Watch Trailer

Kumki (2012) with Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරි ටැමිල් ෆිලුමකට උපසිරසියක් ගෙනාවා. මේක මගේ නවවන උපසිරසිය. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් නොතිබුණු නිසා, උපසිරසියක් අලුතෙන් හදාගෙන අසා ලිවීමක් කලේ. අසා ලිවීමක් නිසා යම් යම් අඩුපාඩු ඇති. මේ චිත්‍රපටය තිරගත කලේ 2012 දෙසැම්බර් 14 . ටිකක් පරණ චිත්‍රපටයක් නිසා නොබලා ඉන්න එපා.…

ඔන්න ආයෙත් සුපිරි ටැමිල් ෆිලුමකට උපසිරසියක් ගෙනාවා. මේක මගේ නවවන උපසිරසිය. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් නොතිබුණු නිසා, උපසිරසියක් අලුතෙන් හදාගෙන අසා ලිවීමක් කලේ. අසා ලිවීමක් නිසා යම් යම් අඩුපාඩු ඇති. මේ චිත්‍රපටය තිරගත කලේ 2012 දෙසැම්බර් 14 . ටිකක් පරණ චිත්‍රපටයක් නිසා නොබලා ඉන්න එපා. මේක ටිකක් වෙනස් චිත්‍රපටයක්. මේක Prabu Solomon විසින් කතාව සහ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරලා තියනවා. මම පෞද්ගලිකව වඩාත් ප්‍රියකරන අධ්‍යක්ෂවරයා ද මොහුය. Kokki , Laadam , Usire , Mynaa වැනි ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම අධ්‍යක්ෂවරයාය. මෙහි IMDB අගය 7.1 ලෙස සදහන් වෙනවා. KUMUKI චිත්‍රපටය දකුණු ඉන්දියානු සිනමා උලෙළ කිහිපයකම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිත වලට Vikram Prabhu , Lakshmi Menon පණ පොවන අතර මාමාගේ චරිතය විකට නලුවෙකු වන Thambi Ramaiah රග දක්වනවා. ඔහුට ඒ සදහා 2013 වසරේ පැවති “Filmfare Awards “Best Supporting Actor” සම්මානය හිමි වෙනවා.

කතාව පොඩ්ඩක් කියන්නම්. මානික්කම් කියන අලියා පරම්පරා උරුමයෙන් බොම්මන් කියන තරුණයාට හිමි වෙනවා. අලියාව බලාගන්නෙත් බොම්මන්ම තමයි. සහයට තමන්ගේ මාමා කොත්තල්ලී සහ උන්ඩියල් නම් තරුණයෙකුත් බොම්මන් සමග ඉන්නවා. මානික්කම් බොම්මන්ගේ පණ වගේ. බොම්මන් මේ අලියා යොදා ගන්නේ පෙරහැර උත්සව වලට විතරයි. මේ අතරේ කැලෑව ඇතුලේ තියන ගමකට දරුණු වන අලියෙක් නිතරම ඇවිත් අස්වැන්න විනාශ කරලා මිනිස්සුත් මරනවා. ගමේ අය ඒ දරුණු අලියා කොම්බන් කියලා හදුන්වනවා. රජයෙන් කිසිම විසදුමක් මේ ප්‍රශ්නයට ලබාදෙන්නේ නෑ. මේ ගමේ අය අස්වැන්න රැක ගන්නත් පණ ආරක්ෂා කරගන්නත් කොම්බන්ට එරෙහිව කුමුකි අලියෙක් ගේන්න තීරණය කරනවා. කුමුකි අලියෙක් කියන්නේ ඉන්දියාවේ අතීතයේ සිට කැලෑ අලි පන්නා දැමීම සදහා යොදාගන්නා විශේෂ පුහුණුවක් ඇති හීලෑ අලි පිරිසකි. මේ කැලෑ ගමට කොහොමහරි මානික්කම් කුමුකි අලියෙක් විදියට බොම්මන් ඇතුලු පිරිසට රැගෙන යන්න වෙනවා. ඉතින් දරුණු වන අලියා එලවන්න යන ඒ පිරිසට මොකක් වෙයිද? ඒක එහෙනම් චිත්‍රපටය බලලාම දැනගන්න. ඔක්කොම කිව්වොත් බලන්න ඕනි නෑනේ.

එහෙනම් තවත් උපසිරසියක් සමග ලගදීම හමුවෙමු. උපසිරසියේ ගුණදොස් ඇත්නම් Comment එකක් දාගෙනම යන්න. සෑමදෙනාම මේ වසංගත තත්වයෙන් ආරක්ෂා වීමට නිවෙස් තුලට වී සිටින්න. මේ උපසිරසිය සදහා වීඩියෝ පිටපත Youtube වෙබ් අඩවිය තුල Kumki Thirrupathi Brothers ලෙස Search කිරීමෙන් ද ලබාගත හැක.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

4,584 downloadsDownload Kumki-2012.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිලාන් රාජපක්ෂ

Subtitles

4,584 downloadsDownload Subtitles37 KB

22 comments

  1. malithmadhushan45

    බොහොම ස්තුතියි සහො සබ් එකට ඔයාගේ ගිල්ලි ෆිල්ම් එකෙ සබ් එකට සෙට් වෙන copy එකක් හොයා ගන්න නැනේ

    1. amila

      Thanks for sub bro.......(Ashok 2007 Telugu ) movie eke sub denna bro please.......

    2. Nilan

      ගිල්ලි සබ් එකේ ලින්ක් එක ගන්න dxnilan100@gmail com email එකක් දාන්න

    3. murad

      kumki movie eke link ekak denna plzzzz

  2. Sisuru_ch

    දෙයියෙක් නෙමේ ඔයා දේවාලයක්....මේක බලන්න ආසාවට sinhala subtitles එනකම් අවුරුදු ගානක් බලන් හිටියා...ඒත් නැති නිසා fim එක download කර ගත්තත් thirrupathi brothers එකේ english subtitles එක පිටපතට ගැලපෙන්නේ නෑ...youtube එකෙත් එහෙමයි...subtitles හදන්න හිටියෙ..ඒත් කොච්චර මහන්සි වෙන්න ඕනද....ඒත් හදනව කියල හිටියෙ ආසවටම..නිකමට වගේ ඇවිත් ඉන්නකොටයි sub දාල තියෙනව දැක්කෙ...thanks mchan

  3. spd

    Meka supirima film ekak. kamakne parakku wela hari sub eka dunnane. thanks.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Bandara

    නිලාන් සොයුරාට සබ් එක දෙන්න කරපු කැප කිරිම පිලිබදව සමූහයේ ප්‍රණාමය

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ ඉංග්‍රීසි සබ් එකක් නොතිබිලත් මේ කරපු කැපවීමට :) :)

  7. irfan sumi

    Aiye thank u so much kumki sinhala sub ekata❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Man kalin oyage illala thibba kumki filmed eke sub eka .Godak thankssssss
    Pandigai tamil movie eke sub ekath Danna ok

  8. Imash

    dont watch this movie if you have a heart

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  10. Asitha pramoth

    බොහොම sස්තූතියි

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. nilan100

  12. Anonymous

    උපසිරසි හරියන්නේ නැනේ

    1. nilan100

      Thiruppthi brother dvdrip එකට විතරයි ගැලපෙන්නේ . මොකක්ද download කලේ?

    2. Janith buddhika

      Pls mt movie ek blanna one link ekk hari aai site ekt movie ek dnnko

  13. Eranga Mahesh Mapa

    බාගන්න පුළුවන් HD Torrent link එකක් තියනවනම් කියන්නකෝ.

  14. Anonymous

    Sub 1ta thanks. අනේ කරුණාකර ' Mundasupatti 2014 ' movie එකට සිංහල උපසිරසි ලබා දෙන්න

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි නිලාන් සහෝදරයා සිංහල උපසිරැසියට..ඔබට ජය !!

  16. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!