Watch Trailer

Coffee & Kareem (2020) Sinhala Subtitle | නිලධාරී කොෆි ගේ සහ කරිම්ගේ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක Netflix ලගේ වැ…

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක Netflix ලගේ වැඩක්. දන්නවනේ ඉතින් වැඩක් කලොත් කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. My Spy ෆිල්ම් එක බලපු අයනම් නොබලා ඉන්න එකක් නැ කියලා හිතනවා. අපේ සහෝදරෙක් එකට උපසිරස සපයලා තිබුනා. මේකත් ඊට ටිකක් සමානයි කිවුවොත් නිවැරදි. කොටින්ම කිවුවොත් සුපිරි කොමඩියක්.

ෆිල්ම් එක නිකුත් වෙන්නේ මේ අප්‍රේල් 3 වෙනිදා පහුවදාම හොද කොපියක් දාලා තිබ්බ අන්තර්ජාලෙට ඉතින් ඉක්මනට වැඩේ පටන් ගත්තා. කියන්න ඕනේ මේක කොමඩියක් උනාට බාගෙකට වඩා තියෙන්නේ ඉතින් අසභ්‍ය වචන. සබ් එකේ ගුණාත් මක බවට හානි නොවෙන්න ඒවා යොදාන්න සිද්ද උනා ඉතින්. 18+ අයගේ ෆිල්ම් එකක් තමා ඉතින් මේක.

ෆිල්ම් එක ගැන කිවුවොත් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Michael Dowse විසින්. රංගනයෙන් Ed Helms, Taraji P. Henson, Terrence Little Gardenhigh, RonReaco Lee, Betty Gilpin යන අය දායක වෙනවා. Ed Helms ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ. Vacation, the Hangover Part III, the Hangover Part II, the Hangover බලපු අය දන්නවනේ කොහෙමද රඟපෑම කියලා. පලු යන්න හිනා වෙන්න පුළුවන් චරිතයක් තමා ඉතින්. පැය1 විනාඩි 28 පුරා දිවෙන මෙම චිත්‍රපටය කම්මැලි කමක් නැතුව පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් හොදට රසවිඳින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. IMDb දර්ශකෙනම් හිමි වෙලා තියෙන්නේ 5.1 වගේ ප්‍රමාණයක්. මොකද ඉතින් මේ දවස් වල වාතවරනෙත් එක්ක ඒ ප්‍රමාණයත් ලැබුන එක ලොකු දෙයක් අනික තාම වැඩි කාලයක් නැ නේ රිලීස් වෙලා.

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම් ඔක්කොම කියන්න බැ මොකද මේක ඔයාල බලලම රස විඳින්න කියලා කියනවා. ඉතින් කොෆි කියන්නේ අවංක පොලිස් නිලදාරියෙක් මෙයා වෙනේසා කියන කාන්තාව එක්ක පෙම් සම්බදයක් පටන් ගන්නවා. නමුත් මේකට වෙනේසගේ පුතා කරීම් කැමති වෙන්නේ නැ. ඉතින් මෙයා පොඩි සැලසුමක් හදනවා කොෆිට පාඩමක් උගන්වන්න. නමුත් කොෆිට ඕනේ මෙයත් එක්ක යාළුවෙලා වෙනේසවත් බලාගෙන ජිවත් වෙන්න. ඉතින් ඔන්න කරීම් ගේ සැලසුම අන්ජබකල් වෙනවා එතනින් තමා ජරමර ටික පටන් ගන්නේ. ඔයාලම බලන්නකෝ. ගිහින් එන්නම් එහෙනම් Unbelievable කතා මාලාව අලුත් අවුරුද්දෙම ඔයාලට දෙන්න වැඩේ හදන යනවා සොහාන් මල්ලි ප්‍රමුක අපි කට්ටිය. ඉතින් නැවත ඒ කතා සමයෙන් මුණ ගැහෙමු. ජය!

STAY HOME SAFE!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

7,715 downloadsDownload Coffee-and-Kareem-2020.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

7,715 downloadsDownload Subtitles66 KB

28 comments

  1. D.Chamara

    bohoma sthuthi sahoo

  2. Prabodha20

    Godak sthuthi ...

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. thusitha

    kohomada ban meken balanne mama pamu sereta try kranne

    1. v29crazy

      film eka play krnna...download subtitle kiyaa thenin sub eka download krala..eka extract krla subtitle file eka player ekata drag krnna.Recommnded for Km player

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    කොමඩියක් නම් අනිවා බලනව...

  6. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට ස්තූතියි මලියා

  7. Anonymous

    niyamai..x files season 8 9 subtitles denne nadha

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Rasindu Perera

    සබ් එක වැඩ නැ නේ?
    Line එකක් error එකක් එනව...

    1. malithmadhushan45

      වැඩ සහෝ මොන ලයින් එකෙද erro එන්නේ

    2. Anonymous

      3707

  10. Anonymous

    thanks for the subs macho

  11. Anonymous

    sub eka weda nene..line error ekak enawa.. 3707..ehema line ekakne

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  13. podda

    thanks broo

  14. Sandeepmadushan

    Thanx saho sub ekata.. supiri

  15. MAALNATH

    Thanks ................good luck ....................

  16. Pramukmili

    Thanxxx bro.............

  17. Hiran Eranda

    උපසිරසියට බොහෝම ස්තූතියි..ජය වේවා

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dhanushka Dilranga

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. melinda

    thank you

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  22. Harsha

    Sthuthi sub ekataaa..

  23. Malith

    thanks mchan

  24. jagath55

    Thanks

  25. Dewadithya

    Thanks for sub!