Watch Trailer

Tooth Fairy (2010) with Sinhala Subtitles | දත් සුරඟන… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් හත් වන උපසිරැසිය අරන් ආවා. තවත් ළමා චිත්‍රපටයක් වෙන මේක එක්තරා විදියක සුරංගනා කතාවක්. IMDb අගය 5.0 අරන් තියන රොක් රඟපාන සුපිරි ච්ත්‍රපටයක්. ඩොලර් මිලියන හතලිස් අටක් වියදමෙන් නිර්මාණය වෙච්ච ඩොලර් මිලියන එකසිය දොළහක් අදායම උපයපු චිත්‍රපටයක්. ලංකාවේ අපේ සමහර පැතිවල ස…

Tooth Fairy (2010)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් හත් වන උපසිරැසිය අරන් ආවා. තවත් ළමා චිත්‍රපටයක් වෙන මේක එක්තරා විදියක සුරංගනා කතාවක්. IMDb අගය 5.0 අරන් තියන රොක් රඟපාන සුපිරි ච්ත්‍රපටයක්. ඩොලර් මිලියන හතලිස් අටක් වියදමෙන් නිර්මාණය වෙච්ච ඩොලර් මිලියන එකසිය දොළහක් අදායම උපයපු චිත්‍රපටයක්. ලංකාවේ අපේ සමහර පැතිවල සම්ප්‍රදායක් තියනවා ළමයෙක් ගෙ කිරිදත් වැටුනම ඒක ලේන්නුන්ට දෙනවා කියල විසි කරනවා. ළමයින්ගේ පිළිගැනීමක් තියනවා ලේන්නු ඒක අරන් හොඳ අලුත් දතක් දෙනවා කියල. “ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ ‘ නගරබද කොහොම වෙතත් ගම්බද අපිට නම් වයස පහේ හයේ දරුවන් ඉන්න ගෙවල් වල මේ වචනේ දැනටත් ඉඳ හිට ඇහෙනවා. මේ සම්ප්‍රදායම බටහිර රටවල් වල තියෙන්නේ ටූත් ෆේරි නැතිනම් දත් සුරංගනාවිය විදියට. දරුවෙක් ගෙ කිරිදතක් වැටුනම එයා ඒක කෝට්ටේ යට තියල නිදාගන්නවා. උදේ නැගිටලා බලනකොට දත තිබුන තැන තියෙන්නේ සල්ලි. දරුවා හිතන්නේ දත් සුරංගනාව දත අරගෙන සල්ලි දීලා කියල. ඇත්තට වෙන්නේ මොනවද කියල ඉතින් අපි දන්නවානේ. මේ චිත්‍රපටයේ කතාව ඒ සම්බන්ද එකක්. කතාව විදියට ඩෙරක් කියන අයිස් හොකි ක්‍රීඩකයෙක් ගෙ චරිතේ නිරුපනය කරන රොක් ළමයින්ට එච්චර කැමති නැති ඒ වගේම සුරංගනා කතා විස්වාස නොකරන කෙනෙක්. තමන්ගේ පෙම්වතියගේ දුවගේ කිරිදතක් වැටුණු වෙලාවේ එයා දත් සුරංගනාව කියල කෙනෙක් නැති බවත් ඒවා බොරුවක් බවත් කියන්න හදනවා. ඉතින් චිත්‍රපටියේ හැටියට දරුවන්ගේ විස්වාසය නැති කිරීමට උත්සාහ ගැනීම හින්ද එයාට සුරංගනා ලෝකෙන් ලැබෙන දඬුවම තමා, දත් සුරංගනාව විදියට සති දෙකක් සේවය කිරීම. ඉතින් මේක හින්ද එයාගේ එදිනෙදා වැඩ සහ ජිවිතේ වෙනස් වෙන එක පෙන්නුම් කිරීම තමා මේකෙ කතාව. සුරංගනා කතාවක් උනත් වැදගත් අවවාද කිහිපයක් අපේ ජිවිතේට ගන්න පුළුවන් චිත්‍රපටියක් කියල මේක කියන්න පුළුවන්.   මේ උපසිරැසිය ගැන තවත් දෙයක් මට කියන්න ඕන. මගේ කලින් උපසිරසි ඇතුලත් කිරීමට විමසීමේදී මාත් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධ උනේ සමීර කරුණාරත්න සහෝදරයා. පලවෙනි වතාවට රොයිලි සහෝදරයා මාත් එක්ක සම්බන්ද උනේ මේ චිත්‍රපටියෙන්. මම මේකෙ කියන්නේ මොකද මම විස්වාස කරන්නේ සිංහල උපසිරැසිය නිර්මාණයේ මුලිකයා තමා රොයිලි සහෝදරයා. අපි දැන්, උදාහරණයක් විදියට මම ගත්තොත් වින්ඩෝස් 10 නෝට්පෑඩ් එකේ තමා මම උපසිරසි සකස් කරන්නේ. පරිගණකයේ ලැන්වේජ් එක වෙනස් කර ගමන් කෙලින්ම ටයිප් කරන්න පුළුවන්. එත් සාමාන්‍යයන් පැය හත අටක් යනවා. හිතන්න රොයිලි සහෝදරයා මේවා පටන් ගත්තේ සිංහල යුනිකෝඩ් බාවිතා කරන්න තියා හිතන්නත් බැරි අවදියක. ඒ තරමටම ඒක අමාරුයි. ඉතින් ඒ වගේ මම විශේෂයි කියල හිතන කෙනෙක් මට “හරි මල්ලි කරල එවන්න” (මම මල්ලිද අයියද හරියට දන්නේ නැ. මට තිස් පහයි) කියන එක මට ගොඩක් විශේෂයි. ඒක මම කියන්නම ඕන. ඉතින් කියන්න තියෙන්නේ මේක මගේ බයිස්කෝප් එකේ උපසිරසි කරණයත්  එක්ක ගතකරපු කෙටි කාලේ සුවිශේෂී අවස්ථාවක් කියල.   මම ළමා චිත්‍රපට කිහිපයක් දිගටම දුන්නා. ඉතින් මගේ සුපුරුදු කැමැත්ත සත්තු ඉන්න චිත්‍රපටයක්  තමා මම ඊළඟට දෙන්නේ. ඔයාල නම දැක්ක ගමන් ඒ මොකක්ද දන්නවා. එත් බොහොම සුලු පිරිසක් විතරයි ඒ චිත්‍රපටිය තියනවා කියල දන්නේ.  අන්න ඒවගේ සුවිශේෂි චිත්‍රපටියකින් හමුවෙමු ඉක්මනින්. මම යනවා. බුදු සරණයි  …..!

