කොහොමද ඉතින් කතාව පටන් ගන්නේ. අනේ මන්ද. කොහොම උනත් බයිස්කෝප් අඩවියට සම්බන්ධ උණු වීදිය ගැන කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුනා. “සමීර කරුණාරත්න “ කියන්නේ මගේ පාසැල් මිත්‍රයෙක්. ඉතින් දවසක් මොකක්දෝ එකකට කතා කරපු වෙලාවක කොහොමහරි ෆිලුම් පැත්තට කතාව ඇදිල ගියා. (මට මතක විදියට ) ඉතින් එතකොට තමයි මට කිවු…

කොහොමද ඉතින් කතාව පටන් ගන්නේ. අනේ මන්ද. කොහොම උනත් බයිස්කෝප් අඩවියට සම්බන්ධ උණු වීදිය ගැන කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුනා. “සමීර කරුණාරත්න “ කියන්නේ මගේ පාසැල් මිත්‍රයෙක්. ඉතින් දවසක් මොකක්දෝ එකකට කතා කරපු වෙලාවක කොහොමහරි ෆිලුම් පැත්තට කතාව ඇදිල ගියා. (මට මතක විදියට ) ඉතින් එතකොට තමයි මට කිවුවේ මෙහෙම සයිට් එකක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ විදියට තමයි මට මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න ලැබුනේ. හැබැයි ඒ වෙනකොට උපසිරැසි එක්ක ෆිලුම් බලලා තිබුනට උපසිරැසි හදන්නේ කොහොමද කියලා මෙලෝ අදහසක් තිබුනේ නැ. කොහොමින් කොහොමින් හරි වැඩේ කොරන වීදිය දැනගෙන මමත් වැඩේට සෙට් උනා. උපසිරසියක් විදියට මුලින්ම මම පලකලේ The Following කතා මාලාවේ දෙවෙනි වෙළුමේ පළවෙනි කොටස. ඒ 2014 පෙබරවාරී 07 වෙනිදා. හැබැයි ඒ වැඩේ කොරන්න මට සතියකට වැඩිය ගියා.
ඉතින් ඒ වැඩේ ඉදන්ම “හසන්ත අයියා” වැඩේට උදවු කලා. උපසිරැසි වල අඩු පාඩු කියලා දෙමින්, වැරදි උණු තැන් පෙන්නලා දීලා හසන්ත අයියා ලොකු උදවුවක් කලා. ඒ වගේම අදටත් කරනවා. ඉතින් එහෙම පටන්ගත්ත ගමන සහයෝගයට සයිට් එකේ කස්ටියගෙන් සෑහෙන්න සහයෝගයක් ලැබුනා. ඒ අතරින් “සමීර චතුරංග” අයියා සහ “ශාන විමුක්ති” සහෝ අමතක කරන්නම බෑ. ෆිලුම දීපු වෙලේ ඉදන් පුළුවන් ඉක්මනට උපසිරැසිය ගන්නම තමයි බලන්නේ. ඒකෙ වරදකුත් නෑනේ ඉතින්. මොකද ෆිලුම නැත්න්ම කතා මාලාවේ කොටස ආපු ගමන් උණු කැවුම් වගේ බලන්න නැත්නම් ඒක වැඩකුත් නෑනේ නේද ? ඉතින් මම මේ වෙනකොට උපසිරැසි 49ක් දීල තියෙනවා. ඒකෙ ඇතුලේ මෙන්න මේවා ටික තමයි තියෙන්නේ.
The Following S02 – Episodes 15, The Following S03 – Episodes 15, Bates Motel S02 – Episodes 10, Colony S01 – Episodes 01, Sherlock : The Abominable Bride, We are still here, Lovesick, Hawaizaada, Wyrmwood: Road of Dead, Big Driver, Vampire Academy, Delivery Man.
