Watch Trailer

Asura: The City of Madness (2016) AKA Asura with Sinhala Subtitles | වියරු වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ අලුත් අවුරුද්දක් වේවා! ඉතින් ඔන්න අද මම අරන් ආවෙ මමත් එනකල්ම බලාගෙන හිටපු ෆිල්ම් එකක් වගේම උපසැරසි දෙනකල් ඉවසීමක් නැතුව හිටපු චිතපටියක් අරගෙන.2016 සැප්තැම්බර් 28 තිරගත වුණ මේ චිත්‍රපටිය action/crime/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක් වගේම imdb 6.7 කුත් ලැබිල තියෙනවා.මේකට හොඳ ඉංග්‍රීසි සබ් එකක් එන…

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඉතින් ඔන්න අද මම අරන් ආවෙ මමත් එනකල්ම බලාගෙන හිටපු ෆිල්ම් එකක් වගේම උපසැරසි දෙනකල් ඉවසීමක් නැතුව හිටපු චිතපටියක් අරගෙන.2016 සැප්තැම්බර් 28 තිරගත වුණ මේ චිත්‍රපටිය action/crime/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක් වගේම imdb 6.7 කුත් ලැබිල තියෙනවා.මේකට හොඳ ඉංග්‍රීසි සබ් එකක් එනකල් ගොඩක් කල් බලාගෙන හිටිය.ඒ නිසා තමයි සබ් එක දෙන්න මෙච්චර කල් ගියෙ.හරි ඉතින් කතාව ගැන කියනවනම් මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිත කීපයක්ම තියෙනවා..

අංනම් වල නගරාධිපති පාක් සංග් බේ (Hwang Jung-min) කියන්නෙ එළියට හොඳ මූණ පෙන්නලා පුළුවන් තරමක් ජරා වැඩ කරන ඉක්මණින් කේන්ති යන මැරයෙක් වගේ නගරාධිපති කෙනෙක්.. මෙයා පොඩි පොඩි ගම් ටිකක් එකතු කරල ලොකු නගරයක් කරල සමාගමක් හදන්නයි ලෑස්ති වෙන්නෙ.ඒකට විරුද්ධ පක්ෂෙ කොහොමත් විරුද්ධයි.ඉතින් මේ නිසා තමයි මනුස්සය හුඟක් දරුණු ජරා වැඩ කරන්නෙ.. මිනී මැරුම් කුඩු ජාවාරම් වගේ දේවල්.

එතකොට හන් දො ක්යොන්ග් (Jung Woo-sung) කියන්නෙ අවුරුදු ගානක ඉඳන් අංනම් වල නගරාධිපති පාක් සංග් බේගෙ  වැරදි වැඩ කරන නගරාධිපතිගෙ වැරදි වහන පොලිස් නිලදාරියෙක්.ඒ වගේම මෙයාගෙ බිරිදට පිළිකාවක් නිසා ඉස්පිරිතාලෙ මැරෙන්න වැටිලයි ඉන්නෙ.මෙයාට සල්ලි ඕනෙ නිසා සහ ඒ බිරිඳ නගරාධිපතිගෙ අඩක් සහෝදරියක් වෙන නිසා තමයි හුඟක්ම නගරාධිපතිගෙ පව් වලට කර ගහන්න වෙන්නෙ.මෙයා සතියකින් පොලිසියෙන් අස් වෙලා නගරාධිපති ආරක්ෂකයෙක් හැටියට යන්නයි ලෑස්ති වෙලා ඉන්නෙ.ඒත් හදිස්සියෙම මෙයාගෙ අතින් එයාගෙ පොලිසියෙ ලොක්ක මැරෙනවා.ඒකට එයා එතන හිටපු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න එකෙක්ව අහු කරනවා..

එතකොට මුන් සොන් මූ (Ju Ji-hoon) කියන්නෙ හන් දො ක්යොන්ග් ගෙ සහෝදරයෙක් වගේ ඉන්න පොලීසියෙ එකට වැඩ කරන සඟයා.මේ දෙන්න අතර හොඳ බැඳීමක් තියෙනවා.පොලිසියෙ ලොක්කගෙ මරණෙ නිසා හන් දො ක්යොන්ග්ට නගරාධිපති ලගට යන්න බැරි වෙනවා.ඒ වෙනුවට මේ මුන් සොන් මූව එතන්ට යවනවා.. එතන්ට ගියාට පස්සෙ මූ හුඟක් වෙනස් වෙනවා.. නගරාධිපතිගෙ හොඳම ගෝලය වෙනවා..

