Watch Trailer

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමු…

Patriots Day (2016)

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා නොකළ පරිද්දෙන්, එක් ක්ෂණයකින් සියල්ල සුනු විසුනු වී ගියා. තත්පර දොළහක් වැනි සුළු කාලයක් තුලදී, සියල්ල උඩු යටිකුරු වී ගියා. බැලු බැලු දසත දකින්නට ලැබුනේ, රුධිර ගංගාවන්, අත් පා අහිමි මිනිසුන් සහ, දසත විසිරී ඇති මිනිස් අවයව පමණි. සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුට හෝ වැටහීමක් තිබුනේ නැහැ. තම දිවි බේරාගැනීමට, හිස හැරුණු අතට දිව යනවා මිස, අන් කිසිඳු සරණක් කිසිවෙකුට හෝ තිබුනේ නැත. 9/11 ප්‍රහාරයෙන් පසුව, ඇමරිකාව මුහුණ පෑ දරුණුතම ව්‍යසනය ලෙස ඉතිහාසයේ කළු අකුරින් සනිටුහන් වන්නෙ මෙම ඛේදවාචකයයි.

2013 අප්‍රේල් 15 වෙනි දින, සවස 2.49 ට, නිවසේදී සාදන ලද අධි බලැති බෝම්බ දෙකක් ආධාරයෙන්, මැරතන් තරඟයේ අවසාන රේඛාව ආසන්නයේදී, මීටර් 190ක වපසරියක්, තත්පර 12ක් වැනි සුළු කාලයක් තුලදී පුපුරුවා හැරීමට, Dzhokhar Tsarnaev සහ Tamerlan Tsarnaev යන දෙසොහොයුරන් සමත්වූවා. බෝම්බ පිපුරුමෙන් තිදෙනෙකුට සිය ජීවිත අහිමිවූ අතර, සිය ගණනක් තුවාල ලැබූ අතර, මින් 16 දෙනෙකු හට අත් පා අහිමි විය. මීට අමතරව, සැකකරුවන් පලායෑමේදී, එක් MIT පොලිස් නිලධාරියෙක් ඝාතනය කල අතර, සිදුවූ අති දරුණු අවි ගැටුම් වලදී, පොලිස් නිලධාරින් දෙදෙනෙකු අතිශය දරුණු ලෙස තුවාල වූ අතර, ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්විය. යුධ නීතිය පනවා, පොලීසිය, හමුදා සහ FBI ආයතනය එක්ව සිදුකෙරුවා වූ අතිශය පුළුල් මෙහෙයුමක් හමුවේ, බෝම්බ පිපුරුමෙන් දින නවයකට පසුව, අප්‍රේල් 24 වෙනිදා රාත්‍රී 8.42 ට, වයස අවුරුදු 19ක් වූ, ඉතුරුව සිටි එකම සැකකරුවා අත්අඩංගුවට ගන්නා ලදී. වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට කෙරුනාවූ දීර්ඝ නඩු විභායකින් පසුව, 2015 අප්‍රේල් 8 වෙනි දින, සැකකරුවා චෝදනා සඳහා වරදකරු බැව් තීන්දු කරමින්, මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එක් බෝම්බයක් පිපිරී යන ආකාරය

photo 2

Explosion at the Boston Marathon Explosion at the 117th Boston Marathon, Boston, America - 15 Apr 2013 (Rex Features via AP Images)

පළමු බෝම්බය පිපිරීමෙන් නිමේශයකට පසුව

photo 3

එක් පුද්ගලයෙකු බෝම්බය රැගෙන එන ආකාරය

photo 4

බෝම්බ පිපිරවූ සොහොයුරන් දෙදෙනා

photo 5

බෝම්බ ප්‍රහාරයන් දෙකෙන් මොහොතකට පසුව

photo 6 photo 7 photo 8

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල වූවන් සමරමින්

BOSTON, MA - APRIL 21: Items are placed by people visiting a makeshift memorial for victims near the site of the Boston Marathon bombings at the intersection of Boylston Street and Berkley Street two days after the second suspect was captured on April 21, 2013 in Boston, Massachusetts. A manhunt for Dzhokhar A. Tsarnaev, 19, a suspect in the Boston Marathon bombing ended after he was apprehended on a boat parked on a residential property in Watertown, Massachusetts. His brother Tamerlan Tsarnaev, 26, the other suspect, was shot and killed after a car chase and shootout with police. The bombing, on April 15 at the finish line of the marathon, killed three people and wounded at least 170. (Photo by Kevork Djansezian/Getty Images)

