Watch Trailer

Piranha 3D (2010) with Sinhala Subtitles | පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා! කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත…

Piranha 3D (2010)

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය.

උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා!

කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත්‍රපටියෙ නම දැකපු ගමන් දන්නවා. ඔව්, ඔව්, ඔබ හරි. ඒ තමයි දකුණු ඇමරිකාවෙ ඇමේසන් ගඟ නිජභූමිය කරගත් ඉතාම දරුණු මාංශ භක්ෂක මත්ස්‍ය කොට්ඨාශයක් වන “පිරානා” මාළු. උන් කොතරම් දරුණුද කියනවා නම් හොඳින් වැඩුනු ගව‍යෙකු ඇට සැකිල්ල මතුවන තෙක් කා දැමීමට පිරානා රංචුවකට ගතවන්නෙ මිනිත්තුවකටත් අඩු කාලයක් බවයි පැවසෙන්නෙ. ඉතිං උන්ට මිනිසෙක් අහුවුණොත් මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

හරි, අපි ආපහු මේ චිත්‍රපටිය පැත්තට හැරෙමු. මගේ හතලිස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2010 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.  මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexandre Aja නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ අපි දන්න නළු නිළියො රැසක්ම රඟපානවා. Back to the Future චිත්‍රපටි මාලාවෙ රඟපාන Christopher Lloyd, The Tournament චිත්‍රපටියෙ රඟපාන Ving Rhames, Hot Tub Time Machine 2 චිත්‍රපටියෙ රඟපාන Adam Scott වැනි නළුවො ඒ අතර ඉන්නවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක්. මොකද චිත්‍රපටියෙ යම් යම් තැන්වල නිරුවත් දර්ශන අඩංගු වෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි එන යම් යම් දර්ශන සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

මංගල සුබසිංහ(KOK) සහ අකිල ප්‍රනාන්දු යන සොයුරන් විසින් මීට පෙර පළ කර තිබූ ලිපිය.

2010 වසර තුළ මිනිමරුවන් පිළිබදව විශාල චිත්‍රපටි ප්‍රමාණයක් පැමිණියද,ගොඩක් දෙනා මග බලන් හිටපු මුහුද තුළ ලේ ප්‍රියතමයන් ලෙස හදුන්වන මිණිමරු මසුන් කොටසක් අළලා නිපදවුණු Piranha චිත්‍රපටිය අගොස්තු මස නිකුත්වි මාසයක් ඇතුළත අපිට නැරඹීමේ හැකියාව ලැබි තියනවා. මේකත් Horror ගණයට අයත් වන චිත්‍රපටියක්. මාළු ටැකියක් තුළ මෙම චිත්‍රපටීයේ වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතරම මෙය සඳහා විශාල වියදමක් දරා ඇති බව සඳහන්. මෙය ත්‍රිමාණ සජිවිකරනයන් හොඳින් යොදාගෙන ඇති අතර විඩියෝ සංස්කරණය තුළද විශේෂ ලක්ෂණ දකින්න පුළුවන්.

මේකේ රුපගතකිරිම් සඳහා ඇමරිකාවේ ප්‍රසිද්ධ වෙරළතිරයන් කිපයක් යොදා ගෙන ඇති අතරම Elisabeth shue වැනි ප්‍රවිණ හොලිවුඩ් නළු නිළි කැලකගෙ දායකත්වයද මෙයට නොවඩුව ලැබි තිබෙනවා. 1978 දී නිපදවුණ මෙහි මුල් නිපයුම එකල හොඳම චිත්‍රපටිය වුණු Jaws චිත්‍රපටියට පවා අභියෝග කිරිමට සමත්කම් දක්වලා තියනවා. 2010 වසරෙදි නව තාක්ෂණය කැටිකරගෙන නිමවා ඇති මේ නිර්මාණයද පළමු නිර්මාණයට දෙවෙනි නෑ.

මාළු ඇල්ලීම තම ව්‍යපාරය කරගත් මැට්ව විලක් විසින් ගිල ගන්නා දර්ශනයකින් චිත්‍රපටිය අරම්භ වෙනවා, එලෙසම නගරයට පැමිණෙන ඩ්‍රික් විසින් කාන්තා ලාලිත්‍යය පිළිබඳව චිත්‍රපටියක් කිරිමට අදහස් කරනවා. හදිසියේම පොලිස් නිලධාරි ජුලි විසින් මැට් සෙවිමට තිරණය කරනව. මැට් ගෙ සිරුර කිතු කිතු වි තිබී හමුවෙනවා. මෙතැන් සිට සියල්ල කණපිට පෙරලෙන්න ගන්නවා. මිණිමරුවා කවුද යන්න සෙවිම මෙතැන් සිට ඇරඹෙනවා.
“මුහුදක් සසලවු කලී බිළිගන්නේ ජිවිත එකක් නොව සමුහයකි.”

