අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම…
අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම දන්න බයිස්කෝප් සිහලෙන් අඩවියෙ ආරම්භකයා ඉසිර ගුණතිලක සහෝදරයා එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට පොතේ ගුරා සහෝදරයා තමන් බලපු විදෙස් චිත්‍රපටයක් පිළිබඳව විස්තරයක් මුලින්ම පළ කරනවා. ඔය විදිහට පටන් ගත්ත මේ සරල බ්ලොග් අඩවිය සිංහල උපසිරැසි දෙන බ්ලොග් අඩවියක් බවට පත්වෙන්නෙ. මේ විදිහට මුලින්ම අන්තර් ජාලයට එක් කෙරුණ මුල්ම නිදහස් සිංහල උපසිරැසියෙ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා 2009 වර්ෂයේ 06 වෙනි මාසේ 26 වෙනිදා. ඒ Wild Hog සිනමා පටයට කල උපසිරැසියත් එක්කලා.
මේ විදිහටකෙමෙන් කෙමෙන් මේ සරල බ්ලොග් අඩවිය වෙබ් පිලක් බවට පත්වෙනවා. විවිධ බාධක මැදින් ඉතා සාර්ථක විදිහට ඉදිරියට ගමන් කරනවා. සිංහල උපසිරැසි ලබා දෙන කෙතරම් වෙබ් අඩවි බිහි වුනත් බයිස්කෝප් සිංහලෙන් කියන නමත් එක්ක ඔවුනට හැරෙන්නවත් බැරි අන්දමට අද මේ බයිස්කෝප් සිංහලෙන් මේ සොදුරු අඩවිය වසර 9 ක් පිරින මොහොත වන විට ශක්තිමත් වී හමාරයි.
බයිස්කෝප් සිංහලෙන් අඩවියට 9 වසරක් එලඹෙන මොහොත වන විට බයිස්කෝප් අඩවිය විසින් සිංහල උපසිරැසි 11,000 ට අධික ප්‍රමාණයක් ඔබට දායද කරලා තියෙනවා වගේම උපසිරැසිකරුවන් 800 අධික ප්‍රමාණයකිනුත් අපේ මේ සොදුරු අධවිය ශක්තිමත් වෙනවා. ඔයාලා හැමෝම මේ කාරණා ගැන දැන් හොදට දැනුවත් ඇති. ඒ වුනත් ඉතිං නොදන්න කෙනෙක්ට දැනගන්න ඔන්න කිව්වා.
අද වනවිට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට තවත් සහෝදර වෙබ් අඩවියට තුනක්ක් එකතුවී තිබෙනවා. ඒ තමයි,
*බයිස්කෝප් මංසල
*බයිස්කෝප් ෂොප්
*බයිස්කෝප් ඩවුන්ලෝඩ්
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට වසර 9 ක් සපිරෙන මේ මොහොතෙ අපේ උපසිරැසිකරුවන් ලෑස්තිවෙලා ඉන්නවා IMDb ( Internet Movie Database) Top 250 අතරෙ අපි උපසිරැසි ලබා නොදීපු චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙන්න. ඉතින් මේ අතරින් මට බාරවුනේ 1995 වසරෙ තිරගතවුන La Haine (වෛරය) කියන ප්‍රංශ චිත්‍රපටය සදහා උපසිරැසි නිර්මාණය කරන්න. වැඩේ හැබැයි හිතපු තරම් පහසු වුනේ නෑ මොකද වෙනම භාෂාවක්, ඒ වගේම අන්තර්ජාලයෙ තිබුන ඉංග්‍රීසි උපසිරැසිත් බොහො අඩුපාඩු සහිත නිසා. කොහොමින් කොහොම හරි දුන්න වැඩේ ඉවර කරලා ඔයාලට බලන්න අරගෙන ආවා.
මේ චිත්‍රපටය IMDb දර්ශකයෙ 230 වෙනි ස්ථානයෙ තියෙන සිනමා පටයක්. ඒ වගේම සිනමා උළෙලවල් 9 දි සම්මාන 13 ට නිර්දේශ වෙමින් එයින් සම්මාන 8 ක් දිනා ගැනීමට සමත් වෙච්ච සිනමා පටයක්. මම පහලින් ඒ සිනමා උළෙලවල් ටික සදනහ් කරන්නම්,
1)Camerimage 1995
2)Cannes Film Festival 1995
3)Chicago Film Critics Association Awards 1997
4)César Awards, France 1996
5)European Film Awards 1995
6)Film Critics Circle of Australia Awards 1997
7)Lumiere Awards, France 1996
8)Online Film & Television Association 1997
9)Thessaloniki Film Festival 1995
ඔන්න ඔය සිනමා උළෙලවලදි විවිධ කාණ්ඩ යටතේ මේ චිත්‍රපටය සම්මානයට භාජනය වෙලා තියෙනවා. ලැබුන සම්මාන කියන්න ගියොත් මේක තනිකරම හෑල්ලක් වෙන නිසා ඒ ගැන නොකියා ඉන්නම්.
අපි දැන් බලමු මේ සිනමා පටයෙ කතාව කොයි වගේද කියලා. කතාව ගෙතෙන්නෙ පොලිසිය සහා තරුණයින් අතරෙ. එක්තරා රැයක වෙන කෝලාහලයක් අතරෙ අබ්දෙල් කියන තරුණයා පොලිසියෙන් ගුටි කාලා අමාරු තත්වයෙ ඉස්පිරිතාලෙ ඉන්නවා. මේ ගැන මෙයාගෙ යාලුවෙක් වෙන වින්ස්ට ගොඩක් තරහයි පොලිසියෙ අය එක්ක. වින්ස්ට ඔය කලබගෑනි අස්සෙ පොලිසියෙ කෙනෙක්ගෙ නැතිවුන තුවක්කුවක් ලැබෙනවා. වින්ස්ගෙ අනික් මිත්‍රයො දෙන්න තමයි හර්බට් සහා සයීඩ් කියන්නෙ. මේ අය වින්ස්ගෙ හැසිරීම පිළිබඳව වැඩි කැමැත්තක් නැ. කොහොම වුනත් වින්ස් කියන්නෙ අබ්දෙල් මැරුනොත් මම පොලිසියෙ එකෙක් බාවනවා කියලා. ඉතිං වැඩි විස්තර අවශ්‍ය නෑ, පරණ සිනමා පටවලට කැමැත්තක් දක්වන අය අරන් බලන්න. එහෙනම් මම අමු ගන්නවා. දිගටම බයිස්කෝප් සිංහලෙන් සමග රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන්.
සදා ජය බයිස්කෝප් සිංහලෙන්!
~ කොපි කල හැක සම කල නොහැක.~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාල වේ.
2,078 downloadsDownload La.Haine_.1995.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
17 comments
Kulanjana Maduranga
GeethD
niayamai…thanks saho
ane saho arrow 1ta sub denna beridaNavodani Thilini Sasanika
Thank You sub ekta!!
pubudu prasanna
මොකෝ මේ එක දිගටම පරණ english film දෙන්නේ?
Saranga2001
Thanks saho
AsithaDilruwan
IMDb 250 පෙරහරක් වගේ..
ගොඩාක් පින් ලහිරු ප්‍රසාද් සහෝ
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
බයිස්කෝප් සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
ජයෙන් ජය.jstar
super brother thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Priyantha Dayakeerthi
IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
sureshlankadewa
මචං ස්තූතියි ✌️
Anonymous
ස්තුතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…