photo 10

Drama, History, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2016 වර්ෂයේ දෙසැම්බර් 21 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වූ මෙම සලරුව, Imdb දර්ශකයේ 7.6 ක ප්‍රේක්ෂක මනාපයක් දිනාගැනීමට සමත්විය. අති සාර්ථක Deepwater Horizon චිත්‍රපටය අධ්‍යක්ෂණය කල, Peter Berg සහ, එම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය දැරූ සුප්‍රකට නළු,  Mark Wahlberg යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ මෙම අනභිබවනීය සිත්තම නිර්මාණය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයක් දැරූ අතර, මේ වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 37.5 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට සමත්වී ඇත.

මිනිසා හරි පුදුමාකාරයි. වැටෙන්න වැටෙන්න, යලි නැගිටිනවා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් වසර කීපයක් ගතවෙත්ම එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයත් සමගින්, සමස්ත ඇමරිකාවම කම්පා වුණා. නමුත්, ජාතියක් ලෙස ඔවුන් එකාවන්ව අත්වැල් බැඳගත්තා. වැටුණු සියලු දෙනාවම, නැවත දෙපයින් නගා සිටෙව්වා. විනාශවූ සියල්ල නැවත ප්‍රතිසංස්කරණය කළා. මනුෂ්‍ය ආත්මයක් සතු, ධෛර්ය, නොපසුබට වීර්ය, බලාපොරොත්තු සහගත බව පිලිබදව, විටෙක ඔබ විශ්මයට පත්වේවි. තමන්ගේ අහිමිවීම් පිළිබඳව තැවෙමින් සිටිනවාට වඩා, හිමි දේවල් වලින් පමණක් ජීවිතයේ ජයග්‍රහණය කරා යාමට, කදිම පාඩමක් ඔබගේ ජීවිතයට උගන්වාවි. වසරක් වසරක් පාසා, බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සියළු දෙනාවම සිහිකරනු ලබනවා. එමගින් ඔවුන් සමස්ත ලෝකයාටම හඬනගා කියාපානවා, කෙතරම් ඛේදවාචකයක් හමුවේ වුවත්, කිසිදා තමන් පරාජය කොට බිම දැමිය නොහැකි බව. එයයි ඔවුන් සතු ශ්‍රේෂ්ඨත්වය… සියලු දෙනා හට ආදර්ශයක් ලෙස උගතහැකි ජීවිතාදර්ශය… අවසරයි එසේනම් සියලු දෙනා හටම, ඉතිහාසය පුරාවටම සිදුවූ, අතිශය දරුණු ඛේදවාචකයක, කිසිදා ඔබ නොඅසූ විරූ සත්‍ය ඇතුළත්, ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නැවත නැගී සිටීමේ කතා පුවත රසවිඳීමට…

ප. ලි. – චිත්‍රපටය උපසිරැසි ගන්වා ඇත්තේ DVDSCR පිටපතක් සඳහාය. නමුත්, නැරඹිය හැකි මට්ටමේ ගුණාත්මක පිටපතක්. BR හෝ WEB පිටපතක් සමගින් නැරඹීමට අවශ්‍ය අය සඳහා, අදාළ පිටපතක් නිකුත්වූ විට උපසිරැසි යාවත්කාලින කර දෙන බව කාරුණිකව සළකන්න.

ලිපිය සිසිල ප්‍රසාද්

මෙම උපසිරසි සියලුම (BR) බ්ලුරේ පිටපත් සහ DVD SCR පිටපත් සඳහා ගැලපේ.

 

Patriots Day (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,217 downloadsDownload Patriots-Day-2016-BR.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,217 downloadsDownload Subtitles140 KB

43 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thanx bro sub ekata....

