1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් එන මම www.baiscope.lk වෙබ් අඩවියට අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2003 ඔක්තෝබර් 15 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Mystery / Slasher (අභිරහස් / ත්‍රාසය) ඝනයටයි. IMD…
1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් එන මම www.baiscope.lk වෙබ් අඩවියට අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2003 ඔක්තෝබර් 15 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Mystery / Slasher (අභිරහස් / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ගුණාත්මක තත්වය) 6 . 2 ක් දීල තියනවා.පහට වඩා (5+) දීල තියනවා කියන්නෙ ෆිල්ම් එක හොඳයි. මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් මිලියන 107.1 බොක්ස් ඔෆීස් වාර්තාවක් තියන්නටද සමත්වෙලා තියනවා. මට මේ ෆිල්ම් එක කරන්න මූලිකවම අවසරය හා මග පෙන්වපු සහෝදර දෙපල හසන්ත වික්‍රමරත්න , තාරක නුවන් දිල්හාර මම මේ මොහොතෙ ස්තූති පූර්වකවම මතක් කරනවා.
මෙවැනි වෙබ් අඩවියක් ශ්‍රී ලංකාව තුල ඇති කිරීම ඇත්තටම වාසනාවක් කියලයි මටනම් හිතුණෙ. baiscopelk වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගනණාවක් රැදී ඉන්න මිතුරු මිතුරියන්ට මම විශේෂ දෙයක් කියනවා ඒ තමයි… උපසිරැසියක් කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි…? මේක ඇත්තටම ලොකු වගකීමක්. ඇයි මම එහෙම කියන්නෙ ඔයගොල්ලො දන්නවා ඇති ඉංග්‍රීසි වර්ග දෙකකට බෙදෙනවා England සහ American වශයෙන්. ඉතින් අපි මේ උපසිරැසිගන්වන ෆිල්ම් වලින් 80% ක්ම American ඉංග්‍රීසි. මොකද අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට ලැබිල තියෙන්නේ England ඉංග්‍රීසි. American ඉංග්‍රීසි වල භාවිතා වෙන්නේ ටිකක් බැරෑරුම් වචන ඒවා අපේ ලාංකිකයින්ට හුරු නෑ… උදාහරණයක් කියලා මම දෙවන පියවරට යනවා. මේ ෆිල්ම් එකේ එක තැනක Big Brother කියලා කියනවා එහෙම කිව්වාම අපිටනම් ඔලුවට එන්නෙ ” වැඩිමල් සහෝදරයා” වගේ අදහසක් නෙ නමුත් මෙතන කියන්නෙ “ලොකු බලපෑමක් ” කරනවා කියන එක. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ජෙසිකා බීල්, Jessica Biel කියන ඇමරිකානු නිළිය. මෙයා Total Recall 2012 ෆිල්ම් එකෙත් රඟපෑවා මෙයා දක්ෂ නිළියක්.. මේ ෆිල්ම් එකේ ජෙසිකා බීල් (එරින්) ලෙසත් , එරික් බැල්ෆෝ (කෙම්පර්) ලෙසත් මයික් වෝගල් (ඇන්ඩි) , එරිකා ලීර්හ්සෙන් (පෙපර්) , ජෝනතන් ටකර් (මෝගන්) , ඇන්ඩෘ බ්‍රැනියර්ස්කි (තෝමස් බ්‍රවුන් හියුවිට්) ලෙසත් රංගනයේ යෙදෙනවා. අධ්‍යක්ෂණය මාකස් නිස්පෙල්. දැන් මම කියන්නෙ මේ ෆිල්ම් එක ගැන මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ මේ විදිහට. මෙක්සිකෝවෙ ඉඳලා ආපු යාළුවො පස් දෙනෙක් ඇමරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි “ඩලස්” නගරයේ Skynyrd Rock , ස්කිනර්ඩ් සංගීත ප්‍රසංගයට සහභාගි වෙන්න ටෙක්සාස් වලට විනෝද චාරිකාවක් විදිහට මේ ගමන යනවා. ඉතින් මේ යාළුවො පස් දෙනා කෙම්පර්ගෙ වෑන් එකේ ටෙක්සාස් මැදින් යනකොට මේ අයට පාරෙ ගස් , කැළෑව , කඳු ඇරෙන්න නිහෙක් අශාවකටවත් දකින්න හම්බෙන් නෑ. මෙහෙම යන අතරතුර කොහෙත්ම නොහිතපු විදිහට පාරෙ මැදින් යන ගෑණු ලමයෙක් මේ අයගෙ වෑන් එකට හැප්පෙන්න යනවා.
