පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ ව…

පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ වෙන්න වෙන්න සැර වැඩි වෙන සුපිරි භාණ්ඩයක්… හාහා ගියපු මුවන්ට නෙලපු පලා දාලා වැඩක් නෑනේ. මේ පිටුවට ආපු සෙට් එකව සාදරයෙන් පිළිගන්නවා, බොහොමත්ම ස්තූතියි අඩුගානේ මේ පෝස්ට් එක කියවන්න හරි ආව එකට.
මේ ගතවෙන්නේ 2018 වසර උනත්, මේ ලියන මොහොතේ ලෝකේ හොඳම චිත්‍රපටි අතරින් 223 ස්ථානය ආක්‍රමණය කරලා තියෙන හොරර්, ක්‍රයිම් කැටගරියට දාන්න පුළුවන් ප්‍රංශ චිත්‍රපටියක් ගැන තමයි මම මෙච්චර වෙලා උඩ දදා කියෙව්වේ. පරණයි කිව්වට පොඩ්ඩක්වත් පුස් කාලා නෑ. මං කියනවට විශ්වාස කරන්න, අදටත් ඔයාව සලිත කරලා ගන්න මේ චිත්‍රපටියට ලොකු හැකියාවක් තියෙනවා. පුළුවන් නම් හතර වටේම ලයිට් ඕෆ් කරගෙන බලන්න. කළු සුදු තිරයටම ආවේනික ඒ පාළු, ගුප්ත භාවයෙන් මේ Les Diaboliques චිත්‍රපටිය ඔයාව කොහේ අතරමං කරයිද දන්නේ නෑ. අන්න ඒ ගැන නම් වගකියන්නේ නෑ. හොරර්, ත්‍රිලර් කාපු සමහර උදවියට පවා මේක දිරවගන්න ටිකක් අසීරු උනා. ඉතින් නිකමට හිතද්දීත් හිතෙනවා මීට අවුරුදු 63කට කලින් ප්‍රේක්ෂකයෝ මේක කොහොම භාරගත්තද දන්නේ නෑ කියලා. මොකද, ඒ කාලේ හැටියට නම් මේක මාස්ටර්පීස් එකක්.
නයයි මුගටියයි හවුලේ හිටිය කතන්දර අහල තියෙනවද? නෑනේ.. ඒ වගේම තමයි කසාද ගෑනියි හොර ගෑනියි කියන චරිත දෙක. රේල්පාරක් වගේ. සමාන්තරව ගියාට කවදාවත් එකතු වෙන්නේ නෑ. නයි වෛරයි. සමහරවිට ඊටත් වැඩියි. මම ඒ චරිත දෙක ඇදලා ගත්තේ විශේෂ හේතුවක් උඩ. අපේ අද කතාවෙදි මෙන්න මේ චරිත දෙක අපිට හම්බ වෙනවා. හැබැයි අර කිව්වා වගේ නයි මුගටි වෛරක්කාරයෝ විදිහට නම් නෙමේ. ක්‍රිස්ටිනා ඩෙලාසල් කියන්නේ මිෂෙල් ඩෙලාසල් කියන කෙනාගේ කසාද බිරිඳ. ලොකු සල්ලිකාරියෙක්. එයා හින්දා තමා එයාගේ මහත්තයත් කෙලින් කටින් ඉන්නේ. ක්‍රිස්ටිනා සහ මිෂෙල් ඉස්කෝලයක් බලා කියාගෙන තමා ජීවත් වෙන්නේ. මේ ඉස්කෝලේ උගන්වන තව ගුරුවරියක් තමා නිකොල් කියන්නේ.මේ නිකොල්, මිෂෙල් එක්ක අනියම් සම්බන්ධයක් තියන් හිටියා. හැබැයි කාලෙත් එක්ක මේ සම්බන්ධෙ කැඩිලා ගියේ මිෂෙල්ගේ ජරා හැසිරීම හින්දයි. නිකොල්ගේ අනියම් සම්බන්ධෙ විතරක් නෙමේ ක්‍රිස්ටිනාගේ කසාද ජීවිතෙත් මිෂෙල් හින්දා තිත්ත වෙලා තිබුණේ. ගෑනු දෙන්නා ඒ මිනිහගෙන් නොවිඳිනා දුකක් නැති තරම්. දෙන්නම එකම බෝට්ටුවේ හින්දද දන්නේ නෑ සාමාන්‍යයෙන් කසාද බිරිඳ, අනියම් බිරිඳ අතර තියෙන වෛරය මේ දෙන්නා අතර තිබ්බේ නෑ. එකිනෙකා ගැන දුකක්, අනුකම්පාවක් තිබ්බේ. කාලය ඔහොම ගෙවිලා යද්දී එක දිග සති අන්තයක් උදා වෙනවා. දිග ඉස්කෝල නිවාඩුවක්. මේ වෙද්දී මිෂෙල්ගෙන් සදහටම නිදහස් වෙන්න සහ ක්‍රිස්ටිනාවත් මේ අපායෙන් ගොඩ ගන්න නිකොල්ගේ හිතේ යම් කුරිරු සැලැස්මක් හිතේ දළු දාලා තිබ්බේ. නිකොල් ගොඩක් පෙරැත්ත කරලා ක්‍රිස්ටිනාව මේ වැඩේට කැමති කරගන්නවා. නිවාඩු දවසේ උදේ පාන්දරම කාටත් නොකියා වාහනේ අරන් ගෑනු දෙන්නා ඈත තියෙන පිටිසර වෙරළබඩ ගම්මානෙකට යන්න පිටත් වෙනවා. මේ කිසිම දෙයක් දන්නේ නැති මිෂෙල් කාමරේ ඇතුලේ හොඳටම නිදියගෙන හිටියේ..
