බයිස්කෝප් කාර්ය මණ්ඩලටයත්, රසික හිතුවතුන්, හිතවතියන්ටත් සුභ සාහිත්‍ය මාසයක් වේවා! මම අද ගේන්නේ මගේ මුල්ම කාටුන් උපසිරැසි නිර්මාණය. ටිකක් පරණ වුනත් ඔබ කාටුන් බලන රසිකයෙක් නම් අනිවාර්යයෙන් මේක බලන්න. කාටුන් බලන කවුරු වුනත් Bambi බලලා ඇති කියලා මට විශ්වාසයි. ඉතින් මේකත් වෝල්ට් ඩිස්නි සමාගමේම, Bambi තර…

බයිස්කෝප් කාර්ය මණ්ඩලටයත්, රසික හිතුවතුන්, හිතවතියන්ටත් සුභ සාහිත්‍ය මාසයක් වේවා! මම අද ගේන්නේ මගේ මුල්ම කාටුන් උපසිරැසි නිර්මාණය. ටිකක් පරණ වුනත් ඔබ කාටුන් බලන රසිකයෙක් නම් අනිවාර්යයෙන් මේක බලන්න. කාටුන් බලන කවුරු වුනත් Bambi බලලා ඇති කියලා මට විශ්වාසයි. ඉතින් මේකත් වෝල්ට් ඩිස්නි සමාගමේම, Bambi තරම්ම ලස්සන, ජනප්‍රිය කාටුන් චිත්‍රපටයක්. මේ තරම් කාලයක් මේකට කවුරුත් සබ් නොදැම්ම එකත් පුදුමයි. Ward Greene ගේ Happy Dan, The Cynical Dog පොත ඇසුරින් නිර්මාණය කෙරුනු මෙයට 7.3 ක IMDb අගයකුත්, Rotten Tomatoes හි 90% ක අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 4 ක් වියදම් කරලා හැදුව මේ චිත්‍රපටය, ඩොලර් මිලියන 187 ක් උපයන්න සමත් වෙලා තියෙනවා. සම්මාන ගණනාවකට නිර්දේශ වෙලා තියෙන මේ කතාව දැන් මම පොඩ්ඩක් විස්තර කරන්නම්.
ලොකු ගෙදරක ඉන්න සල්ලිකාර මහත්තයෙකුයි, නෝනා කෙනෙකුයි පුංචි බැල්ලි පැටියෙක්ව ගේනවා හදාගන්න. එයාලා එයාට නම තියන්නේ ලේඩි (ආර්යාව) කියලා. ලේඩිට පස්සේ යාළුවෝ දෙන්නෙකුත් හම්බවෙනවා. ඒ ජොක් සහ ට්‍රස්ටි කියන අසල්වැසි බල්ලෝ දෙන්නෙක්. නෝනාටයි, මහත්තයටයි බබෙක් ලැබුනම ලේඩිට තියෙන සැලකිල්ල ටිකක් අඩු වුනත්, එයාලා සතුටින් ඉන්නවා. නමුත් බබා බලාගන්න මහත්තයගේ නැන්දා එහාට ආවට පස්සේ තමයි, ලේඩිට නරක කාලයක් උදාවෙන්නේ. ඔය කාලෙදි තමයි ලේඩිට, පාරේ ඉන්න සාමාන්‍ය බල්ලෙක් වුනු ට්‍රෑම්ප් (රස්තියාදුකාරයා) හම්බවෙන්නෙත්. ලේඩිට ආයෙත් පවුලේ ආදරය හම්බවෙයිද? ට්‍රෑම්ප් ලේඩිගේ යාළුවෙක් වෙන්නේ කොහොමද? කියලා ඔයාලම බලලා දැනගන්නකෝ. මොනවා වුනත් ඔයාලට ලස්සන කතාවක් බලන්න ලැබෙනවා කියලා සහතික කරන්න පුළුවන්.
සමහර වෙලාවට අපි උපසිරැසියක් හදලා දානකොට, අපිට දැනෙන්නේ ඒ කතාවේ අධ්‍යක්ෂකට හරි, නළුවන්ට හරි දැනෙනවා වගේ සතුටක්. මොකද අපිත් ඒකේ කොටස්කාරයෙක් වුනා වගේ දැනෙන නිසා. දැන් මේකට උපසිරැසි දෙනකම් කට්ටිය බලා හිටියද, රසිකයෝ සතුටු වෙයිද කියලා බලන්න, අපි අපේ උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පළවෙනකම් මග බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා බලනකොට කමෙන්ටු වැටිලා තියෙනවා දැක්කම අපිට මාර ගැම්මක් එනවා, තව උපසිරැසියක් මුන්ට හදලා දෙන්න ඕනි කියලා. මම මේ ස්තූතිය කරන්නේ අපිව දිරිමත් කරන ඒ රසික හිතවතුන්ටයි. ඔයාලා කමෙන්ටු දාන්න පුංචි කාලයක් හරි වැය කරන නිසයි, බයිස්කෝප් අඩවිය තාමත් තියෙන්නේ. දිගටම අපිව දිරිමත් කරන්න. ඉඩ තියෙන වෙලාවට අපි උපසිරැසියක් හදලා දෙන්නම්. අදට මම සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක් වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,294 downloadsDownload Lady-and-the-Tramp-1955.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
12 comments
geeganagamage
udaraudara
thanks. man meka sub ekakth ekka balanna kawada hari agili gana gana hitiye
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks....
Kasun Ravi Janaka
Thanks bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!babal
thanks for the sub dear, grate job:)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සුපිරි වැඩක්