Watch Trailer

The Mountain (2012) aka Dag Sinhala Subtitles | එකෙක් මියයද්දී, තව දහසක් නැඟිටීවි [සිංහල උපසිරැසි සමග]

මේක තුර්කි චිත්‍රපටයක්. හිමෙන් වැසී ගිය කන්දක් උඩ කැඩුණු ඇන්ටෙනාවක් නැවත යථා තත්වයට ගන්න හිතාගෙන සොල්දාදුවන් හතර දෙනෙක් යනවා. මේ සොල්දාදුවන් අතරේ එක්කෙනෙක් ඉන්නවා තුර්කියේ පිරිමි අය හැමෝම අනිවාර්ය යුධ හමුදා සේවයේ යෙදීමේ පදනම මත හමුදා සේවයට ආපු සොල්දාදුවෙකුත්. ලුතිතන්, සාජන්, Short-Termer සොල්දාදුවා…

මේක තුර්කි චිත්‍රපටයක්. හිමෙන් වැසී ගිය කන්දක් උඩ කැඩුණු ඇන්ටෙනාවක් නැවත යථා තත්වයට ගන්න හිතාගෙන සොල්දාදුවන් හතර දෙනෙක් යනවා. මේ සොල්දාදුවන් අතරේ එක්කෙනෙක් ඉන්නවා තුර්කියේ පිරිමි අය හැමෝම අනිවාර්ය යුධ හමුදා සේවයේ යෙදීමේ පදනම මත හමුදා සේවයට ආපු සොල්දාදුවෙකුත්. ලුතිතන්, සාජන්, Short-Termer සොල්දාදුවා සහ Long-Termer සොල්දාදුවා යන මේ හතර දෙනා කන්ද උඩ ඇන්ටෙනාව අලුත්වැඩියාවට යන අතරෙදි සතුරන් පිරිසකගේ වටලෑමකට (Ambush) අහු වෙලා පැන ගන්න හදනකොට ඉතුරු වෙන්නේ දෙන්නයි. ලුතිතන් සහ සාජන් දෙන්නා වෙඩි ප්‍රහාරයකින් මිය යනවා.

ඒ අර අවසානෙට කියපු දෙන්නා. ගියේ යුද්ධයකට මැදි වෙයි කියලා හිතාගෙන නෙවෙයිනේ. ඒ නිසා ඇති තරම් උණ්ඩ, තුවක්කු එහෙමත් නෑ. තුවක්කු දෙකයි මැගසින් දෙකයි තමයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඉඳන් හමුදා ජීවිතයකට හුරු වෙන්න ගියාම තියෙන වෙනස්කම් මේකෙන් පැහැදිලි කරනවා. මුලදි මුලදී එකිනෙකා නොරුස්නා ස්වභාවයෙන් හිටපු මේ තරුණ මේ තරුණ සොල්දාදුවෝ දෙන්නා හිමෙන් වැසුනු කන්දක් නිසා කවදාවත් නොබිඳෙන සහෝදරත්වයක් ඇති කරගන්නවා. තුර්කියේ සොල්දාදුවන් කොට්ඨාශ දෙකක් ඉන්නවා. එක් පිරිසක් හඳුන්වන්නේ Short-Termers (කෙටි කාලීන) කියලා. අනිත් අය තමයි Long-Termers (දිගුකාලීන) කියලා හඳුන්වන්නේ. තුර්කිය කියන රටේ අවුරුදු 20 ඉඳන් අවුරුදු 41 දක්වා සෑම පිරිමි අයෙක්ම මේ හමුදා සේවය (Conscription) කලයුතුමයි. ලොකු කාලයක් නෙමෙයි. අවුරුද්දක් හෝ මාස හයක කාලයක්. අරමුණ ඒ රටේ වැසියන්ගේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමලු. එහෙම හමුදා සේවය නොකර ඉන්නව නම් යුරෝ 7711ක (ශ්‍රී ලකා රුපියල් 1467695.00ක පමණ) මුදලක් ගෙවලා Military Service එකෙන් නිදහස් වෙන්නත් පුලුවන් හැකියාවක් තියෙනවලු. සල්ලි තියෙනවා නම් ඉතින් අවුලක් නෑ ඒකෙත්.

