සුභ දවසක් හැමෝටම ! මීට කාලෙකට කලින් මම බලපු සැබෑ සුන්දර අර්ථයකින් යුත් 2004 වසරේ නිකුත් වූ චිත්‍රපටියක් තමයි මේක. සමාජ තත්වයන් හා සමාජ දුෂ්කරතා පිළිබද ගැඹුරු අන්තර්ගතයක් මේ චිත්‍රපටියේ අඩංගු වී තිබෙනවා. කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නළු ඇඩම් සැලැන්ඩර් මෙහි මෙහෙකාර සේවයට යන කාන්තාවගේ නිවසේ හමිකරු හැටියට…

සුභ දවසක් හැමෝටම ! මීට කාලෙකට කලින් මම බලපු සැබෑ සුන්දර අර්ථයකින් යුත් 2004 වසරේ නිකුත් වූ චිත්‍රපටියක් තමයි මේක. සමාජ තත්වයන් හා සමාජ දුෂ්කරතා පිළිබද ගැඹුරු අන්තර්ගතයක් මේ චිත්‍රපටියේ අඩංගු වී තිබෙනවා. කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නළු ඇඩම් සැලැන්ඩර් මෙහි මෙහෙකාර සේවයට යන කාන්තාවගේ නිවසේ හමිකරු හැටියට ප්‍රධාන චරිතයකටද පණ පොවනවා. තමා සේවය කිරීමට යන අදාල රටෙහි භාෂාව නොදැනීම නිසා සිදුවන අපහසුතා සහ එම නිසා ඇති වන විවිධ අපූරු හාස්‍ය සිදුවීම් ඔබට මෙම චිත්‍රපටයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ මේ කාරණා නිසා මෙම චිත්‍රපටියට උපසිරැසි යෙදීමට මා තීරණය කරා.
කතාව ගැන එහෙනම් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්, මෙක්සිකෝවේ පිටිසර පළාතක ජීවත් වෙන අම්මා කෙනෙකුයි පොඩි ගැනු ළමයෙකුයි ඉන්නවා, මෙයාලගේ තාත්තා පොඩි කාලෙදිම මෙයාලව අත ඇරලා දාලා යනවා. මේ නිසා මේ අම්මට තමන්ගේ කුඩා දියණියව හදාගන්න කිසිම අදහසක් නැති අසරණ තත්වයකට පත්වෙනවා. තමන්ගේ දියණියට තිබෙන දැඩි සෙනහස නිසා මේ අම්මා තීරණය කරනවා රැකියාවක් කරලා ළමයව ජීවත් කරවන්න විදියක් හොයා ගන්න. මේ නිසා ඇය දේශ සීමාව හරහා ඇමරිකාවට ඇතුළු වෙනවා. මෙහිදි ඇය මුදල් ඉපයීම සදහා විවිධ රැකියා වල නිරත වෙනවා. දිනක් ඇය මෙහෙකාර රැකියාවක් සදහා ඇමරිකානු පවුලක සේවය කිරීමට යනවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඇය දැඩි ලෙස මෙහෙදි අපහසුතාවයන් වලටද නිරන්තරයෙන්ම පත් වෙනවා. මෙලෙස කලක් මෙම පවුලේ සේවය කිරමින් සිටින අතරතුරදි යම් කාරණයක් හේතුවන් තමන්ගේ දියණියවත් එම නිවසට රැගෙනවිත් තම රැකියා කටයුතු සිදු කිරීමට ඇයට සිදු වෙනවා. එම පවුලේ සිටින ප්‍රධාන කාන්තාව විසින් ඇගේ දියණියට දක්වන විශේෂ ආදරයක්, සෙනහසක් සහ උනන්දුවක් හේතුවෙන් මෙහෙකාර කාන්තාව දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ දෙනවා. මේ නිසා ගැටුම්කාරි තත්වයන්ද නිවස තුළ හට ගන්නවා.
හොඳයි, එහෙනම් චිත්‍රපටිය ගැන මම තවදුරටත් කියන්න යන්නේ නෑ. අරගෙනම එහෙනම් බලන්න. ලස්සන අර්ථයක් තියන, දුක හිතෙන සහ ටිකක් හිනා යන කතාවක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,770 downloadsDownload Spanglish-2004.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
22 comments
dsdkavishka
බොබී
වෙනස් ආරක කතාවක් වගේ. අනිවාර්යයෙන් බලනවා. දිගටම සබ් දෙමු සහෝ.
Buddi
Thanks...........
naughty
sub ekata thanx
Kulanjana Maduranga
subata thanks ......
Tharaka
thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Suranjan
Thanks machan.......jayawewa.....!
sasala
thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
කොමඩියක් වගේ...snak
supiri saho idiriyatama yamu
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Kanchaka
Thanks bro
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.ricadodamien
thank u shehan brother & baiscope team for the sub, all the best to baiscope team........
Gayan Chathuranga
thanks bro!
Hashan M. Priyadarshana
Thank you
Emi
thanks
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට........
predeeptha
thanks haho.ogollo karanne katawath karanna amru honda deyak.api oyalath ekka hamadamath innawa yalu.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thenks for sub bro