ඉතින් යාළුවනේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක් කිව්වා!!!! අද මං ඔයාල වෙනුවෙන්ම ගෙනාව අළුත්ම අළුත් චිත්‍රපටියක්. ඒ Killing Joan (2018) කියන සලරුව තමයි අද මං ඔයාලට ගෙනාවෙ. මේ චිත්‍රපටිය ඇමරිකාවෙ නිශ්පාදිත එකක්. මේ සලරුව IMDb දර්ශකයෙ එතරම් ලොකු අගයක් ලබාගන්න නම් සමත්වෙල නෑ, ඒත් මේ සලරුව ගැන යමක් කිව්වොත් Act…
ඉතින් යාළුවනේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක් කිව්වා!!!! අද මං ඔයාල වෙනුවෙන්ම ගෙනාව අළුත්ම අළුත් චිත්‍රපටියක්. ඒ Killing Joan (2018) කියන සලරුව තමයි අද මං ඔයාලට ගෙනාවෙ. මේ චිත්‍රපටිය ඇමරිකාවෙ නිශ්පාදිත එකක්. මේ සලරුව IMDb දර්ශකයෙ එතරම් ලොකු අගයක් ලබාගන්න නම් සමත්වෙල නෑ, ඒත් මේ සලරුව ගැන යමක් කිව්වොත් Action , Crime , Drama , Horror යන ඛාණ්ඩවලට තමයි අයත් වෙන්නෙ. මේකෙ අධ්‍යක්‍ෂණය කටයුතු කරල තියෙන්නෙ Todd Bartoo විදියටයි සඳහන් වෙන්නෙ. මේ සලරුවට අපි හොඳින්ම දන්න කියන නිළියක් වන Jamie Bernadette රංඟනයෙන් දායක වෙනවා. ඔයගොල්ලො දන්නව ඇතිනේ ඇය රඟපාපු චිත්‍රපටි එහෙම. කමක් නෑ මං ඒවයින් ටිකකුත් ඔයගොල්ලන්ට කියන්නම් කෝ…
1. Lake Death 2010
2. 1000 Ways to Die 2011
3. 365 Days 2011
4. Operation Terror 2011
5. Resident Evil: Resurrection 2012
6. 13 Days 2016
වගේ සලරූ රාශියකට රංගනයෙන් දායක වෙනවා.. තව කිව්වොත් Alexandra Lemus, Casper Andreas, Teo Celigo, David Carey Foster වගෙ නළු නිළියන් රැසකගේද සහාය මීට හිමිවෙනවා කිව්වොත් නිවැරදියි.
ඉතින් යාළුවනේ අපි වැඩිය කතා නැතිව එහෙනම්, කතාව දිහාට හැරෙමු.
ජෝන් (ජොඈන්) එහෙමනැත්නම් ජොනී කියන කාන්තාව, ඒකියන්නෙ අපෙ කථා නායිකාව පාතාල කල්ලියක සාමාජිකාවක් වෙලා ඉන්නවා. ඉතින් ඇය කරන්නෙ මිනිස්සු මරනවා, ගෙවල් කඩනවා, කප්පම් ගන්නවා වගේ එකේක වැඩ. දන්නවනේ පාතාල සංවිධානයක් වුනාම ඉතින් ඕව්ව සුලභයි. ඉතින් මෙහෙම දවසක් කරගෙන යනකොට ඇයට ඉහලින් නියෝගයක් ලැබෙනවා සමාජ සේවකයෙක් ඉවරයක් කරලදාන්න කියලා. මොකද මේ සමාජසේවකය හින්දා මොවුන්ට සල්ලි හම්බකරන්න පුළුවන් මාර්ග සේරම පාහෙ ඇහිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේගැන කටයුතු කරන්න ජෝන්ට භාර දෙනවා. හැබැයි පූරුවෙ කරුමයකට වගෙ ඒ සමාජසේවකයා ඇගේ කලින් පෙම්වතා වෙනවා. ඒ හින්දම ඇයට කරකියාගන්න බැරි තත්වයට ඇය පත්වෙනවා. මේහින්දම ඇගේ කල්ලියෙ අය විසින්ම ඇයව ඝාතනයට ලක් කරනවා. මෙන් මෙතනදී තමයි අපෙ කතා නායිකා ජෝන්ට යක්‍ෂෙයක්/ අඳුරු බලවේගයක් වැහෙන්නෙ. ඇයට ලැබුනු මේ අළුත් බලයත් එක්ක ඇය තමන්ගෙ කල්ලියට ප්‍රභල ප්‍රහාරයක් දියත් කරන්න සමත් වෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් අපි සාමාන්‍යෙයන් දන්නෙ අඳුරු බලවේග අඳුරටම තමයි පාර කපන්නෙ කියලා. නමුත් ජෝන් එයාට හම්බවෙච්ච අඳුරු බලවේගෙන් හොඳ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකියන්නෙ සම්පූර්ණ කල්ලියට විරුද්දව, ඔවුන්ගේ විරුද්ද පැත්තට, ඒකියන්නෙ හොඳ පැත්තට සටන් කරන එකයි. ඉතින් ඇය මෙහෙම සටන් කරනකොට ඇයට වටිනා කියන කැපකිරීම් කිහිපයකුත් කරන්න සිද්ද වෙනවා. ඉතින් ඒ කැපකිරීම් වෙනුවෙන් ඇය කල්ලි නායකයා හොයාගෙන යනවා. එහිදී ඇයට නොසිතූ විරූ ලෙස පුදුම සහගත දේකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා.
මං හංතනවා මං තවදුරටත් කිව්වොත්, මං මුළු කතාවම ඔයගොල්ලන්ට කියාවි කියලා. අන්න ඒ නිසා මං මෙතනින් ලිපිය නවත්තනවා. ඉතින් මං මේකිව්ව පුදුම සහගත දේ මොකක්ද? ඒකෙන් ජෝන්ට මොනවගෙ බලපෑමක් ඇතිකරාවිද කියල ඇවිල්ලම බලල යන්න කියන ආරාධනයත් එක්කම අදට මං ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම සුභම සුභ දවසක්වේවා කියල ප්‍රර්ථනා කරනවා!!!!.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,277 downloadsDownload Killing-Joan-2018.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හිරාන් සේනානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
22 comments
Asitha Jayasinghe
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Lahiru_sankalpa
Thankz machn
gihan perera
නියමයි සහෝ...පට්ට ෆිලුමක්...කම්මැලි නැතුව බලන්න පුළුවන්...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
Kulanjana Maduranga
subata thanks...
chandika1975
thank you for subtitle
Suranjan
Thanks machan.......jayawewa......!
Suranjan
Thank you machan.......jayawewa......!
Suranjan
Thanks.......jayawewa......!
Gayan sudu
thanks bro
Hiranhiru
ගොඩක් ස්තුතියි..
හිතනවා මේක එළම පිලුමක් වගේ කියලා..
තෙරුවන් සරණයි..!
ජය වේවා...!ranga11112
ස්තුති හිරාන් සහො ..... තෙරුවන්සරණයි
bhanuka11
thanks. The Big Red One 1980 war movie ekatath sub dennako.(ww2 supirimama movie ekak)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nihalpujitha
super
dsdkavishka
Thenks
Rukshan37
Ela elAa
ushan
tnx
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kanchaka
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you Bro!