L2: Empuraan (2025) Sinhala Subtitles ආයුබෝවන්.OTT නිකුත් වෙන කල් බොහෝ දෙනෙක් බලා ගෙන හිටිය මලයාලි සිනමාවෙ ඉහළම ආදායම් වාර්ථා තියපු පෑන් ඉන්දියන් සිනමා පටය ඔන්න අද නිකුත් උනා. බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම පරිදි එහි සිංහල උපසිරැසියක් කලින්ම HD Rip කොපියකට නිකුත් කරන්නට සිදු උනා. ඔන්න එහෙනම් අද කොලිටියටම බලන…

L2: Empuraan (2025) Sinhala Subtitles

ආයුබෝවන්.OTT නිකුත් වෙන කල් බොහෝ දෙනෙක් බලා ගෙන හිටිය  මලයාලි සිනමාවෙ ඉහළම ආදායම් වාර්ථා තියපු පෑන් ඉන්දියන් සිනමා පටය ඔන්න අද නිකුත් උනා. බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම පරිදි එහි සිංහල උපසිරැසියක් කලින්ම HD Rip කොපියකට නිකුත් කරන්නට සිදු උනා. ඔන්න එහෙනම් අද කොලිටියටම බලන්න  OTT නිකුත් වෙන කල් ඉවසීමෙන් බලාගෙන සිටිය ඔබට උදේම යාවත්කාලීන කරන ලද නව උප සිරැසිය ගෙන එනවා. මේ චිත්‍රපටය මාසයක පමණ කාලයක් තිර ගත වී ප්‍රභල චිත්‍රපට කිහිපයක් සමග සටන් කර කෝටි 263ක ආදායමක් උපයලා හිතපු නැති තරම් ඉක්මණට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සැබැවින්ම මෙය  වැඩි ආදායමක් උපයා ගත්තේ කේරළයෙන් පිට සහ ජාත්‍යන්තරව කිව්වොත් නිවැරදියි. කොහොම උනත් මංජුමෙල් බෝයිස් ගිය වසරෙ තබා තිබූ ආදායම් වාර්තාව මේකෙන් බිඳ වැටෙනවා.  .  

ලුසිෆර් 2019 චිත්‍රපටය ඔබට මතක ඇති. ප්‍රීතිවිරාජ් අධ්‍යක්ශනය කල මොහාන් ලාල් ප්‍රධාන චරිතය රඟන ලුසිෆර් කෝටි 127ක ආදායමක් ලබපු මලයාලි සිනමාවෙ සංධිස්ථානයක් සනිටුහන් කල චිත්‍රපටයක්. කේරළයේ දේශපාලන සංස්කෘතිය ගැන කතා කල මේ චිත්‍රපටය මේ දක්වා බැලුවෙ නැත්නම් වහාම ඒක බලල ඉන්න. මේ එන්නෙ ඒකෙ දෙවෙනි කොටස නිසා.

කෙටියෙන්ම කතාව කිව්වොත් පී කේ රාමදාස් කියන කේරළ මහ ඇමති වරයා මිය යාමත් සමග බලය අරබයා කේරළයෙ යම් යම් ගැටුම් ඇති වෙනවා. මහ ඇමති කම සඳහා කිහිප දෙනෙක්ගේම නම් කියවෙනවා. කෙසේ වෙතත් ඊට වසර කිහිපයකට පෙර පාත් උනු අභිරහස් චරිතයක් ස්ටීවන් නෙඩුම්පල්ලි තමයි PKRගෙ හොඳම විශ්වාස වන්ත ගෝලයා. ඔහුගෙ මැදිහත් වීමෙන් අවසානයේ රාම්දාස්ගෙ තරුණ පුත්‍රයා ජතින් රම්දාස් නව මහ ඇමති වරයා බවට පත් වෙනවා. ස්ටීවන් නෙඩුම්පල්ලි ඒ සමගම කරලියෙන් අතුරුදහන් වෙනවා. දෙවෙනි කොටස ආරම්භ වන්නෙ එතැන් සිට.ආගම තමන්ගේ දේශපාලන පවැත්ම සඳහා යොදා ගන්නා ආකාරය ගැන මෙහි කතා වෙනවා. ඉතින් මේක නිකුත් වෙන්නෙ මීට දින තුනකට කලින් කාශ්මීරයේ පෙහෙල්ගාම් වල ඇති උන ආගම්වාදී ප්‍රහාරයත් සමග ආගමික අසමගිය දළුලා වැඩෙන මොහොතකයි.

