Watch Trailer

Lady Chatterley’s Lover (1981) With Sinhala Subtitles | ආර්යාවකගේ ප්‍රේමයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් බයිස්කෝප් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ නව වෙනි උපසිරැසිය.මේ පාරත් ඉතිං පැරණි චිත්‍රපටයක් තමයි ඒත් මම හිතනවා මේකට හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අළුත් ෆිල්ම් වලට සබ් කරන්න බලං ඕන තරම් කට්ටිය ඉන්නවානේ. හැබැයි අළුත් ඒවා වගේම ලොකු…

Lady Chatterley's Lover (1981)සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් බයිස්කෝප් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ නව වෙනි උපසිරැසිය.මේ පාරත් ඉතිං පැරණි චිත්‍රපටයක් තමයි ඒත් මම හිතනවා මේකට හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අළුත් ෆිල්ම් වලට සබ් කරන්න බලං ඕන තරම් කට්ටිය ඉන්නවානේ. හැබැයි අළුත් ඒවා වගේම ලොකු වටිනාකමක් පැරණි ඒවටත් තියෙනවා කියලා අමතක කරන්න එපා. හැබැයි පරණ ෆිල්ම් වලට හොද ඩවුන්ලෝඩ් ලින්ක් නැති වෙනකොට පොඩි පොඩි අවුල් ඇතිවෙනවා. මම කලින් සබ් දුන්න Devi Puthrudu 2000 ෆිල්ම් එකේදි ඔය ප්‍රශ්ණෙ ආවා. මොකද ඒකට ‍හොද ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තිබ්බේ නෑ. ඇත්තටම මම ඒ සබ් එක ලිව්වේ දැනට ඒ ෆිල්ම් එකේ කොපියක් තියෙන කාටහරි වැදගත් වෙයි කියලා හිතලයි.කාටහරි යම් අපහසුතාවයක් ඇතිවුණා නම් සමාවෙන්න ඕනෙ. අළුත් ෆිල්ම් වලට සාපේක්ෂව පැරණි ෆිල්ම් ඩවුන්ලෝඩ් ප්‍රතිශතය හා ප්‍රතිචාර වල පැහැදිලි අඩුවක් තිබුනත් එක්කෙනෙකුට හෝ වැදගත් වෙයි යන කාරණාව මතයි මම පැරණි චිත්‍රපට උපසිරැසි ගැන්වීමේ යෙදෙන්නේ. මේ චිත්‍රපටයත් භාර අරන් ටික කාලයක් වෙනවා. රැකියා කටයුතු නිසා දිනෙන් දින කල් ගිය නිසා දැන් තමයි ඔබ වෙත ගේන්න හැකි වුණේ. ඇත්තටම මේක මට කමෙන්ට් කල හිතවතෙක් කල ඉල්ලීමක් මතයි මේ චිත්‍රපට‍ය උපසිරැසි ගන්වන්න තීරණය කලේ..

මේ චිත්‍රපටයේ කථාව කෙටියෙන් මෙහෙම කියන්නම්. චැටර්ලි නමින් ඉහල පැලැන්තියේ යුවලක් ඉන්නවා.  ක්ලිෆර්ඩ් සහ කොනී. ක්ලිෆර්ඩ් හමුදා නිළධාරියෙක්. යුද්ධයකදී ඔහු ආබාධිත වෙනවා. කොනී තමයි ඔහුගේ සාත්තුවට හිටියේ. කල් යත්ම ක්ලිෆර්ඩ් කොනීට යෝජනා කරනවා තමුන් කැමති ආදරවන්තයෙක් හොයාගන්න කියලා. කොනී මුලදි ඒකට අකමැති වෙනවා. ක්ලිෆර්ඩ් තමාගේ සාත්තු වැඩ වලට හෙදියක් ගෙන්වා ගන්නවා. මේ හෙදියක් කොනීව එදිනෙදා වැඩ වලින් ඈත් කරනවා. මේ අතරේ කොනීට ඔවුන්ගේ ඉඩමේ වැඩකරන කම්කරුවෙක් හමුවෙනවා. ඇයට ඔහු ගැන හිතක් පහළ වෙනවා. ඉතිං ඊට පස්සේ වෙන දෙවල් චිත්‍රපටයෙන්ම බලනවා නම් තමයි හොද. ඇත්තම කියනවා නම් මේ කථාව අදටත් කාලෝචිතයි. ගැහැණු කියන්නේ වෙලාවකට තේරුම් ගන්න අමාරු පිරිසක් කියලා හිතෙයි. ඒ වගේම මේක ඇතමෙක්ට සාදාරණීයයි කියලා හිතන්නත් පුළුවන්. හරි වැරැද්ද ඔබම තීරණය කරන්නකෝ. එහෙනම් මම ගියා. තවත් අළුත් උපසිරැසියකින් හමුවෙමු.

