Kutty Srank (2010) Sinhala Subtitles මේ අවුරුදු සමයේ අපේ රසිකයෝ ප්‍රේමාලු සහ බයිස්කෝප් නිකුත් කරපු විශේෂ අනිකුත් චිත්‍රපට රසවිඳිනවා ඇති, ඒ අස්සෙ අපිට හිතුන ටිකක් පරණ මලයාලම් කතාවකට උප සිරැසියක් සපයන්න. මලයාලි සිනමාවෙ 2010න් පස්සෙ හොඳ චිත්‍රපට හැම එකකටම වගේ සිංහල උපසිරැසියක් තියෙන එකේ 57 වන ජාතික ඉන…
Kutty Srank (2010) Sinhala Subtitles
මේ අවුරුදු සමයේ අපේ රසිකයෝ ප්‍රේමාලු සහ බයිස්කෝප් නිකුත් කරපු විශේෂ අනිකුත් චිත්‍රපට රසවිඳිනවා ඇති, ඒ අස්සෙ අපිට හිතුන ටිකක් පරණ මලයාලම් කතාවකට උප සිරැසියක් සපයන්න. මලයාලි සිනමාවෙ 2010න් පස්සෙ හොඳ චිත්‍රපට හැම එකකටම වගේ සිංහල උපසිරැසියක් තියෙන එකේ 57 වන ජාතික ඉන්දියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක්ම කේරළයට දිනා දුන්න මේ චිත්‍රපටයට උප සිරැසියක් නැති එක අඩුවක් කියල හිතුනා. ඇරත් මේ චිත්‍රපටය ටිකක් ලාංකික අපට සම්බන්ධයි. චිත්‍ර පටයෙ මුල් හරියෙ ලංකාවෙ ඉඳල එන නැවක්, හමුදුරුවරු, සිංහල කටහඬවල් අහන්න පුලුවන්. ඊට පස්සෙ මැදක් යන කොට ඔබට හුරු පුරුදු මුහුණක් දකින්න ලැබෙයි. ඒ මේකෙ ප්‍රධාන චරිත හතරෙන් එකක්.
Kutty Srank (2010) Sinhala Subtitles
මේක අර සරල මලයාලි චිත්‍රපටයක් නම් නෙමෙයි. ටිකක් ගැඹුරු ප්ලොට් එකක් සහිත චිත්‍රපටයක්. සාජි එන් කරුන් නැමැති සම්මානනීය අධ්‍යක්ෂක වරයාගේ වැඩක්. මම්මුටි රඟපාන ස්‍රාන්ක් නම් බෝට්ටු කරුවා සිය ජීවිතේ අවධි තුනක් කාන්තාවන් ත්‍රිත්වයක් ඇසුරේ ගෙවන ජීවිතය පිළිබඳ කතාවක් මෙය. ඔහුගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී එය හඳුනා ගැනීමට පැමිණෙන එකී කාන්තාවන් තිදෙනා විසින් ඔහු සමග සිය ඇසුරේ ආවර්ජනයන් ලෙස මේ චිත්‍රපටය ගලා ගෙන යනවා. මුල් කාන්තාව බෞද්ධ මෙහෙණියක්. දෙවැන්නිය කතෝලික තරුණියක්, තෙවැන්නිය සමාජයේ ගර්හාවට ලක් වූ ගොළු ගැහැණියක් නැතහොත් ඔහුගේ බිරිඳ. මේ තෙවැනි චරිතය රඟපාන්නේ අපේ සිංහල නිළියක් වන මීනා කුමාරි.

ජීවිතයේ එක් එක අවස්ථාවල ඔහු ක්‍රියාත්මක වන ආකාරය ඒ ඒ අවස්ථාවන්ට අනුව ඔහු ගන්නා විවිධ තීරණ ඔහුට බලපාන ආකාරය තුල මේ කතාව ඇදී යනවා. ඒ අනුව එකම පුද්ගලයා තුල චරිත තුනක් මැව්වත් ඔහු අභ්‍යන්තරයෙන් එකම මිනිසායි.
අනෙක් ප්‍රධාන කාන්තා චරිත දෙක කමලිණී මුඛර්ජී, පද්මප්‍රියා රඟන අතර සිද්දික් විසිනුත් අපූරු පියතුමෙකුගෙ චරිතයක් රඟපානවා. මීට වඩා කතා කරනවා නම් බලල ඒ ගැන විචාරයක් දෙන්න. ටිකක් තේරුම් ගන්න අපහසු වේන්න පුළුවන්. ඒත් හොඳට බැලූවාම ඉතාම ලස්සන කතාවක්. එහෙනම් ඔන්න මගේ යුතු කම ඉටු කලා
ආයුබෝවන්, නැවත හමු වෙම්
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,618 downloadsDownload Kutty-Srank-2010.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kutty Srank (2010) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Kamalinee Mukherjee
- #Kutty Srank (2010) Sinhala Sub
- #Kutty Srank (2010) Sinhala Subtitles
- #Kutty Srank Sinhala Sub
- #Kutty Srank Sinhala Subtitles
- #Mammootty
- #Meenakumari
- #Offbeat
- #Padmapriya
- #Siddique
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Wahiida
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
රංගික සිනෙත් කාරියවසම්
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
සුබ අලුත් අවුරුද්දක් වේවා.....
..............................................Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපිට ලොකු අඩුවක් තිිිබුණු සබක් තමා මේක. නියම වැඩක් සහෝ .ජය