කොහොමහරි වාහනෙ අයිනට කපලා මේ කෙල්ලයි පස්දෙනයි බේරෙනවා. මේ අයට මේ ගෑණු ළමය ගැන දුක හිතිලා “අපි ඔයාව ගෙදරට ගිහින් ඇරලන්නම්” කියලා මෙයාවත් වෑන් එකේ දාගෙන ටෙක්සාස් මැදින් යනවා. ඔහොම යන අතරතුර වෑන් එකට දාගත්ත ගෑණු ළමය මේ පස්දෙනා එක්ක බහින්බස්වීමක් දුරදිග ගිහිලා මේ පස්දෙනාගෙ ඇස් ඉදිරිපිටම සියදිවි හානි කරගන්නවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සෙ පස්දෙනා බොහෝම කළබලයකට පත්වෙනවා පස්සෙ මේ අය තීරණය කරනවා නීතිමය මාර්ගයෙන් මේ ප්‍රශ්ණෙ විසඳ ගන්න ඕන කියලා. එහෙම හිතලා මේ පස්දෙනා පොලීසියෙ කෙනෙක් හොයාගෙන යනවා.
ඉතින් මේ පස් දෙනාට පොලීසියෙ කෙනෙක් හම්බවෙයිද.? මෙතනදි මේ පස්දෙනා අර ගෑණු ළමයගෙ මළසිරුර කැළේට විසිකරන්න තීරණය කරනවා. ඒකත් හොඳ නෑ කියලා හිතුණට පස්සෙ මේ ගැන සාකච්ඡා කර කර ඉන්දැද්දි එරිනුයි, කෙම්පරුයි කාගෙන් හරි උදව්වක් හොයාගෙන එන්නම් කියළා මේ දෙන්නා කැළේ ඇවිදන් යනවා. මෙහෙම යනකොට මේ දෙන්නා දකිනවා හෙක්ටයාර ගානක් විශාලව මැදිවුණු පරණ විශාල ගෙයක්. මේ දෙන්නා ඒ ගෙදරට ගිහිල්ලා එහෙ ඉන්න අයගෙන් උදව් ඉල්ලනවා. ඒ ගෙදර ඉන්න අය උදව් කරනවා නමුත්…? මේ ගෙදරදි කෙම්පර් අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා? දැන් මේ හතරදෙනාට ප්‍රශ්ණ දෙකයි.??
1 අර සියදිවි හානි කරගත්ත ගෑණු ළමයගෙ මළසිරුර පොලීසියට භාරදීල ඇත්ත කියල නිදහස් වෙන එක. ?
2 යාළුවා කෙම්පර්ව හොයාගන්න එක. ?
මේ ප්‍රශ්ණ දෙකට උත්තර හම්බ වෙයිද ? එහෙමත් නැත්නම් තව ප්‍රශ්ණ වැඩිවෙයිද ?
තව වැදගත් කාරණාවක් කියන්න තියනවා… ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එකේ ටොරන්ට් ෆයිල් හොයාගන්න අමාරු උනොත් මෙතන පහළින් ඩවුන් ලෝඩ් කරගන්නත් පුළුවන්. නැත්නම් මම මේ කියන විදිහට සෙවීමක් කරන්න. Google එකේ the texas chainsaw massacre 2003 movie torrent කියලා ටයිප් කරන්න. ඊට පස්සෙ ලිස්ට් එකක් එනවා ඒකෙ මුළින්ම තියන ( The Texas Chainsaw Massacre (2003) YIFY – Download Movie … – YTS ) මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරපු හැටියෙ YIFI කියන වෙබ් එකට යනවා. මමත් ටොරන්ට් එක ගත්තෙ මෙතනින් තමයි. මේකෙ 650 MB 720p brrip කොපිය සහ 1.40 GB 1080p BluRay කොපිය තියනවා. කැමති එකක් ගන්න මගේ සබ් එක මේ දෙකෙන් කොයිකටත් වැඩ. මම මෙහෙම කිව්වේ වැඩි හොඳට මොකද අපේ සමහර යාළුවො කමෙන්ට් දානවා. ” අනේ සහෝ.. සබ් එක වැඩ කරන් නෑනෙ” කියළා. ඉතින් මටත් මෙහෙම කියළා කමෙන්ට් දැම්මොත් මටනම් දුක හිතෙනවා. ඒකයි මම කළින්ම ඔයගොල්ලන්ට පාර පෙන්නුවේ.එහෙනම් සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න.
තවත් උපසිරැසියක් එක්ක දිනකදි හමුවෙමු.
බයිස්කෝප් සාමාජිකයින් හා මිතුරු මිතුරියන් සියළු දෙනාටම සදා වාසනා…..!

Due to copyright issues, we do not provide any torrent links.
