Watch Trailer

Kraven the Hunter (2024) Sinhala Subtitles | පුරාවෘත්තගත දඩයක්කරු ක්‍රේවන් [සිංහල උපසිරැසි] [18+]

Kraven the Hunter (2024) Sinhala Subtitles ආයූබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම… හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් ආපහු වතාවක් මාවල් සිනමාපටයක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. Kravan The Hunter කියන්නේ සෝනිලගේ ස්පයිඩර් මෑන් යුනිවර්ස් එකට අයත් සිනමාපටයක් බව ඔයාලා දන්නවනේ. ඉතිං මේ යුනිවර්ස් එක යටතේ චිත…

Kraven the Hunter (2024) Sinhala Subtitles

ආයූබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම… හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් ආපහු වතාවක් මාවල් සිනමාපටයක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. Kravan The Hunter කියන්නේ සෝනිලගේ ස්පයිඩර් මෑන් යුනිවර්ස් එකට අයත් සිනමාපටයක් බව ඔයාලා දන්නවනේ. ඉතිං මේ යුනිවර්ස් එක යටතේ චිත්‍රපට 6ක් නිකුත් උනත් වෙනම් හැරෙන්න අනිත් ෆිල්ම් ටිකනම් අති අසාර්ථක උනා. ඒකට හේතුව ගොඩක් ෆිල්ම් වල තිබුන තිර රචනයේ තිබුන අඩුපාඩු බව කියන්නම ඕන. ඒ නිසා සෝනිලා මේ යුනිවර්ස් එක නිළ වශයෙන්ම අවසන් කරලා දාපු බවත් Kravan The Hunter කියන්නේ මේ යුනිවර්ස් එකේ අවසාන චිත්‍රපටය බවත් ඔවුන් පසුගිය දවසක ප්‍රකාශ කලා.

Kravan The Hunter මේ වෙද්දි 5.4ක IMDb අගයක් සහ 60%ක ගූගල් පරිශීලක මනාප ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ All Is Lost (2013), A Most Violent Year (2014), Triple Frontier (2019) වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු J. C. Chandor විසින්. මාවල් සිනමා විශ්වයේ පියෙත්‍රෝ මැක්සිමොෆ් නොහොත් කුවික්සිල්වර් විදියට ප්‍රසිද්ධ Aaron Taylor-Johnson සර්ගෙයි ක්‍රැවිනොෆ් හෙවත් ක්‍රේවන් ද හන්ටර් ලෙසත්, Ariana DeBose කලිප්සෝ ලෙසත්, Fred Hechinger දිමිත්‍රි ක්‍රැවිනොෆ් හෙවත් කැමිලියොන් ලෙසත්, සුපිරි නළු Russell Crowe නිකොලායි ක්‍රැවිනොෆ් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ක්‍රේවන්ගේ සතුරන් විදියට Alessandro Nivola රයිනෝ ලෙසත්, Christopher Abbott ෆොරීනර් ලෙසත් එක් වෙනවා.

ලෝකයේ පරිපූර්ණම දඩයක්කරුවා නොහොත් ක්‍රේවන් ද හන්ටර් කියන්නේ මාවල් කොමික් වල ඉන්න සුපිරි දුෂ්ටයෙක්. කොමික් ලෙජන්ඩ් ස්ටැන් ලී සහ ස්ටීව් ඩිට්කෝ විසින් නිර්මාණය කරපු මේ චරිතය ප්‍රථම වතාවට පෙනී හිටියේ 1964 අගෝස්තු මාසයේ නිකුත් උන The Amazing Spider-Man #15 කලාපයෙනුයි. ඒ කලාපයෙදී ක්‍රේවන් Spider-Manගේ සතුරෙක් විදියට පෙනී හිටියා. ක්‍රේවන්ගේ ඉලක්කය තමයි ස්පයිඩර් මෑන්ව පරද්දලා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම දඩයම්කරුවා එයා බව ඔප්පු කරන එකයි. සාමාන්‍යයෙන් කොමික් වලදි ක්‍රේවන්ගේ චරිතය දැක්වෙන්නේ තමන් ගැන වගේම තමන්ගේ හැකියාවන් ගැන පුරසාරම් කියවන්න කැමති කෙනෙක් විදියටයි. ඒ වගේම තමන්ගේ විරුද්ධවාදීන්ව පරාජය කරනකන් ඔවුන්ව අවතක්සේරු නොකරන්නත් ක්‍රේවන් වග බලාගන්නවා.