අනිත් චරිතෙ තමයි කිම් චා ඉන්(Kwak Do-won) අභිචෝදක.මෙයා තමයි දැන් නගරාධිපතිව කොටු කරගන්න විමර්ශනය කරන කෙනා..මෙයත් එයාගෙ කණ්ඩායමත් එක්ක නීති විරෝධී විදියට තමයි මේ විමර්ශන කරන්නෙ.මෙයා දන්නව හන් දො ක්යොන්ග් නගරාධිපතිගෙ ජරා වැඩ කරන විත්තිය.ඉතින් හන් දො ක්යොන්ග්ගෙ වීඩියෝ එකක් එයාගෙ මැරෙන්න වැටිල ඉන්න නෝනට යවනව කියල තර්ජනය කරලා නගරාධිපතිව අල්ලගන්න සාක්ෂි අරන් එන්න කියනවා.. ඉතින් හන් දො ක්යොන්ග්ට වෙන්නෙ දෙපැත්තටම ඔත්තු කාරයෙක් වෙන්න..

මං කතාව නොකිය ඉන්නම්.. තේරෙනවනෙ මොකක්ද වෙන්න යන්නෙ කියල මෙතන.. අන්තිමේදී මේ සේරම එකට පැටලිලා මරා ගැනිල්ලක් තමයි තියෙන්නෙ.ඒ නිසා ලේ පෙරාගෙන කපා කොටා ගැනිලි හුඟක් තියෙනවා.මේ හේතුව සහ භාෂාව නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් තමයි හොඳ.බලල කියන්න කොහොමද කියලා..

ඒ වගේම මේකෙ සමහර වචන වැරදි නම් සමාවෙන්න.මොකද ඉංග්‍රීසි සබ් එකේ වැරදි ගොඩක් තිබුණා.. ඒත් කතාවට හානියක් නොවෙන්න මම සබ් එක කරා.

බුදු සරණයි!

 

 

Asura: The City of Madness (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Asura.The.City.of.Madness.2016.1080p.BluRay.x264.DTS-WiKi

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

3,927 downloadsDownload ASURA-THE-CITY-OF-MADNESS-2016-BR.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

Subtitles

3,927 downloadsDownload Subtitles106 KB

32 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. chamalkalum

      එසේම වේවා සහෝ!

    2. Banuuuu

      Kohomada dounlod karanne

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. chamalkalum

      එල...!

  3. mithun

    උදේම නැකිට්ට ගමන් ටි එකකුත් බිබී ආවේ සයිඩ් එකට මොනවද අලුත් එව කියල බලන්න එ පුරුද්ද අතාරින්න බෑ නෙ මෙක දැක්ක ගමන් සතුටු හිතුන ෆට්ට මචන් සුපිරි එකක් වගේ .. ඔන්න සතුටින්ම කිවුව යාලුවා දැම්ම අරගන්න්ව ස්තුතියි ගොඩක් උපසිරැසි ගන්නවල ගේනාවට

    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ ඔබටත් !! ජය..

    1. chamalkalum

      තද තද බ්‍රෝ.. මාත් උදේම ආවම මේක දැක්කෙ..

  4. විමා

    සුභ අලුත් අවුරුද්දක් වේවා
    උපසිරසට බොහොම ස්තුතියි කැලුම් :D

    1. chamalkalum

      සුබ අලුත් අවුරුද්දක් විමා සහෝ...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chamalkalum

      ජය!

  6. Sanjaya Chathuranga

    thanks yaluwa....

  7. Sanjaya Chathuranga

    සුභ අලුත් අවුරුද්දක් වේවා

    1. chamalkalum

      එසේම වේවා!!!!!!!!!

  8. අසිත

    elama saho thanks

  9. Jack

    පට්ටයි මචෝ....
    බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

    1. chamalkalum

      ජය!

  10. mithun

    අනෙ මන්ද ඔයා උපසිරැසි ගන්වල ගේනව අපි බලල පිස්සුවෙන් වගෙ කල්පන කරනව මොකද මෙ උනෙ කියල ෆට්ටම ෆිල්ම් එක
    තැන්ක්ස් මචන් මේවගෙ එවට උපසිරැසි දෙනවට

    1. chamalkalum

      බැලුවනම් නියමයි!!!!! තව එකක් අරන් එන්නම් ලගදිම ලොවෙත් නැති එකක්

    2. mithun

      The age of shadows 2016
      Imdb 7.5 Rotten tomatoes 100
      South korea
      Meka mn sahana kal dakala hoda ekak nawada mekatat sab dannako bro hoda nam

    3. chamalkalum

      හොදයි හොදයි මං බැලුවා... දෙන්නම්:.