The.Texas.Chainsaw.Massacre.2003.720p.BrRip.x264.YIFY
The.Texas.Chainsaw.Massacre.2003.1080p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
580 downloadsDownload The-Texas-Chainsaw-Massacre-2003.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Sandun-Jiwan-Kumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ජීවන් කුමාර” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ජීවන් කුමාර
Subtitles
38 comments
Tharaka
සඳුන් ජීවන් කුමාර
සමාවෙන්න ඕන... පළමු comment එක Tharaka සොහොයුරා ඔබයි දීල තියෙන්නේ.
මට පොඩ්ඩක් miss වුණා.....?ඔබට බොහෝම ස්තූතියි....!
- සඳුන් ජීවන් කුමාර.
Tharaka
අනේ... ඔයාගේ පලවෙනි උපසිරැසියට මට සුභ පතන්න බැරි වුනානේ.
ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි.සහෝ මේකේ පැරණි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න බලන්න
ජය වේවා!සඳුන් ජීවන් කුමාර
පළමු comment එක දාපු.. ඉෂාන් මදුෂ සොහොයුරාට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.....!
- සඳුන් ජීවන් කුමාර.
Live Cinema
Thank you! :)
සඳුන් ජීවන් කුමාර
OK.. සහෝ
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සඳුන් සහෝ...
සඳුන් ජීවන් කුමාර
Thank You......!
Tharaka Nuwan Dilhara
අඩවියට සාදරයෙන් පිලිගන්නවා...
දිගටම වැඩෙ කරන් යමු
ජයෙන් ජය...!!!!!සඳුන් ජීවන් කුමාර
Thank You.. තාරක සහෝ මට මඟ පෙන්වීමගැන මා සතුටු වෙමි..!
James DC
සබ් හදන වැඩේ දිගටම කරන් යමු සහෝ. 1974දි ආපු මේ චිත්‍රපටියේ ඔරිජිනල් එකට මං ටික කාලෙකට කලින් සබ් එකක් දුන්නා. ඒ ෆිල්ම් එකත් නරඹලා බලන්න.
සඳුන් ජීවන් කුමාර
මම ෆිල්ම් එක download කරන් බැලුවා... නියමයි James DC සහෝ සුපිරි....!
මම කරපු එකත් බලන්නකො කොහොමද කියළා.ස්තූතියි එකක් දැම්මට....!
අසිත
elama saho thanks
mwka paata filumak
jaya!!සඳුන් ජීවන් කුමාර
අසිත සහෝ..
ස්තූතියි comment එකක් දැම්මට
JR
පලවෙනි සබ් එකට සුබපැතුම් සහෝ..! මේ වැඩේ දිගටම කරගෙන යමු
සඳුන් ජීවන් කුමාර
OK JR සහෝ..
ස්තූතියි comment එකක් දැම්මට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සඳුන් ජීවන් කුමාර
OK රොයිලි සහෝ...
ස්තූතියි comment එකක් දැම්මට.
dilu mshan
ela ela digatama karagena yamu. good luck
සඳුන් ජීවන් කුමාර
OK.. dilu mshan සහෝ
ස්තූතියි comment එකක් දැම්මට.
stranger
Thnx bro
සඳුන් ජීවන් කුමාර
OK.. stranger සහෝ
ස්තූතියි comment එකක් දැම්මට.
Dilshan Sachintha
Well come bro
සඳුන් ජීවන් කුමාර
OK.. Dilshan සහෝ
ස්තූතියි comment එකක් දැම්මට.
Lasantha Chula
Great work..... keep it up my friend.............
සඳුන් ජීවන් කුමාර
චූලා (My Best Friend)
ස්තූතියි මාව ධෛර්යමත් කළාට...!
thank you for the comment.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
සඳුන් ජීවන් කුමාර
Kulanjana සහෝ..
ස්තූතියි මාව ධෛර්යමත් කළාට…!
thank you for the comment
සඳුන් ජීවන් කුමාර
ගොඩක් යාළුවො මගෙන් Torrent Link එක ඉල්ලනවා.. මේකෙන් Torrent එක අරන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
Lasitha gayan
1 weni sub ekata jaya wewaa.digatama sub demu...planet earth season 2 sub dipanko bn.baiscope eke bagayai sub dila tiyenne kotas 5 witharai
සඳුන් ජීවන් කුමාර
Lasitha gayan සහෝ..
ස්තූතියි මාව ධෛර්යමත් කළාට…!
thank you for the commentගොඩක් යාළුවො මගෙන් Torrent Link එක ඉල්ලනවා..
------
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ලින්ක් ගන්න.
podda
sub 1 dunnata tnks bro!! digatama karagena yamu. good luck!!!!
Amalka Himeshan
Thanks sub ekata
Rukshan37
Ela
සචින්
මචන් සබ් එක වැඩ කරන්නේ නෑ නේ
Dineth
එලම
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!