Watch Trailer

Snake Eyes (1998) with Sinhala Subtitles | සර්ප ඇස් [සිංහල උපසිරසි සමඟ]

රංජීව කේ. ලියනගේ සොහොයුරාගේ ලිපිය… මේක මම baiscopelk එකට කරන දෙවැනි උපසිරැසිය. අඩුපාඩු නැතුව, ටයිප් කරද්දි අකුරුවල කෑලි අඩුවෙන්නෙ නැතිවෙන්න, මේ උපසිරැසිය කරන්න මම පුළුවන් තරම් මහන්සි වුණා. ඒත් අඩු පාඩු තියෙනවනම් මොනව කරන්නද? නේද? කොහොමහරි බලන්න. මේ IMDB දර්ශකයේ 6.0 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. Paramo…

රංජීව කේ. ලියනගේ සොහොයුරාගේ ලිපිය…

මේක මම baiscopelk එකට කරන දෙවැනි උපසිරැසිය. අඩුපාඩු නැතුව, ටයිප් කරද්දි අකුරුවල කෑලි අඩුවෙන්නෙ නැතිවෙන්න, මේ උපසිරැසිය කරන්න මම පුළුවන් තරම් මහන්සි වුණා. ඒත් අඩු පාඩු තියෙනවනම් මොනව කරන්නද? නේද? කොහොමහරි බලන්න.

මේ IMDB දර්ශකයේ 6.0 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. Paramount Pictures Corporation ඉදිරිපත් කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Brian DePalma. මේකෙ ප්‍රධාන චරිතය වන “රික් සැන්ටොරෝ” විදිහට රඟපාන්නෙ කවුරුත් දන්න Nicolas Cage (දන්නවනෙ?, Adaptation, Leaving Las Vegas, Raising Arizona, Face Off, The Rock, Valley Girl, Ghost Rider චිත්‍රපටිවල හිට්යෙ? අන්න එයා තමයි) “රික් සැන්ටොරෝ” ගෙ හොඳම යාළුවා “කෙවින් ඩියුන්” විදිහට Gary Sinise රඟපානවා. තව Carla Gugino, John Heard, Stan Shaw වගේ නළු නිළියොත් රඟපානවා.

ඩොලර් මිලියන 73ක් වියදම් කරලා , 1997 අගෝස්තු 04 වෙනිදා ඉඳල නොවැම්බර් 02 වෙනිදා දක්වා මාස තුනක කාලයක් රූපගත කිරීම් කරපු මේ චිත්‍රපටිය, විනාඩි 98ක කාලයක් දිගහැරෙන්න මුළින්ම මහජන ප්‍රදර්ශනයට දැම්මෙ 1998 අගෝස්තු මාසෙ 07 වෙනිදා. Nicolas Cage ට මේ චිත්‍රපටිය නිසා 1999 Blockbuster Entertainment Awards වලදි ජනප්‍රියම නළුවා සම්මානයත් ලැබිල තියෙනවා.

චිත්‍රපටියෙ කතාවෙ විදිහට “රික්” කියන්නෙ ප්‍රාදේශීය පොලිස් නිළධාරියෙක්. මිනිහ බොක්සින් පිස්සෙක්. බොක්සින් තරඟ වලදි ඔට්ටු අල්ලන්නත් මිනිහ පුරුදු වෙලා ඉන්නෙ. එයාගෙ හොඳම යාළුව “කෙවින්” ආරක්ෂක අංශයක අණදෙන නිළධාරියෙක්. ඒ කියන්නෙ ලොකු තනතුරක් දරන කෙනෙක්. ආරක්ෂක ලේකම් සහභාගී වෙන බොක්සින් තරඟයක ආරක්ෂාවෙ වගකීම “කෙවින්”ට භාර දීල තියෙද්දි, වෙඩි තැබීමකින් ආරක්ෂක ලේකම් තුවාල වෙනවා. ඉතින් ඒකෙ වැරැද්ද තමන්ගෙ හොඳම යාළුවා වෙන “කෙවින්”ගෙ ගිණුමට බැර වෙන එක නවත්තන්න “රික්” මහන්සි වෙන හැටි තමයි මේකෙදි අපට බලන්න පුළුවන් වෙන්නෙ.

