සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්. 1997 වර්ෂයේ තිරගත ව…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්.
1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Curtis Hanson විසින්. James Ellroy නැමැති ලේඛකයා රචනා කෙරෑ L.A Confidential නැමැති නවකතාව ඇසුරින් තමා මේ චිත්‍රපටය නිපැදවී තිබෙන්නෙ. Russell Crowe, Guy Pearce, Kevin Spacey, James Cromwell, Kim Basinger, Danny DeVito වැනි ප්‍රකට නළු නිලියන් රැසක් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා. එම වර්ෂයේ ඔස්කා සම්මාන උළලේදි සම්මාන 9කට නිර්දේෂ වූ මෙම චිත්‍රපටය ඉන් සම්මාන 2ක් හිමි කරගන්නවා. සෙසු සම්මාන 7ම Titanic චිත්‍රපටය හමුවේ පරාජය වී තිබෙනවා. ඊට අමතරව තවත් විවිධාකාර සම්මාන 85ක් මේ වෙනුවෙන් හිමි වී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ” 8.3ක් වැනි ඉහලම හිමිකරගෙන IMDB දර්ෂකයේ 106 වෙනි ස්ථානයේ ” පසුවෙනවා. ඉතිං මේ චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
මෙහි කතාව විස්තර කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එය කතාවේ කුතුහලයට විශාල හානියක්. ඒත් මං මෙහි මූලිකව අන්තර්ගත වන සිදුවීම ගැන පොඩි සාරංශයක් කරන්නම්. මේ චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1953 වර්ෂයේ සිදුවීමක්. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවෙන මිනීමැරැමක් කේන්ද්‍ර කොට ගෙන ඇතිවෙන අභිරහස් සිද්ධිදාමයක් තමා මේ තුළින් නිරෑපණය වෙන්නෙ. එම සිදුවීම පිටුපස හඹායන වෙනස් වෙනස් තරාතිරම් වල සිටින පොලිස් නිලධාරීන් තිදෙනෙක්. ඔවුන්ගෙන් කෙනෙක් ඉතා දැඩි ගතිගුණ තිබෙන කෙනෙක්. අනිත් කෙනා උසස්වීම පසුපස හඹායන කෙනෙක්. අනිකා මුදල් පසුපස හඹායන කෙනෙක්. මොවුන් තිදෙනා මේ කී සිද්ධි දාමයට සම්බන්ධ වන්නෙ වෙනස් වෙනස් පැතිකඩවල් වලින්. නමුත් ඔවුන් හඹායන්නෙ එකම අරමුණක්. ඔවුන්ට එය සළුලකරගැනීමට හැකිවේවිද? මේ කී අභිරහස් සිද්ධි දාමය පිටුපස පවතින බලවේගය කුමක්ද?
විනාඩි 133ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය මුල ඉඳන් අගටම එකම ගැම්මෙන් බලන්න පුළුවන්. ඒ වගේම මෙය R කාණ්ඩයේ චිත්‍රපටයක්. මෙහි භාවිතා වෙන භාෂාව නම් ටිකක් දරැණුයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වයත් මුල ඉඳන් අගටම නොඅඩුව තිබෙනවා. චිත්‍රපටයේ කතාවට හානියක් වෙන නිසා මෙහි පාවිච්චි වෙන සැර වචන, වෙනස් කිරීමකින් තොරව ඒ විදියටම තියෙන්න ඇරියා. ඒ නිසා මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට නැරඹිය හැකි එකක් නෙමෙයි. තවද මේ චිත්‍රපටියේ භාවිතා වෙන්නෙ තේරැම් ගැනීමට ටිකක් අපහසු පරණ කාලයේ භාෂාවක්. ඒ නිසා නරඹන කෙනෙක්ට ව්‍යාකූලත්වයක් ඇති නොවෙන අන්දමට ගොඩක් සරල විදියට සබ් එක හැදුවා. එහෙනම් ඉතිං මෙම චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කරන්න. ඒ වගේම චිත්‍රපටිය නිපදවු වර්ෂය දැක්ක පමණින් මෙවැනි වටිනා නිර්මාණ මගහැරගන්න එපා කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. මේක මගේ 24 වෙනි සබ් එක. ඒ වගේම IMDB 250 ඇතුළේ තියෙන එකකට සබ් දීපු 11 වෙනි වතාව. තවත් සබ් එකක් ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,318 downloadsDownload L.A-Confidential-1997.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
52 comments
හසිත මධුෂාන්
James DC
ඔයාද සහෝ Donnie Darko (2001) එක කරන්නෙ? මං ඒක ලඟඳි කරන්න ඉල්ලුවා. එතකොට කිව්වා වෙන කෙනෙක් කරනවා කියලා. මට හිතුනෙ ඔයා වෙන්න ඇති කියලා...
හසිත මධුෂාන්
මම නෙවෙයි සහෝ.... මමත් ටික දවසකට කලින් ඉල්ලුවා. මට ලැබුනෙත් ඔය උත්තරේම තමයි. ඒකත් ඩවුන්ලෝඩ් කරල තියන් ඉන්නවා සබ් එකත් එක්කම බලන්න.
