ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්.…

ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්.
ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු මේ චිත්‍රපටය අතිශය ජනප්‍රසාදය දිනා ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 39ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නට සමත්කම් දැක්වුවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.9ක් වැනි ඉතා ඉහළ අගයක් මේ වන විට හිමි වී තිබෙනවා. Shane Nigam, Fahadh Faasil, Soubin Shahir, Sreenath Bhasi, Anna Ben, සහ Mathew Thomas යන අය ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා.
මේ චිත්‍රපටය කුම්බලංගි කියන දූපත් වලින් සමන්විත ධීවර ගම්මාණයේ පැල්පතක ජීවත් වන සහෝදරයෝ හතර දෙනෙක් වටා ගෙතෙන සොඳුරු සිනමා සිත්තමක්. සාජි,බොනී,බොබී සහ ෆ්රෑන්කි කියන මේ සහෝදරයෝ හතර දෙනා වෙනස් අදහස් තියෙන, වෙනස් වයස් මට්ටම්වල ඉන්න හතර දෙනෙක්. ෆ්රෑන්කි තමයි බාලයා. අයියා කියන විදිහට කොහෙදෝ නැති වාසනාවක් පාත් වෙලා තමයි මූට හොඳ ඉස්කෝලෙකට ඇතුලත් වෙන්න ලැබිලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුවට යාලුවෝ ෆ්රෑන්කිලාගේ ගෙදර යමු කියනකොට ලැජ්ජාව නිසාදෝ බොරුවක් කියලා ගෙදර එනවා. ගෙදර ඉන්නේ සාජි සහ බොබී කියන අයියලා දෙන්නා විතරයි. බොබී වැඩක් පලක් නොකර ඔහේ වැව් ඉවුරට වෙලා ඉන්න චරිතයක්. ඉතින් ඕකත් අල්ලගෙන මේ අයියලා දෙන්නගෙ වැඩේ මරාගන්න එක. ෆ්රෑන්කිට මේ දෙන්නගේ ආරවුල් නිසා මේ දෙන්නව එපා වෙලා ඉන්නේ. ඒත් ෆ්රෑන්කි කැමතිම සහ එයා ගැන හොයලා බලන අයියා තමයි බොනී. එයා ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නේ.
දවසක් බොබීගේ කට්ට කලු යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් වෙනවා. බොබීට ඒක නම් ටිකක් වදිනවා. මොකද මට නැත්තේ කියලා හිතෙන්න ඇති. 😛 කොහොමින් කොහොම හරි බොබීටත් හුරු බුහුටි කෙලි පැටික්කියකගේ බැල්ම වැටෙනවා. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වුනත් ඉතින් හිත ගිය තැන මාළිගාව කියනවනේ. ඒත් එක්ක තමයි ප්‍රශ්න මතු වෙන්න ගන්නේ. නිකමෙක් වගේ ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් කොහොමද ගෑණු ළමයගේ ගෙදරින් කැමැත්ත ගන්නේ? ඒකත් එක්කම නිකමෙක් වගේ හිටිය බොබී ට අරමුණක් ලැබෙනවා. ඒ අරමුණත් එක්ක පසුබිම විපරම් කරපු චිත්‍රපටයට කතාවක් ලැබෙනවා. එහෙනම් ඒ සොඳුරු කතාව රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
28,609 downloadsDownload Kumbalangi-Nights-2019.zip39 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
60 comments
Prabodha Madhusankha Hettiarachchi
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි සබ් එකට,
එනකම් හිටිය එකක් තමා ඉතින්,Lakshman
ela brooo thankssssssssssssss
GeethD
තැන්ක්ස් බ්‍රෝ
ඩවුන්ලොඩ් කරලා බාලගෙගෙන හිටියා ෆිලුමට සබ් දෙනකන්
උබට බොහොමයක් ස්තූති මේ කරණ වැඩේට.isuru srinath sjs
බොහොම ස්තුතියි මචන්..!
Pradeepkumara
ස්තූතියි සහෝ..
samadhi25
ස්තුතියි ගොඩක්.☺️
maikee
තැන්ක්ස් බං.
Nirosh C
ස්තුතියි සඳේ.ජයවේවා!
Udaya Saman
හම්මේ සදේ අයියා ඉදල ඉදල සුපිරියකටම සබ් අරන් ඇවිත්නේ..බොහොම ස්තූතිතිය සදේ අයියේ උපසිරසියට..
Krishan NiShalya
බොහොම ස්තුති
Good Luck Broඑනකන් මග බලන් හිටපු සබ් එකක්
♥♥♥♥♥!anushka5800
mama wisheshayenma mekata sub denna kiyala illimak kala mechchra ikmanata dunna ekata maage hadapiri isthuthiya..
Menaka Herath
බොහෝ ස්තූතියි සබ් එකට සහෝ...
ඔබට ජය.....Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
ස්තුතියි සදේ
Lalani Maduwanthi
Thank you,,,,godaak pin oyata,,,,
Asanke
Thanks for sub
Hemal
paharak! thankyou saho
kushan_iroshana
Ela
rangika Kariyawasam
සදේ නියම වැඩක්.මග බලං හිටියේ සබ දෙනකම් .ජය වේවා ..ජය
rasanga
Thanks
EM Nishshanka
Thanks mcn
Nayanthanisal
Thankz bn
Kavishna
thnx bro sub ekata..
asithaxx
Thnkz suddha
Measha
ගොඩක් ස්තූතියි , මලයාලම් අනන්‍යතාව තියෙන තව sub දාන්න..
මේක තමා නියම සිනමාව
Darshan
Thanks for sub
ShammiKasun
Tada tada
nish47
Ela ,
Thanks machanthusithak91
thx
කවිනු වීරක්කොඩි
අවුරුද්දේ පළවෙනි මලයාලම් බ්ලොක්බස්ටරේ...
අර නූඩ්ල්ස් කෙල්ල!!
ඒ් සිංදු ටික!! කොහොමද දෙයියනේ නොබලා ඉන්නේ..
සඳේත් ඉඳලා ඉඳලා සද්ද නැතිවම මාර මල් වෙඩිල්ලක් එළියට දාලා.. ස්තූතියි උපසිරැසියට!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ajithkumara1
ඇත්තටම බෙහෙවින්ම ඉස්තූතියි සහෝ ඔබේ මහන්සියට තව තවත් මලයාලම් ඒවම කරන්න බලන්න ඔබට ජයවේවා
Emi
Thank you...
N_R
Thank You.
Gayantha
තෑන්ක්ස් මචන් සබට.
dhanush4343
Thanks bro
harris
Thnks bro sub ekata
ricadodamien
Thank U Shasith brother & baiscope team for the sub, it was beautiful, Amazing, lovely, Simple. All the best to baiscope team..................
Thilankadissanayake
thanks...........
maheshpubudu
supiri film ekak. sub eka laba dunnata bohoma sthuthi.
jaya wewa...!!!Amila Mudalige
Sub ekta Thanks
sampath n perera
thanks.....
thara_sam
bohomathma sthuthi.. thawa thawath malayalam films walata sub denna kiyala illanawa....!
Sameeja
thank you
anjana3
thank you
sachinnn
Thanx mchn sub ekt..baiscopelk ekt jaya wewa
SangeethRox
Thank you
ලහිරු
නියමයි ගැම්ම සහෝ.. සබට තෑන්ක්ස් ..
සාරංග ජේ. ලියනගම
Thanks....
Gayashan
supirima film 1k
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sthuthi bro sub ekata...