ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆ…
ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි “Last Chance Harvey”. 2008 වර්ෂයේ දෙසැම්බර් 25 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නේ. IMDb වාර්ථා වල 6.7 අගයක් සටහන් වෙලා තියනවා.පැයකුත් මිනිත්තු තිස් තුනක ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය ලියලා වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joel Hopkins.මේ ෆිල්ම් එක ආදර / නාට්‍ය කියන කොටස් දෙකටම වර්ගීකරණය කරන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Dustin Hoffman, Emma Thompson, Kathy Baker අය දායක වෙලා තියනවා.
පම්පෝරි ගැහුවා ඇතිනේ? අපි කථාව දිහාට හැරෙමු. කථාවේ ප්‍රධාන චරිතය “හාර්වේ” නිත්‍යානුකුලව විවාහයෙන් වෙන් වූ ඔහු රුපවාහිනී වෙළද දැන්වීම් හා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. එයා වැඩ කරන්නේ නිව්යෝක් වල.ඉතිං හාර්වේ ට කරන්න ලොකු රාජකාරියක් පවරනවා එයාගේ ආයතනයේ ප්‍රධානියා. ඉතිං ඒ වැඩේ බාර දෙන්න තියන අනිතිම අවස්තාව තම ඒ. රාජකාරි වැඩ අස්සේ හාර්වේගේ දුවගේ විවාහ මංගල උත්සවය ලන්ඩන් වල පවත්වන්නත් තීරණය වෙලා තියනවා.ඉතිං මෙයා බොස් ගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන ඉක්මනට රාජකාරියට වාර්ථා කරනවා කියන පොරොන්දුව පිට ලන්ඩන් වලට ගිහින් විවාහ මංගල උත්සවය ට සහභාගී වෙලා ආයෙත් නිව්යෝක් වලට යන්න ගුවන් තොටුපලට එනකොට අවාසනාවකට එයට ගුවන් යානය මග ඇරෙනවා.එයා සිද්ධිය බොස් ට දුරකතනයෙන් කිව්වත් ඔහුගෙන් කිසිම සමාවක් නම් ලැබෙන්නේ නෑ. ඉතිං මේ වෙලාවේ එයා ගුවන් තොටුපලන් එයා නවාතැන් ගන්න හෝටලේට එනකොට මෙයාට හම්බෙනවා කේට් කියලා ගෑනු කෙනෙක්.ඉතිං ඊට පස්සේ වෙන දේවල් දැනගන්න කථාව බලන්න හැමෝටම ආරාධනා කරනවා
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.මේ ෆිල්ම් එක මට බාරදුන්න විමුක්ති සොයුරා ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතිං තවත් උපසිරසියකින් හමුවෙමු !!! ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,893 downloadsDownload Last-Chance-Harvey-2008.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/YasiruJayasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
11 comments
Kantha_DLA
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යසිරු සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…..
ඔබට ජය……!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…..
jagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro
namika
thanks mchn ela!
Nuwan d
thanks mcho...me wge twa love story denno
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!