මේ කතා ටික ඔයාලට ගෙන්න වගේම මගේ අර්ධ ශතක උපසිරැසිය ගහන්නත් වසර දෙකකට ආසන්න කාලයක් ගියා. හරියටම තව මාසයයි තියෙන්නේ. තිබෙන අධ්‍යාපනික වැඩ අස්සේ තමයි මේක කරන්න උනේ. ඒ නිසාම තමයි අර්ධ ශතකය කරන්න මේ තරම් කාලයක් ගත උනේ.
ඉතින් මේ උපසිරැසි ටික කොරද්දී කතා බස් වලින් සම්බන්ධ උණු “කැලුම් අයියා” , “හේවා අයියා”, “පූසා”, “යශෝද” ,“ගයාන්”, “කිනා”,”තිසර”, “චන්දිම අයියා”, ඩිල්ෂාන් අයියා””සදුන් අයිය” “තාරක” වගේම “විකිය අයියත්” මේ වෙලාවේ අමතක නොකරම බෑ. මොකද සහෝදරයෝ වගේ මේ කස්ටිය වචනයකින් හරි දෙන සහයෝගය නිසා තමයි මේ තරමට හරි මම උපසිරසි වැඩේ කරගෙන යන්නේ.
ඉතින් මේ කස්ටිය වගේම තමයි ෆිලුම් ගන්න ප්‍රේක්ෂක ජනයා ගැනත් අමතක නොකරම බෑ. ඔයාලා දාන කොමෙන්ටුවෙන් තමයි අපිට දවස් ගානක් ඇහෙරලා, නිදිමරාගෙන කරපු උපසිරසියට නියම සතුටක් ලැබෙන්නේ. ඉතින් ඒවටත් බොහොම තුති. අවසාන වශයෙන් මේ ෆිලුම ගැනත් කියන්න ඕනේ. මේක බාර අරගෙන තිබුනේ “සමීර කරුණාරත්න” සහෝ.. එයා මේක මගේ 50 වෙනි උපසිරැසිය විදියට කරන්න බාර දුන්නා. ඒ වෙනුවෙන් ස්තුතියි ආයෙමත්.. ඒ වගේම තමයි මේ ෆිලුම ඇත්තටම මම දෙන්න හිටියේ මිට දවස් කීපයකට කලින් මට විශේෂ උණු දවසක. ඒත් කොහේදෝ තිබුණු කොන්දේ අමාරුවක් ඇවිත් මේක කොරන් වැඩේ පමා කොලා.. ඒ උනත් උපරිම ඉක්මනින් මේක කරගෙන අරගෙන ආව. එහෙනම් දැන් වැල් බයිලා කිවුවා ඇතිනේ නේද? කතාව ගැන බලමු නේද? ඉතින් එහෙනම් ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරන ගමන් දිගටම අපේ අඩවිය එක්කම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැන් අපි ෆිලුම දිහාට හැරෙමු.

1933 ඔක්තෝම්බර් 24 වෙනිදා එංගලන්තයේ නැගෙනහිර පෙදෙසේ ඩේවිඩ් ක්රේ ට සහ වයලට් ක්රේ ට නිවුන්නු දෙන්නෙක් උපදිනවා. ඒ දෙන්න තමයි රොනල්ඩ් ක්රේ සහ රෙජිනන්ඩ් ක්රේ. ඉතින් මෙහෙම ඉපදුනු මේ නිවුන් සහෝදරයෝ දෙන්නා ස්කොට්ලන්ඩ්යාර්ඩ් ඒක වගේම මුළු ලන්ඩනයම 1950 1960 දශකයේදී හොල්ලනවා. මේකෙන් රොනී ක්රේ කියන්නේ පොඩි අසනීපයක් තියෙන කෙනෙක්.. අසනීපෙ මොකක්ද කියලා කතාවේදීම බලාගන්නකෝ . ඒ වගේම තමයි රෙජ් කියන්නේ මොළකාරයා. මේ දෙන්නම එකතුවෙලා ලන්ඩන් නගරයේ නැගෙනහිර කොටසේ ක්ලබ් කරන ගමන් මැරකම් කරමින් ඉන්නවා. ඒ කාලෙදිම තමයි රිචර්ඩ්සන් කියන බටහිර ලන්ඩනයේ මැරයෝ දෙන්නෙක් බිහිවෙන්නේ. ඉතින් මේ දෙන්නත් එක්ක සටනක් කරන ක්රේ සහෝදරයෝ අවසානයේදී එයාලව පරාජය කරල බටහිර කොටසේත් තමන්ගේ රාජධානියට එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන මුළු ලන්ඩනයම මෙයාලගේ පාලනයට යටත් කරගෙන කරගෙන යන්නයි හදන්නේ.. හැබැයි ඒ වැඩේ කොච්චර දුරට සාර්තක වෙයි ද?
