අන්තිමට මම උපසිරැසියක් අරගෙන ඇවිත් හරියටම අවුරුද්දක් ගිහින් ඉවරයි. ඉතින් යෙදිල තිබුණ විභාග වැඩ කටයුතු වලින් පස්සේ දිල්ශාන් අයියා නැවතත් මට කථා කරා “මලයා සබ් එකක භාගයක් තියනවා කරල දාමුද” කියලා. මමත් ඉතින් නැහැයි බැහැයි නොකියාම වැඩේ කරන්න ගත්තා. චිත්‍රපටියට අවතීර්ණ වෙන්න කලින් මටත් තියනවා පොඩි කතාවක්…
අන්තිමට මම උපසිරැසියක් අරගෙන ඇවිත් හරියටම අවුරුද්දක් ගිහින් ඉවරයි. ඉතින් යෙදිල තිබුණ විභාග වැඩ කටයුතු වලින් පස්සේ දිල්ශාන් අයියා නැවතත් මට කථා කරා “මලයා සබ් එකක භාගයක් තියනවා කරල දාමුද” කියලා. මමත් ඉතින් නැහැයි බැහැයි නොකියාම වැඩේ කරන්න ගත්තා.
චිත්‍රපටියට අවතීර්ණ වෙන්න කලින් මටත් තියනවා පොඩි කතාවක් කියන්න. මේ චිත්‍රපටියේ නම ඇහුව ගමන්ම වැඩි ප්‍රසිද්ධියක් නැති ෆිලුමක් කියල දැනගත්තා. ඒ වගේම මේ ෆිලුම 2016 තිරගත වුණ The Thinning Film සීරිස් එකේ දෙවනි ෆිලුම කියලත් අහන්න ලැබුණා. මුලින්ම රේටින්ග්ස් එහෙම අධ්‍යනය කරල ෆිලුම බලන්න පටන් ගත්ත නිසා මේක අපේ භාශාවෙන් “මෙලෝ රහක් නැති ෆිලුමක්” කියල තමයි හිතුවේ. අන්තිමට මම ෆිල්ම්ස් දෙකම බලල ඉවර කරේ “කවුද යකෝ රේටින්ග්ස් වලින් චිත්‍රපටි මනින එකා” කියන වදන ඔලුවෙ තියාගෙන. ඒ වගේම ඉතින් කියන්න ඕන මේ ෆිල්ම්ස් දෙකේම රේටින්ග් සහ වෝට්ස් කරන ප්‍රමාණය අඩු වෙන්න හේතුව තමයි මේක යූ ටියුබ් ඔස්සේ විකාශය කරන එකක්. රේටින්ග්ස් අඩු වුණාට මොකෝ ෆිල්ම්ස් දෙක නම් ඒ තරමටම සුපිරියි. [පලවෙනි ෆිලුම බැලුව අය දැනටමත් දන්නවා ඇතිනේ.] එහෙනම් ඉතින් The Thinning (2016) ෆිලුම අනිවාර්යෙන්ම නරඹලා මේක බලන්න පටන් ගන්න.
The Thinning (2016)
The Thinning (2016) ෆිලුම් ගැන පොඩි සාරංශයක් ලබා දුන්නොත් ලොව පුරාම බොහෝ රටවලට බලපාන මූලිකම ප්‍රශ්නයක් වන ජනගහණය පාලනය පදනම් කරගෙන ඇමරිකා එක්සත් ජනපදය තුල The Thinning කියලා පරීක්ශණයක් පවත්වනවා. මේකෙන් පරීක්ශා කරන්නෙ ලමයින්ගේ බුද්ධිය. නමුත් අසමත් වෙන ලමයින්ට ජනගහණය පාලනය කිරීමට සහය දක්වන්න එහෙමත් නැත්නම් මේ ලෝකේ හැර යන්න සිදුවෙනවා. සෑම අවුරුද්දක් පාසාම තියන මේ පරීක්ශණයට ආණ්ඩුකාරතුමාගේ පුතා වන බ්ලේක් රෙඩින්ග් සහ ඔහුගේ පෙම්වතිය වන එලීත් සහභාගී වෙනවා. එක අවුරුද්දකදි එලී මේ විභාගයෙන් අසමත් වෙනවා.