    4. mithun

      වචනෙත් ඇති එලම සහෝ
      මෙ දවස් වල කොරියන් ඔල්ඩ් ෆිම් හොය හොය direct download කරා ගොඩක්ම ඔයාගෙ සබ් ෆට්ටම ෆිල්ම් ටිකක් බැලුව තව දෙකක් තියේ..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. mithun

    මේකෙ නගරාධිපති ට ඉන්න පොර නම් ෆට්ටම චරිතයක් තම මෑන් ඉන්න එව ගොඩක් බලලා තියේ .. චාමල් ඔයා කොරියන් ෆිල්ම් දීලම මට දැම් සුපිරි පොරවල් ටිකක් මතකයි ..
    පොරවල් ටික ඉන්නව කියන්නෙ ෆිල්ම් එක ගින්දර තම

  13. mithun

    මේ ෆිල්ම් එක ගැන නම් කතාකරල මදී මචන් ෆට්ට මෙක
    උම්බ නම් චාමල් සහෝ සිරාම උපසිරැසි කරුවෙක්
    සබ් එක ෆට්ට විදියට දානව

  14. mithun

    දැම් මගෙ කමෙන්ට් දැකල චාමල් හිටයිද දන් නෑ මානසික පොරක් කියල ...... හෙ.. නෑ මචන් උම්බෙ ෆිල්ම් අරම් බලන්නෙ පුදුම ආසවකින් .. සිරාවටම මම කොරියානු ෆිල්ම් ගැන ඉස්සර හිතම් උන්නෙ වෙනස්ම විදියට . හේතුව ටිවි වල ඩ්‍රමා නාට්‍යය දැකල ලව් ස්ටොරී හෙන ඔල්මාඩ කතා කියල හිතුවේ ෆිල්ම් පවා..
    දවසක් මොකක් හරි ලිපියක් දැකල තම පලවෙනි පාරට කොරියන් සිරියස් ෆිල්ම් එකක් බැලුවේ එ බලපු මුල් ෆිල්ම් එක තම මම ලග තියේ .. ඇත්තටම එදා හිතුන ආසියානු ෆිල්ම් වලට හැරෙන්නවත් බැ කියල එ කොරියන් මුල් පිටපතෙ හින්දි ෆිල්ම් එකක් පවා දැකල
    එදා ඉදම් අස්කම් මුල්ල්ලක් නෑ ගූගල් එකෙන් කොරියන් ටොප් සිරියස් ෆිල්ම් සාර්ච් කරන එක තම මගෙ වැඩේ මොනවද අලුත් ඒව එන්න තියෙන මේවට සබ් වැටෙයිද .. ඇත්තටම කිවුවොත් ෆිල්ම් පිස්සෙක් තම..
    එන එන සුපිරි ගනයෙ කොරියන් ෆිල්ම් දිගටම බැලුවත් මෑත කාලෙක තම ඔයාගෙ සබ් ඔයාවත් මට එන්ටර් උනෙ බ්‍රො ..
    ෆට්ටම ෆිල්ම් ටිකක් බලලා තියේ අමතක නොවන
    දිගටම වැඩේ කරන්න ඔබට ජය චාමල්

    1. chamalkalum

      ආ.. නෑ නෑ සහෝ එහෙම හිතන් නෑ.මං වගේම මෙහෙම ෆිල්ම් පිස්සෙක් ඉන්න එක ගැන සතුටුයි.මාත් ඔයා වගේම තමයි.අහම්බෙන් තමයි මාත් බැලුවෙ ෆිල්ම් එකක්.ඊට පස්සෙ හොය හොය බැලුවා.සිංහල නැති තැන ඉංග්‍රීසියෙන් බැලුවා.දැන් සබ් දෙන ගමන් බලනවා.තව ෆිල්ම් නම් තියෙනවා.මට වෙලාව තමයි නැත්තෙ.. පුළුවන් විදියට දෙන්න බලන්නම්.ඇත්තටම ස්තූතියි මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.ෆිල්ම් එක බලල ඉවර වුනාට පස්සෙ ඒ ෆිල්ම් එක බලපු එක ගැන සතුටු වෙනවනම් මට ඇති.ඒ වගේ ෆිල්ම් තමයි මං දෙන්න හිතාන ඉන්නෙත්.දෙන්නෙත්.ඒ නිසා ඕනෙම එකක් බය නැතුව බලන්න කියල මං ඉල්ලනවා.ස්තූතියි.

  15. Banuka

    සුපිරි ෆිල්ම් එක.සුපිරි උපසිරැසිය.thankuw වේවා CHAMAL Bro

    1. chamalkalum

      your welcome bro

  16. Jayz

    menna puthe film

  17. Dewadithya

    Thanks for Sub!

  18. sanjeewakbg

    Thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.