Watch Trailer

12th Fail (2023) Sinhala Subtitles | දිනපන් බන්… දිනපන්!! [සිංහල උපසිරසි]

12th Fail (2023) Sinhala Subtitles 2024 අලුත් අවුරුද්දට ආවේ, 2023 හොඳම හින්දි චිත්‍රපටය බලලද? නෑ නේද? 2024න් දවස් 03ක්ම ගෙවිලා ගියේ ඇහැටයි මනසටයි කිසිම සංග්‍රහයක් නැතුවමද? ඊයේ පෙරේදා මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය පුරා ලෝකේ ගොඩ දෙනෙක් කතාබහ වුණු ඒ “මාර” හින්දි චිත්‍රපටය තාමත් බලන්න බැරි වුණාද? කිසිම…

12th Fail (2023) Sinhala Subtitles12th Fail (2023) Sinhala Subtitles

2024 අලුත් අවුරුද්දට ආවේ, 2023 හොඳම හින්දි චිත්‍රපටය බලලද?
නෑ නේද?

2024න් දවස් 03ක්ම ගෙවිලා ගියේ ඇහැටයි මනසටයි කිසිම සංග්‍රහයක් නැතුවමද?

ඊයේ පෙරේදා මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය පුරා
ලෝකේ ගොඩ දෙනෙක් කතාබහ වුණු ඒ “මාර” හින්දි චිත්‍රපටය
තාමත් බලන්න බැරි වුණාද?

කිසිම සුපිරි තරුවක් නැතුව, ඉන්දියාව පුරාම තිරගත කිරීම් 600ක් විතරක් තියාගෙන
වැඩි සද්ද බද්දයක් නැතුවම ඇවිල්ලා, තිර සංඛ්‍යා 2500ක් තියෙන චිත්‍රපට පවා පැත්තකට විසික් කරලා
වියදම වගේ තුන් හතර ගුණයක ආදායම හොයලා Super Hit වෙච්ච ඒ චිත්‍රපටය මොකක්ද?

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ (IMDb) 9.2ක දැවැන්ත අගයක් අරන්
මේ වෙද්දි ලෝකේ හොඳම චිත්‍රපට 250 අතරට එකතු වෙන්න තරම්
වාසනාවන්ත වෙච්ච ඒ ඉන්දියානු නිර්මාණය මොකක්ද?

Tiger 3 එනකම් සිනමාශාලා අල්ලාගෙන හිටපු,
ඒ ආවට පස්සෙත් කිසි විදිහකින් නොසැලී හිටිය
සමහර වෙලාවකට Tiger 3 එකටත් අභියෝග කරපු ඒ පුංචි චිත්‍රපටය මොකක්ද?

2023 වසරේ සිනමාශාලා ප්‍රේක්ෂකයන්ට සට සට ගාලා කඳුළු වක්කරන්න සලස්වපු
ඒත් එක්කම සතුටින් හිනා වෙන්න සලස්වපු, විසිල්ඒ එකක් ගහන්න සලස්වපු
ඒ අසහාය නිර්මාණය මොකක් වෙන්න ඇතිද?

සිනමා විචාරකයන්ගෙන් අත දිග ඇරලා
බලෙන් වගේ තරු 4,5 දිනාගත්තු ඒ චිත්‍රපටය
ඇත්තටම මොකක්ද?

3 Idiots, Munna Bhai, Sanju, PK වගේ සුප්‍රසිද්ධ නිර්මාණ වලට දායක වෙච්ච
Vidhu Vinod Chopra විසින් අධ්‍යක්ෂණය කරපු
මුළු ලෝකයක්ම ආදරය කරපු/කරන ඒ හින්දි නිර්මාණය මොකක්ද?

මේ හැම ප්‍රශ්නයකට උත්තරේ එකක්මයි.

ඒ මේකමයි.

12th Fail

හැබැයි,
තවමත් බලන්න හිතෙන්නැත්තම්
චිත්‍රපටියේ නමින්, නළු නිළියන්ගේ පිට පොත්තෙන් සිනමාවක් මැනලා
මෙවන් සිනමාවක් මගහැරගන්නවා නම්,

ඒ ඔබේ කරුමයක්මයි..!!

