මිනිස් ජාවාරම් හා ළමා ගණිකා වෙළදාමේ දරුණු යථාර්තය නිරාවරණය කිරීමට Nagesh Kukunoor විසින් ගෙන ආ මෙම සිනමා පටය ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ මුලින් විභාග වු නඩුවකට අදාල සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී ඇත. Imdb අගය 8.1/10 ලබා බටහිර සිනමා සම්මාන උළෙලවල් ගණනාවකින් ඇගයීමට ලක්වී, ඉන්දියානු චිත්‍රපට ස…

මිනිස් ජාවාරම් හා ළමා ගණිකා වෙළදාමේ දරුණු යථාර්තය නිරාවරණය කිරීමට Nagesh Kukunoor විසින් ගෙන ආ මෙම සිනමා පටය ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ මුලින් විභාග වු නඩුවකට අදාල සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී ඇත. Imdb අගය 8.1/10 ලබා බටහිර සිනමා සම්මාන උළෙලවල් ගණනාවකින් ඇගයීමට ලක්වී, ඉන්දියානු චිත්‍රපට සංස්ථාව මගින් වාරණයකටද ලක් වී තිබු මෙම සිනමා නිර්මාණය වැඩිහිටියන්ට වඩා සුදුසුය යන ලේබලයෙන් යටතේ ඔබට නැරඹීමට ඇරයුම් කරමි.
ලක්ෂ්මී නම් අවුරුදු 14 ක දැරියක් වටා ගෙති ඇති මෙම කථාව ඇය ගමෙන් නගරයට රැගෙන එන දර්ශණයකින් ආරම්භ වේ. ගණිකා ජාවාරම්කරයන් සතුව ඇති බලය හා ඔවුන් ගැහැණු සමාජය දෙස බලන ආකාරයත්, ගණිකා වෙළදාම ඔවුන් ඉතා සැහැල්ලුවෙන් කරන ආකාරයත්, ජරාවට නීතිය නැමෙන ආකරයද මනාව පෙන්වා දී ඇත.
විටෙක ගණිකා නිවාසයේ දී වෙන සමහර අසුන්දර දේවල් සුන්දර ආකාරයට අධ්‍යක්ෂකවරයාගේ ඇසෙන් අපට පෙන්වා දී ඇත. මෙම මඩමට එන උමා නම් එක් කරුණාවන්ත කාන්තාවක් එහි සේවයේ නිරතවන යුවතියන්ට චොකලට් සනිපාරක්ෂක දේවල්වලට අමතරව කොන්ඩම්ද ලබා දෙයි. “කොන්ඩම් අනිවාර්යයි” ඇය එසේ පවසයි.
ඒවගේම ඇයගේ නේවාසික මිතුරිය විසින් ගණිකා වෘත්තියේ පහත් භාවය විඳවීමකින් තොරව විදිමට ලක්ෂ්මීට කියා දෙන අකාරයත්. ඇය මෙම ජීවිතයෙන් පැනයාමට කිහිපවරක් උත්සහ කරන ආකාරයෙන්ද මෙම වහල්භාවය ඇය හැමවිටම ප්‍රතික්ශේප කර ඇති බවද පෙනේ, මෙම මඩමතුල සිටින යුවතියන් කරන සෑම වැරද්දකටම දඩුවම් ලබන්නේ එහි පාලිකාව වශයෙන් සිටිනා ‘ජෝතී’ නම් කාන්තාවටයි, ඇය මවක් වන අතර තම දියණියගේ උසස් අධ්‍යාපනය අවසන් වනතුරු මෙම රැකියාවේ නිරතවේ. මෙහිදි මොහාන් නම් රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු මාර්ගයෙන් මෙම ජාවාරම නිතිය ඉදිරියට ගෙන එන අතර අවසානයේ තම දියණියගේ අනාගතය වෙනුවෙන් ගුහාගතව ගණිකා වෘත්තියේ යෙදුනු මවක් එය තම දුවට එලිවිමෙන් හා තමන් මුහුන දුන් වේදනාව අවසානයේ පිටකරන අයුරු දැක්වෙන ඉතා සංවේදී දර්ශණයක්ද ඇත.
පුංචි දැරිවියකටත් ලොකු ලිංගික වටිනාකමක් දෙන, ගැහැණියක් විසින් ගැහැණියක් මුදලට විකුණන, දුප්පත් නිවටකමට තම දියණිය විකුණන බියජනක කුරිරු සමාජයක් තුල අප්‍රතිහරිත ධෛර්ය්‍යයෙන් හා අධිෂ්ඨානයෙන් පිරි ලක්ෂ්මී නම් ඇය බියගුල්ලන් පිරි රටක වීරවරියකු වූවාය.
