සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ…

සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.
නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ වැඩ පෙන්නන කෙනෙක් තමයි වෑන් ඩෑම්. ත්‍රාසජනක ක්‍රියාදාම නළුවන්ට එයාලටම ආවේනික එක් එක් සටන් ක්‍රම තියනවා. ඒ වගේම ඒ එක් එක් අයගේ අනන්‍යතාවය පෙන්වන එක ක්‍රමයක් තියනවා. නැත්නම් එක ඇක්ෂන් එකක්. මෙහෙම කියන්නේ වෑන් ඩෑම්ගෙත් ඒ පා පහර, චිත්‍රපට බලන ඔයාලට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැති වෙයි.
Wake of Death (2004)
සංවිධානාත්මක අපරාධ ලෝකයෙන් බෙන් ආචර් අයින් වෙන්න තීරණය කරනවා. ඔහුගේ සැලැස්ම තම බිරිඳ සින්තියා හා එකම පුතු නිකොලස් සමඟ නිදහසේ ජීවත් වෙන්නයි. ඔහුගේ බිරිඳ සමාජ සේවිකාවක් වන අතර ආගමන නිළධාරීන් සමඟ අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව කටයුතු කරයි. දිනක් සින්තියාට මේ සරණාගතයින් අතර වයස 14ක් වන කිම් නම් දැරියක් හමුවන අතර සින්තියා ඇයව ගෙර ගෙන එන්නේ ඇයව කඳවුරක රැයක් නොතියා, ඇයගේම ආරක්ෂාව පිණිස පසුදින උසාවියට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒත් සින්තියා දැනගෙන හිටියේ නෑ ඇය මේ ගණුදෙණු කරන්නේ මහා විනාශයක් එක්ක කියලා…
2004 දෙසැම්බර් 18 වනදා එක්සත් ජනපදයේත්, 2005 ජනවාරි 19 වනදා ප්‍රංශයේත් තිරගත වීම ආරම්භ වුන ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මේ. මෙම චිත්‍රපටය Alan Latham, Philippe Martínez, Stéphanie Martínez, Stanley Roup විසින් නිෂ්පාදනය කර ඇති අතර අධ්‍යක්ෂණය Philippe Martínez විසිනි. මෙහි බෙන් ආචර් ලෙස Jean-Claude Van Damme, සුන් ක්වාන් ලෙස Simon Yam, සින්තියා ආචර් ලෙස Lisa King, නිකොලස් ලෙස Pierre Marais, කිම් ලෙස Valerie Tian, ටෝනි ලෙස Tony Schiena, මැක්ස් ලෙස Anthony Fridjhon සහ රේමන්ඩ් ලෙස Claude Hernández සමගින් හොගින්ස් ලෙස Danny Keough රංගනයෙන් එකතු වේ.
විනාඩි 86ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.7 ක්, Rotten Tomatoes 43% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 87%ක කැමැත්ත ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,513 downloadsDownload Wake-of-Death-2004.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
54 comments
ශාමල් මනෝජන්
ROACH
♥♥ ¯\_(ツ)_/¯
Shaggy
Thank you very much brthr
Lakmal
Ray(2021) Hindi Series ektai
Cold Case(2021) Malayalam movie ektai sub denne ndda baiscope
Ane mnda me parana ewa allan dagalanne mokataiAnonymous
ඇයි දැන් උඹල කැමති ඒව විතරද දෙන්න ඕනෙ.අනික ඔය ඉන්දියන් මල ජරාව උඹලටම හොඳයි..මලයාලම් බලන්වට වඩා දාහෙන් සම්පතක් මේ වගෙ පරන ෆිල්ම් බලන එක..
charitha
වැන් ඩෑම්ව දන් නැති සිප්පියො එක්ක කවර කතාද.??අනේ ඉතින් මහ ලොකු ෆිල්ම් රසිකයො..
