punishment (2024) Sinhala Subtitles
- #You Decide
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
19 comments
Madusha
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bimsara Yashan (ඔලිව)
50 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා. කන්ඩායම් වැඩකට බයනැතුව කතා කරන්න පුළුවන් කෙනෙක් තමා. ඒ තරම් උපසිරැසිය ගුණාත්මකව හොඳට වචන ගලපලා කරනවා. ඔයා දුන්න චිත්‍රපට සහ ටීවී සීරිස් එපිසෝඩ්ස් කීපයක්ම මම බලලා තියෙනවා. ඉතින් මෙතනින් මේ වැඩේ නවත්තන්නැති වෙයි කියලා බලාපොරොත්තු වෙන ගමන් ඔයාගෙ පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියලත් පාර්තනා කරනවා. දිගටම උපසිරැසි දෙමු.. ජයවේවා!
Chamath
thanks for the sub machan
Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ඉෂූ ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika laKMal
50වෙනි උපසිරැසියට සුබපැතුම් ඉෂාන් සහෝ.........
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.......
උපසිරැසිකරන්න තාලයත් වැඩි වැඩියෙන් ලැබේවා...........
ජය වේවා.....මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ........
Udaya
බොහොම ස්තූතියි සහෝදරයා
rhy
dfasgdh thanks
Dasun
සුබ පැතුම් bro..කොහොමත් ඔයා සුපිරි වැඩ්ඩෙක් එදා ඉඳන්ම.
Anonymous
Thanks again brother
Malith samarawickrama
Thanks Bro sub ekata
Hashan
ගොඩාක් ස්තුතීයි සබ් එකට, ඉදිරි කටයුතු සාර්ථක වේවා !!! සුබ අනාගතයක් !!!
Asela chathuranga
බොහොම ස්තූතියි මගේ සහෝදරයා, සිංහල උපසිරැසි ලබා දුන්නට
Amila Mudalige
50 වෙනි උපසිරසියට සුබ පැතුම්
Buddhi
Thank you, Brother!!
Ishan Madusha
බොහොම ස්තූතියි.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤එල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න සෑහෙන ප්‍රමාද වුණාට...
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් ඉෂාන් සහෝ! :)
සබ් එකටත් ස්තුතියි!
100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Anonymous
thnx and good luck
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie


තෑන්ක්ස් බොසා.