කොහොම උනත් මේ චිත්‍රපටය ජනප්‍රිය වෙමින් පවතින කොට ඒකට එල්ල උන විරෝධයත් අප්‍රමාණයි.  ආගමික ගැටුම් ගැන කතා කිරීම සහ හිංදු මුස්ලිම් අරගලයේ සිදූ වූ යම් සත්‍ය සිද්ධීන්  සහ ඒවාට දායක වූ නායකයෙක්ගේ චරිතය ට විශාල ලෙස සමීපව චිත්‍රපටය ගොඩ නැගීම එකී ආගම්වාදීන්ගේ උදහසට හේතු උනා. ඒ නිසාම චිත්‍රපටයේ යම් යම් කොටස් නැවත සංස්කරණය කිරීමටත් සිදු උනා. ඔබ කලින් බලන විට එහි සිටි ආගමික නායකයා බජ්ර්ංගි බාබාගේ නම බල්දේව් ලෙස වෙනස් වී තිබෙනවා. යම් යම් ගැටුම් දර්ශනත් සංස්කරණය වී තිබෙනවා. කෙසේ වෙතත් මේ විරෝධයන්ට චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ගමන බිඳ දමන්න හැකි උනේ නෑ.

තාක්ෂණික වශයෙන් ඉතාම ඉහල ඝණයේ නිර්මාණයක් මලයාලි සිනමාවෙ  දැක්කමයි කියන්න පුළුවන්. සුන්දර කේරළයේ මෙන්ම, අප්‍රිකාව, ඉරාකය, බ්‍රිතන්‍යයේ මෙන්ම ප්‍රංශයටද මේ චිත්‍රපටයේ කතාව දිව යන නිසා රූ ගත කිරීම් ඉතා සංකීර්ණ උනත් ඉතා ප්‍රශස්ථ ලෙස සිදු කර තිබෙනවා. රූගත කිරීම් ශිම්ලාහි සිට චෙන්නායි දක්වා විවිධ ස්ථානයන්හි මෙන්ම බ්‍රිතාන්‍යය ඇමරිකාව වැනි විදෙස් රටවලද සිදු කර තිබෙනවා. ලුසිෆර් එක නිපදවූ ඇන්තනි පෙරුම්බවූර්ගේ ආශීර්වාද් සිනමා සමග නිශ්පාදනයට අත් වැල් බැඳ ගන්න ගෝකුලම් සහ අපේ ලයිකා ප්‍රඩක්ෂන්ද එක් වෙලා තිබෙනවා.ඉතිං මේ චිත්‍රපටයෙ බජට් එක කෝටි 180යි. . ඉතිං ප්‍රීතිවිරාජ් කියන්නෙ හොඳ නළුවෙක් පමණක් නොව දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් බවට හොඳින්ම ඔප්පු වෙනවා මේ චිත්‍රපටයෙන්. මෝහන් ලාල් ස්ටීවන් නෙඩුම්පල්ලි ලෙස මෙහිත් ප්‍රධාන චරිතය රඟපාද්දී සෙසු චරිත අතර ප්‍රීතිවිරාජ් සහ ඉන්ද්‍රජිත් සුකුමාරන්, මංජු වාරියර්, ටොවිනෝ තෝමස්, සුරාජ් වෙන්ජාරමුඩු, අභිමන්යු සිං සහ ජෙරම් ෆ්ලින් ඇතුළු විදේශීය නළු නිළියන් රැසක් රඟපානවා.

එහෙනම් තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

L2: Empuraan (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Pre-HD/ Proper HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,223 downloadsDownload L2-Empuraan-2025-1.zip99 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

L2: Empuraan (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

10,223 downloadsDownload Subtitles99 KB

8 comments

  1. Buddhika laKMal

    බොහොම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට...
    එච් ඩී කොපියක් ආපුහම අප්ඩේට් එකක් ඕනේ සහෝ....

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. රංගික සිනෙත් කාරියවසම්

    ස්තුතියි බන්දුල සහෝ.ජය වේවා

  4. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Bandara

    Thanks a Lot

  8. Sahan Gayantha

    thanks a lot sub ekata