Anonymous
පරන ඒව අල්ලන් දඟලන්නෙ මොකද, ඒව බලන සෙට් එකක් ඉන්න හින්ද.අනික මේ ෆිල්ම් එක මම ටිකකට කලින් බැලුව..ඇක්ශන් ෆිල්ම් බලන ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් මට්ටමක ෆිල්ම් එක තිබ්බා.ඒ හින්ද බන් තමන් බලපු නැති ෆිල්ම් එකක් ගැන කියන්න එපා..අනික වෑන් ඩෑම්ගෙ ෆිල්ම් එකකට මේ විදිහෙ කමෙන්ට් දාන්න එපා බන්.උඹෙ නොදැනුවත්කමතමා පේන්නෙ..
Hasitha
මචන් මලයාලම් ෆිලුමක් බලල ඇවිත් කමෙන්ට් කරපන්,නිකන්ම උබේ රෙද්ද බිම දාගන්නේ නැතුව,ලෝක සිනමාවම කතා කරපු imdp ටොප් ඇතුලට රිංගපු Drishyam වගේ ෆිල්ම් බිහිවුන තැනක් මලයාලම කියන්නේ
Anonymous
ඒත් මම බැලුව ඇයි මේ කමෙන්ට් එක පරක්කු කියලා.ඕනම රටක හදන ෆිල්ම් වලින් කීපයක් හොඳ මට්ටමේ තියෙන එක මහ පුදුමයක්වත්,ඒ සිනමාව මාරයි කියල කියන්නවත් හේතුවක්වත් නෙවෙයි..ලංකාවෙ ෆිල්ම් උනත් ඔය ටික තමයි..බලන්න පුලුවන් මට්ටමේ සුපිරි ෆිල්ම් 10ක් 15ක් තියෙනව තමයි.එහෙමයි කියලා ලංකාවෙ මාරම සිනමා කර්මාන්තයක් තියෙනව කියල කියන්න බෑනෙ..ඒ වගේම තමයි මලයාලම ෆිල්මුත්.ඉන්දියාවෙ මිනිස්සුන්ට හොඳයි ඉතින්.ලංකාවෙත් බහුතරයක් සිනමා රසිකයො ගැන කවර කතාද.ලෝකෙ තියෙන එකම සිනමාව ඉන්දියාවෙ තියෙනව කියල හිතාන ඉන්න උන එක්ක තව මොනාද ඉතින්.අනේ ඉතින් ලෝක සිනමාවෙ කතා කරපු නල්ල මලේ නිර්මාණ.ලෝක සිනමාව හොල්ලපු ෆිල්ම් බලල නැති උන්ට බලන්න හොඳයි.තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ.මුලු ලෝකෙම එක ආරක ෆිල්ම් නිර්මාණය කරද්දි දකුණු ආසියාවෙ විතරක් මෙලෝ රහක් නැති ෆිල්ම් නිර්මාණය කරන්නෙ හේතුවක් තියෙන හින්ද.මොකද ඉන්දියාවෙ ෆිල්ම් හදන උන් දන්නව බලන උනුත් එහෙම්මයි කියල.මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප,රසවින්දනය,හිතන විදිහයි වෙනස් වෙන්න ඕනෙ..එදාට අපි කතා කරමු ලෝක සිනමාව හොල්ලපු නිර්මාණ ගැන.දැනට මලයාලම් ෆිල්ම් තමයි හොඳම කියලා හිතාගෙන මදි පාඩුවට දෙමළ ෆිලුම්කුත් බලාන ඉන්න..
charitha
සිරාවටම බන්..ගුණාත්මක ෆිලුමක් දුන්නොත් ඒව මෙලෝ රහක් නෑ කියන උන් එක්ක ෆිල් ගැන කතා නොකර ඉමු.
