කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මේකෙ නම බැලුවම තේරෙනවනෙ කුංග්ෆූ සටන් කලාවට අයත් ෆිල්ම් එකක් කියල. මේකෙ එසේ මෙසේ කුංග්ෆූ නම් නෙවෙයි තියන්නෙ හැබැයි. බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේක…

කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මේකෙ නම බැලුවම තේරෙනවනෙ කුංග්ෆූ සටන් කලාවට අයත් ෆිල්ම් එකක් කියල. මේකෙ එසේ මෙසේ කුංග්ෆූ නම් නෙවෙයි තියන්නෙ හැබැයි. බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. නිල ස්ථාන වලට පහරදීම්, ප්‍රතිවාදියාගේ ශක්තිය ඔහුටම එරෙහිව භාවිතය, මානසික ශක්තිය යොදාගෙන සටන් කිරීම වගේ කුංග්ෆූ සටන් කලාවේ එන ගැඹුරු මූලධර්ම මේ ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙනව. සටන් වුනත් හරිම තාත්ත්වික විදිහට රූගත කරල තියන්නෙ.
මේකෙ ප්‍රධාන නළුව ලෙස ඉන්නෙ David Carradine (මෙයා තමයි ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කුංග්ෆූ කතාවෙ හිටියෙත්. දන්න අය දන්නව කතාව මොකක්ද කියල). සටන්කලා පැත්තට බර ෆිල්ම් බලන්න කැමති අය අනිවාර්යයෙන්ම මේක බලන්න කියල ආරාධනා කරනව.
හරි, කතාව පැත්තට හැරුනොත් මේකෙ ඉන්නව මහ එපා කරපු නපුරු හමුදා පාලකයෙක් ඛාන් කියල. පොර මිනිස්සුන්ට කරදර කරන එක විතරමයි කරන්නෙ. බල තන්හාවෙන් මත් වුන හාදයෙක්. පොරට හොඳට කඩු සටන් එහෙම පුළුවන්. මේ පාලකය තමන්ගෙ හමුදාව යොදාගෙන වූඩන්ග් කියන කුංග්ෆූ ස්ටයිල් එක පුහුණු කරන ආරාමයකට (ෂැඔලින් ආරාමය වගේ එකක්) පහර දෙනව. මේකෙදි භික්ෂූන් සිය දහස් ගනනින් මරා දානව. මේකෙ ඉන්නව මෙහෙණින් වහන්සේ කෙනෙකුත්. එයා මේකෙ ජ්‍යෙෂ්ඨම කුංග්ෆූ ගුරුවරියක්. ඉතින් මේ මෙහෙණියවත් මරල දානව වෙඩි තියල අර නපුරු පාලකයගෙ හමුදාවෙ එවුන්. ඒත් ක්‍රේන් කියන ඒ මෙහෙණියගෙ සමීපතම ගෝලය මැරෙන්නෙ නැතුව නූලෙන් බේරෙනව. මෙයයි තව අලුත් නවක සිසුවෙකුයි විතරයි ඇත්තම කිව්වොත් ආරාමයෙන්ම පණ බේරගන්නෙ.
ඉතින් මේ මෙහෙණියට සමීප ක්‍රේන් කියන ගෝලය යනව ඛාන් කියන පාලකයගෙන් පලි ගන්න තමන්ගෙ ජීවිතේ පරදුවට තියල. එකපාරට දොරවල් කඩාගෙන පලි ගන්න යන්නෙ නෑ. ඛාන්ගෙ හිතවත් සේවකයෙක් වෙලා ඛාන්ට සමීප වෙලා මොලෙත් කල්පනා කරලයි ඛාන්ගෙන් පලිගන්න යන්නෙ. මේ යනගමනෙදි මෙයා හෝටල් හිමිකරුවෙක් එක්කත් යාලු වෙනව. ඒ හිමිකරුවගෙ නෝනගෙ මල්ලි අතුරුදන් වෙලාලු.ඉතිං ඒ මල්ලිව හොයන්නත් ක්‍රේන්ට උදව් කරන්න වෙනව.
ඉතිං ඔයාලම බලා ගන්නකො ක්‍රේන්ට ඛාන්ගෙන් පලි ගන්න පුලුවන් වෙයිද ? අර මල්ලිව හොයා ගන්න පුලුවන් වේවිද? ක්‍රේන් පණපිටින් ඉතුරු වෙයිද කියල මේව කරන්න ගිහින්.
මේක බලල අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ගන්න පුලුවන් ජීවිතයට. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො. සුබ දවසක්!
අදාල පිටපත බාගන්න අමාරු අය මට ෆේස්බුක් පණිවිඩයක් එව්වොත් හරි [email protected] වලට ඊමේල් එකක් එව්වොත් හරි මට ඒ අයට ඩිරෙක්ට් ලින්ක් සපයන්න පුළුවන්. එහෙම නැත්නම් downrooz කියින සයිට් එකට ගූගල් කරල ගිහින් ඒ සයිට් එක ඇතුලෙ Kungfu Killer 2008 කියල ටයිප් කරල සෙවීමක් කරත් 696.97 MB size ඩිරෙක්ට් ලින්ක් හොයා ගන්න පුලුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Kung.Fu.Killer.2008.DVDRip.XviD-ARiGOLD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
417 downloadsDownload Kung.Fu_.Killer.2008.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කුලතුංග
Subtitles
18 comments
helili
Prabuddha Kulatunga
ස්තූතියි... :D :D
අසිත
ealama saho thanks
Prabuddha Kulatunga
elama :D :D :D
eranga
good............
Prabuddha Kulatunga
Thank you :D
Ajith Priyantha
sub akata thanks wawa
puluwannam link aka dannaPrabuddha Kulatunga
Facebook inbox dawa
Chamith Janaka
එල සහෝදරයා දිගටම සබි දාමු........:)
Prabuddha Kulatunga
එල :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
Thanks Bro :D
Udara Damith B/K
උපසිරසට ස්තුතියි............
Prabuddha Kulatunga
එල :D
Dulanga
Thanks
Prabuddha Kulatunga
:D :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
එල :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුබ පැතුම්! තව ඉස්සරහට යමු..