මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රඝුවීර් දුප්පත් බස් කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මගියෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු රැකියාවෙ…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රඝුවීර් දුප්පත් බස් කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මගියෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු රැකියාවෙන් නෙරපා හරිනු ලැබේ. මේ නිසා අසනීප මව සහ බාල සහෝදර සහෝදරියන් දෙදෙනෙකු රැකබලා ගත් රඝුවීර් ජීවත්වීමේ අරගලයට මැදිවෙයි. මේ අතර දිනක් ඔහු සිනමා ශාලාවක් අසලින් යන විට වැඩි මිලට චිත්‍රපට ටිකට් විකුණනවා දකියි. එයින් ඔහුගේ සිතට නව අදහසක් ගලා එයි. ඒ අනුව ඔහු අධිනීතිඥ දේසායිගෙන් රුපියල් 5000ක් කොල්ලකන අතර ඉක්මනින්ම බොම්බායේ සියලුම ප්‍රසිද්ධ සිනමා ශාලාවල පිටත ඔහුගේම අයථා වෙළඳ ජාලයක් පිහිටුවා ගනී. ඔහුගේ මේ නව ව්‍යාපාරයට එක්කරගත්තේ දුගී හා නිවාස නොමැති, සමාජ අපචාරයන් සිදු කරමින් සිටි පුද්ගලයන් පිරිසකි.
කලකදී ධනවත් පුද්ගලයෙක් බවට පත්වන රඝුවීර් තම පවුල සඳහා මැරීන් ඩ්‍රයිව්හි නව, ඉඩකඩ සහිත නිවාසයක් මිලදී ගනී. දිනක් සිසුන් පිරිසක් ඔහුගෙන් ඉහළ මිලකට චිත්‍රපට ප්‍රවේශපත්‍ර මිලදී ගත් විට ඒ අතර සිටි “අල්කා” නමැති තරුණිය මේවා අධි මිල ඒවා බව දැනගෙන කෝපයෙන් ඒවා ඉරා දමයි. මෙය දුටු රඝුවීර්ගේ සිතට මෙය විශාල බලපෑමක් ඇති කරන අතර ඔහුගේ සිත අල්කා වෙත ආකර්ෂණය වේ. මේ වනවිට ඇය නන්ද් කුමාර් නම් තරුණයෙක් සමඟ සමඟ ආදරයෙන් බැඳී සිටියි. පසුව නන්ද් කුමාර් ශිෂ්‍යත්වයක් ලැබී වසර දෙකකට විදේශගත වෙයි. සිතින් අල්කාට පෙම් කරන රඝුවීර්, මෙය කදිම අවස්ථාවක් ලෙස දකින අතර අල්කාව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි, නමුත් එය නිෂ්ඵල විය. ඇය කෙරෙහි ඇතිවූ ආදර හැඟීම් ඔහු වෙනස් වූ මිනිසෙකු බවට පත් කරන අතර ඔහු අයථා වෙළඳ ජාලය තුළින් මුදල් සෙවීම අත්හැරීමට තීරණය කරයි. නමුත් ඔහුගේ සගයන් අතර සිටි ගනේෂ් මෙය නතර කළ නොහැකි බව කියමින් ඔහුට අභියෝගයක් වෙයි. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. දේව් ආනන්ද් සහ වහීඩා රේමන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්. බීස් සාල් බාඩ්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Kala Bazar (1960) Superhit Classic Movie काला बाजार Dev Anand, Waheeda Rehman, Nanda යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්හතයි, තත්පර විස්සක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත YOUTUBE හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
929 downloadsDownload Kala-bazar-1960.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
14 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
thisal
peaky blinders anthima eka one
කවිඳු ජයවර්ධන
thank you for the sub
Udara Damith
elasaa
Deegayu Abeysekera
thank you mr.priyantha me sub ekata!
oba me karana de agayakaranawa!
puluwannan rajesh khanna ge pahatha film walata sub denna.mn rajesh khanna fan kenek
Kati Patang (1970)
Dushmun (1971)
Amar Prem (1972)
Daag: A Poem of Love (1973)
Prem Nagar (1974)
Aavishkar (1974)Kantha_(DLA)
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
indika 75
thanks..
Anonymous
Ambulance movie ekth sub dennko
Anonymous
Old is gold!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..බුදු සරණයි !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
බොහොම ස්තුතියි