ඉතිරි ටික දැන ගන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන සිංහල උපසිරැසි එක්ක ඉවර වෙනකල්ම බලන්නකො. පොඩි අදහසකුත් දාලම යන්න. හා ද?

පෙර ලිපිය…

මම මේක බැලුවෙ මේ බ්ලොග් එකේම අපේ යාලුවෙක් දාපු කමෙන්ට් එකක් අනුව..කොහොම උනත් බැලුවට නම් පාඩුවක් උනේ නෑ මොකද ෆිල්ම් එක හොද නිසා..මේක ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් ෆයිට් එහෙම නම් නෑ බරපතල විදියට..මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් විදියට..එක්තරා බොක්සින් තරගයක් නැරඹීමට පැමිණි ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාට නාදුනන තුවක්කුකරුවෙක් වෙඩි තියනව..මේ සිද්දිය වටා තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ..මෙහි ප්‍රදාන චරිතය රගපාන නිකලස් කේජ් පොලිස් නිලධාරියෙක් ..සල්ලි වලට කෑදර උනත් හොද හිතක් තියන චරිතයක් (ඔහුගේන් වෙනස්ම විදියේ රංගනයක් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්..)..කොහොම නමුත් ඔහු මේ සිද්දිය පිටුපස හඹායද්දි ඔහුට ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැසක් මෙන්ම ඔහුව මවිත කරන තොරතුරු ගොඩක් අනාවරණය වෙනව..මීට වඩා මේ කතාව ගැන කියන්න අමාරුයි,මොකද කතාවෙ අගය අඩු වෙන්න පුලුවන් ඒකෙන්..කොහොම උනත් බාගෙන බලන්න..පරණ වුනත් හොද කතාවක්…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

1,974 downloadsDownload Snake-Eyes-1998.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,974 downloadsDownload Subtitles64 KB

18 comments

  1. ශාකුන්තල

    Can you please write a post on "For Whom the Bell Tolls (1943) also?

    Thanks.

  2. මනෝජ් ධර්මවර්ධන

    මචෝ බරාන් මරැ චිත්‍රපටයක්‍. ලින්ක් එක දෙනව නම් හොදයි‍‍‍...

  3. gessy

    මං මේක කලින් බැලුව ..අනිවා හැමෝම බාන්න ...maxxxa බයිස්කෝප් එකක්

  4. uda

    කේජ් අයියගේනම් හොද ඇති කොහොමත් බලලනම් නෑ.
    බලන්න ඕනි!

  5. Uraj Deemantha

    නිකලස් කේජ් ඉන්න එකක් මගේ ලිස්ට් එකෙන් මිසින් වෙලා කියහන්කෝ ඉතින්...... :(

  6. Nisal Raigamage

    wow good movie

  7. chinthaka

    Maxa Bro...Thank U

  8. දමිත්

    සුපිරි නලුවෙකුගේ සුපිරි චිත්‍රපටයක්.
    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  9. Malinda

    Pattama film ekak. Thanks.

  10. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  11. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා!

  12. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  14. Priyantha Dayakeerthi

    නැරඹීම සඳහා මම මෙහි සබ් එක සහ වීඩියෝව ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබට! හැකිනම් IMDb අගය කිරීම් 8.2 ක් ලබා සිටින 1995 වර්ෂයේ තිරගත වූ Casino සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන ලෙස යෝජනා කරන්නෙමි. එසේම ඉදිරියේදී IMDb 250 තුළ තිබෙන ඒවාට උපසිරසි ලබාදෙන්නේ නම් ඉතා අගය කොට සලකමි. ඔබට ජය!!!

  15. Dulanga

    Thanks

  16. අසිත

    elama saho thanks

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.