ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපි EDM කියන්නේ මොකක්ද කියල හොයල බලමු. EDM ගැන නොදන්නා කට්ටියත් ඇතිනේ. EDM නොහොත් Electronic Dance Music කියන්නේ පුළුල් පරාසයක පැතිරුණ එකක් එක දැන් ලංකාවෙත් පොඩ්ඩ පොඩ්ඩ ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ Electronic Dance Music ගොඩක්ම භාවිතා වෙන්නේ Night Club Music Festival වල…
ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපි EDM කියන්නේ මොකක්ද කියල හොයල බලමු. EDM ගැන නොදන්නා කට්ටියත් ඇතිනේ. EDM නොහොත් Electronic Dance Music කියන්නේ පුළුල් පරාසයක පැතිරුණ එකක් එක දැන් ලංකාවෙත් පොඩ්ඩ පොඩ්ඩ ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ Electronic Dance Music ගොඩක්ම භාවිතා වෙන්නේ Night Club Music Festival වල, (Tomorrowland,Ultra Music Festival වගේ). මේක ගොඩක්ම භාවිතා කරන්නේ DJ කරන කට්ටිය, මේක පටන් ගන්නේ 90 දශකයේ වගේ. නමුත් ඒ කාලයේ මෙය ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනේ නැ. 2002 2004 කාලය වනවිට මේක ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේක US වල ගොඩක් ජනප්‍රිය වුනා.
මේ Electronic Dance Music වල එක එක විභේදන තියෙනවා. ඒවා නමයි Techno, House, Trance, Dubstep වගේ විවිද කොටස් තියෙනවා මේ විවිද කොටස් වලට වෙන් වුන DJ කරන කට්ටිය ඉන්නවා. Techno නම් කට්ටිය අහල ඇතිනේ. හුගක් Electronic Dance Music නිර්මාණය කරලා තියෙන්නේ පරිගණක වලින් මොකද මේවා නිර්මාණය කරන්න පරිගණකයක් වුවමනා කරනවා. සමහර වෙලාවට ඔය EDM Tracks වල Vocal අඩංගුවන්නේ නැ, තියෙන්නේ Music එක විතරයි තියෙන්නේ Symphony වගේ. කලින් අවුරුදු වල වගේ මේ අවුරුදෙත් Sunfest එක තිබ්බා ලංකාවේ. එකේදී ඔය DJ’sලා භාවිතා කරන Track ඔක්කොම Electronic Dance Music වලින් Remix කරපුවා. ඔය ගොල්ලෝ Hardwell, Dimitri Vegas & Like Mike Armin Van Buuren, Tiesto, Martin Garrix, David Guetta ගැන එහෙම අහල ඇතිනේ Animals සින්දුවත්.
අපි එහෙනම් ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියල හොයල බලමු, Don”t You Worry Child කියලා සින්දුවත් අහල තියෙනවද? අහල තියෙන අය දන්නවා මේ සින්දුව කාගේද කියලා මේ සින්දුව Billboard Hot 100 වල 6 වෙනියට අවා. රටවල් ගණනාවක ජනප්‍රිය වූ මේ සින්දුව Swedish House Mafia ලගේ. ඔයගොල්ලෝ බලන්න යන ෆිල්ම් එකත් ඒ ගොල්ලෝ ගැන තියෙන එකක් මේ ෆිල්ම් එක 3 දෙනෙක් වටා තමා ගෙතිලා තියෙන්නේ මේක වාර්තා චිත්‍රපටියක්. ඒ 3න් දෙනා තමයි Axwell, Sebastian Ingrosso හා Steve Angello. මේ තුදෙනගේ කණ්ඩායම තමා Swedish House Mafia කියන්නේ දන් මේ කට්ටිය එකට නැ වෙන් වෙලා ඉන්නේ මේක ඒ ගොල්ලෝ වෙන් වුනාට පස්සේ කරපු චිත්‍රපටියක් ඔවුන් වෙන් වුනේ කොහොමද කියල කියන්න. ඔවුන් හදිස්සියේම 2012 දී නිවේදනය කරනවා ඔවුන් තවදුරත් Swedish House Mafia කණ්ඩායම ඉදිරියට ගෙනයන්නේ නැති බවත්, එය අවසන් කීරීමට මත්තෙන් ලෝක සංචාරයක් කෙරීමට බලාපොරොත්තු වන බවත්, එය ඔවුන් One Last Tour ලෙස හදුන්වනු ලැබුවා. මෙම සංචාරයේදී රටවල් 26 ක ප්‍රසංග 50ක් කිරීමට ඔවුන් සුදානම් උනා. මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඔවුන් ඒ අවසන් කාර්ය අවසන් කිරීමේදී ඔවුන්ට මුහුණදීමට සිදුවු සිදුවීම් මාලාවක්. ඔවුන් අභියෝග වලට මුහුණ දෙනා හැටි ඒවායින් ජය ගන්න හැටි මිතුදමක් පවත්වාගෙන යන්නේ කොහොමද