අඩුම තරමෙ මුන් දන්නවද දන් නෑ ස්පාඤ්ඤ,ප්‍රංශය,ඉතාලිය,යූකේ,ජපානෙ,ජර්මනිය,කොරියාව(ෆිල්ම්),කැනඩා,රුසියාව,ඔස්ට්‍රේලියාව,හංගේරියාව,ඩෙන්මාර්.ඉරානය,පෝලන්තෙ වගේ රටවල් ෆිල්ම් නිශ්පාදනය කරනව කියලවත්..වැරැද්දක් කියන්න බෑ ඉතින්..ලංකාවෙ ටීවි වලත් ඉතින් පෙන්නන්නෙම ජරාවනෙ..අපේ උනුත් ඒවම බලනව..බලල පාඩුවේ හිටපන්කො.නෑ තව රෙද්ද උස්සන් තර්ක කරන්නත් එනව..හොඳම ෆිල්ම්..රෙද්ද තමයි..Anonymous
මලයාලම් මැජික්ලු.අපොයි.ගොඩයන්ට මැජික් වෙන්නඇති.අඩුම තරමේ ලේ ටිකක් හැලුනොත් ඒ සීන් එක තාත්විකව ගන්න පුලුවන් තරමෙ තාක්ශනයක් නැති ෆිල්ම් වලට මැජික්ලු..මැජික් තමා යකෝ ෆිල්ම් බලල නැති උන්ට..
Anonymous
අනික හසිත සහෝ imdp නෙවෙයි imdb.ඒ කියන්නෙ Internet Movie Database .අකුරු හතරක් හරියට කියවගන්න බැරි උන් සිනමාව ගැන තර්ක කරනව.ඕන් උඹෙ රෙද්ද බිම.දැන් අහුලගනින්.
Hasitha
සොරි මචන් imdb..මමත් හැම බාසාවකම ෆිල්ම් රසවිදින කෙනෙක් මචන් ඕනනම් ගිහින් බලපන් බයිස්කෝප් සබ් දීපු වෙනස් ෆිල්ම් වල කමෙන්ට් සෙක්ෂන් එකට ගිහින්..උබ මලයාලම් වැඩක් නෑති සිනමාවක් කියපු නිසයි මන් අරම කිව්වේ.හැම බාසාවකම සුපිරි ෆිල්ම් තියෙනෝ,ඒවා රසවිදින උන්ටත් ගරු කරපන් මචන්
Anonymous
ane hipatuwo tho malayalam movie ekak balala thyeda thathwika labbak katha karanne
10k 20k wedi thyaddi eka bullet ekakwath wadinne nathi superman la inna film balana uba thathwika labbak katha krnow
ane plyn gas hiwaloAnonymous
උඹලගෙ මහලොකු ෆිල්ම්වල එක පාර 20ක් එක්ක විතර ගහ ගන්න එක හෙන තාත්වික ඇති නේද.ෆිල්ම් මැද්දෙන් පිස්සු හැදිල වගේ 20ක් 30ක් වට කරගෙන නටන එක හෙන පට්ට ඇති නේද..මෙලෝ තාත්විකබවක් නැති ආදර කතා සුපිරි ඇති නේද.මොන මගුල උනත් අවසානෙට වීරය දිනන එක මරු ඇති නේද..අවුරුද්දකට සැරයක් එන එක හොඳ ෆිලුමක් අල්ලන් නටන තොපි එක්ක අපිට කවර කතාද..ගොඩේ උන්ට හොඳයි ඉන්දියන් ෆිල්ම්..
Anonymous
okane gas hiwalo balala enna kiwwe
oya uba kiyana ewa thyenne hindi,tamil,kannada ewai
malayalam kynne boru sobana nathi thathwika cinamawak thyna thanak
ykuw hama ratakama film blala wiwechanaya krpn blnne nthuwa katha nokara,blpn dn ubtama neh lajja me comment wena ekek kiyawadhdhiAnonymous
උඹට කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි බන්..සුපර්මෑන් ගැන කියල තියෙන ටිකෙන් හිතාගන්න පුලුවන් උඹෙ කොමික් රසවින්දනය ගැන..ඒ ෆිල්ම් වල තියෙන ගැඹුරු තේරුම්,පණිවිඩ,සමාජ යතාර්තය ගැන මෙලෝ දැනුමක් නැතිව සුපර් මෑන් වට කරගෙන ගහනවලු..
