ආයුබෝවන් යාලුවනේ ඔන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක රටේ පවතින අරගලයට ජයවේවා කියල කියන ගමන්ම 2022 අප්‍රේල් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Jai, Bharathiraja, Harish Uthaman, Smruthi Venkat රංගනයෙන් දායක වෙන IMDb 7.6ක් වගේ අගයක් අරගෙන තියෙන Action, Drama වර්ගීකරණය යටතේ පැය 1 කුත් විනාඩි 47ක් පුරා පටන…

ආයුබෝවන් යාලුවනේ ඔන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක රටේ පවතින අරගලයට ජයවේවා කියල කියන ගමන්ම 2022 අප්‍රේල් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Jai, Bharathiraja, Harish Uthaman, Smruthi Venkat රංගනයෙන් දායක වෙන IMDb 7.6ක් වගේ අගයක් අරගෙන තියෙන Action, Drama වර්ගීකරණය යටතේ පැය 1 කුත් විනාඩි 47ක් පුරා පටන් ගත්ත වෙලාවේ ඉදන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ.
ඊෂ්වරන් කියන්නෙ ගොවිතැනෙන් ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා ජීවත් වුණේ තාත්තයි අක්කයි අක්කගෙ දුවයි එක්ක. ඊෂ්වරන්ගේ මාමා කෙනෙකුගේ යෝජනාවට අනුව ඊෂ්වරන් එයාගෙ ගොවිපල බලාගෙන එහෙ තියෙන නිවසකට පදිංචියට යනවා අක්කයි අක්කගෙ දුවයි එක්ක. ටික දවසක් එහෙ වැඩ කරනකොට ඊෂ්වරන්ගේ මාමයි නැන්දයි එයාලගෙ දුවව විවාහ කරල දෙන්න ඊෂ්වරන්ට යෝජනා කරනව. යෝජනාව ඉළිගන්න ඊෂ්වරන් කෝකිලාව කසාද බදිනවා. හැබැයි ඊෂ්වරන්ගේ අක්කගෙ දුව මේකට කැමති වෙන්නෙ නෑ. ඒවගේම කෝකිලාගෙ අම්මගෙ මල්ලි වන පොලිස් නිළධාරි නාට්‍රායනුත් මේ කසාදයට තදින්ම විරුද්ධයි. මොකද ඊෂ්වරන්ගෙ අක්කගෙ දුව ප්‍රියා ඊෂ්වරන් ගැන අදහසක් තිබ්බා වගෙම නාට්‍රායන්ට කෝකිලා ගැන අදහසක් තිබුණා. විවාහයට කලින් දවසක ප්‍රියා, කෝකිලාව මුණ ගැහිලා තමන්ගේ මාමා ගැන අදහසක් තියෙනවා, බැරිවෙලාවත් යෝජනාවක් ආවොත් කැමති වෙන්න එපා කියල කිව්වත්, ඒ සිද්ධියෙන් දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා. කාලෙකින් එයාලට දරුවෙකුත් ලැබෙනවා. ඒ ලැබිලා ටික කාලෙකින් ඒ දරුවා අන්ත්‍රා වෙනවා. දරුවා අන්ත්‍රා වෙලා ටික කාලෙකින් ඊෂ්වර්න්ගේ බිරිඳ නිදි පැදුරේම මියැදෙනවා. හේතුව නිදි පෙති වැඩිපුර පානය කරලා සියදිවි හානි කර ගැනීමක් කියලයි කියන්නෙ. අපි බලමු ඊෂ්වරන්ගෙ දරුවගෙ මරණයටයි, ඊෂ්වරන්ගේ බිරිඳ කෝකිලාගෙ මරණයටයි දෛවයේ සරදම කොහොමද බලපෑවෙ කියලා. ඉක්මනටම තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු.
හැමෝටම තෙරුවන් සරණයි !
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
3,952 downloadsDownload Kuttram-Kuttrame-2022.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
13 comments
Supun Kaushalya
Naveen
උපසිරසියට තුති
Kantha_(DLA)
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Please give malayalam moviesහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Anonymous
තෑන්ක්ස් මා පුතී
Eranda
Thanks brother
Samith
Thanks brother
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෑන්ක්ස් සබ් එකට සහෝ