Porattu Nadakam (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද ගේන්නෙ මාස කීපයක් පරණ වුන වැඩි අවධානයකට ලක් නොවුන මලයාලම් චිත්‍රපටයක උප සිරැසියක්.( IMDB 7.9ක් වෙලත්?) මේකට පස්සෙ ගොඩක් චිත්‍රපට ආවත් මේක මග ඇරුනා. ඒත් මෑතකදි මේ චිත්‍රපටය නැරඹුවාම මට හිතුනා ඇයි මීට කලින් මේකට උප සිරැසියක් නොදුන්නෙ කියල. කොහොම උ…
Porattu Nadakam (2024) Sinhala Subtitles
ආයුබෝවන්. අද ගේන්නෙ මාස කීපයක් පරණ වුන වැඩි අවධානයකට ලක් නොවුන මලයාලම් චිත්‍රපටයක උප සිරැසියක්.( IMDB 7.9ක් වෙලත්?) මේකට පස්සෙ ගොඩක් චිත්‍රපට ආවත් මේක මග ඇරුනා. ඒත් මෑතකදි මේ චිත්‍රපටය නැරඹුවාම මට හිතුනා ඇයි මීට කලින් මේකට උප සිරැසියක් නොදුන්නෙ කියල. කොහොම උනත් අද ඒක ගෙන එනවා. මිස් කර ගන්නෙ නැතුව මේකත් බලන්න.
මේක ඇත්තෙන්ම සරල මලයාලි කොමඩියක් කියල කියන්න පුළුවන්. ඒ උනාට මේක අපිට ඉතාමත් සමීප ඒ වගේම කාලීන කතා වස්තුවක් රැගෙන එනවා. ඉතා සුළු සුළු සිද්ධීන් කිහිපයක් වටා ගොඩ නැගුණු මේ චිත්‍රපටය බලන කොට මුලින් ටිකක් කම්මැලි හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් දිගටම බලන්න කතාව අල්ලල යාවි.
උතුරු කේරළයේ කර්ණාටක දේශ සීමාවේ ගව පාලනයට මූලිකත්වය දෙන කල්පිත ගමක් වන ගෝපාලපුරම්හි සිදුවන සිදුවීම් පෙළක් මේ කතාවට පාදක වෙනව. එම පළාතට ආවේනික පෞරාණික සංස්කෘතික අංගයන් කිහිපයක් මෙම චිත්‍ර පටය තුලින් එළි දැක්වෙනවා. .(පොරොට්ටු නාඩගම කියන නමින්ම අදහස් වෙන්නේ ඒ පලාත් වල රඟ දැක්වෙන නාඩගම් විශේෂයක්.). විශේෂයෙන්ම හින්දු භක්තිකයින් අතර දේවත්වයෙන් සැලකෙන එළ දෙනෙකු(ගෝ මාතාව) සම්බන්ධව සහ ණය බරින් පීඩිත වන උග්‍ර කොමියුනිස්ට් පාක්ෂික මුස්ලිම් තරුණයෙකුත් ඔහුට සහය වන ඔහුගේ මිතුරෙකු වන හීන කුල තරුණයෙකුත් මෙහි ප්‍රධාන පුවතට සම්බන්ධයි. අන්ත දූෂිත දේශපාලන අධිකාරිය, අවස්ථානුකූලව ඔවුන්ගේ එකමුතු වීම්, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හිංසකයන් ගොදුරු බවට පත් වීම මෙන්ම දේශපාල් න්‍යායන් හා එහි ප්‍රායෝගික බාවයන් අතර ගැටීම් වැනි අප අත්දකින බොහෝ දේ මේ සරල චිත්‍රපටයේ අන්තර් ගතයි.
Noushad Saffron නම් අධ්‍යක්ෂක වරයාගේ චිත්‍රපටයක් වන මේකෙ දැන් කාලෙක ඉඳන් අහිංසක චරිත රඟපාන දුෂ්ඨ චරිතාංග නළුවෙක් ව්න සයිජු කුරුප්, ධර්මරාජන් බොල්ගාටි, රාහුල් මාධව්,ශුකූර් වකීල් වැනි නළුවන් රඟපානවා. ඉතිං අත් අරින්න එපා මේකත් බලන්න.
තව ලස්සන උපසිරැසි කීපයක් සහ කතා මාලාවක් සමග හමු වෙමු
Porattu Nadakam 2024 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,497 downloadsDownload Porattu-Nadakam-2024.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Anand Sreebala (2024) Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
3 comments
Buddhika laKMal
රංගික සිනෙත් කාරියවසම්
ස්තුතියි බන්දුල අයියා.ජය
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි බන්දුල සහෝ මලයාලම් ඒවට සබ් දෙනවට.........