Piranha 3D (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Piranha.2010.720p.BrRip.x264.YIFY [yts.ag]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,689 downloadsDownload Piranha.2010.Baiscopelk.com_.rar33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,689 downloadsDownload Subtitles33 KB

89 comments

  1. gessy

    ada man thamai 1a..thanx wewaaaaaaaaaaaaaaa

  2. madusanka gayan

    222222 meeeeeeeee

  3. Rumesh (HBK)

    ele mangala ,ela !!!!!!!!!!!!!!!!!!

  4. chamila

    apo meka baluwa...... parana film akata 3D kali dala apiwa rawattala thiyenne.....

  5. අමල් ප්‍රසාද් සමරවීර

    meke 1st film1 nam beluwa... pattaaaa..mekath ehemama ethi ne?? thnnnnxxxxxxxx sahoooo.. suba udesanak hemotama

  6. රෝහිත Prasanga

    කලෙකට පස්සේ Horror filme එකක් බලන්න පුලුවන් අද..... thank u mangala

  7. Tharindu Chat

    තැන්කු මචන්.... 300MB එකෙ Quality එක කොහොමද???

    ජයවේවා බයිස්කෝප්...

  8. V

    එල පට්ට තැන්ක්ස් මචන්ග්

  9. chamath

    ela saho onna math banna damma. thnks saho. kok saho meke pitapath 2m a hodaida?

  10. Dar[K]

    අඩේ මෙච්චර ඉක්මනට හොද කොපියක් ඇවිල්ලද? O.ඔ එල එල එහෙම නම් ඔන්න බාගන්න දම්මා

  11. වා.මු. නිලන්ත පියසිරි

    මංගල සුබසිංහ(KOK) ගේ උප සිරැසිත් එක්ක ම බලන්න තිබුනා නම් තමයි, හොඳ. ඒත් එහෙම නැහැනේ. බයිස්කෝප් එකට පිං.

  12. Suren n. Semage

    සුභ උදෑසනක්!!!

    Horror මූවීස් වලට මං එච්චර කැමති නෑ මචං. මොනව වුනත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය හැම ආකාරයේම බයිස්කෝප් වලින් සන්නද්ද කරන්න ගන්න හැම වෑයමකටම හැම දෙනාටම මගේ ප්‍රනාමය!!!

    ජය වේවා!!

  13. KOK

    මෙක Horror ලෙස හදුන්වන්න හේතුව වන්නෙ මෙවැනි චිත්‍රපටි වල ඇති අද්භුත බවය නිසාය මිට ඉහත පැමිනි චිත්‍රපටි රාශියක්ද මෙ ගනයට අයත් විය.

  14. Anonymous

    niyamai aaaaa..... mama hoya hoya hitiyeeee Thaankzzzzzzzz.............

  15. tharindu

    Meeka DVD RIp da Danne Naaaaaaaa Mamath Banna Dammooooo..............

  16. Udaya

    maxxa film ekk...... thanks bro...

  17. Asitha

    එල එල ....
    අනිවා බානවා...

  18. Akalanka Yapa

    ස්තුතියි සහොදරයා
    දිගටම කරන්න ශක්තිය ලෑබෙවා

  19. Dinushka Udara | රොකියා

    හුඟ දෙනෙක් අහලා තිබුනා මේක DVDRip එකක් ද කියලා. මේක DVDRip එකක් නම් නෙමෙයි, R5 පිටපතක්. නමුත් DVDRip එකකටත් වඩා හොඳ තත්වෙක පිටපත තියෙනවා. ඒ වගේම 320mb පිටපතත් ඉතා හොඳ තත්වෙක තියෙනවා. ඒ නිසා බය නැතුව බා ගන්න.

    හැබැයි පුංචි දෙයක් තියෙනවා. මේක අපේ පොඩි හිටියන්ටනම් අනුමත නොකරන චිත්‍රපටියක්.