මේ අතරදී තමයි ක්රේ සහෝදරයින්ගෙන් කෙනෙක්ට මල්සරා විදින්නේ.. ඒ විදියට එක සහෝදරයෙක්ට එකතුවෙන ආදරවන්තිය ලොකු වෙනසක් කරන්න හදනවා තමන්ගේ පෙම්වතාගේ ජිවිතයේ. ඇය කරන්න හදන වෙනස මොකක්ද? ඇයගේ ඒ ඉලක්කය සාර්ථක වෙයි ද ? ඒ වගේම තමයි අපිට මේ කතාව කියන්නේ එක් පුද්ගලයෙක්.. කතාව බලාගෙන යන්නකෝ.. ඒ කෙනා කවුද කියලත් ඔයාලට තේරෙයි. IMDB ලකුණු වලින් 7.2ක ගත්ත ෆිලුමක්..මේකේ ක්රේ සහෝදරයෝ විදියට ද්විත්ව රංගනයක යෙදෙනවා Tom Hardy . ඒ වගේම තමයි ෆ්‍රැන්සිස් විදියට Emily Browning රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි මේක සත්‍ය කතාවක්. (Krey Twins කියලා අන්තර්ජාලයේ සෙවුමක් කලොත් තව වැඩි විස්තර බලාගන්න පුළුවන්)… ඒ වගේම තමයි ගොඩක්ම ලස්සනට ෆිලුම හදල තියෙනවා. එහෙනම් අද වැඩි විස්තර කියන්න යන්නේ නෑ මම. උපසිරැසිය අරගන්න ගමන් කොමෙන්ටුවකුත් දාලා යන්න කියලා ආරාධනා කරන ගමන් මම දැනට නවතිනවා.
“හොදට බලන්න.. මේ තිබෙන්නේ ඔබගේ කතාව වෙන්න පුළුවන්.. මොකද අපි හිතන්නේ නැති තැන් වලදී තමයි අපි පරාද වෙන්නේ.. එහෙම නැත්නම් අපේ අභාගය ආරම්භ වෙන්නේ..”
ඔබට ජයෙන් ජය…!!!
5,884 downloadsDownload Legend-2015-baiscopelk.zip239 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
71 comments
freelanzer
නලින් පෙරේරා
50 වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් දසන්. තව තවත් අනගි නිර්මාණ අරං එන්න වාසනාව, ශක්තිය, ධෛර්ය්‍ය ලැබේවා. මේ ආවා වගේ 100 වෙනි කඩයිමටත් ඉක්මනින්ම එමු!
ජය වේවා!
Amalka Himeshan
50වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ
ප්‍රණීත් චින්තක
50 වෙනි උපසිරැසියට උණසුම් සුබපැතුම්. වැඩිය කල් ගන්නේ නැතුව 100 වෙනි උපසිරැසිය වාර්ථා කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරැසියටත් ස්තුතියි කියන ගමන්ම, මේ විදියට තවත් උපසිරැසි කරන්න කාලය වෙලාව, හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
udara
50 congrtz mchn
well done broo
keep it up mchn
onna sub eka m gaththa
sub ekta thnx mchnYsa
50ට සුභ පැතුම් සහෝ!!!! බාමිදෝ නොබාමිදෝ කියල හිත හිත හිටියේ,,, කතාව එල වගේ....බාලම බලමු....තෑන්ක්ස් මචන්...