මේ චිත්‍රපටයේ IMDb අගය 8.2ක් අරන් තියෙනවා. පැය 1 යි මිනිත්තු 30ක් පුරාවට ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි. අපිට හුරු ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි දෙබස් තියෙන්නේ. තුර්කි භාෂාවෙන්. ඒ නිසා නිකම් කණ ලඟට තියලා ටින් තට්ටු කරනවා වගේ පොඩි අවුලක් නම් තියේවි. අනික තමයි තුර්කි භාෂාවේ වාක්‍ය ඛණ්ඩ ටයිම් ලයින් එකේ වැඩි වෙලාවක් රැඳෙන්නේ නෑ. බොහොම කෙටි වෙලාවක් තියෙන්නේ. සිංහල වාක්‍ය කියවලා ඉවරවෙන්නත් කලින් ඊලඟ වාක්‍ය කොටසට මාරු වෙන හැඩයක් තිබුන නිසා මම ටයිම් ලයින් එක සීරු මාරු කරලා තියෙනවා කිසිම අවුලක් නොවෙන විදිහට. චිත්‍රපටයේ පසුබිම මේ විදිහට නොදැන බැලුවොත් නම් විදේශීය භාෂා චිත්‍රපටයක් බලද්දී අමාරුවේ වැටෙනවා. ඒ නිසයි ඒ විස්තර ටික දැම්මේ. දිගට හරහට වෙඩි තැබීම් නම් නැතිවුනත් හොඳ රසවින්දනයක් ලබා ගන්න පුලුවන් චිත්‍රපටයක්. BRRip එකක් හොයාගන්නම බැරි වුන නිසා DVDRip එකකට උපසිරැසි කලත් quality එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ. මේ චිත්‍රපටයේ දෙවෙනි එකකුත් ඇවිත් තියෙනවා The Mountain II (2016) කියලා. ඒකත් ඉක්මනටම අරන් එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ජයවේවා.

මේ චිත්‍රපටයට සිංහල කරගෙන යද්දී මගේ හිතට වැදුනු ලස්සන කියමනක් තියෙනවා ඒකත් මෙහෙම සටහන් කරන්නම්. මොකද ඒ කියමන තුල යුද්ධයේ අපි නොදකින හැබෑව ගැන අපූරු සලකුණක් මේ වාක්‍ය කොටස ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.

“ඉතිහාසය ලියවුනේ යුද්ධ වලින් දිනපු ලොක්කෝ ගැන මිසක්,
යුද්ධය වෙනුවෙන් සටන් කරපු සොල්දාදුවන් ගැන නෙමෙයි.”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා අදාළ වේ.

5,802 downloadsDownload Dag-2012.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,802 downloadsDownload Subtitles39 KB

29 comments

  1. hasitha86

    thanks!!!!!!!!!!!!!!!

  2. zoori

    THNKZ

  3. New day

    සුපිරි machan නියම වැඩක්

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. gihan perera

    Well done bro....thanks sub ekata...jaya wava...God bless you....

  6. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.....
    ඔබට ජය......!

  7. Udara Damith Dissanayaka

    මන් නම් කියන්නේ ලංකාවෙත් ඔය සිස්ටම් එක ගේන්ඩ ඕනි
    දන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මොන මගුලක් වත් බෑ නෙ
    හමුදා පුහුණුව රැකියාව හමුදාවේ අවුරුදු දෙකක්වත් තියෙන්ඩ
    කරන්ඩ ඕනි එතකොට හොදයි

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. dumidu gamage

    thanks bro anith film ekath ikmanata denna

  10. Menake Edirisinghe

    Thank You..!!!!

  11. dilsku

    Thanks brooo

  12. James DC

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  15. kodagoda

    tnx sahoo

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Sanath Perera

    thanks saho sub ekatta...
    jayen jaya...

  18. anilrasa

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි ....

  19. lakshan94

    DAĞ (The Mountain) 2012 torrent fill eka hoyagnna ba help ona

    1. sasi1111

      magnet:?xt=urn:btih:c299b8638c38d656262f71201f4b187e2b9ad646&dn=Dag+%282012%29+DVDRip+XviD-LTRG&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

  20. sasi1111

    Sub ekata tnx macho
    Puluwannam Torrent link ekak dipanko

  21. sasi1111

    magnet:?xt=urn:btih:c299b8638c38d656262f71201f4b187e2b9ad646&dn=Dag+%282012%29+DVDRip+XviD-LTRG&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
    Oya link eken gando......

  22. sinethshan

    fillm eka download karanna link ekak nedda?

    1. Sakdu Kawnika

      mamath download karanna sarch kara web site ekak/ link ekk hamba une n

  23. isuru_l

    meke 1080p film eke thiyana wrb ejak dnn kenek innwa nn link eka rply krnnko

  24. Nidi

    ඉතා විශිෂ්ට ෆිල්ම් එකක්. නියම සබ්ස්. තවම මොකුත් කියාගන්න, හිතාගන්න බැරිව ගල්බීත වෙලා වගෙයි! දමිත්, ගොඩක් ස්තුතියි. හෙටම මේකේ 2 බලනවා හැකි වුණොත්! ජය!

  25. Nirosha Nirosha

    thanks

  26. Sakdu Kawnika

    me film eka download kara ganne kohomada?

  27. Nishan

    Thanx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.