Chhorii 2 (2025) Sinhala Subtitles මිත්‍රවරුනි මං මේ වතාවේ සිංහල උපසිරැසි ගැන්වුයේ තවත් හින්දි සිනමා නිර්මාණයකට. ඒ තමයි Chhorii 2. මේක 2025 දී නිකුත් කරුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක්. විශාල් ෆුරියා විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය භූෂන් කුමාර්, ක්‍රිෂන් කුමාර්, වික්‍රම් මල්හෝත්‍රා සහ ජැක් ඩ…

Chhorii 2 (2025) Sinhala Subtitles මිත්‍රවරුනි මං මේ වතාවේ සිංහල උපසිරැසි ගැන්වුයේ තවත් හින්දි සිනමා නිර්මාණයකට. ඒ තමයි Chhorii 2. මේක 2025 දී නිකුත් කරුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක්.  විශාල් ෆුරියා විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය භූෂන් කුමාර්, ක්‍රිෂන් කුමාර්, වික්‍රම් මල්හෝත්‍රා සහ ජැක් ඩේවිස් විසින් නිෂ්පාදනය කළා. චෝරි (2021) සිනමාපටයේ අනුබන්ධයක් ලෙසින් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නුෂ්‍රත් භාරුච්ච රංගනයෙන් දායක වන අතර සෝහා අලි ඛාන්, ගෂ්මීර් මහාජානි සහ සෞරබ් ගෝයල් සමඟින් රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය 2025 අප්‍රේල් 11 වන දින ඇමසන් ප්‍රයිම් වීඩියෝ නාළිකාවේ විකාශය කෙරුණා. ප්‍රධාන ඡායාරූපකරණය 2022 නොවැම්බර් 30 වන දින ආරම්භ වුණා. චිත්‍රපටය රූගත කිරීම 2023 පෙබරවාරි 8 වන දින අවසන් කෙරුණා. මිනිත්තු 133ක ධාවන කාලයක් පුරා දිවෙන මේ සිනමාපටය ලබාගත් IMDb අගය 4.6/10ක්. නිකුත් වීමෙන් පසුව මෙය මිශ්‍ර ප්‍රතිචාර වලට ලක් වුණා.

චිත්‍රපටයේ කතාවේ මොකක්ද සිදුවෙන්නේ? රාජ්බීර්ගේ ගමේ සිදු වුණු ඒ බිහිසුණු සිදුවීමෙන් වසර හතක් ගතක් වී තිබුණත්, කවදා හෝ කෙනෙක් ඇවිත් තමන්ගේ දියණිය ඉෂානිට හානියක් කරයි කියා සාක්ෂි තවමත් ඉන්නේ බයෙන්. ඒකකෙතරම් කම්පන සහගත සිදුවීමක්දැයි කිවහොත්, සාක්ෂි හෝ ඔහු සමඟ ජීවත් වීමට පටන් ගත් රාණි දෙදෙනාටම සහනයක් දැනුනේ නැහැ. චිත්‍රපටයේ පළමු කොටසේදී සාක්ෂි සහ රාණි ගමෙන් පැන ගියාට පස්සේ, ඔවුන් කරන්නේ සිදුවුණු දේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කිරීමයි. කාන්තාවන් හමුවූ පොලිස් පරීක්ෂක සමර්, ඔවුන් පවසන දේ සත්‍යද නැද්ද යන්න පරීක්ෂා කිරීමට ඔවුන් සමඟ ගමට එනවා. රාජ්බීර්ගේ සිරුර එතැනින් හමුවෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ දෙමව්පියන් පවා එම තැනින් අතුරුදන් වෙලා. කාරණයේ බරපතලකම සමර්ට වැටහුණු නිසා, ඔහු ගැබිනි රාණි සහ සාක්ෂිට ඔහුගේ නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා. කාලයත් සමඟ ඔහු සාක්ෂි සමඟ ඉතා ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ගොඩනඟා ගන්නවා. සාක්ෂිගේ දියණිය වන ඉෂානි පාසලට ඇතුළත් කරගන්න අවශ්‍ය වුණාම, ඇගේ පියා ලෙස ඔහුගේ නම ඇතුළත් කරන ලෙස පාසල් බලධාරීන්ගෙන් සමර් ඉල්ලනවා. ඉෂානිට යම් ආකාරයක අසාත්මිකතාවක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ සම සෘජු හිරු එළිය සමඟ ස්පර්ශ වූ වහාම එය පිළිස්සීමට පටන් ගන්නවා. මේ නිසා ඇයට පාසල් යන්න බැරි වෙනවා, අනිත් ළමයි වගේ එළියට ගිහින් සෙල්ලම් කරන්නත් බැරි වෙනවා, නමුත් ඒකෙන් ඇය අධෛර්යමත් වුණේ නැහැ. රාජ්බීර්ගේ සිරුර කිසිදා සොයා නොගත් නිසා, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව සාක්ෂිට සැමවිටම සැකයෙන් ඉන්නේ.එක දවසක් සාක්ෂිගේ දරුණුතම භීතිය යථාර්තයක් කරමින්, පිරිමින් පිරිසක් ඇය නැති මොහොතක ඔවුන්ගේ නිවෙසට ඇවිත් රාණි සහ ඉෂානිව පැහැර ගන්නවා. වහාම ක්‍රියාත්මක වෙන සමර් පොලිසිය සමඟින් ඉශානිව සොයා යනවා. මේ වෙලාවේ සමර්ගේ උදව්වෙන් ඉශානිව සොයාගන්නට සාක්ෂිට හැකි වෙයිද? ඉශානිට සිදුවන්නේ කුමක්ද? ඉශානි පසුපස හඹා එන අද්භූත බලවේගය කුමක්ද? මේ හැම දෙයක් ගැනම අපි මේ චිත්‍රපටයෙන් බලමු.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!  

Chhorii 2 (2025)  Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,055 downloadsDownload Chhorii-2-2025.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Superboys of Malegaon (2025) Sinhala Subtitles

Subtitles

1,055 downloadsDownload Subtitles34 KB

3 comments

  1. Visal Ashintha

    Thak you for the sub

  2. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ද කේසර සහෝ මේ ෆිලුමට සිංහල සබ් දුන්නට

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.