2023 වසරේ ඔක්තෝම්බර් 12වන දින තිරගත ඇරඹුණු 12th Fail චිත්‍රපටය IPS Manoj Kumar Sharma මහතාගේ ජීවිත කතාව අලලා Anurag Pathak විසින් රචිත කෘතියක් වෙන 12th Fail ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. අති දක්ෂ නළුවෙක් වෙන Vickrant Massey සමඟ Medha Shankar ප්‍රධාන චරිත රඟ දැක්වූ මේ චිත්‍රපටය කෙරෙහි මුලදී කවුරුත් වැඩි අවධානයක් පෙන්වූයෙත් නෑ. ඊට ප්‍රධාන හේතුව වුණේ මෙම චිත්‍රපටය Kangana Ranaut රඟන Tejas (2023) සමඟ එකට ගැටෙන්නට නියමිතව තිබූ නිසා. ඒත් චිත්‍රපට ද්විත්වය තිරගත වීමත් සමඟම වාතාවරණය උඩු යටිකුරු වුණේ ජයග්‍රහණය 12th Fail සිනමාපටය සතු කරමින්. Tejas පමණක් නොවේ 2023 වසරේ තිරගත වූ සෑම හින්දි නිර්මාණයක්ම වගේ පරදවමින් මුළු ලෝකයේම වැඩිම ආදරයක් දිනාගන්නට මේ පුංචි සිනමාපටයට හැකි වෙනවා. ඉතින් මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයා වුණේත් Raj Kumar Hirani සමඟින් ගහට පොත්ත සේ හිටිය Vidhu Vinod Chopra මහතා. හිරානිගේ නම ගිය චිත්‍රපට කිහිපයකම රචකයා වුණෙත් ඔහු. ඉතින් මෙවර හිරානි මොහු නොමැතිව සිදු කළ Dunki සිනමාපටය ලද තරමක් ඇල් මැරුණු ප්‍රතිචාර හා 12th Fail ලද අසමසම ධනාත්මක ප්‍රතිචාර හමුවේ විවිධ කට කතා පවා පැතිරෙන්නට පටන් ගත්තා, හිරානිගේ පෙර සිනමාපට වල සාර්ථකත්වයේ සැබෑම හිමිකරු මේ Vidhu බවටත්. මේවයේ ඇත්ත නැත්ත අපි දන්නෑ ඉතින්, අපේ කතාවට අපි හැරෙමුකෝ නේද?

12th Fail… මේ ඔබ ඔබේ ජීවිත කාලය තුළ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. සැකයක් නැහැ මේ වසරේ බොක්ස් ඔෆිස් කප් ගත්තු චිත්‍රපට ඇත්තටම ඔබ අපි නැරඹුවාට පස්සේ ඔලුවට එන්න ඇත්තේ අපේක්ෂා භංගත්වයක්. ඇත්තටම කියපු තරම් දෙයක් ඒවායේ තිබ්බේ නැහැ. එච්චරටම ආදායම් පවා හෙව්වේ කොහොමද කියන එක ගැටළුවක්. එහෙමත් වෙලාවක, හින්දි සිනමාපට එපා වෙලා තිබ්බ වෙලාවක ආපු මේ චිත්‍රපටය ගැන නම් ඇත්තටම කියන්න වචන නැහැ. ඒ නිසා ආයෙත් කියන්නේ අනිවාර්යෙන්ම බලන්න. කොළ බොක්කටම වදින නියම කතාවක් තියෙන්නේ. බයෝපික්ය, ඛාන් කෙනෙක් නෑය, පට්ට කෑල්ලක් නෑය කියලා මේක මගාරින්න හිතන්නෙපා. උඩ කියපු පට්ට කෑලි ටික අමතක වෙනවා මේ Medha කෙල්ලගේ රංගනය දැක්කම. ඒ වගේම මේක බැලුවම හිතට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නෑ. අවසානයේ හරිම ලස්සන පණිවිඩයක් අපේ ඔලුවට හලාගෙනත් යනවා හරිම නිරායාසයෙන්ම. ඒ තමා ඉගෙන ගන්න එක තරම් වටින සම්පතක් තවත් නෑ කියන එක. එක එක්කෙනා කියයි අනේ ඉගෙන ගත්තට වැඩක් නෑ, උපාධියකින් පලක් නෑ, උපාධි ගත්තු අය අද අතන ඔය මුකුත් නැති මම අද එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. කිසිම කනකට ගන්නෙපා. කිසිම විදිහකින් අධ්‍යාපනය කියන දේ නවත්තන්නත් එපා. කවදාහරි කොතැනක හරි ඒ දේ වැදගත්කම අපිට දැනෙනවා දැනෙනවාමයි. තවමත් නොවුණු නොලැබුණු දේවල් වෙනුවෙන් දිගටම වැඩ කරගෙන යමු. අතාරින්නෙ නැතුව අල්ලගෙනම යමු. චේතනාව යහපත් නම්, කාටවත් කරදරයක් නැත්තම් දවසක අනිවාර්යෙන් කවුරුත් දිනනවාමයි.

අතාරින්නැතුව ගේම ගහගෙන යන සුබ නව වසරක්ම වේවා!!

https://youtu.be/afEJYg0tyJ4https://www.imdb.com/title/tt23849204/https://en.www.wikipedia.org/wiki/12th_Fail

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.