අසිත
ow ane ekata sub ikmanata denna kiyanna
Sam fisher
La නොරිස් කියල ගෙමක් නම් ගහල තියනව මොනාඉඋනත් පරන එවගෙම imdb 250 හෙ තියන film එකක් නිසා වගේම මිස්ටිරියක් නිසා බලන්නම හිතෙනවා.imdb 250 හෙ තියන tv show වලටනම් වැඩිය සබ් නැ(දෙන්න කියල ඉල්ලන්නත් බැ එව දෙන්න බැරි තරම් දිගට ඇදිල තියන නිසා තනියම කරනව කියන්නෙ මැරෙන වැඩක්)දුකයි ඉතිං :'(ඩොනි ඩාකො වල ඉන්නෙ මමනම් ආසම නළුවෙක්(අපේ ප්‍රිර්න්ස් of පර්සියා) පුලුවන් එකටත් සබ් දෙන්න.james dc මාවල් fan කෙනෙක් නෙමෙයි නෙද.මිට කලින් ඔයාගෙ සබ් එකක් බැලුව කියලනම් මතක නැ එත් කමෙන්ට්ස් වලනම් නම ගොඩක් දැකල තියනව.thank you
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
නියමයි
ෆිලුම බාලා ගොඩක් කල්
කොහොමහරි සබැ එයි එයි කියල අතැරලා තිබුනේ
බලන එක
බොහොම ස්තුතියි
250 අතරේ තියෙන කලින් උපසිරස ලබා දීලා නැති
ෆිල්ම් වලට ඉධිරියේදී පුළුවන් නම් ලබාදෙන්න
☺☺☺☺☺▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Thilina Chamara
thnak you
tharindu gunarathna
thanks
thisal
ස්තූතියි
දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා!Priyantha Dayakeerthi
ඔබ විසින් සබ් කළ The Apartment සිනමාපටය නැරඹුවේ මීට දින තුනකට කලින්. සිනමාපටයම එක දිගට නරඹා නිමකළා. ඒ මන්ද එය ඉතාමත් කලාත්මක සිනමාපටයක්. එයට නැවතත් ඔබට ස්තුතිවන්ත විය යුතුයි. මෙවැනි සිනමාපට රසවිඳිය හැකි පරපුරක් වර්තමානයේ නැහැ. ඔවුන් පරිගණක ප්‍රෝඩාවන්ටම අහුවෙලා. එයට වගකියන්න ඕන මේ වර්තමාන ජන මාධ්‍යයම තමයි. එහෙත් මේවා තෝරාගෙන නරඹන ඒවා අගය කරනා පිරිසක්ද තවම මේ සමාජයේ ඉතිරිව සිටිනවා. ඒ අය වෙනුවෙන් මහඟු සේවයක් කරනා ඔබට මාගේ උපහාරය පුද කරන්නෙමි!!!
Hasun
කවුරැවත් දෙදාස් ගනං වලින් පහලට ආපු film නොදෙන එකෙ ඔගොල්ලන්ට ස්තුති පුලුවනනම් friends tv serias එකටත් සබ් දෙන්නකො අදට අවුරැදු 13 නකටත් වඩා පැරනි එකක් වෙලත් එක තාමත් වර්ෂයකට බිලියන ගානක් හොයන tv show එකක් එවගෙ එකකට සබ් නැ කියන්න බයිස්කෙප් එකෙ හරිම ලොකු අඩුවක් නෙමෙද එක සිසන් එකකට හරි සබ්දෙන්න බලන්න pls
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
Priyantha Dayakeerthi
IMDb 250 තුළ ඇති එකක් නම් අනිවාර්යයෙන්ම බලනවා. ඔබ විසින් මීට පෙර සබ් කළ එම සිනමාපට දහයම මා නරඹා තිබෙනවා. මෙයත් එසේමයි. මේ වෙබ් එකට ආවත් බලන්නේ ඔබගෙන් සබ් එකක් තිබෙනවාද කියලයි. ඒ මන්ද මේ තුළ සිටින අය සියලුම දෙනාම සබ් දෙන්නේ වැඩියෙන් කමෙට්න්ට් වැටෙන, වැඩි දෙනා ඩවුන්ලෝඩ් කරන්නාවූ අලුත්ම සිනමාපටවලට පමණයි. මේ වගේ සිනමාපටවලට සබ් දෙන එකම කෙනා හැටියටයි මා ඔබව දකින්නේ. පසුගිය කාලයේ මෙවැනි ඒවාට සබ් දුන් කීපදෙනා දැන් වැඩි ඩවුන්ලෝඩ් අංක සොයාගෙන ගිහින්.