 

 පැරණි ලිපිය

ඔන්න අපේ පොඩි නංගිලා මල්ලිලාට අරගෙන ආව ලස්සන බයිස්කෝප් එකක්. මෙයාලට කාලෙකින් හොඳ කතාවක් දුන්නෙත් නැහැනෙ.මෙන්න මේකයි කතාව. Derek Thompson කියන්නෙ ශූර එහෙත් එච්චර නහයට අහන්නෙ නැති කට කැඩිච්ච කතා කියන අයිස් හොකී ක්‍රීඩකයෙක්. මොහු ප්‍රසිද්ධ වෙලා හිටියේ Tooth Fairy කියන අනවර්ථ නාමයෙන්. ඒ ඇයි කියල හිතාගන්න පුළුවන්නේ. මෙයා එක්ක හැප්පෙන්න එන එක්කෙනෙක් ආපහු යන්නෙ දතක් නැතිව. Derek දත් ගලවන්න** දස්සයා.

මෙයාගේ හිතුවක්කාර හැසීරීම් රටාව කෙළවර වෙන්නේ දිනක් Derek ඇගේ පෙම්වතියගේ දියණියට කරන නපුරු වැඩකින්. චූටි Tess ට වයස අවුරුදු හයයි. කිරි දත් ගැලවෙන කාලෙනෙ. පෙරදිග සංස්කෘතියේ නැති වුනාට අපරදිග සංස්කෘතියේ Tooth Fairy කියල කෙනෙක් ඉන්නවා. Derek, Tessට කියනව එහෙම දිව්‍යාංගනාවෝ නැහැ කියල. වැඩේ එතනින් ඉවරයි කියල Derek හිතුවට ඔහුට නොසිතූ විරූ දඬුවමක් ලැබෙනවා. ඒ සති දෙකක් Tooth Fairy කෙනෙක් විදියට සේවය කිරීම. මුලින් හීනයක් කියල හිතුවට මේක ඇත්තටම සිදුවූ දෙයක් කියල Derek පිළිගත්තෙ නැහැ. ඒත් කොහොමෙන් කොහොමහරි Derek වැඩේට බහිනවා. හොඳක් කරන්න බලාපොරොත්තු වුනත් වුනේම නරක දෙවල්. කතාව ලස්සනයි. සුමානෙ පුරාවට තමන් කැමැති නානාවිද බයිස්කෝප් බාන එකේ, අද මේක බාල තමන්ගෙ නංගිට මල්ලිට, දුවට, පුතාට පෙන්නන්න. මේ ඉතින් සති අන්තෙත් නෙවැ.

