Watch Trailer

Laal Rang (2016) with Sinhala subtitles | මේ රතු පැහැය මා විනාශ කලා. [සිංහල උපසිරැසි සමඟ]

අද වනවිට මුදල් අපට නැතිවම බැරි දෙයක් වී හමාරයි. අප ජීවිත කාලය පුරාම සල්ලි නැත්නම් මුදල් පසු පස හබා යමින් සිටිනවා. එබැවින් සමහරුන්ට ජීවත් වෙනවා කියන එක පවා අමතක වෙනවා. ඒ වගේම මුදල් නිසාවෙන් ඇතැමුන් ජීවිතේ විදිනවා නොව විදවන තත්වයටද පත්වෙනවා. බල්ලො මරලා හරි මුදල් හොයන්න පෙළබිලා ඉන්න මේ සමාජයේ ඔබ ජීවිත…

Laal Rang (2016)

අද වනවිට මුදල් අපට නැතිවම බැරි දෙයක් වී හමාරයි. අප ජීවිත කාලය පුරාම සල්ලි නැත්නම් මුදල් පසු පස හබා යමින් සිටිනවා. එබැවින් සමහරුන්ට ජීවත් වෙනවා කියන එක පවා අමතක වෙනවා. ඒ වගේම මුදල් නිසාවෙන් ඇතැමුන් ජීවිතේ විදිනවා නොව විදවන තත්වයටද පත්වෙනවා. බල්ලො මරලා හරි මුදල් හොයන්න පෙළබිලා ඉන්න මේ සමාජයේ ඔබ ජීවිතේ විදිමින් ජීවත් වීමට උත්සහා කරන්නේනම් එය ඔබටද ඔබේ වට පිටාවේ ඉන්න අනෙක් උදවියටද මහත් සතුටක් ගෙනත් දේවි.

රාජේෂ් සාමාන්‍ය පියන් කෙනෙකුගෙ පුතෙක්. ඔහු ඩිප්ලෝමා එකක් සදහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයෙක්. මෙම පාඨමාලාවට තමන් ඇතුල් කරගෙනද යන්න දැන ගැනීමට ගිය පසු එතැනදි මුණ ගැහෙන මිතුරන් තමයි ශන්කර් සහා පූනම් කියන්නෙ. පූනම් සාමාන්‍ය සරල ගැහැණු ළමයෙක්. නමුත් ශන්කර් කියන්නෙ ටිකක් වෙනස්ම ජාතියෙ කෙනෙක්. කොහෙමහරි කාලයක් යද්දි මේ අය හොද මිතුරන් බවට පත්වෙනවා. පූනම් සහා රාජේෂ් අතරෙ ආදර සම්බන්ධයක් කෙමෙන් කෙමෙන් හට ගන්නවා. ශන්කර්ටත් ඒ වනවිටත් පංජාබ් තරුණියක් සමග ආදර සම්බන්ධයක් පැවතුනා. නමුත් එය ඒ තරම්ම සාර්ථක එකක් නොවේ. මන්දයත් ශන්කර් කියන්නෙ වෙනස්ම පුදගලයෙක් නිසාවෙනි.

ශන්කර් කියන්නෙ නීති විරෝධී ලේ ජාවාරම් කරුවෙක්. මෙයාලා කුලී වැඩ කරන මිනිසුන්ට පොඩි ගාණක් දීලා ඔවුන්ගෙන් ලේ අරගන්නවා. මේ ක්‍රියාවලිය හොර රහසේම හොදට කෙරීගෙන යන අතරෙ තමා රාජේෂ්ව ඔය විදිහට ශන්කර්ට මුණ ගැහෙන්නෙ. රාජේෂ්ට මුලින් නම් මේ පිළිබදව කිසිදු අතදැකීමක් නොතිබුණු නමුත් පූනම්ව විවාහ කර ගැනීමට මුදල් උපයාගැනීම සදහා ශන්කර් මාර්ගයෙන් මේ ජාවාරම හොදින් දැනගන්නවා. මොකද රාජේෂ්ට බයයි පූනම් එයාට නැතිවෙයි කියලා. ඒත් ශන්කර් රාජේෂ්ට හැමවෙලේම කියන්නෙ “ආදරය කරපං… වැඩිහිටියෙක් වගේ” කියලයි. තවත් එයා කියනවා “ළිදක් කපන්න ඕනෙ එක වතාවයි, එතකොට වතුර ඒකෙ සදහටම හිරවෙනවා” . හැබැයි ශන්කර් ඔය මොනා කිව්වත් එයාගෙ ආදරේ නම් සාර්ථක එකක් වෙන්නෙ නැ.

