Watch Trailer

The Order (2001) with Sinhala subtitles | ඊශ්‍රායල් නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් තවත් Van Damme ගෙ ඔයාල කලින් බලමු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක ලියල තියෙන්නෙත් එයාම තමයි, සෑහෙන දුරට ක්‍රියාදාම මූවි එකක්, ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරල තියෙන්නෙ ඊශ්‍රායල් වල, නිදන් සිද්ධි වලට ගොඩක් අය කැමති හින්ද තමයි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවෙ, ෆිල්ම් එක නිදහස් වෙලා ත…

The Order

ඉතින් තවත් Van Damme ගෙ ඔයාල කලින් බලමු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක ලියල තියෙන්නෙත් එයාම තමයි, සෑහෙන දුරට ක්‍රියාදාම මූවි එකක්, ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරල තියෙන්නෙ ඊශ්‍රායල් වල, නිදන් සිද්ධි වලට ගොඩක් අය කැමති හින්ද තමයි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2001 අවුරුද්දෙ, දෙසැම්බර් 27 වෙනිදා දවසක රුසියාවෙදි, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sheldon Lettich කියල කෙනෙක්, IMDB අගය 4.6ක් කියල තමයි කියන්නෙ.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට වෑන් ඩෑම් ට කියන්නෙ රූඩි කියල, එයාගෙ රැකියාව තමයි කෞතුක භාණ්ඩ හොරකම් කරන එක, රූඩිගෙ තාත්තා පුරා විද්‍යා මහාචාර්යවරයෙක්, එයා කොහොමටවත්ම කැමති නෑ රූඩි කරන රැකියාවට, ඒ කොහොම උනත් මේ දෙන්නගෙ ලොකු සමගියක් තියෙනව, හරියට යාලුවො දෙන්නෙක් වගේ, මේ දෙන්න ජීවත් වෙන්නෙ නිව් යෝක් වල, තවත් පැත්තකින් ඊශ්‍රායල් වල යම් ආගමක් තියෙනව, ෆිල්ම් එකේ හැටියට ලොකු ඉතිහාසයක් තියෙන ආගමක්, ඉතින් මේ ආගමට අලුත් නායකයෙක් පත් වෙනව, එයා අපරාධකාරයෙක්, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ සයිරස් කියල, එයා උත්සාහ කරන්නෙ, ඊශ්‍රායල් රටේ තියෙන සිද්ධස්ථාන වලට බෝම්බ තියල විනාශ කරල, අලුතින් සිද්ධස්ථාන නිර්මාණය කරන්න, ඊශ්‍රායල් රටේ යම් සිද්ධස්ථානයක් තියෙනව, ඒ සිද්ධස්ථානයට යටින් තමයි මේ නිදානය පිහිටල තියෙන්නෙ, නිදානය ළඟට යන්න පුලුවන් උමං මාර්ග හරහා, එම උමං මාර්ග සටහන් කරල තියෙන සිතියම තියෙන්නෙ රූඩිගෙ පියා ළඟ, නිදානය ළඟට යන්න දන්නෙත් රූඩිගෙ පියා විතරයි, ඒක නිසා සයිරස්ට ඕන වෙනවා රූඩිගෙ පියාව පැහැර ගන්න, කොහොම හරි එයා රූඩිගෙ පියාව පැහැර ගන්නව, මේ දේවල් සිද්ධ වෙන අතරෙ රූඩි ඉන්නෙ නිව් යෝක් වල, එයාගෙ පියා අතුරුදහන් වෙලා කියල රූඩි දැනගන්නව, ඊට පස්සෙ රූඩි පුලුවන් ඉක්මනට ඊශ්‍රායල් වලට එනව එයාගෙ පියාව බේරගන්න, ඒ වෙද්දි ඊශ්‍රායල් රටේ පොලීසියත් සයිරස් ට එකතු වෙලා, රූඩිට ලොකු සටනක් දෙන්න වෙනව එයාගෙ පියාව බේරගන්න, එතනින් එහාට සිද්ධ වෙන්නෙ මොකක්ද කියල දැන ගන්න නම් ෆිල්ම් එක බලලම ඉමු, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

 

The Order (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Order.2001.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

875 downloadsDownload The.Order_.2001.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

875 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    තව මේවගේ ඒවා දෙන්ඩෝ

  2. Udara Damith B/K

    1

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Kasun Widusha

    Tnx mcn In Hell 2003 ekatat sub diyanko

  5. Dulanga

    Thanks

  6. Lasitha gayan

    patta filumak wage.thankz dinusha saho sub ekata

  7. Binendra

    thanks

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  9. අසිත

    ela ela supiri

  10. sudarshana fdo

    ela thank

  11. punsara

    tnx macho

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  13. Sri Lanka Sigiriya

    බොහෝම ස්තුතියි!!

  14. praneeth madu

    බොහෝම ස්තුතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Chamindalakruwan

    Tnx bro sub ekata
    Mryage taea parana film tiyenawa yts eke tiyenawa
    Ewatath sub denna