 

සැලකිය යුතුයි:- කුඩා දරුවන්ට නුසුදුසුයි. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. පස්සෙ කිව්වේ නෑ කියන්න එපා හොදේ.

Devi Putrudu (2000) on IMDb

 

 

Due to copyright complications, we do not provide torrent links. 

LADY CHATTERLEY’S LOVER by WingTip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,359 downloadsDownload Lady-Chatterleys-Lover-1981.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,359 downloadsDownload Subtitles26 KB

31 comments

  1. Asitha

    මේක බලන්න කියලා කෙනෙක් කිව්වා.
    එතකොටත් හොඳ කොපියක් තිබ්බේ නෑ.
    හොඳ කොපියක් එක්ක බලන්නම්.
    බොහොම පින්
    ජය වේවා!!!

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    3. harith

      link ekak denna bari da

  2. me

    Thanks

  3. janith

    mchan great grand masthi 2016 flim ake sub aka diyanko

  4. Withanage Priyantha Dayakeerthi

    1980 දශකයේ ලංකාව පුරා විශාල ආන්දෝලනයක් සිදුකළ අතිශය ජනප්‍රිය සිනමා පටයක්. මා මෙය නැරඹුවේ වැල්ලවත්ත "සැවෝයි" සිනමා ශාලාවේ. මෙය එකළ තරුණ පරම්පරාවේ බොහෝදෙනෙක් නොවරදවා නැරඹු චිත්‍රපටයක් බවද මට මතකයි. මෙවැනි දුර්ලභ, පැරණි ගණයේ චිත්‍රපට උපසිරසිගන්වීම් ඉඳහිට හෝ මෙම වෙබ් එකට ලබා දීම පිළිබඳව "ඉසුරු" සොයුරාට අවංකවම ස්තුතිවන්ත වෙනවා! හැකිනම් 1940 වර්ෂයේ තිරගත වූ ලොව මහා සිනමාකරු ලෙස විරුදාවලිය ලත් "චාලි චැප්ලින්ගේ "The Great Dictator" film එකට සිංහල උපසිරසි ලබාදෙන්න. එය අතිශය ජනප්‍රිය උපසිරසියක් වේවි. නැවතත් ස්තුතියි!

  5. pramoda

    ලොව අතිශය ජනප්‍රිය ෆිල්ම් එකක්, අනිවා ඩවුන්ලෝඩ් ප්‍රමාණය ඉතා වැඩිවේවි. සබ්එකට ස්තුතියි!
    මහන්සියේ ඵලය ලැබේවි.

  6. Dulanga

    Thanks

  7. chanuka

    thankssssss

  8. Kulanjana Maduranga

    thanks saho..sub ekata...jaya wewa……

  9. හේමන්ත

    ස්තුතියි ඉසුරු උපසිරැසියට... නැවත බැලීම සඳහා, උපසිරැසිත් එක්ක, මේ නැවත බාන ගමන්...

    ලිපිය ටිකක් අඩුපාඩු සහිතයි. තවත් වැදගත් කරුණු ටිකක් ලිව්වනම් වටිනවා....

    මේ චිතුපටියට පදනම් වුනේ ඩී.එච්.ලෝරන්ස් (1885 - 1930) බ්‍රිතාන්‍ය ලේඛකයාගේ ඒ නමින්ම යුත් නවකථාවයි. ලෝරන්ස් ගැන සමහර අය කියන්නේ ලිංගිකත්වයට වඩා නැඹූරු කතා ගෙතූ ලේඛකයෙක් බවයි. සමාජයේ සමහර කොටස් වල දැඩි විවේචන වලට ඔහු ලක්වුණා. ඔහු මියගියේ එංගලන්තයෙන් පිට, ප්‍රංශයේයි. ඒ වයස අවු. 44 දී. ඔහු නවකථා කෙටිකථා හා කාව්‍ය රචනා කර තිබෙනවා.