** පොදු විවහාරයේ භාවිතාවන දත් ගැලවීම සමඟ මේ දත් ගැලවීම පටලවා නොගනු මැනවි. 😛

Kindergarten Cop 2 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,381 downloadsDownload Tooth.Fairy_.2010.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,381 downloadsDownload Subtitles87 KB

43 comments

  1. ෂෙලින්ක - කටාර්

    ඔන්න මම අද එකට ආවෝ...
    ස්තූතියි සහෝ....

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Anonymous

    ela! mekath hoday!

  3. සුද්දා

    මම මේ ‍ෆිල්ම් එක බැලුවා.. පට්ට..ස්තූතියි ..

  4. dila

    ada nam uden ma awa
    thanx golayoo!!!

  5. උදය

    nice....

  6. සෑම්

    එල එල

  7. පොඩි මෑන්

    මමත් බානවාබොහොම ස්තූතී... :)

  8. Anonymous

    thanks

  9. Higanna

    බොහොම ස්තුති ඊ............... හොද වෙනසක්......

  10. ?

    IMDB User Rating: 4.7

  11. psw

    Mama oka baluwa aulak nan ne.

  12. maraya

    mamath Banawa. Thanks

  13. අනුරාධ

    ආවා ආවා ආවා....පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි...."Tooth Fairy"....ආවා.....ඔබේ දුවට පුතාට නංගිට මල්ලිට අද අදම පෙන්නන්න.......කටේ දත් ගලවන....."Tooth Fairy".......හිකිස්

  14. asitha

    ඔන්න එහෙනම් මමත් බාන්නම්...
    තම මාත් පොඩි එකානේ....

  15. rohan

    mamath issara podiy ne
    balamukoo

  16. Zome

    MEke dena ona deyak mamanam banawa

  17. සසීන්ද්‍ර

    ඔන්න මමත් බෑවෝ.........

  18. පසිඳු

    Thanx... :D

  19. Nilantha

    mama alutan oyalata At maka lasana wadak lankawa apeta satutue;;mama UAE

  20. Uraj Deemantha

    බාලා තියනවා පසු කාලීන ප්‍රයෝජනයට ....!! :)

  21. Harsha

    Thankss machan ..... mama lagadi dana gaththa me sit 1 gana.... meke hama film 1 subtitle nadda....>>> me film 1 naneda>>>> thankzzzzzzzz machan

  22. Pasindu

    sira... thanx... :D

  23. uda

    පට්ට පට්ට!!!!!!!!!!! බලලම comment කරන්නම්.
    අපටත් බැරිද මේ වැඩේට ජොයින් වෙන්න. (බ්ලොග් එකක් නැති අයට) ඒ ගැන කවුරු හරි කියනවද විස්තර ටිකක්.....?

  24. Anonymous

    hondai niyamai

  25. Ramraj

    අපි ගාව ඉන්නවා අනිත් දත් ගලවන අය නම් ඕන තරම්.

  26. Anonymous

    ela film ekak\ mamath bava

  27. RAJITHA JAGODA

    thnx.....!!!

  28. Dilshan

    Mona nangi mallida, meka balanneth mama thama....

  29. darshana

    tnxxxxxxxxxxxxxxx.......

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  31. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  32. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!

  33. Asitha

    ELAMA THANKS

  34. me

    Thanks

  35. indika

    බොහොම ස්තුති.. !!! AC

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. sanka

    කොල්ලො සත්තු ඉන්න ෆිල්ම් වලට සබ් කරන්න ඔච්චර ආසනම් මෙකට සබ් දියන් මම ඒ කාලෙ බලපු සුපිරිම එකක් සරපයත් ඇත්තම එකෙක් වගේ Boa... Nguu yak! (2006)

  38. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. dishan99

    Thank you lokka,
    Api wenuwen krna hama dyktama ❤❤

  41. arawindasunimal

    thanks sub ekata jayawewa.........

  42. Nilush Angana

    Sub ekata thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.