Watch Trailer

Lake Placid: The Final Chapter (2012) with Sinhala Subtitles | කිඹුල් විල 4 – අවසානය කරා (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ පහළොස්වන නිර්මාණය අරන් ආවා. Lake Placid කතා මාලාවේ හතරවන කොටස. මේකත් DVD සඳහා පමණක් නිකුත්උන චිත්‍රපටියක්. Lake Placid පළමු කොටසේ සිට මෙම චිත්‍ර පටිය දක්වා අවුරුදු දහතුනකට වඩා වැඩි පරතරයක් තිබුනත් සැම කතාවකම තිබුන කුතුහලය, ආදරය වැනි අන්තර්ගතයන් නොවෙනස්ව පව…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ පහළොස්වන නිර්මාණය අරන් ආවා. Lake Placid කතා මාලාවේ හතරවන කොටස. මේකත් DVD සඳහා පමණක් නිකුත්උන චිත්‍රපටියක්. Lake Placid පළමු කොටසේ සිට මෙම චිත්‍ර පටිය දක්වා අවුරුදු දහතුනකට වඩා වැඩි පරතරයක් තිබුනත් සැම කතාවකම තිබුන කුතුහලය, ආදරය වැනි අන්තර්ගතයන් නොවෙනස්ව පවත්වාගන්න මෙහි නිපැයුම්කරුනවන්ට හැකිවෙලා තියනවා . ඉතින් ඔයාලටත් කිසිම කම්මැලිකමකින් තොරව මුලසිට අගටම මේක බලන්න පුළුවන් කියල මට කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් ඔයාල දැනටමත් විල ගැන දන්නවා ඇතිනේ. ලෝකේ වෙන කොහෙවත් නැති විශාල මිරිදිය කිඹුල් විශේෂයක් මේ විලේ ජිවත් වෙනවා. ඉතින් වනජීවී එක මෙම විල සංරක්ෂිත ප්‍රදේශයක් කරලා විදලි වැටක් ඉඳීකරලා මේ සත්තු මිනිස්සුන් ගෙනුත් මිනිස්සු මේ සත්තුන් ගෙනුත් ආරක්ෂා කරගන්න කටයතු කරනවා. එත් පහුවෙනකොට මේ සත්තු ප්‍රමාණයෙන් විශාල වෙන හින්ද ගැටලුවකට මුණ පානවා. මේ අතරේ සේවකයෙකුගේ වැරදීමකින් ගේට්ටුවක් ඇරිලා පාසල් සිසුන් සහිත බස් රථයක් විල ලඟට යනවා. ඉතින් මොකක්ද වෙන්නේ කියන්න ඕන නැනේ. කිඹුල්ලු මිනිස්සු මරණ හැටියි, මිනිස්සු කිඹුල්ලු මරල ළමයි බේර ගන්න හැටි තමා කතාව.

මම ඊළඟට දෙන්නේ මොන චිත්‍රපටියද කියල කියන්න විදියක් නැ. මොකද මතකද මම යාලුවොන්ට කියුවා මගේ දා හතරවන නිර්මාණයට කමෙන්ට් දාලා මම ඔයාටල ඉඟි දුන්න චිත්‍රපට දෙකෙන් එකටට කැමැත්ත දෙන්න, ඒක මම දහසයවෙනි එක විදියට දෙනවා කියල. මම මේ ලිපිය ලියන්නේ සිකුරාදා මේ වෙනකොටත් Lake Placid 3 පලවෙලා නැ. ඉතින් ඔයාලගේ කැමැත්ත දැනගන්න විදියක් නැ. කොහොම උනත් ඒක පල උනාට පස්සේ ඔයලගේ කැමැත්ත අනුව මම ඊළඟ එක ගේන්නම්. කියපු විදියට ලොකු පිඹුරු තඩියෙක් ඉන්න එක හරි ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක හරි.

ඔන්න එහෙනම් මම යනවා .ඊලඟ  එකෙන් හමුවෙමු.

මෙම චිත්‍රපටියේ තියන ඇතැම් රූපරාමු හින්ද මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. ඒ හින්දා අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේක බාගත නොකරනවානම් තමා හොඳ..

බුදු සරණයි …..!