    ඔහුගේ මේ නවකථාවෙන් 1980 දී පමණ චිත්‍රපටය ගොඩනැගෙද්දී නවකථාව තරමටම සමාජයෙන් විවේචන හා දෝශාරෝපන ආවා. නමුත් මේක අධ්‍යක්ෂණය කරපු Just Jaeckin කොහොම හරි තමන්ගෙ කාර්යය ඉටුකළා. අද මෙන් නොව, ලිංගික චිත්‍රපට බහුල නොවූ 1980 දශකයේ මුල, ලොව පුරා මේ චිත්‍රපටිය විශාල රැල්ලක් ඇති කළෘ... විශාල කතා බහකට ලක්වුණා. සමහර ලිංගික දර්ශන ඒ කාලයේ හැටියට ඉතාමත් උද්වේගකර වුණා.. (අද නම් මේව චිත්‍රපටියක සිමංපල් වෙන්න පුළුවන්.)

    මේ තත්වයට විශේෂයෙන් බලපෑවේ ප්‍රධාන චරිතය රඟපෑ සිල්වියා ක්‍රිස්ටල් ගේ රඟපෑම කිව්වොත් නිවැරදියි. ඕලන් ජාතික ඇය චිත්‍රපට රාශීයක රඟපා ඇති අතර ඉන් බහුතරයක් ලිංගික දර්ශක බහුල ඒවායි. 1985 දී පමණ මාතාහාරි නම් යුධ චිත්‍රපටයේ ඇය ඔත්තුකාරියක ලෙස රගපෑවා. (මම සිතන්නේ සත්‍ය සිදුවීමක්)

    කෙසේ හෝ ලංකාවේත් මෙම චිත්‍රපටිය එකල මහත් කථාබහට ලක්වුණා. ජනප්‍රිය වුණා. ඒ වගේම නවකථාවත්....

    මාතාහාරිට උපසිරැසි දෙනවා නම් වටිනවා කියලා සිහිපත් කරන්නත් කැමතියි ඉසුරු.
    ස්තුතියි.

    1. r.s.samantha

      hemantha macho thank u thawa thawa visthara kiwwata.
      film eke watinakama thawa thawa wadiunawage.
      elz

    2. Thilakarathna

      මම දැකපු දිගම කමෙන්ටුව. ඒකෙන්ම පේනවා මෙය බලන්නට වටිනා එකක් බව. එසේම මේ වෙනුවෙන් කැපවූ ඉසුරු සොහොයුරාට අනේකවාරයක් ස්තුතියි! අප නොදන්නා එහෙත් මෙවැනි වටිනා තවත් ඒවාට උපසිරසි ලබාදෙන්න. බැලුවාද කියා මතකයේ නොරැඳෙන වර්තමාන චිත්‍රපට රැල්ලට වඩා මේවා ගොඩක් වටිනවා. ඔබට ජය....!

    3. harith

      me film eka download karaganna vidiyak kiyanna..

  10. r.s.samantha

    Thank you..!!!
    Thank you...!!!!
    Thank you....!!!!
    aththatama godak watinawa me wage film walatath sub dena 1
    aluth film walatanam sub denna sahena tharagayak thiyenne bro mewa amathaka welama gihin
    ela ela
    jaya wewa...!!!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ravin

    Thanks for the sub

  14. Wiki

    Thanks

  15. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  16. Bandara76

    Thank you so much Bro..Budu saranai

  17. Dewadithya

    Thanks for Sub!

  18. prasanga sanjeewa

    THANKS....

  19. sanjeewakbg

    thanks bro....

  20. chinthaka_priyadrshana

    Thank U Bro........

  21. harith

    kohomada me film eka download karaganne

  22. harith

    download karanna hoda link ekak denna

  23. salamuthu

    thank you aiye

  24. Anonymous

    Thanks ❤️

  25. Aravinda

    උසස් සිනමා කෘතියකට සිංහල උපසිරස ලබා දීම වෙනුවෙන් මාගේ ස්තූතිය පිළිගන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.