කොහොමහරි මෙයාලා මේ ලේ ජාවාරම දිගටම කරගෙන යන අතරෙ එක ලේ දායකයෙක් හදිස්සියෙ මිය යනවා. ඔතනදි තමා පොලිසියෙන් මේ ජාවාරම පස්සෙ සෑහෙන්න පන්නන්න ගන්නෙ.ඉතින් මේ ජාවාරමට තිත තියන්න පොලිසියට හැකි වේද, ශන්කර් සහා රාජේෂ්ගේ ඉරණම කුමක් වේවිද? ඒක ඔයාලට බාරයි.

චිත්‍රපටිය නමින් Laal Rang(රතු පැහැය). මේ වන විටත් IMDb දර්ශකයේ 8/10 තරම් ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තිබෙන මේ සලරුව විනාඩි 147 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා. ඒ වගේම නළු නිළියන් වශයෙන් Randeep Hoodaa, Akshay Obaroi, Piaa Bajpaai, Rajniesh Duggall, Rajendra Sethi, Meenakshi Kaushik වගේ පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Syed Ahamad Afzal විසින් වන අතර නිෂ්පාදනය Nitika Thakur විසින්ය. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!

Laal Rang (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.la – Laal Rang [2016] Hindi DVDRip x264 1GB ESubs

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

6,771 downloadsDownload Laal-Rang-2016.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

6,771 downloadsDownload Subtitles62 KB

21 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. indika

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි……

  3. Wgk Chathuranga

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  4. wooobox.net

    Thanks for the sub :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Mayura

    අඩෝ මරු. මේක් දෙනකම්මයි බලාන හිටියේ. බොහොමත්ම ස්තූති වේවා එහෙනම්. තව අලුත් එකකට ගේමු නේහ්.

  7. Mithuranga Mahisadha

    wada karan nane mchn

    1. ලහිරු ප්‍රසාද්

      ඒක වෙන්න බෑ සහෝ.
      සබ සුපිරියට වැඩ කරනවා. උඹ පොඩ්ඩක් චෙක් බලපන්.

    2. Chamantha

      SHIVAAY hindi movei eke sinhala sub dennne neddda brooo?

    3. Chamantha

      SHIVAAY hindi movei eke sinhala sub dennne neddda brooo???

    4. ලහිරු ප්‍රසාද්

      ඒක මං නෙවෙයි බාරගෙන තියෙන්නෙ වෙන කෙනෙක්.
      එයා වෙලාවට සබ් එක දෙයි.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Mithuranga Mahisadha

    ane wada kran nane mchn

    1. ලහිරු ප්‍රසාද්

      නෑනේ සහෝ. සබ් එක හොදට වැඩ කරනවා.
      ඔයා බලන ප්ලයර් එක මොකක්ද?
      සබ් එක වැඩ නොකරන්න හේතුවක් නැ.

  10. අමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ...බොහොම ස්තුතියි උපසිරසියට...
    ජය වේවා!!!!

  11. rajja

    patta bro...... elama ahhhh

  12. Janaka Senevirathne

    subtitle එකේ syntex error එක හදා ගන්නෙ කොහොමද? windows classic player එක තමයි පාවිච්චි කරන්නෙ.

    1. ලහිරු ප්‍රසාද්

      ඒ ගැනනම් කියන්න දන්නෙ නැ සහෝ
      මොකද මං පාවිච්චි කරන්නෙ KMPlayer එක.
      ඒකට සබ් වල කිසිම අවුලක් නැ.

    2. තාරක ජයසිංහ

      මෙහෙමයි... සුබ ෆිලේ එක එක්සෙල් එකක් ඕපන් කරගෙන එරර් එක එන ලිනේ එක බැලුව නම් හොයා ගත හැකි....

  13. සචින් කෙවින්

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. ගොඩක් හොඳ ලිපියකුත් දීල තියෙනවා. කියවද්දි බලන්න ආස හිතෙනවා. Good Luck.......

  14. asankabalage

    thanks bro