  20. uda

    මේක මටනම් ඇල්ලුවේ නෑ! මෙලෝ රහක් නෑ! පට්ටම බොරුවක් උනත් ඇත්ත වගේ දැනෙන්න හදපු ‍ෆිල්ම්ස් තියෙනවා, (අවටාර් වගේ). ඒ උනාට මේකනම් ඒ අතරට දාන්න මම කැමති නෑ.
    ඇත්තම කිව්වොත් මටනම් හරිගියේම නෑ මේක.
    හැබැයි තාක්ෂණ භාවිතයනම් නොම්මර එකයි. ඒක කියන්නම ඕනේමයි!

  21. Kaniya

    Aiyoooooooooooooo Maka Baluwooooooooooooo

  22. Niluka

    මම බෑ ලුවා
    maxaa

  23. Ansh Lucky Sri Jay

    මේ ෆිල්ම් එක නම් බොහොම දුර්වල,විශිෂ්ඨ ගණයේ එකක් නෙමෙයි තමයි ඒත් මේ වගේ අලුත් ෆිල්ම්ස් මේ සයිට් එකෙන් දෙන එක ගැන නම් මගේ ස්තූතිය.. :)

  24. kathu

    මාලුවන් ගෙ වැඩ කිඩ බලක්ක ඔන්න මමත් බෑවා..!!

  25. kathu

    Sorry වෙවා..! බලක්ක නෙවෙයි බලන්න..!! :)

  26. Matrix

    Uda is right. Echchata wedak nethi hugak wiyadam karapu film ekak matanam

  27. roshini

    I cannot open both torrent files. why? utorrent says its a invalid file. plssss help

  28. Anonymous

    mama banawa onnaaaaaaaaaaaaaaaaaaaa

  29. Anonymous

    meke gathiya tiyenne 3d ekka baluwama maxxa

  30. sahan

    good film must see!!!!!!!!!!!!

  31. KOK

    මෙක R5 කොපියක් Video quality එක DVD RIP ප්‍රමානයට තියෙනවා හැබැයි Sound වල ගැටළු තියෙනවා.300 mb එකෙ sound 700mb එකට වඩා අවුල් ඒ නිසා Download කරද්දි ටිකක් පරිස්සමින් ඔබ Headphone එකක බාවිතා කරන්නෙක් නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබ 2.1/5.1වැනි subwoofers බාවිතා කරන්නෙක් නම් 700 mb එකෙන් ටිකක් විතර ෂෙප් වෙතහැකි.

  32. හේමජිත්

    එනකන් බලන් හිටියෙ.ඔන්න එහෙනම් මාත් බානවෝ...........

  33. sampath

    sha.......patta film ekak ne...thank kok

  34. gessy

    elama kiri...sinhala sub thibunanam thawath patta

  35. Danula Damsara

    thank you macho...!!

  36. Ramraj

    අනේ සොරි වෙන්න ඕන මම මේක මීට කලින් බෑවා තියෙන හදිසියට. කමක් නෑ ආයේ ඉවසලා ඉන්නම්.Mirror 2 ඇවිත් තියෙනවා නේද. ඒකනම් නිකන් දෙන්න එපා. පුලුවන්නම් සබ් එක්ක දෙන්න.(පුලුවන්නම් විතරයි.)
    දන්න කෙනක් ඉන්නවා නම් මට කියලා දෙන්න නමට ඉස්සරහින් Avatar කියලා තියෙන තැන කොහොමද මගේ පින්තූරයක් දාගන්නේ කියලා.

  37. danushan

    meke hoheda ban muhudak thiyene. meke lake ekak ne thiyenne. nikan boru liyanda epa.

  38. kamal (k2abey)

    patta film aka iwara wena welawe wena de thama sirama
    aula thiyenne podi unta balanna denna bari aka thama.
    jaya wewa baiscop

  39. KOK

    danushan mali patiyo oyta waradila meka thiragatha karala thiyene viyana beach eke vilak namai patiyo muhudakak thiyenne. film eka thenin thaena balan naethuva sampur namma balanne etha kota therai wenasa wilakai muhudheyi

  40. KOK

    mama theme eka denne yuma paniwedayak pinisa misa film eke thiyenna de namai danushan saho

  41. shiwantha

    balagena hitiye meka danakam DL karaganna thanx macho :)

  42. Sampath Hewage

    maru movie eka.............. Sinhala subs thibbanam thawath maru.............

  43. Tharindu Chat

    මේකෙ Eng සබ් හොයාගන්න තියේද?????? :P

  44. AL1717

    Niyamai Machan Mama Meka Bewa...

    Elamakiri. Jaya Wewa...