මම අද වෙනකොට මලයාලම් ෆිලුම් 5ක් විතර බලල ඇති.උඹල ඔය මහලොකුවට කියන ඩ්‍රිශ්යමුත් බලල තියේ..මටනං ඔය හයිප් එක තරං දෙයක් දැනුනෙ නෑ..love,great indian kitchen,keppala,dia,kala,charlie,mayanadi වගේ ෆිල්ම් යාලුවො රෙකමන්ඩ් කරපු හින්ද බැලුවට ඒ තරං සෙට් උනේ නෑ..හැබැයි අපේ සෙට් එකෙත් හිටියා ඉන්දියන් විතරක් බලපු සෙට් එකක්..අපිව අවුරුදු 5ක් ආශ්‍රය කරල උන්ගෙ ඔය ඉන්දියන් මානසිකත්වය තනිකරම නැති කර ගත්තා..අදටත් උන් උන් ගැනම කිය කිය හිනාවෙනව.."අපිත් කාලයක් ඉන්දියන් බැලුවනෙ කිය කිය.."
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
පුළුවන් නම් මේ ෆිල්ම්වලින් කැමති එකකට සබ් දෙන්නකො සහෝ
Kill Theory (2009)
The Hole (2001)
House of 9 (2005)
Fermat's Room (2007)
The Killing Room (2009)Anonymous
මෙන්න මිනිස්සු
අනුන්ගෙ රසවින්දනයට තුප්පහි කතා නෑ
තමන් කැමති එකක් දුන්නොත් බැලුවා කැමති එකක් ඉල්ලුවා උපසිරසිකරුවව දිරිමත් කරලා කමෙන්ට් එකකුත් දැම්මා වැඩේ ඉවරයිAnonymous
ඇත්ත තිත්තයි නේද.
Sahan
බාල වැඩ කරන්න එපා ෂාමලයෝ
උබ උදේ කමෙන්ට් දාපු එකාට නමෙන් වරෙන් කියලා කයිවාරු ගහලා මෙතන නම නැතුව බුරනෝ බල්ලෙක් වගේ
උබලා වගේ දෙපිටිකාට්ටුවෝ නම් සයිට් එකට විතරක් නෙවෙයි රටටත් බරක්
අනිත් උන්ගේ රසවින්දනයට අපහාස කරන උබ වගේ උන් හින්දා සයිට් එකත් වලපල්ලට යන දවස වැඩි ඈතක නෙවෙයිශාමල් මනෝජන්
මම කවදාවත් නම නැතුව Reply කරන්නේ නෑ. මං මේ සයිට් එකෙන් සබ් ගන්නේ 2009 ඉදලා. Reply කරන්න ඕනේ නැත්නම් නිකං ඉන්නවා. එච්චරයි. උඹලා වගේ ලංකාවෙ ආමි එකට බනින දකුණු ඉන්දියාවේ කුණු ගොඩවල් බලන එවුන් එක්ක රණ්ඩු කරනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක.
Supun
බලන්න ඉතිං නේද ස්තූතියි කියල අකුරු හතරක් ටයිප් කරල කමෙන්ට් එකක් නොදාන මිනිස්සු සක්කිලි වගේ බැනගන්න විතරක් තකහනිය සැරින් සැරේ ඇවිල්ලා පත හෑලි ටයිප් කර කර බැනගෙන තියන ලස්සන :D ඊයා බං උබලා 💩 තව මනුස්සයෙක්ගෙ රසවින්දනයට ගරු කරන්න දන්නැති මිනිස්සු...