මමත් බයිස්කෝප් වෙබ් එකට සිංහල සබ් කරනා කෙනෙක් හැටියට "වැඩි ඩවුන්ලෝඩ් අංකයක්" කියන එක අදාළ කරගන්නෙම නැහැ. 1960 දශකයේ පැරණි හින්දි සිනමාපට කරනා එක මා කවදාවත්ම වෙනස් කරන්නේ නැහැ. ඒ මන්ද ඒවාට නොකඩවා සබ් කරනා එකම පුද්ගලයාද මම කියා සිතෙනවා. ඒ වගේම ඒවාට රුච්කත්වය දක්වන රට පුරා විසිරී සිටින සුළු රසික පිරිස මා හට ඉතාමත් වටිනවා. ඔබත් මෙම වෙබ් එකට ඉතාමත් වටිනා කෙනෙක් ඒ නිසා මෙම ස්ථාවරයේම රැඳී සිටින්න කියා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබේ වෙහෙසට කලාත්මක දෙය ප්‍රිය කරනා රසිකයන් වෙනුවෙන් මාගේ ප්‍රණාමය!!!James DC
ගොඩක් ස්තූතියි සහෝ හැමදාමත් කමෙන්ට් එකක් දාලා කරන දිරිගැන්වීමට...
Hasun
කවුරැවත් දෙදාස් ගනං වලින් පහලට ආපු film නොදෙන එකෙ ඔගොල්ලන්ට ස්තුති පුලුවනනම් friends tv serias එකටත් සබ් දෙන්නකො අදට අවුරැදු 13 නකටත් වඩා පැරනි එකක් වෙලත් එක තාමත් වර්ෂයකට බිලියන ගානක් හොයන tv show එකක් එවගෙ එකකට සබ් නැ කියන්න බයිස්කෙප් එකෙ හරිම ලොකු අඩුවක් නෙමෙද එක සිසන් එකකට හරි සබ්දෙන්න බලන්න pls
අසිත
aniwa saho eka aththa
James DC
මම ඔය ටීවි සීරිස් එක හැමදාම වගේ බලනවා සහෝ... ඒකට සබ් එකක් දෙන්න බැරි කමක් නෑ.
ඒත් මට නම් හිතෙන විදියට සහෝ ඒකට සිංහල සබ් එකක් හදන එක තේරැමක් නැති වගේම ගොඩක් අමාරැ වැඩක්. මොකද ඒකේ තියෙන සමහරක් හාස්‍යජනක සිද්ධි කෙලින්ම සිංහලට පරිවර්තනය කරන්න බැහැ. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන්ම රසවිඳින්න ඕන දේවල්. සිංහලට හරවන්න ගියොත් ඒකේ රසය නැතිවෙලා යන්න පුළුවන්. ඒක නිසාම වෙන්න ඇති මේ වෙනකං කවුරැවත්ම ඒකට සිංහල සබ් එකක් හදන්න උත්සහ කරලා නැත්තෙ...
Sanath Perera
thanks machN SUB EKA DUNNATA ME WAGE SUPIRI FILM EKAKATA...
MEWA THAMA BALANNA ONE FILM BAN...
ELA JAYEN JAYA...LSM HUSKAA
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා!Tharindu Naveendra
thanku brother
Dulanga
Thanks
Rajitha
Thanks jayawewa.......!
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Prasad Kandamulla
ඇත්ත.........
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Priyantha Dayakeerthi
ඔබේ ෆේස්බුක් ගිණුමක් තිබේද? තිබේ නම් මගේ මේ නමට මැසේජ් එකක් දාන්න. ඔබේ නම ෆේස් බුක් එකේ සෙවුවා හමුවුණේ නැහැ. ඔබේ තොරතුරු දැනගන්නට මා කැමතියි.
සතිර
මේක එනකම් ගොඩක් කල් බලන් හිටියා..ගොඩක් ස්තූතියි ඔබට..keep up the good work
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
සබ් ඒකට ගොඩාක් 'ස්තුතියි'''
praneeth
thnks bro....imdb top 250 athule tiyana thama movies walatath sub denna...jaya...
Madusanka
Thanks bro
Piyumal Dissanayaka
බොහොම ස්තූතියි සහෝ.නියමයි.ජයවේවා
arunaprasad
thanks
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
KASUN1954
excellent Watson!
barthelotp
Good job, Thanks for sub
Harshana1996
Great!!
ricadodamien
Thank U james brother & baiscope team for the sub, it was good. all the best to baiscope team.....
Gayan Chathuranga
thanks bro !
hasir
Thanks for sub..!!
dragonhero
thanks
Sasindu chamod
Guy Pearce, Russel Crowe, Kevin Spacey thundenama innavanam ai kavarakaraye kathada? Mevani vatina kala nirmanayakata upasirasi labadunnata "James DC" sahota godak sthuthi!
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
Mano
Godak sthuthi.. jaya wewa!
Chandika
Forbidden kiyala enawne sub download karraddi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........
මේක දෙනකල් හුගක් කල් බලන් හිටියා........
අන්තිමේදී මම සබ් එක කරන්නම් කියලත් ඉල්ලුවා.....
පට්ටම ෆිල්ම් එකක්.... සබ් එකත් එක්කම ආයෙ බලනවා.....