ආදී බොහෝ ජීවිතයට වටිනා කරුණු රැසක් මේ ෆිල්ම් එකේ අඩංගු වෙලා තියෙනවා. සුළු සළු වශයෙන් වැරදි වෙලා ඇති ඒ ගැන මා සමව අයදිනවා. ඉතින් එහෙනම් දැන් කිව්වා ඇති වගේ IMDB එකේ 7.9 Rating එකක් ගන්න හම්බුනා ෆිල්ම් එක නොබලා ඉන්න එපා. මොකද ඔබ සමහර විට EDM වලට කැමතිවේවි. මේ Swedish House Mafia ගැන 2010දීත් ෆිල්ම් එකක් කරලා තියෙනවා එකේ තම හොද කොපියක් හම්බුනේ නැ. හම්බුන ගමන් එකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම මගේ පළමු නිර්මාණයෙන් අදට සමු ගන්නවා යලි දිනකදී හමුවෙන අටියෙන්. හැමෝටම ජය වේවා!
1fdc52127c6b7125156c29de0231fee038c3636e Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
868 downloadsDownload Leave-The-World-Behind-2014.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Uhitha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උචිත් රාසාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උචිත් රාසාංජන
Subtitles
29 comments
එල්.සී.දමැල්
Uchith
අනිවාර්යයෙන්ම
kalinga
thankssssss
Uchith
anytime
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
achi
ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Uchith
ජයවේවා
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks UCHITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa....Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa,,,,,,,,,
Uchith
absolutely
thisal
තැන්ක්ස් බන් එල
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!!udara
patta mchn ma wage flms genwta....supiri bn
නලින්
ස්තුතියි උචිත සහෝ, පළමු නිර්මාණයම සුපිරි ෆිලුමකින් නේ පටන් අරං තියෙන්නේ. ඒවගේම පළමු නිර්මාණයට සුබපැතුම්.
දිගටම අඩවිය එක්ක රැදෙන්න,
ජය වේවා!
Uchith
අනිවා
රොයිලි
බොහොම ස්තූතියි උචිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Uchith
ස්තුතියි
KP Muthukumaranna
Supiri Film Ekak...
EDM Kiyanne Jeewithe Wagee...Thank You...!!!
Keep It Up....!!!
Good Luck...!!!Uchith
එළටම
Tharindu Tharuk
සුපිරිවිකී උචියා (y) ... තියපු පළමු අඩියම සාර්ථකව තිබ්බා වගේම දිගටම ඔයාගේ ගමන යාමට හදවතින්ම සුභ පතනවා !...
Uchith
ekenma kolla
Sanath Indika
thx broo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Uchith
අනිවාර්යයෙන්ම
Indika_Priyadarsahana
බොහොම ස්තුතියි....
KaSuN
මාර අමාරුවෙන් බලපු ෆිල්ම් එකක් . මට ජීවිතේදී ප්‍රශ්න ආවම මං මටම කියාගත්ත දෙයක් තමයි Don't you worry, Don't you worry, child.
See heaven's got a plan for you".දැන් හොද හවුස් මියුසික් නැති තරම්.මට හිතෙන්නේ ඉන්ග්රෝසෝ,ඇක්ස්වෙල් දෙන්නා ස්ටීව් ව පන්න ගත්ත කියල . ගොඩාක් ස්තුතියි උචිත සහෝ මේ වගේ ෆිල්ම් වලට සබ දෙන එක.Dewadithya
Thanks for Sub!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sanjeewakbg
thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Leave The World Behind (2014) with Sinhala Subtitles | හැරයන්නට මත්තෙන්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Leave-The-World-Behind-2014.jpg)

පළමු උපසිරස වෙනුවෙන් සුභ පැතුම් උචිත් සහෝ…
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස දෙන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
ජයෙන් ජය…