මේ හේතුවෙන් මේ ක්‍රමයට විරුද්ධ වෙන්න ඕන නිසාම ආණ්ඩුකාරතුමාගේ පුතා වන බ්ලේක් හිතාමතාම පරීක්ශණය අසමත් වෙන්න කටයුතු කරනවා. නමුත් ඒ අසමත් වීම සමත් වීමක් ලෙද හුවා දක්වලා වෙනත් දක්ශ කෙල්ලෙක් වන Laina Michaels මේ වෙනුවෙන් ඇතුලත් කරනවා. මේ සියල්ලක්ම සිදු වෙන්නේ බ්ලේක්ගේ පියාගේ අනුදැනුම මත. ඉතින් මේ වෙන සිදුවීම් වලින් පස්සේ බ්ලේක්ට මේ වැඩසටහනට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය අවසන් වෙන්නේ බ්ලේක් ජනගහණය පාලනය කරන වැඩසටහනට මුහුණ දෙමින් සහ ඒකෙන් ඇත්තටම අසමත් වන සිසුන් මියයන්නේ නැහැ කියල දැනගනිමින්. ඒ අතරේම ආණ්ඩුකාරතුමා වන ඩීන් රෙඩින්ග් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරනවා.
The Thinning: New World Order (2018)
දැන් The Thinning: New World Order (2018) චිත්‍රපටිය දෙස අවධානය යොමු කරොත්, මේක සමස්ත ජනගහණය පාලනය කරන වැඩසටහනක් නොව යම් සමාගමක ලාභය වැඩි කරගන්න කරන වහල් වෙලඳාමක් කියල ඔප්පු වෙනවා. ඉතින් බ්ලේක් සහ එලී මේ සිසුන් හිර කරගෙන සිටින තැන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන අතරේ, Laina Michaels එයින් පිටත මේ පද්ධතියට එරෙහිව වැඩ කටයුතු කරගෙන යනවා. ඔය විස්තර කරා ඇති වගේ.
ඒ වගේම විශාල කාලයක් විකාශය වන චිත්‍රපටි බලන්න අකමැති අයටත් සාධාරණයක් ඉටු කරමින් චිත්‍රපටිය පැයකුත් විනාඩි 23කට සීමා වෙලා තියනවා. Michael J. Gallagherගෙ අධ්‍යක්ශණයෙන් හැඩ වෙන මේ චිත්‍රපටිය අවසන් වෙන්නේ තවත් චිත්‍රපටියක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි කියන පණිවිඩයත් ලබා දෙමින්. ගොඩක් දෙනෙක් ෆිල්ම්ස් සීරිස් බලන්න පටන්ගන්නේ ඒ සීරිස් වල අලුත් ෆිල්ම්ස් එලියට එනකොටනේ.
එහෙනම් ඉතින් මේ ෆිලම් සීරියස් එකත් බලන්න කියල ආරාධනා කරනවා හැමෝටම. මොකද රේටින්ග්ස් අනුව ෆිල්ම්ස් බලන්න ගියොත් අපිට මගහැරෙන චිත්‍රපටි ගණන අනන්තයි. එහෙනම් ඉතින් ෆිලුම බලලා අදහසක් එහෙම කොටාගෙන යන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. ජය වේවා හැමෝටම.
෴ජය෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත් සඳහා අදාළ වේ.
4,306 downloadsDownload The-Thinning-New-World-Order-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිත් ලක්ශාන් ” සොහොයුරාට සහ “ දිල්ෂාන් සචින්ත(සචී) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
23 comments
AsithaDilruwan
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
Kulanjana Maduranga
subata thanks sahola....
Mawan Geethanjana
thanks ,super
shehardinush
Ela bro thnx sub 1kata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.
ජය වේවා..!Viraj
sub ekata thanks.. jaya wewa!!
ranga11112
ස්තුති සහො..... තෙරුවන්සරණයි
Rashmika dumidu
Thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
ජයෙන් ජය...senarath
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
pramil
thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shashmithaakash
ආදරෙයි..BIASCOPELK ..
GOOD LUCK ..
එල එල..
සුපිරි...sanjeewakbg
thanks sub ekata bro...
Shehan putha
thanks bros
dilani.i
thanks for sub
Rukshan37
Ela ela
chamikachasadun
thanks bro❤️
nish47
thanks bros
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Farmchemie_Roshan
Thanx shi...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Ela saho thanks