සිංහල ස්තූතියි රොෂාන් සහෝදරයා අරුන් කියන ඒව ගණන් ගන්න එපාAnonymous
ගරු කරන්න තරං රසවින්දනයක් තියෙන්න එපැයි බන්..තිබ්බනං අපිත් ගරු කරනවා.එව්නාට මෙලෝ රහක් නැති ඒව අගය කරන්න තරං අපිට මොංගල් නෑ මචන්.
Suranjan
Thanks jayawewa....!
ශාමල් මනෝජන්
පරණ ෆිල්ම් වලට බනින අයට දෙන්න පුලුවන් ලොකුම දඬුවම තමයි බයිස්කෝප් වෙබ් අඩවිය පිරිලා ඉතිරිලා යන තරමට පරණ ෆිල්ම් සබ් දෙන්න ඕනේ. පුලුවන් හැමෝම එකතුවෙලා සබ් කරන්න ඕනේ පරණ ෆිල්ම්ම. මගේ එකම ප්‍රාර්ථනාව බයිස්කෝප් වෙබ් අඩිවියෙන් දිනපතාම පරණ ෆිල්ම් ලැබේවා කියලයි.
රොෂාන් සහෝ දිගටම පරණ ෆිල්ම් දෙන්න. මේ පහළ රණ්ඩු වෙන අයට දෙන්න පුලුවන් ලොකුම කනේ පාර බයිස්කෝප් එක පරණ ෆිල්ම් වලින් පුරවන එක.
වෑන් ඩෑම් ගේ මේ ෆිල්ම් ටිකත් දෙන්න.Black Eagle - 1988
Street Fighter - 1994
Knock off - 1998
Legionnaire - 1998
The Hard Cops - 2006
Until Death - 2007
The Shepherd - 2008
JCVD - 2008Anonymous
තෝ නිසා තමයි මේ ඔක්කොම
අනුන්ගේ රසවින්දනයට ගරු කරන්න දන්නැති තොපි වගේ උන් මකබෑවිලාම යන්න ඕනAnonymous
ගරු කරන්න තරං රසවින්දනයක් තියෙන්න එපැයි බන්..තිබ්බනං අපිත් ගරු කරනවා.එව්නාට මෙලෝ රහක් නැති ඒව අගය කරන්න තරං අපිට මොංගල් නෑ මචන්.
Udaya Fdo
Thank you
Chaminda Lakruwan
අම්මෝ පින් බං උබට මේ ෆිල්ම් එකට සබ් දුන්නට
මේ වගේ පරණ ෆිල්ම් වලටම සබ් දෙන්න
පුලුවන් නම් වැන් ඩෑම් ගේ JCVD 2008 ෆිල්ම් එකටත් සබ් දෙන්න බලන්න විදියක් නෑ සබ් නැතුවKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!අසේල
ස්තූතියි සහෝදරයා.. බුදු සරණයි
Pramukmili
Thanx bro.......
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. ස්තුතියි ඔබේ වෙහෙසට!!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
සිවෙන්ද්‍ර
Thank mcn
පහල ඇනොනිමස් පාහරයගේ තාත්තා
මේ වගෙ චාටර් ඒවට සබ් දෙන්න එපා ඕයි
සබ් එකත් අන්තිමයි මෙලෝ රහක් නෑ
මේවට සුපිරියි කියන උනුත් ඉන්නො නෙහ්Anonymous
පොඩ්ඩක් දෙකට නැමිලා ලෙවකාල බලපං..මෙලෝ රහක් නැතුව ඇති තමා..ඉන්දියන් ෆිල්ම් බලන එවුන් මෙලෝම රහක් නෑ තමා කොහොමත්..
Anonymous
ඔය උබේ තාත්තනේ බන්
ඔහොම කතා කරන්න එපාNadeera
මට සමාවෙන්න. මගේ වැරදි මට තේරුණා. මේ ඔක්කෝටම වග කියන්න ඔන මම නෙහ්. මම තමයි මේ ඔක්කොම කලේ. සොරි. මට වැඩ තියනෝ. මම යනෝ නෙහ්.
