පැරනෝයා… සිංහල තේරුම “පීඩනෝන්මාදය” කියන මානසික අසනීපය. මේ කතාවේ කියවෙන ක්‍රීඩාවේ නමත් පැරනෝයා. මොකක්ද මේ ක්‍රීඩාව? මූලිකවම ගත්තොත් ප්‍රහේලිකා, තේරවිලි ආදිය විසඳ විසඳ ඉදිරියට යන්න තියෙන ක්‍රීඩාවක්. හැබැයි එක පාරක් මේ ක්‍රීඩාව කරන්න ඕන කියලා ඇතුල් උනොත් ආයෙ ජයග්‍රහණය කරනකල් පිටවීමක් නම් නෑ. කොහොමද මේ…

පැරනෝයා… සිංහල තේරුම “පීඩනෝන්මාදය” කියන මානසික අසනීපය. මේ කතාවේ කියවෙන ක්‍රීඩාවේ නමත් පැරනෝයා. මොකක්ද මේ ක්‍රීඩාව? මූලිකවම ගත්තොත් ප්‍රහේලිකා, තේරවිලි ආදිය විසඳ විසඳ ඉදිරියට යන්න තියෙන ක්‍රීඩාවක්. හැබැයි එක පාරක් මේ ක්‍රීඩාව කරන්න ඕන කියලා ඇතුල් උනොත් ආයෙ ජයග්‍රහණය කරනකල් පිටවීමක් නම් නෑ. කොහොමද මේ ක්‍රීඩාවට ඇතුල් වෙන්නේ? ක්‍රීඩාවට ඇතුල් වෙන්නම් මේ ක්‍රීඩාව මෙහෙයවන අය ඉදිරිපත් කරන විවිධ විදිහේ ප්‍රහේලිකා ගණනකින් සමත් වෙන්න ඕන. මේ ක්‍රීඩාවෙන් ජය ගන්න කෙනාට මොනවද ලැබෙන්නේ..? යූරෝ මිලියනයක්. කොතනද මේ ක්‍රීඩාව පැවැත්වෙන්නේ? ක්‍රීඩාව පැවැත්වෙන තැන රහස් තැනක්. ඒක හැමෝටම හොයාගන්න බෑ. අන්තර්ජාලයේ තියෙන ප්‍රහේලිකාවක් විසඳලා ඒකෙන් ලැබෙන හෝඩුවාවක් ඔස්සේ ගිහින් එතන තියෙන තියෙන වීඩියෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරාට පස්සේ ලැබෙන GPS ඛණ්ඩාංක වලින් තමයි මේ පැරනෝයා ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පුළුවන් ස්ථානය හොයාගන්න ලැබෙන්නේ. එතන ඉස්පිරිතාලයක්. අතඇරලා දාපු තැනක්. කැලයක් මැද්දේ තියෙන්නෙ. මේ ඉස්පිරිතාලේ එක කාමරේක ඉඳලා තවත් කාමරයකට යන්නනම් ප්‍රහේලිකාවක් විසඳන්න වෙනවා. මොනවද මේ ක්‍රීඩාවේ නිරත වන අයට පිළිපදින්න වෙන නීති? මේ ක්‍රීඩාවේ නිරත වන අයට පිළිපදින්න තියෙන්නේ නීති දෙකයි. පලවෙනි එක… “කිසිම දෙයක් තාත්වික නෑ”. දෙවෙනි එක… “ඔයාලගෙන් කෙනෙක් මිය යාවි” හැබැයි මේ නීති ගැන මෙයාලා දැනගන්නේ ක්‍රීඩාවට අවතීරණ උනාට පස්සෙ තමයි. එතකොට ඉතින් ප්‍රමාද වැඩියි.
ඉතින් යාළුවනේ. අද මම ඔයාලට ගේන්නේ මේ වසරේ තිරගත උන සුපිරි හොරර් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Dunkirk (2017) චිත්‍රපටියේ කෝප්‍රල් ගෙ චරිතයට පණ පෙවූ Charley Palmer Rothwell සහ Gossip Girl ටීවී කතා මාලාවේ Beatrice Grimaldi ගේ චරිතයට පණ පෙවූ Roxane Mesquida විසිනුයි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jacques Kluger විසින් වන අතර මේ වන විට IMDb දර්ශකයේ 4/10 ක අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. මිනිත්තු 89ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය මුලින්‍ම තිරගත වෙලා තියෙන්නේ 2019 මැයි 10 වෙනිදා තුර්කියේදි.
ක්ලෝයි සහ ලූකස් කාලකෙට පෙර පෙම්වතුන් වී සිටි දෙදෙනෙක්. නමුත් මේ වෙනකොට ඔවුන් දෙදෙනා වෙන් වෙලා. ඒත් ක්ලෝයි අන්තර්ජාලයෙන් මේ පැරනෝයා ක්‍රීඩාව ගැන විස්තර හොයාගන්නවා. ඒත් ඒ තරඟෙට ඇතුල් වෙන්න තරම් ක්ලෝයි දක්ෂ නෑ. මේ තරඟෙට එකතු වෙන්න නම් ක්ලෝයි ට ලූකස් ගෙ සහය අවශ්‍ය වෙනවා. ඉතින් දවසක් ක්ලෝයි ලූකස්ව හොයාගෙන ගිහින් ඔහුට මේ ක්‍රීඩාව ගැනයි මේ ක්‍රීඩාවෙන් ලැබෙන යූරෝ මිලියනය ගැන කිව්වම ලූකස් කැමති වෙනවා ක්ලෝයි එක්ක එකතු වෙලා මේ ක්‍රීඩාව කරන්න. මෙයාලා එක්ක තව හතර දෙනෙක් මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. ක්‍රීඩාව ගැන කලින් විස්තර කරානේ.. ඒ නිසා චිත්‍රපටිය බලලම දැනගමු කවුද මේ ක්‍රීඩාවේ නිර්මාතෘ…? ඔහු මේ වගේ ක්‍රීඩාවක් නිර්මාණය කරන්නෙ ඇයි…? කාටද මේ ක්‍රීඩාව නිසා මියයන්න වෙන්නේ…? කවුද මේ ක්‍රීඩාවෙන් දිනන්නේ…? කියලා… සුපිරි ප්‍රහේලිකා සහ තේරවිලි වලින් පිරුණු චිත්‍රපටියක් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා… ජයවේවා!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,117 downloadsDownload Play-or-Die-2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
21 comments
Prabodha Madhusankha Hettiarachchi
ranga11112
thanks saho...
theruwansaranaiKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Iiiiiiooooo
Sub ekata tnx bro
0Nadun Shalitha
Sub ekt thanks bro
gihan perera
ස්තුතියි සහෝ....පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි ...ජය වෙිවා....
Shehan putha
Thanks bro..
dimithra
Elma
Asanke
Thanks for sub
AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
sahan ranasinghe
Escape room( 2019) wage ekak wage.thanks sub ekata.jaya
Rukshan37
Ela ela
Tharaka
thanks
chinthaka_priyadrshana
Thank U Bro.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janak pro
Jaye WEWA!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Dewadithya
Thanks for Sub!
Fire fly
god job
hirushana
එලමහ්හ් :*
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank sub ekata....