89,362 downloadsDownload 12th-Fail-2023-1.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට සහ “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

12th Fail (2023) Sinhala Subtitles

Subtitles

89,362 downloadsDownload Subtitles61 KB

54 comments

  1. Ravindra

    Thanks

  2. Naleen Dhananjaya

    Thanks machan sub eka dunnata...

  3. do be do be do

    Finally the wait is over..denntma thanks ehenam aa..

  4. Gayan

    Web-DL වලට වැඩද?

  5. kastal srial

    Thank you so much brother ❤️ i am waiting this film day one day ...again thankssss ❤️

  6. arawindasunimal

    ස්තුතියිි උපසිරැසියට ජයවේවා

  7. Chathura Lakshan

    Thanka ❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි එනකම් බලන්හිටියේ මේ ෆිල්ම් එකේ සින්හල සබ් එක❤️❤️

  8. Mano

    Godak sthuthi.. Jaya wewa!!

  9. Harshana Dissanayaka

    Thank You Broo

  10. Ashen

    adooo thankss bokkalaa

  11. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  12. Anonymous

    thanks brooo

  13. rumesh (sena)

    thanks mchnlaaa...❤

  14. Kasun lakshn

    Kaathal - The Core..malayalam Fiilm ekatath sub Denna puluwan nam guys..sub ekata thnx sahola ❤

  15. Kantha_DLA

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
    ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  16. මධුරංග පීරිස්

    හැමෝම බලන්න ඕන විදිහේ කතාවක් මේක..සබ් එක දුන්නට සහෝදරවරුන්ට බොහොම ස්තුතියි.

  17. Buddhika Lakmal

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම....
    බොහෝම ස්තූතියි උපසිරැසියට............

  18. Hashan

    Thanx for the sub broo!!!!!!!!!!

  19. Lo.N..tp

    thank you brothers and sisters
    thank you baiscope

  20. baiscopelk ishu

    Sub ekata thx

  21. satM

    සුපිරී මචන්

  22. chamika

    nice

  23. විදූ විනෝද්

    "Haraa wahi jo lada nahi"❤
    Thank you so much guys..සබ් එකත් මරු ඔක්කොමත් මරු ආ

  24. Anonymous

    Thank you !!!

  25. Isuru Ishara

    ෆිල්ම් එක බලලා කමෙන්ට් එක දාන්න ආවේ. මගේ ඇස් වල කඳුළු තාම. අනේ වැඳලා කියන්නම් මේ ෆිල්ම් එක නම් මිස් කර ගන්න එපා. ඒතරම ලස්සනයි. ස්තූතියි සිංහල උපසිරසට....

  26. Akila Dilhara

    Thanks for Sub...

  27. supun sathsara

    Sub ekata godak thanks

  28. Randika

    thanks machanlaaaa..

    1. Chinthana Ratnathilake

      Great work brother .keep it up.thank you

  29. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  30. viraj

    thanks............

  31. ගයාන්

    ස්තුතියි සහෝදරයෝ දෙන්නටම

  32. Dineth Kanishka

    දෙන්නටම ගොඩක් ස්තුතියි...

  33. Dssun

    Thank Sub Ekata

  34. Dilanka

    නියම Film එකක්

  35. Thisuu

    adoo patta machanla thank you hondeeee

  36. Anonymous

    ekanm pissuvak. Thanks

  37. Pavith Wijesooriya

    ඔන්න මාත් ගත්තා. සබ වෙනුවෙන් අයියලා දෙන්නටම තුති වේවා...

  38. Anonymous

    telegram dala thiyena yts link eke film 1 anthima tika wada nane. anith ayageth ehema unada?

    1. Anonymous

      ow..film eke anthima tika balanna bari unaa eka nisa thaama

  39. ලක්මාල්

    බොහෝම ස්තුතියි සබ් එකට

  40. Lakshan

    supirii bn thank you............

  41. Sahan Gayantha

    thanks a lot PHOENIX and Bimsara sahola sub ekata

  42. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා දෙන්නටම....
    කාලෙකින් හිතට වදින ෆිලුමක් බැලුවා....
    සබත් සුපිරියට තිබ්බා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  43. Isuru weerakkodi

    wow wow superb

  44. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  45. mindika

    thanks !!!

  46. roshan

    Movie eka download karanne kohenda ?

    1. Sanupa Ranmeth

      අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

  47. එන් විජයදේව

    සෑම කෙනෙක්ම විශේෂයෙන් ඉගෙන ගන්නා අය නැඹියයුතුම සළරුවක්
    ඔබේ උපසිරැසියට බොහොමත්ම ස්තුතියි ඒ වගේම ලිපියට ඔබට ජයම වේවා

  48. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Shane Nilusha de Silva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.