පල්ලෙහා කමෙන් එක දාපු එකා
මේකට පල්ලෙහා කමෙන්ට් එක දැම්මෙ මම..මට පරණ ෆිල්ම් එක්ක මාර තරහක් තියෙන්නෙ.ඒ ෆිල්ම් කොච්චර හොඳ උනත් මම බලන් නෑ..මොකද මට උසස් රසවින්දනයක් තියෙන ෆිල්ම් බලන්න බෑ..මට බලල පුරුදු මෙලෝ රහක් නැති ඉන්දියාවෙ ෆිල්ම් විතරයි..එව්ව මට මැණික් තරං වටිනවා.ඇත්ත කතාව මට ඒ ෆිල්ම් හෙනම හෙන ගොං කියලා තේරෙනවා.එව්නාට ඉතින් මොනා කරන්නද.මම හොඳ මට්ටමක මට්ටමක ෆිල්ම් බලන්න තරං පිං කරල නෑ.ඒ හින්ද මගෙ වැඩේ තමයි හොඳ ෆිල්ම් යටින් අර වගේ මී හරක් කමෙන්ට් දාන එක.ඒක මගෙ ස්වයං ආතල් එක..ඔයාල ඒක ගනං ගන්න එපා..මට සමා වෙන්න..
Anonymous
පවු ඉතින් අහිංසක ජීවිත
ශාමල් මනෝජන්
මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් තොරව මා විසින් කිසිදු කමෙන්ට් එකක් මා පාවිච්චි නොකළ බව වගකීමෙන් ප්‍රකාශ කරමි.
ශාමල් මනෝජන්
මේ සියලු කමෙන්ට් බයිස්කෝප් අඩවිය කෙරෙහි හා පැරණි සබ් දෙන රොෂාන් ශමීර සොහොයුරා කෙරෙහි ද්වේශ සහගත සිතින් හා මානසික රෝගයකින් පෙළෙන එකම පුද්ගලයකු විසින් කරන ලද ඒවා බව මා සිතමි.
gayan eranga
අඩෝ මේ කමෙන්ට් සෙට් එක ආතල් ඕයි..උඹලනං මරු ආතල් .ඔහොම යං..ඔහොම යං..නවත්තන්න එපා..මොනව උනත් ඇත්තත් ටිකක් විතර තියෙනවා ඉතින්..
Anonymous
ආ ශාමන් ලොක්කා..උඹනං මරු ඩයල් එකක්..මගේ ටේස්ට් එකම තියෙන නියම පොරක්..
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
ශාමල් මනෝජන්
මෙහි ඇති කමෙන්ට් බයිස්කෝප් අඩවිය කෙරෙහි ඊර්ෂ්‍යාවකින් සහ වෛරයකින් පසුවන යම්කිසි මානසික රෝගයකින් පෙළෙන එක්තරා පුද්ගලයකු විසින් කමෙන්ට් කරන ලද ඒවා වෙයි. මෙහි අරමුණ බයිස්කෝප් අඩවිය අපහසුතාවයට පත්කිරීම සහ රොෂාන් ශමීර සොහොයුරාට පරණ ෆිල්ම් සබ් කිරීම එපා කරවීම පිණිස කියන සහ කරන ලද ඒවා වෙයි. මාගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් තොරව මාගේ නම භාවිතා කරන ලද එකදු කමෙන්ට් එකක් සඳහා හෝ මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කරමි. බයිස්කෝප් වෙබ් අඩවිය කෙරෙහි ආදරය කරන මා හට බයිස්කෝප් අඩවිය අපහසුතාවට පත් කිරිමේ කිසිදු උවමනාවක් නොමැති බව දන්වනු කැමැත්තෙමි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පරණ ෆිල්ම් වලට සබ් දෙන්න.