ඉන්දීය වානිජ හා ජනප්‍රිය ධාරාවෙන් අයත් නොවන මෙවැනි විකල්ප ධාරාවේ විශිෂ්ඨ ආකාරයේ නිර්මාණ සම්මාන උළෙලවල්වල ඇගයිමට ලක්වුවද, සාමාන්‍ය පොදු මහජනයා අතර කථා බහට ලක් නොවන අතර බයිස්කෝප් අඩවියතුල මෙවැනි ආකාරයේ නිර්මාණ රසවිඳින සුළු පිරිසක් ඇති අතර මාද කෙනෙනි, ලෝකයේ බිහිවු හොදම චිත්‍රපට අප නැරඹුවේ මෙම අඩවියට පිංසිදුවන්නට බැවින් රටවල් 195 ක් ඇති මෙම විශ්වය තුල බිහිවන හොද නිර්මාණයන්ට උපසිරැසි ලබා දීමට ඔබටත් ආරාධනා කරමින් නවතිමි. බයිස්කෝ අඩවියට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,540 downloadsDownload Lakshmi-2014.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/chandana-madihage-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Chanmatara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
44 comments
THE NEW FOLDER
dedunu
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...
ජය වේවා...Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!dagi1
PATTA MALLI PATTA
gihan perera
Well done bro...Thanks so much...keep continue it...god bless you...
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
hasi.shah
Thanks, Real life & still happening
Kanchaka
Thanks bro.....
SanjulaJeter
thanks
Rmkmobile
Thanks bro sub ekata.... jaya wewaa...!
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයSuranjan
Thanks machan......jayawewa.....!
malith
Ela ela
චතුෂ තුෂර කුමාර
ඉතාමත් හොඳ සිනමාපටයක්... ඔබ පවසා ඇති අන්දමේ "ජනප්‍රිය ධාරාවට අයත් නොවන මෙවැනි විකල්ප ධාරාවේ විශිෂ්ඨ ආකාරයේ නිර්මාණ"යන්ට මමද ඇළුම් කරමි. එවැනි සිනමාපට මග හැරී යන්නට නොදී අපටත් රසවිඳින්නට ලබා දීම පිළිබඳව බොහෝමත්ම ස්තූතියි...
Measha
ඇත්තට මම ගොඩක්ම කැමති සත්‍ය කතා පාදක වුනු සලරූ රසවිදින්න .
ඔබට සුභ පැතුම්..
තව දුරටත් පරිවර්තන කර්‍යෙහි යෙදෙන්න
RDGamage96
The Death of superman animated movie sinhala sub dennako
Rosheen Fernando
අවුරුදු ගානක් හොය හොය හිටපු චිත්‍රපටයක්.
ස්තුතියි.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Wicki
මිනිසුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලයන් පිළිබඳ නිර්මාණ ඇත්තේ ඉතා අතලොස්සයි . එවැන්නක් අපට තිලින කල ඔබට මගේ ප්‍රණාමය
jstar
brilliant work bro thanks a lot
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....
Lalani Maduwanthi
Thank you,,,,,lassanai film 1k,,,,,
harshani11112
ස්තුති සහො
Hashan M. Priyadarshana
සබ් එකට තෑන්ක්ස් සහෝ
N_R
Thanks..
Dewadithya
Thanks!
sandharu
Thankss broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wgrrajapaksha
baiscope.com site eken download karana widiya step by step kiyala dennako
Tharindu-jayalal
Thank you
jagath55
Thanks
kumaradasa
saho ma waga film ekakata sub dunna eka godak watinawa.atthatma waya karapu kalaya sub danda godak watinawa.essaharahatat ma waga wanija darawan miduna ,samaja yatartaya pannana hoda nirmanayanta sub danda.godak sttuie sub ekata.
Shalitha Thiranjaya
thans <3
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!Su
Thanks saho sub ekta.. :)
Su
Thanks saho sub ekta.. jayen jaya :)
agdanawathi
ela thanks
Gayan Chathuranga
thanks bro!
heshan
thanks
නිමල් දිසානායක
මොන ශානරයෙ වුව හොඳ හැටි කර තිබෙන
film බලමි ඉඩකඩ හැටියට තියෙන
බාගෙන ටික දොහක් ගතවීලා තිබුණ
මේක බලද්දී, හිත තරහෙන් පිරිණනපුරු විය හැකිද මෙතරම් මිනිසුන්ට
අසරනුන්ට නැතිමද පිහිටක් අවට
නෑ තියෙනවා! සවියක් නැඟිටල එන්ට
ලක්ෂ්මී කියා දෙයි පාඩම අප සැමටවඩයි දිරිය, දෙයි සවි, එඩිතර වෙන්ට
අනුන් ගැනත් කරුණාවෙන් සලකන්ට
වරදක් තියේ 'chanmatara' කියන්නට
බැලුවට ෆිලුම, හැඬුණා මදි නොකියන්ට!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…