  45. Hansaka

    සිනමා නිර්මණයක් විදියට ෆිල්ම් එකට වරදක් කියන්න බෑ. අධ්‍යක්ෂක ඇලෙxඅන්ඩ්‍රෙ ඇජ ගේ පළමු නිර්මාණ ( Mඉර්‍රොර්ස්, ථෙ Hඉල්ල්ස් Hඅවෙ Eයෙස් ) තරමටම චිත්‍රපටය හොර්‍රොර්, ත්‍රිල්ලෙර් පැත්තෙන් සාර්ථකයි. ඒත් තාක්ෂණික ප්‍රයෝග වල දුර්වල කම් අනන්තයි. 2010 වසරේ නිකුත් කල චිත්‍රපට එක්ක සසඳන කොට බොහෝ දුර්වල කම් තියෙනවා. 46 වන මිනිත්තුව තුල ඇති දර්ශනය උදාරහනයක් ලෙස ගන්න.විශල පිරිසක් යොදා ගෙන චිත්‍රපටයක් රූ ගත කිරීමේදී අවදානය යොමු කල යුතු ස්ථාන අධ්‍යක්ෂක
    ඇලෙxඅන්ඩ්‍රෙ ඇජ අවදානය යොමු වී නැති තරම් යැයි පෙනේ. අවසාන පිරන්හා පහර දීමේ දර්ශනය ( තරුණ පිරිසට ) විමසිලිමත්ව නැරඹීමේදී එය පැහැදිලිව දැක ගත හැක. එනම් සියලු අතිරේක නළු නිළියන් අධ්‍යක්ෂනය කිරීමට අධ්‍යක්ෂක වරය අපොහොසත් වී ඇති බවයි.

    මොන අවුල තිබුනත් කෙල පෙරා ගෙන බලන්න පුලුවන් Mඅxxඇ ෆිල්ම් එකක්.

    මෙහි තවත් කොටසක් නිර්මානය කිරීමට තීරනයකට ඒමට තරම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට චිත්‍රපටය සමත් වී තිබෙනවා. මෙ වන විට ඓMඪ්ඹ් රටින්ග්ස් 6.6 ක් ලබ ගෙන තියෙනවා.

    කියපු දේවල අවුල් තියේනම් කියන්න..........Hඅන්සක

  46. Hansaka

    mama methanata aluth post eke awul walata sama wenna. hansaka.

  47. Hansaka

    සිනමා නිර්මණයක් විදියට ෆිල්ම් එකට වරදක් කියන්න බෑ. අධ්‍යක්ෂක Alexandre Aja ගේ පළමු නිර්මාණ ( Mirrors, The Hills Have Eyes ) තරමටම චිත්‍රපටය හොර්‍රොර්, ත්‍රිල්ලෙර් පැත්තෙන් සාර්ථකයි. ඒත් තාක්ෂණික ප්‍රයෝග වල දුර්වල කම් අනන්තයි. 2010 වසරේ නිකුත් කල චිත්‍රපට එක්ක සසඳන කොට බොහෝ දුර්වල කම් තියෙනවා. 46 වන මිනිත්තුව තුල ඇති දර්ශනය උදාරහනයක් ලෙස ගන්න.විශල පිරිසක් යොදා ගෙන චිත්‍රපටයක් රූ ගත කිරීමේදී අවදානය යොමු කල යුතු ස්ථාන අධ්‍යක්ෂක
    Alexandre Aja ගේ අවදානය යොමු වී නැති තරම් යැයි පෙනේ. අවසාන පිරන්හා පහර දීමේ දර්ශනය ( තරුණ පිරිසට ) විමසිලිමත්ව නැරඹීමේදී එය පැහැදිලිව දැක ගත හැක. එනම් සියලු අතිරේක නළු නිළියන් අධ්‍යක්ෂනය කිරීමට අධ්‍යක්ෂක වරය අපොහොසත් වී ඇති බවයි.

    මොන අවුල තිබුනත් කෙල පෙරා ගෙන බලන්න පුලුවන් MaxxA ෆිල්ම් එකක්.

    මෙහි තවත් කොටසක් නිර්මානය කිරීමට තීරනයකට ඒමට තරම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට චිත්‍රපටය සමත් වී තිබෙනවා. මෙ වන විට IMDB ratings 6.6 ක් ලබා ගෙන තියෙනවා.

    කියපු දේවල අවුල් තියේනම් කියන්න..........Hansaka

  48. k.s.supun

    Mirror 2 man laga tiyenawa; kohomada upload karanne & thank u macho…

  49. nishantha

    ඵට්ටම

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.