දේශාන්
thank you
එල්.සී.දමැල්
50 වන උපසිරසට සුභ පැතුම් දසන් අයියේ...
100 මීටත් ඉක්මනින් ගේන්න පුළුවන් වේවා කියල පතනවා...
ජය...Saman Prasad
අඩෝ සුභ පැතුම් සුභ පැතුම්, 50ට සුභ පැතුම්...!!!
වැඩ අස්සේ හරි උඹ මෙහෙම 50 ගහපු එක ගැන හදවතින්ම සතුටුයි...
ෆිල්ම් එක අද තමා බාන්න ඉන්නෙ...
දැන් ඉතිං ඔක්කොටම කළින් ඔය කොන්දේ අමාරුව හොඳ කරගෙන වේගේ වැඩි කරගනින්කෝ...
ඊට පස්සෙ වේගෙන් 100 ගහන්න බැරියෑ... :3
එහෙනම් ජය වේවා...!!!
ඔන්න සබ් එක ගත්තා...!!!anurA
niyamai saho....tawa tawat sakthiya dahiriya labeewaaaa ......
තිසර නියෝ
හදවතින්ම සුබ පැතුම් සහෝ 50 වෙනි කඩයිමට...
ඉක්මනටම 100 කඩයිමටත් ලඟා වෙන්නට ජය පතනවා...ඩේටා හම්බුනා ගමන් බලන්න ඕනේ..
උපසිරැසියට තුති…
51 උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kaushalya Deshapriya
congratz bro, keep it up.
මධුකප්‍රිය පෙරේරා
එහෙනම් සහෝ කොන්දේ අමාරුව පැත්තක තියලා
කොහොමහරි 50 ගැහුවා නේද.නියමයි සහෝ.දැන් ඉතින්
කියන්න තියෙන්නේ ඉක්මනට 100 ගහන්න කියලා තමා.
එකත් ඉතින් තව අවුරුදු ගානක් යන්නේ නැතුව.මේ ෆිලුම දෙනකම්
බලාගෙන උන්නේ.ආයේ මොනවා කියන්නද උපසිරසියට ස්තුතියි.
ආ ඒවගේම ඔය කොන්දේ අමාරු හොද වෙලා උපසිරසි කරන්න
අවශ්‍ය කාලය සහ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.ඔබට ජය.chanuka
Subtitle line Adjust kara ganne kohomada
,time akata neweyni yanneCHAMARA
SUB EKATA THANKS DASAN MALLI , SUB EKE TIME LINE WALA AWULAK THIYENAWA , IKMANATA HADALA DENAWADA.....
praveen
ela ela ban digatama karamuuuuuuuuuuuuu
“චූටී මල්ලි”
50ට සුභ පැතුම් මචෝ
ඉක්මන්ටම 100නී එකත් දෙන්න
පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
මේක බලන්න ඔනි
සබට තුති
ඔබට් ජය............................ප්‍රදීප්
ස්තූතියි මචං
50ට සුබ පැතුම්
100ට තව 50යි ඕනේD Chamara
niyamaisahoo niyamai me wagema degatama karagena yamooo jaya...
thisal
50වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ සබ දෙනකම් උන්නෙ
Dilshan Kainga
50ට සුබ පැතුම් මචන්!!
එල...
දිගටම යමු ඔහොම.
හදවතින් සුබ පැතුම්!Chämàrá Sâmpáth
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා දසන් සහෝ....ඉතින් තියෙන වැඩ අස්සේ කොහොම කොහොමෙන් හරි 50 වෙනි කඩයිම පහු කරපු එක ගැන ගොඩක් සතුටුයි.