 

 

Lake Placid: The Final Chapter (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lake Placid The Final Chapter 2012 DVDRip XViD –juggs

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,067 downloadsDownload Lake-Placid-The-Final-Chapter-2012.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

2,067 downloadsDownload Subtitles104 KB

31 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    Lake Placid The Final Chapter 2012 චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    700 DVD Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    823a6fb4097beeb1387870c0a1eb38cb6f757a64

  2. රයන් ද සිල්වා

    සහෝ ඔයා පට්ට වේගෙන් සබ් කරනවානේ
    ඒනිසාම ඔයා ෆිල්ම් 4 ටම අනිවා සබ් දෙනවා කියල දන්න හින්දාම වේලාසනම ෆිල්ම් 4 ම බාගෙන හිටියා...
    සබ් එකට තුති බ්‍රෝ ෴ ජය වේවා ෴

  3. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  4. oshan

    Super thanx .... thawath sira ekak denna

  5. dilan deshapriya

    පිඹුරු තඩියෙක් ඉන්න එක denna...sub ekata tnxx supirima thamay..

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. mithun

    ඔක්කම ටික දුන්න එහෙනම්... මාරයි.. බොහොම ස්තුතියි සහෝ..
    බයිස්කෝප් සයිඩ් එකත් එක්ක දිගු ගමනක් යමු.ජය..

  8. wayantha

    එල කිරි, නියමයි සහෝ ගොඩක් ස්තූතියි sub එකට

  9. Larlitha Sri Vidhara

    Absolutly Anything Sub Dnnako plz

  10. nirmal ranasinghe

    Thanks bro

  11. indika

    ස්තූතියි.... :)

  12. asanka

    thanks

  13. Razor ­­

    පිටසක්වල ජීවියෙක් ඉන්න එක

  14. Gamunu

    ඒ හින්දා අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේක බාගත නොකරනවානම් තමා හොඳ me ward eka revise karanna waradineda

    1. අසංක ප්‍රදීප් රණතුංග

      සහෝ , මට කියන්න ඕන මේක අවුරුදු දහ අටට වඩා අඩු යාලුවොන්ට බලන්න එපා කියන එක. මම හිතනවා මම හරියට ලියල තියනවා කියල .

      හරි මෙහෙම කියන්නම් කෝ. මේකෙ අද නිරුවත් දර්ශන තියනවා. ඒක හින්දා පොඩි ළමයි බලන්න එපා . හරිනේ ..
      ඉස්තුතියි කමෙන්ට් එකට ඔයාට.

  15. Vikum08

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..!
    ජය වේවා..!
    අර @asitha කිව්වා වගේ පුලුවන්නම් Absolutely Anything (2015) එකට සබ් දෙන්න
    simson pigg (mission impossible එකේ බෙන්ජිගේ චරිතය කරන හාදයා) ඉන්න සුපිරි එකක්.

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Tharaka

    සබ් වලට තැන්ක්ස් සහෝ.

  18. Pasindu

    piburu thafiyage eka denna thanx bn sub ekata jaya wewa

  19. Naveen Rangana

    Thanks saho sub1ta.Ela.Thawa thawat super sub karanna labewa............ Jayawewa..............

  20. tharangani

    movies 4ma dwnld karagaththa,puluwan nan x files tika karannako pls,1season eka witharai thama karala tynne.thanx for sub.

  21. sana

    ස්තුතියි සබ් එකට යලුවා
    පුලුවන් නම් rocky handsome hindi film එකේ සබ් දෙන්නකෝ
    දැන් ගොඩ දවසක් වෙනව හොඳ කොපි එකක් ඇවිල්ලත්
    බුදු සරණයි
    ජය..!

  22. avish

    rocky handsome movie එකට සබ් දෙන්න කියලා ඉල්ලනවා. සබ් එකට ස්තුතියි.

  23. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  24. Darshana

    Issara wage film ekw link eka dan danne naththe ayi?

  25. nipuna adikari

    thnx mchn

  26. thenuka navod

    thanks brother

  27. Udara Damith B\K

    සබ් එකට බොහෝම ස්තුතියි.......

  28. vijith

    Ela Bro...........

  29. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ..

  30. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P