  2. Thilina weerasinghe

    Thanks for subtitles
    But why they blast bomb?????

    1. Web-බුවා

      i guess, they both are freaking dick head psychos. :x unless any man or woman never gonna doing like that bloody hell peace off work. :( :( :( so sad about poor KIDS. :sad: :sad:

      CHEERS..! :)

    2. Thilina weerasinghe

      Thanks for reply brother....

  3. prasheen

    Niyamai bro..

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
    ලිපියනම් නියමෙටම ලියලා තියේ සහෝ.. ගොඩක් කරුනු දැනගත්තා මේ ගැන..අපේ රටේ ඔහොම දේවල් කොච්චරනම් වෙලා තියේද. එහෙම බැලුවොත් අද අපි මේ ඉන්න තැන ගොඩක් වටිනවා.. කොහොම උනත් ලොකේ කිසිම රටකට මේ වගේ විපත් වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනාව..
    බුදුසරණයි..ජය වේවා..!

  6. Hashan

    ස්තූතියි මචං සබ් එකට...ගොඩාක් ආසවෙන් බලන් හිට්ය film එකක්... දිගටම කරගෙන යන්න.. සුභ පැතුම්...

  7. අසිත

    ealama saho thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Dulanga

    Thanks

  10. sunimal

    නියමයි සහො...ගෙඩක් ස්තුතියි සබ් එකට....දිල තිබෙන vidio format එක බලන්න පුළුවන් මට්ටමේ තියෙනවා ද?

    1. Sisila Prasad

      ShAaNiG පිටපත හරි, MkvCage පිටපත හරි ගන්න සහෝ. බලන්න පුළුවන් හොඳ මට්ටමක තියෙනවා.

    2. sunimal

      thanks. saho....

  11. Web-බුවා

    බොහොම ස්තූතියි ලොක්කා උපසිරසියට. BR ආවාම බලමු.

    ජය! :)

  12. CHEthiya

    Thnkz..............

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. දමිත්

    හොඳ rip එකක් එනකම් හිටියේ.
    බොහොම ස්තුතියි සහෝ..

  15. Jack

    පට්ටයි සහෝලා.
    මාර්ක් අයියා ඉන්නවනම් අනිවා බලනවනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  16. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  17. mithun

    අප්ඩෙට් එකට නම් බොහොම ස්තුතියි එක වටිනව බොහොම .
    බ්ලුරෙ එක ආපු ගමන් දාගෙන බැලුව ෆට්ට මෙක නම්

  18. Nipun

    Thanks mchn subtitle ekata....

  19. praneeth madu

    බොහොම ස්තුතිි සුසිප සහෝ යුශා සහෝ

    1. යුශාන් පියුමාල්

      baluwada filuma

  20. LSM HUSKAA

    thnks bro

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  23. R.S. Samantha

    menna film
    Thank You machanla
    ela ela............

  24. vidura

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

  25. Kasun Chamara Premadasa

    Thanx bro

  26. Saranga Liyanagama

    Patriots Day

  27. Nishan

    Thanx bro

  28. Vira

    thanks bro

  29. Ricado Damien

    සිසිල ප්‍රසාද් & යුශාන් පියුමාල් thank you brothers & baiscope team for the sub, all the best to baiscope team.............

  30. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  31. nimal dissanayake

    ඉතාමත් මනරම්: දර්ශනීය; සංවේදී; ඇසට කඳුළු නංවන්නට සමත් සාර්ථක චිත්‍රපටයකට වඩාත් උචිත අයුරින් උපසිරසි ලබාදීම වෙනුවෙන් යුශාන්ටත් සිසිලටත් හද පිරි තුති.

  32. Janith Sachintha

    aththa katha hoyana aya wenuwen pattama film ekak wage wede kiyala wedak na man asama category ekak subata thanx

    1. Hiranhiru

      උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
      ජයවේවා...!

  33. DilumDL

    Thank u..baiscope Team

  34. chinthaka_priyadrshana

    Thank u Both of you..........

  35. Rochana1998

    my favorite real story film

  36. bhanukarasanga

    thanks

  37. Sahan Gayantha

    thanks a lot brother sub ekata