ඔහොමම දිගටම උපසිරැසි කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.!!!
ඒවගේම කරන කියන පුද්ගලික වැඩ සාර්ථක වෙන්න කියලත් සුභ පතනවා...
එහෙනම් 100 හමුවෙමු.
ජයෙන් ජය..!!!!!!!
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි දසන් සහෝ
සුපිරි වැඩක්
එහෙනම් ඔයත් 50 ගැහුවා
හදවතින්ම ගොඩාක් සතුටුයි
අප වෙනුවෙන් තමාගේ කාලය , ධනය වැය කරමින් කරගෙන යන මේ කාර්යය ට ගොඩාක් ස්තූතියි
දිගටම හැකි ලෙස තවත් ඉදිරියට මෙය කරන්න ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමි!
50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පැතුම්අද දීපූ සබ් එකටත් ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!Kalum Gunasekara
50 උණුසුම් සුභපැතුම් මල්ලී. බොහොම ස්තුතියි උපසිරැසියට. මේක නම් අනිවා බලන්න ඕන.
Chami
congratz n thnk u vry much......
Ishan
Gud luck saho
sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.....
Ravindu Deshapriya
සුබ පැතුම් සහෝ 50 වෙනි උපසිරසියට....
දීර්ඝ ගමනක් යමු...
බොහොම ස්තූති මේ කරන කැපවීමට...කේ.යූ.ජී. උදාර
සුබ පැතුම්!!!
සීයත් ඉක්මනට ම ගහමු මචෝ.........
සිංහල සබට බොහොම ස්තූතියි.Sanjaya
50 වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්
බොහොම ස්තූතියි.
jagath
thanks
Mithun Sriyantha
wish කරනව සහො ඔන්න හදවතින්ම . කොහොම හරි නොකියත් බැ ඉතින් සබ් වැටෙන ටයිම් එකෙ පුන්චි අවුලකුත් තියෙනව . මන් හිතන්නෙ 50වෙනි නිර්මාණය හින්ද වෙන්න ඇති ....100වෙනිෆිලුමත් මෙවගෙ සුපිරිම තෙරිමක් වෙන්න කියා පතමි . ..බයිස්කෝප් සයිඩ් එකට ජය
නිර්මාණී විජේසිංහ
50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ. ඉක්මනින්ම සීයෙ, දෙසීයෙ කඩයිමටත් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපසිරසියට බොහොම ස්තූතියි. ජය...
යශෝධ
සුබ පැතුම් දසන් අර්ධ ශතකය වෙනුවෙන්. ජයෙන් ජයම වේවා..! අධ්‍යාපන කටයුතු වලට වගේම උපසිරැසිකරණය වෙනුවෙනුත් තව තව කාලය ලැබෙන්න කියලා පතනවා එහෙනම්. බොහොම ස්තූතියි උපසිරැසියට. එලස්ස්ස්....
Jack
නියමයි මචෝ...
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.
ඉක්මනින්ම 100 ට යමු..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.( ටයිම් ලයින් වල අවුලක් තියනවා සහෝ.. )
දසන් බුද්ධික
පොඩි වෙනසක් ඇත්තේ සහෝ. තත්පර දෙකක තුනක නිසා. ඒක වෙන්නේ ඔයා ගත්ත කොපිය අනුව... key board එකේ [ ] වලින් ඒක හදාගන්න පුළුවන්., ජයවේවා..
දසන් බුද්ධික
බොහොම තුති කොමෙන්ටු වලට... හැමෝටම ජයවේවා...