අද දවස, බයිස්කෝප් පවුලේ අපිට විශේෂම දවසක්. සිංහල උපසිරසිකරණයේ මහගෙදර දොරට වැඩලා අදට අවුරුදු 9ක් වෙනවා. චිත්‍රපට තොරතුරු බෙදාහදාගන්න කියලා ඉසිර අයියා හදපු පුංචි සයිට් එකේ ඉඳලා සිංහල උපසිරසිකරණය කියන හෝඩියේ පලවෙනි අකුර, රොයිලි අයියගේ පලවෙනි උපසිරසියෙන් සවිබල ගැන්විලා මේ වෙද්දී කාටවත් හිතන්නවත් බැරි තරම් දුරක් ඇවිදින් කාටවත් පෙරලන්න බැරි දැවැන්තයෙක් බවට අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එක පත් වෙලා තියෙනවා. දවසින් දවස එකතු වෙන සම්පත් දායක පිරිස එක්ක අපේ පවුල තවත් ශක්තිමත් වෙනවා. මේ අපේ පවුල, බැඳීම හරිම ප්‍රබලයි. ඒ පවුලේ පුංචි සාමාජිකයෙක් විදිහට අවංකවම පොඩි නෙමේ ලොකු ආඩම්බරයක් දැනෙනවා. වැඩිය යමක් කියන්න අවශ්‍ය නැහැ, හැමෝම මොනවමහරි කියල ඇති. එහෙනම් හැමදේටම කට්ට කාලා ඒ හැම වැඩක්ම ලස්සනට ගොඩ දාන අපේ ඇඩ්මින් සෙට් එක ඇතුළු අපේ පවුලේ හැමෝටම සුබ සංවත්සරයක් පතනවා. දිගටම අපිත් එක්ක රැදිලා අපිට වාරුවක් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,752 downloadsDownload Diabolique-1955.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
20 comments
Charith R
nirosha
suba patum
Bandaramudiyansi
ඔයා ගේන එකක් කොහොමද නොගෙන ඉන්නෙ . අනික මෙ ලිපිය කියෙව්වම නොගෙන ඉන්නත් බෑනේ.. පර උනත් හොද ෆිල්ම් ටිකක් කට්ටිය අද නම් දුන්නෙ එ ගැන කියන්න වචන නැ.
බොහොම ස්තුතියි මල්ලි. මන් අහල තියෙනව හින්දි චිත්‍රපට බෙස්ම කියල ඔයාගෙ..
මෙක මම අනිවාර්යයෙන්ම බලනව අදම අරම් ස්තුතියි ... !!!!! ජයවේවා ...........Wicki
මේවා කවදද එන්නේ කියල බල බලා හිටියේ. විශිෂ්ඨ තීරණයක්. ඔබ සැමට තුති !
AsithaDilruwan
IMDb 250 පෙරහරක් වගේ..
ගොඩාක් පින් මයුර සුරාජ් සහෝ
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
ජයෙන් ජය.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!siyath dasanayaka
Thank you very much!!! good luck!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Perera
මචං වෙන රටක මේ වගේ කලු සුදු ෆිල්ම් එකක් බලන්නෙ මගෙ ජිවිතේ පලවෙනි වතාවට.ඒ ඇයි දන්නවද?උඹ මේකට සිංහල උපසිරස දීල තියෙන නිසා.old is gold කියනවනෙ.මේ වගේ එහෙකට උපසිරස කරන්න හිතපු එකත් ලොකු දෙයක්.කොහොම වෙතත් උබේ මහන්සිය ගොඩක් අගේ කරනව.බොහොම ස්තූතියි.උබට ජය සහොදරයා..!!!
Priyantha Dayakeerthi
IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
Mahesh ruwan
බොහොම ස්තුතිය
ruwankgm
machan bohoma isthuthi sub ekata mama holman katha balanna kemathi nisa film eka download kale eth mekata baya hitennenam na eka ithin sapekshai ne, eth kasada ganyi aniyam ganyi relpiili dekak kiyana ekanam meken hodatama oppu una un gahala thiyena gema ekka anthimata okkoma mattu. attatama baya hitena film ekak kiyannam death silence balanna.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Waruna Kamalawansha
පැරණි කතා සුපිරි.. බොහෝම ස්තූතියි උපසිරැසියට....
sathyajith
Thanks for the sub
Diluka
Tnq sub ekt
c
Jaya wewa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thank you baiscope team!!