ගොඩක් වෙලාවට ක්‍රේවන්ව දුෂ්ටයෙක් විදියට පෙන්නලා තිබුනත් එයා සමහර අවස්ථාවලදී ස්පයිඩර් මෑන් සහ ස්කුවිරල් ගර්ල් වගේ සුපිරි වීරයන් එක්කත් එකතු වෙලා වැඩ කරලා තියෙනවා. ක්‍රේවන්ගේ හැකියාවන් ගැන බැළුවොත් ඔහුට අධිමානුෂික ශක්තිය, දරාගැනීමේ හැකියාව, සුපිරි වේගය, තියුණු ගඳ සුවඳ දැනීමේ හැකියාව සහ වයසට නොයන ඉන්ද්‍රියයන් වගේ ශාරීරීක හැකියාවන් තියෙනවා. ඊට අමතරව ඔහුට සන්නද්ධ සහ නිරායුධ සටන්කිරීමේ පළපුරුද්දත්, විවිධ ආයුධ සහ උපකරණ හැසිරවීමේ හැකියාවත්, ඖෂධ වර්ග භාවිතය ගන හසල දැනුමකුත් තිබෙනවා. කැලෑවල තියෙන විවිධ ඖෂධ පැළෑටිවලින් හදාගන්න ඖෂධීය පාන නිසා ක්‍රේවන්ට අධිමානුෂික ශාරීරික හැකියාවන් ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයට වඩා සමහර තුවාල වලට ඉහළ ප්‍රතිරෝධයකුත් තියෙනවා. ක්‍රේවන් පානය කරන ඖෂධීය බෙහෙත් නිසා එයා බොහොම හෙමින් තමයි වයසට යන්නේ. ක්‍රේවන් අවුරුදු 70 පැනපු කෙනෙක් උනත් වයස අවුරුදු 30ක කෙනෙක්ගේ පෙනුම තමයි තියෙන්නේ. ඒ හැමදේටම වඩා ක්‍රේවන් කියන්නේ දක්ෂ දඩයක්කාරයෙක් බවත් කියන්න ඕන.

සාරාංශව කිව්වොත් ඔන්න ඕකයි ක්‍රේවන්ගේ කතාව. වෙබ් පිටපත් ඇවිල්ලත් කාලයක් වෙලා තියෙන නිසා තවත් පරක්කු කරන්න ඕන නෑ. චිත්‍රපටය කොහොම උනත් ඇරොන් ටයිලර්නම් ක්‍රේවන් චරිතයට උපරිම සාධාරණයක් කරන බව කියන්න ඕන. කොමික් වලට ආස අයට මේ සලරුව ආසාවෙන් බලයි කියලා හිතනවා. ඒ වගේම අපේ සනූප මලයටත් රවිදු හේශාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මමත් සමුගන්නවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

Kraven the Hunter (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,605 downloadsDownload Kraven-the-Hunter-2024-Sinhala-Subtitles.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kraven the Hunter (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

9,605 downloadsDownload Subtitles40 KB

13 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි යූරාන් සහෝ ඔයාගේ වැඩ අස්සේ මේකට සබ් දුන්නට..........
    ජයවේවා...........

  3. Asanga kb

    Thank you so much..

  4. Anonymous

    thnx

  5. Roshan

    Thnx bro.Great job.Good luck.

  6. Nimesh Darshana

    Thanks bosa❤️

  7. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. Nishan

    Thanx bro

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  10. chinthaka chathuranga

    thanks machan

  11. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  12. Harshana Atapattu

    Thanks for sub brother . Keep it up

  13. nilanka

    thanks......