රොයිලි
ඔන්න මමත් උණුසුම් සුබ පැතුම් එක් කරනවා දසන් මලේ. ඔයාගේ උපසිරැසි වලින් කීපයක් මමත් බලලා තියෙනවා. හැබැයි මම දැනගෙන උන්නෙ නෑ ඔයාටත් මේ කොටි වලිගේ අල්ලලා දීලා තියෙන්නේ සමීර මලයා කියලා. ඉතින් මෙතනින් නොනැවතී, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන 100 ගහන්න හැකියාව ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
දිනිඳු සම්පත්
මමත් ඔන්න මුළු හදවතින්ම සුභ පතනවා.. දිගටම සබ් දෙමු. ජයවේවා!!!
විකියා
සුබ පැතුම් සහෝ
ජයවේවාසමීර කරුණාරත්න
දසන් තමයි බයිස්කෝප් අඩවියේ උපසිරැස කරුවන්ගෙන් මම අදුරගෙන වැඩිම කලක් ගතවෙන උත්තමයා, මොකෝ අපි ඉස්කෝලේ යන කාලේ ඉදලම යහළුවෙ (ඒ කියන්නේ අර විමා වගේ උන් දැනගන්න කලින් මම මිනිස්සු ආශ්‍රය කොළ කාලේ ඉදලම මේකව දන්නවා). අම්මේ ඉතින් පුදුම සතුටක් මේ වෙලාවේ මට දැනෙන්නේ, තවත් අපේ එකෙක් 50 කඩයිම පහුකොලා එහෙනම්.... මේකට වචනේ දාලා අල්ලාගන්න නම් හොඳ වෙලාවක් ගියා නමුත් කිව්ව ගමන් හා සබ් කරලා බලමු කියලා සෝඩා බෝතලේ කැඩුවා වගේ එක සබක් දීලා යන එකෙක්ට වඩා සෑහෙන කලක් හිටියා අපේ බුද්ධියකා... බොහොම සතුටුයි මචෝ... නාලන්දෙන් දැනට 50 ගහලා තියෙන්නේ මම දන්නා හැටියට උඹයි මමයි විතරයි....
විශ්ව විද්‍යාලයේ වැඩ අස්සේ මේ අනුන් වෙනුවෙන් කැප කරන කාලයට බොහොම පිම එහෙනම් මේ පිම්මේම තවත් 50 ක් එකතු කරලා 100 කඩයිම පහුකරන්න හදවතින්ම සුභ පතනවා.... චිරන් ජයතු...!!!
Teran
Thanks Lot Bro
හසන්ත මාලිංග
50 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව දසන් සහෝ...
ඉක්මනටම ඊලඟ කඩයිමත් පාස් කරමු,
ඒ වගේම උපසිරැසියට බොහෝම ස්තූතියි,
ජය :DIndika Priyadarsahana
බොහෝම ස්තූතියි.... !
Bandu
Thanks Bro!!!!but sub still not work.
ඉසුරු දිල්ශාන්
50වෙනි උපසිරැසියට සුභ පැතුම් දසන් සහෝ!
ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න කාලය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය!!!!!tharindu
meke sub BR ekta dennko
Sajith Anthony
50වෙනි උපසිරැසියට සුභ පැතුම් දසන් සහෝ!
උපසිරැසියට බොහෝම ස්තූතියි,
ජයවේවා...!!!වස්සානය
මචං මේකෙ ඉන්නවා සබ බාගෙන සද්ද නොකර යන උන්. ඒ අතරේ උබ වෙනුවෙන් දාලා තියෙන කොමන්ටු කියවපුවාම සහොදරත්යටක් තියෙන උනුත් ඒ අතර ඉන්නවා කියලා දැනුනා.
මචං උබට සුභ පතනවා අපිත් හදවතින්ම. අනුන් වෙනුවෙන් උබේ කාලට කැප කරනවට.kasun
me movie Eka subtitle BR Copy ekata denna puluwanda ?
#ChalinduDeshan(කිනා)
අඩේ... උබත් පනහක් ගැහුවද?
එල එල
ඒනං සීයෙන්ම හම්බවෙමු.
ජයමවේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro..