හැම මනුස්සයගේම ජීවිතයේ මිත්‍රයෙක් ඉන්නවා. අපේ හැම රහසක්ම දන්න, අපි හැම මොහාතක්ම බෙදාගන්න,ජීවිතයේ සැප-දුක කොයි මොහොතේ වුණත් මිත්‍රත්වය අත නොහරින මනුස්සයෙක් ඉන්නවා. ඉස්කෝලේ කාලෙදි යාලුවෙක් වලියක් දාගෙන කියලා ආරංචි වුණොත්හේතුවක් නැතිවම අපි ගිහින් ගහනවා.හේතුවක් තිබුණත් නැතත් අපි ඒ මිත්‍රත්වය වෙනුවෙන් ප…

හැම මනුස්සයගේම ජීවිතයේ මිත්‍රයෙක් ඉන්නවා.
අපේ හැම රහසක්ම දන්න, අපි හැම මොහාතක්ම බෙදාගන්න,ජීවිතයේ සැප-දුක කොයි මොහොතේ වුණත් මිත්‍රත්වය අත නොහරින මනුස්සයෙක් ඉන්නවා.
ඉස්කෝලේ කාලෙදි යාලුවෙක් වලියක් දාගෙන කියලා ආරංචි වුණොත්හේතුවක් නැතිවම අපි ගිහින් ගහනවා.හේතුවක් තිබුණත් නැතත් අපි ඒ මිත්‍රත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා.
ShyLock කියන්නෙත් ඒ වගේ මිත්‍රයෙක්ගේ කතාවක්!තමන්ගේ ජීවිතයේ ළඟින්ම හිටපු මිත්‍රයා තමන් ඉස්සරහම මැරුම් කෑවොත්?පිහිපාරවල් මැද්දේ ලේ විලක් මැද්දේ වැටිලා ඉන්නවා දැක්කොත්?
අයියනාර් තමයි ඔහුගේ ජීවිතයේ ළඟින්ම හිටපු මිත්‍රයා. මහා ව්‍යසනයක් ඇරඹෙන්න පුංචි සිදුවීමක් විතරක් ඇති. ඔහු තමන්ගේ පළිගැනීම පටන් ගත්තා.
මේ මිත්‍රත්වයක කතාවක්! කොමඩි, ත්‍රිලර්, ඇක්ෂන් ඔක්කොම පිරුණු කතාවක්, මලයාලමක් තමයි- හැබැයි මලයාලමක් නෙමෙයි-මොකක්..?? මොකක්ද ඒ හරුපේ??? වෙනදා දකින කොළපාට ගස් පිරුණු මලයාලමක් නෙමෙයි,
ටැමිල් මසාලා ටයිප් ඇක්ෂන් මලයාලමක්! ඉතින් වෙනදා හොයන මලයාලම මේකේ නැහැ. ඒ වෙනුවට ඉන්නේ මම්මුටි!!
2020 වසරේ කේරළ තලපති මමූතිගේ පළමු සිනමාපටය විදිහට පසුගිය ජනවාරි 24 වනදා තිරගත වීම ඇරඹුණු Shylock සිනමා නිර්මාණය, වසර මුලම මමූති ෆෑන්ස්ලාට හොඳ Mass Experience එකක් වුණා. මොකද කාලෙකට පස්සේ ගැන්ස්ටර් ටයිප් එකෙන් මමූති එළියට බැස්සේ මේ චිත්‍රපටියෙන්. අවුරුද්ද මුලම ඉන්දියානු කෝටි 50කට ආසන්න මුදලක් උපයාගනිමින්, මලයාලම් සිනමාපටයක් දැනට මෙම වසරේ ලැබූ දෙවන වැඩිම බොක්ස්-ඔෆිස් ආදායමට හිමිකම් කියමින් කේරළය පුරා දර්ශනවාර 12500කට අධික සංඛ්‍යාවකින් අති සාර්ථකව තම සිනමා සංචාරය සිදු කළ මෙම නිර්මාණයට ලෝ පුරා මලයාලම් ආදරවන්තයින්ගෙන් හොඳ චියර් එකකුත් ලැබුණා. Action|Comedy|Thriller මේ සේරම උන්ට ඕනෙ විදිහටම මේ ෆිල්ම් එක ඇතුළේ පැක් වෙලා තිබුණා. හැබැයි සේරටම කලියෙන් කියන්න ඕනේ,
මේ පස්වෙනි මණ්ඩලේ සම්භාව්‍ය චිත්‍රපටියක් නම් නෙමෙයි ඈ. මේ තියන්නේ තනිකරම මමූතිව ඒම් කරගෙන මමූතිව හයිප් කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටියේ Dialogues වල ඉඳන් හැමදෙයකින්ම කරලා තියන්නේ මමූතිව build up කරපු එකයි. කොටින්ම කිව්වොත්, ලෝ-බජට් වුණත් මමුතිගේ Stardom එක හින්දා ගොඩගිය Mass Entertainer එකක්!! මේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න මොහොතේ ආතල් එකේ හිනා වෙවී බලන්න කියාපු චිත්‍රපටියක්. කම්මැලිකම යවාගන්නත් එක්ක ටැමිල් ටයිප් එකේ ඇක්ෂන් සීක්වන්සස් ටිකකුයි මරු පන්ච් ඩයලොග්ස් ටිකකුයි ගාණට එකතු වුණු තැනක්!!! වෙනදා බලන මලයාලම් රහ අතහැරලා වෙන රහකට මාරු වෙන්න කැමති නම් කියාපු භාණ්ඩයක්. ඉතින් වෙනදා බලන මලයාලම සිහි තියාගෙන නම් මේ ෆිලුම බලන්න පටන් ගන්න එපා කියලා මුලින්ම ඉල්ලනවා. මමූතිගේ හොඳ රසිකයෙක් නම්, කම්මැලිකමෙන් ඉන්න වෙලාවක ඒ ඔක්කොම ඈලිමෑලි කඩන ටැමිල් ඇක්ෂන් ටයිප් එකේ මාසාලා මලයාලමක් බලන්න කැමති නම් මෙන්න තියෙනවා බෙහෙත් වට්ටෝරුව!
මේ වගේ Mass Entertainer එකක් ගහනවා නම් එතන ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ අනිවාර්යෙන්ම Mass Collaboration එකකුත් තියෙනවමයි. අපේ ඩිරෙක්ටර් මහත්තයා අජෛයි වාසුදේව්. අජෛයි-මමූති කියන ඩබල එකතු වුණා කියන්නෙම එතන හරි රහ වැඩක් සිද්ධ වෙන විත්තිය කේරළ රසිකයන් සහසුද්ධෙන්ම දන්නවා. අජෛයි තාමත් කරලා තියෙන්නේ ෆිල්ම් 3යි. හැබැයි ඒ තුනම මමූති එක්කමයි. තමන්ගේ පළවෙනි වැඩේ, මෑතකාලීනව මමූතිගේ Iconic ෆිල්ම් එකක් වුණු Rajadhi Raja (2014) තුළින්ම ඒ බව ඔහු ඔප්පු කළා. හැබැයි ලංකාවේ අපිට අජෛයිව වැඩියෙන්ම සමීප වුණේ ඔහු දෙවෙනියට ඩිරෙක්ට් කරපු Masterpiece (2017) හරහා කියලා කිව්වොත් මම වැරදි නැහැ. ඉතින් වසර තුනක විරාමයකට පස්සේ 2020 මුලම දුම් දාගෙන ආපු අජෛයිගේ තුන්වෙනි ප්‍රොජෙක්ට් එක තමයි අපි මේ කතා කරන Shylock (2020) කියන්නේ. චිත්‍රපටියේ සාර්ථකත්වයට ලොකු දායකත්වයක් තිරපිටපත ලියපු Aneesh Hameed ගෙන් වෙලා තියෙනවා. මොකද ෆිල්ම් එක බලලා තියටර්ස්වලින් එළියට ආපු බාගෙට බාගයක් මුලින්ම කියපු දේ තමයි, මමූතිව හයිප් කරන පන්ච් ඩයලොග්ස් ගැන. චිත්‍රපටිය බලපුවාම මටත් පෞද්ගලිකවම ඒ දේම හිතුණා.
කවුරු පිළිගත්තත් නැතත් මෝහන්ලාල්-මමූති සීතල යුද්ධයක් කේරළයේ තියෙනවා. ප්‍රේක්ෂකයෝ අතරේ වගේම සිනමා කර්මාන්තය ඇතුළෙත් ඒ යුද්ධය දකින්න පුලුවන්. මේ චිත්‍රපටියත් ඒ හීතල යුද්ධයට හොඳම සාක්කියක්. දෙබස් ගැන පොඩ්ඩක් අවධානයෙන් හිටියොත් ඔයාලටත් වැඩේ අල්ලගන්න පුලුවන් වේවි.

ඉතින් මම මුලින් කියපු විදිහට අවුරුද්ද මුලම දෙයියෝ දුන්නු තෑග්ගක් වගේ මමූති ෆෑන්ස්ලගේ දොල දුක නිවන්න කරළියට ආපු මේ නිර්මාණයට ප්‍රේක්ෂක ආකර්ෂණයත් හොදටම ලැබුණු බව ආරංචියි. ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබුණා නම් කෝටි 7කින් ගහපු මේ ලෝ-බජට් චිත්‍රපටියට කෝටි 50කට ආසන්න ආදායමක් ගන්න බෑනෙ, ඇත්තටම. කෝටි 3.15ක පළමු දින ආදායමක් සමඟින් තමන්ගේ වෙඩි වරුසාව පටන් ගත්තු Shylock සිනමාපටයට කේරළ ප්‍රාන්තය ඇතුළදී ඉන්දියානු කෝටි 30 සීමාව පසු කරන්න ගියේ දවස් 21ක් විතරයි. ඒ වගේම කෝටි 12කට අධික Overseas ආදායමකුත් අවසානයේදී හිමි කරගැනුණා. විශේෂයෙන්ම මේ වසරේ තිරගත කළ අනෙකුත් සිනමාපටයන්ට සාපේක්ෂව ගල්ෆ් කලාපය තුළ හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙන බවත් සඳහන්. කෙසේ වෙතත්, අවසානයේදී Digital Rights සහ Satellite Rights ද ඇතුළුව ඉන්දියානු කෝටි 50කට ආසන්න මුදලක් උපයා ගත්තේ එදා මෙදාතුර ඉන්දියානු සිනමාව විසින් බිහි කළ වැඩිම ආදායම්ලාභි මලයාලම් සිනමාපට 25 අතරටද එක් වීමටද වරම් ලබා ගනිමින් ය. මෙසේ අති සාර්ථක වූ ගමනක අවසානයේදී නවතම ප්‍රාන්තීය ආදායම් වාර්තා කිහිපයක මුහුණුවර වෙනස් කිරීමටද මමුක්කාගේ තාරකා ගුණය හේතු වුණා.
· 2020 වසරේ දෙවන වැඩිම WorldWide ආදායම ලැබූ මලයාලම් සිනමාපටය.
· කේරළ ප්‍රාන්තයේදී 2020 වසරේ දෙවන වැඩිම ආදායම ලැබූ මලයාලම් සිනමාපටය.
· මෙම වසරේ පළමු දින දෙවන වැඩිම ආදායම ලැබූ මලයාලම් සිනමාපටය.
· මෙම වසරේ දෙවන වැඩිම Overseas ආදායම හිමි කරගත් මලයාලම් සිනමාපටය.
කෙටියෙන්ම කිව්වොත් Shylock දෙවෙනි වුණේ Anjaam Pathiraa සිනමාපටයට විතරයි. මමූති කියන්නේ මලායලමේ වගේම තමිල්නාඩුව තුළත් එක වගේම ජනප්‍රිය තාරකාවක්නේ. එ හින්දම තමිල්නාඩුව තුළත් ෂයිලොක්ට ලැබිලා තියන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. දමිල බසට හඬ කවපු Shylock තමිල්නාඩුවේ තිරගත වුණේ Kuberan කියන නමින්.
– රසිකයන් ඉදි කළ විශාල ප්‍රමාණයේ කටවුට් –
මේ චිත්‍රපටියෙන් දකින්න ලැබෙන මමූතිගේ Entry එක තමයි මම මෑතකාලීනව දැකපු මමූතිගේ සුපිරිම මාස් එන්ට්‍රිය. මසාලා ටයිප් එකේ මේ වගේ චිත්‍රපටියකින් ඒ වගේ දෙයක් දකින්න නොලැබුණා නම් තමයි පුදුමේ. දෙමළ ෆිල්ම් එකක වගේ එක පෝළිමට එන මහේන්ද්‍රා ජීප් 10ක් අස්සෙන් වෙට්ටු දදා එන්ටර් වෙන රෝල්ස්-රොයිස් එකකින් එළියට බහින මමූති!!! ඒකටම ගැළපෙන Background Music. ඒ විනාඩි දෙකතුන නම් ඇත්තටම හිතට අල්ලලා ගියා මමූතිගේ කලින් ෆිල්ම්වලට වඩා. ලිපියේ අවසානයටත් ඇවිල්ලා ඉන්න නිසා මුලින්ම කියපු දේ ආයේ කියන්නම්!
