Perfect Days (2023) Sinhala Subtitles තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද? ඒක දැනගමුද සුන්දර චිත්‍රපටයක් හරහා? මේ අරගෙන එන්නේ හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානයට නිර්දේශිත වූ Perfect Days කියන ජපන් චිත්‍රපටය. මේක ප්‍රේක්ශකයො අතරෙ තරමක් කතා බහට ලක්වුණ චිත්‍රපටයක් කිව්වොත් මා නිවැරදි.…

තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද?
ඒක දැනගමුද සුන්දර චිත්‍රපටයක් හරහා?
මේ අරගෙන එන්නේ හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානයට නිර්දේශිත වූ Perfect Days කියන ජපන් චිත්‍රපටය. මේක ප්‍රේක්ශකයො අතරෙ තරමක් කතා බහට ලක්වුණ චිත්‍රපටයක් කිව්වොත් මා නිවැරදි. ඒ මේ චිත්‍රපටයෙ තියෙන සුන්දරත්වය නිසාම වෙන්න ඕනෙ. IMDb දර්ශකේත් 7.9 ඉතා ඉහල අගයකුත් කුණු තක්කාලි 96% ගන්න හැකි වෙලා තියෙන්නවා. දැං කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ පිටින් පේන තරම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් නෙවෙයි කියලා.
මේක සිනමා ශාලාවල් වලට නිකුත් වුණේ 2023 දෙසැම්බර් 21 වෙනිදා. ආදායම අතින් ඩොලර් මිලියන 23.5 උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Wim Wenders කියන සම්මාන ලාබී අධ්‍යක්ෂකවරයා විසින්. රංගනයෙන් දායක වෙනවා Kōji Yakusho, Tokio Emoto, Arisa Nakano, Aoi Yamada, Yumi Asō, Sayuri Ishikawa, Tomokazu Miura, Min Tanaka වැනි අය.
චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ තනිකඩව හුදෙකලාව තම ජීවිතය ගෙවන හිරයාමා කියන මහලු පුද්ගලයා වටායි. ඔහුගේ ජීවිතය හරිම ඒකාකාරී. උදේට වැඩට යනවා, කෑමට බීමට එකම අවන්හලකට යනවා, රෑට ගෙදර යනවා. ඔහු සමාජ ආශ්‍රයත් තරමක් දුරට තමා කරගෙන යන්නේ. කතා බහත් හරිම අඩුයි. පරණ තාලෙ මනුස්යෙක්. හැබැයි හරිම කරුණාවන්තයි. හිරයාමා මහත්මයාගෙ ජීවිතේ කොහොම ගලා යනවද කියන එකයි අපිට මේ තුලින් බලාගන්න හැකිවෙන්නේ.
සමහරුන්ට මේ කතාව ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන්, හැබැයි මෙවැනි නිස්කලංක සුන්දර කතා බලන්න කැමති අයට ඉහලින්ම ගැලපෙන්න පුළුවන් මේක.
එහෙනම් මීට වඩා වල්පල් කියවන්න බලාපොරොත්තුවක් නෑ, මට මේ චිත්‍රපටය නිර්දේශ කරපු මයුර අයියට ස්තුති කරන ගමන් මං සමුගන්නවා,
ලබන්නා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!
Perfect Days (2023) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,753 downloadsDownload Perfect-Days-2023-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Perfect Days (2023) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #MaxxA
- #Oscar Nominated
- #Perfect Days
- #Perfect Days (2023)
- #Perfect Days (2023) Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sriram Raghavan
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
Anonymous
thanks
යුරාන් ධනුක (දනුවා)
නියමයි සහෝ, මේ වගේ ගුණාත්මක නිර්මාණ දිගටම දෙමු.
උපසිරසියට බොහෝම ස්තූතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
සුබ අලුත් අවුරුද්දක් වේවා.....