මේ අපි වෙනදා බලන, පටන් ගත්තු වෙලේ ඉඳන් කොළපාට කඳුවැටියි නිල් පාට පොකුණුයි තියෙන මලයාලම් සිනමාපටයක් නෙමෙයි. මමූති කියන්නේ හැමදාම එකම තැන එකම චරිතයට කොටු වෙලා ඉන්න මිනිහෙකුත් නෙමෙයි. චරිතාංග නලුවෙක් විදිහට විශේෂයෙන්ම අවුරුදු 69ක් වුණු මනුස්සයෙක් විදිහට එන එන හැම චිත්‍රපටියෙන්ම මේ වගේ පවර්ෆුල් රංගනයන් ඉදිරිපත් කරනවා කියන්නෙම ඒ යකා ඉන්දියානු සිනමාවේ වෙනම ලෙවල් එහෙක ඉන්න පොරක්. වැඩිය ඕනෙ නැහැ, 2018 අවුරුද්දේ ඉඳන් 2020 වෙනකන් තිරගත වුණු මමූතිගේ චිත්‍රපටි ටික විතරක් බලන්න. ඒ චරිත එකකට එකක් කොයි තරම් නම් වෙනස්ද කියලා තේරේවි. මාතෘකාවෙන් පිට ගියාද මන්දා? හරි, දැන් කතා ඇති.

මේ තියන්නේ Thaniyavarthanam වත් Vidheyan වත් නෙමෙයි. එහෙමත් නැතිනම් Peranbu වත් Unda වත් නෙමෙයි. මේ තියන්නේ Shylock!! IMDb මීටරය 6.1කට කරකවපු, ගූගල් පරිශීලක කැමැත්ත 87% වෙනකන් උඩ ඇදපු, කෝටි 7කින් කෝටි 50ක් හොයපු. Twitter Facebook පුරා ආයෙ වතාවක් මමූති වසන්තයක් ආපු, මේ තියන්නේ Shylock!! වෙනදා හොයන මලයාලම නෙමෙයි, මේ තියන්නේ Shylock!!
ලිපිය ලිවුවේ කවිනු මලයා. මට වැඩිය මලයාලම් සිනමාව හොදට රසවිදලා තියෙන කෙනෙක් විදියට චිත්‍රපටිය ගැන මලය හොද විස්තර ටිකක්ම හොයල දුන්නා. ඒ වෙනුවෙන් කවිනු මල්ලිට ස්තුති වෙන ගමන් ඔයාලට ආරාධනා කරනවා බලන්න කියල. ජය!
ලැබුවා වූ සිංහල සහ හින්දු නව වසර “සුව නව වසරක් වේවා!”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
7,229 downloadsDownload Shylock-2020.zip101 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
26 comments
malithmadhushan45
Hemantha De Silva
ඔන්න ආයි කියලමයි දුන්නේ....
නැද්ද....?
ඒත්...., මොනව වුණත් මලයාලම්නේ.... මමුට්ටි නේ...
ස්තුතියි දසන්...Kavinu
බෑනෙ නැත්නම්! ස්ක්‍රිප්ට් එක ලියපු මනුස්සයවත් ඩිරෙක්ටර්වත් නෙමෙයි, අපිනෙ වැරදිකාරයො වෙන්නෙ අන්තිමට...
sameera
ස්තුතියි දසන් කොල්ලෝ........
ela bro thank sinhala sube ekata jayawewa//
Dimuthu Dananjaya
The jack im the box ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
Gathsara Umesh
ලිපිය ටම බලන්න හිතෙනවා...බොහෝම ස්තූතියි අයියේ..සබ් එකට❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lalani Maduwanthi
Supiri,,,,,,thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාtharidu16
thanks machiiiiiiiiiiiiiiiiii
indika75
thanks..
රංගික සිනෙත්
ඩවුන්ලෝඩා ..... ෆට්ටම ෆිලුමක්.සබ නැතිව හිටියේ.ජය වේවා මචං.දිගටම මලයාලම් ඕනා
Nuwandika Dilshan
Elo kollo denntama
Anonymous
thank u so much
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... !!
Ishan Madhushanka
Meka sub play wenne na km player eke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
සබ් එකට ස්තුතියි දසන් අයියේ
D.Chamara
bohoma sthuthi
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට ස්තූතියි දසන් සහෝ !!!
Nilush Angana
Sub ekata thanx
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Prabodha Jayakody
Thanks.Me Malayalam Movies Walatath Sub Dennako.(Valliettan
2000,Pokkiri Raja
2010,Lens
2016)YIFY TorrentsArawinda
thanks sub ekata thawath supiriyak
Advertisement
බොහොම ස්තුතියි දසන් අයියේ සබ් එකට