කොහොමද යාළුවනේ.සුපුරුදු පරිදි ඔන්න අදත් තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් පුංචි ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.හේ..හේ.. .පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Fr…

කොහොමද යාළුවනේ.සුපුරුදු පරිදි ඔන්න අදත් තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් පුංචි ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.හේ..හේ.. .පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Frank Baum කියන ළමා නවකතා රචකයාගෙ නවකතාවක් වෙන Dorothy of Oz කියන කතාව තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ.මේ ෆිල්ම් එක IMDb 6.3/10 ක් ලබාගෙන තියනවා.
කතාව ගැන කියනවා නම් මම හිතන්නෙ අපි ගොඩක් දෙනෙක් දන්නවා ඩොරති කවුද කියන එක වගේම OZ කියන මායා ලොකෙ ගැනත්.මොකද මේ සම්බන්ධ තව චිත්‍රපටයක් අපට බලන්න ලැබිලා තියනවානෙ බයිස්කෝප් අඩවිය තුලින්ම මීට කලින්.ඩොරති පළමු වතාවට OZ කියන මායා ලොකෙට ගිහින් එහෙ හිටිය නපුරු මයාකාරියගෙන් ඒ ලෝකෙ බේරාගන්නවා.ඒ ගිහින් ආවා විතරයි ආයෙ ඩොරතිටයි එයාගෙ පුංචි බලු පැටියටයි OZ වලට යන්න වෙනවා ආයෙත් ඒ ලෝකෙ බේරා ගන්න.මේ පාර බේරා ගන්න තියෙන්නෙ නපුරු විකටයෙක්ගෙන්.දැන් කතාව කිව්වා ඇතිනෙ.ඔයාලා බලන්නකො කොහොමද ඩොරති මේ පාර OZ බේරා ගන්නෙ කියලා.
එහෙනම් යාළුවනේ තව ලස්සන කතාවකින් හමුවෙමු.යෝජනා සහ චෝදනා කමෙන්ටුවකින් දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ජය….
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A904A903F09DA470C22DE0E6BBE05F814B7C1D86918 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C1A666B9C59D9024F19AA40CAD975799EABAA830 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,814 downloadsDownload Legends-of-Oz-Dorothys-Return-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
71 comments
Ravindu
sanjeewa
niyama wedak machan
Shehan
අම්මේ එනකන් උන්නේ.. :P මේක ඕනි වෙලාවටම දුන්නා...
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :Djayani chathupraba
Thank you Nirmani
Sandun Wijewardhana
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :) :D :P
නලින්
ස්තුතියි නිර්මාණි යෙහෙළියේ
ජය වේවා!
Saman Prasad ( Black Panther )
ඔන්න එහෙනම් අද බානවා.....
සබ් එකට ස්තූතියි නිර්මාණි අක්කේ....
ඇනිමේශන්වලම ඉන්න එපෝ..... :DkanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!awantha
ඔයාල පුලුවන්නම් ඔහොම ඩවුන්ලෝඩ් ලින්ක් දීල අපේ රටටත් ලොවෙත් නැති පයිරසි කෙස් ගෙනල්ල අපේ එවුන්ට ටීවී ෂෝ එකක් ෆිල්ම් එකක් නිදහසේ බාගන්න තියන චාන්ස් එක නැති කරන්න. සබ්ස් දෙන්න ඕනේ නම් සබ්ස් දෙන්න මොවී හෝ ටීවී ෂෝ ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්න එපා. රිලීස් නේම් එක දුන්නම ඕනේ ගොනෙක්ට එකෙන් හොයාගන්න පුළුවන්නේ.
Dilz
හැම ගොනාම එක වගේ නැහැනේ...
ශාන් විමුක්ති [විමා]
"Sri Lanka is having 4,267,507 internet users according to this report which takes it’s sources as elaboration of data by International Telecommunication Union (ITU), United Nations Population Division, Internet & Mobile Association of India (IAMAI), and the World Bank."
උබට ඕක තේරෙනවා ඇති නේ.
ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන අය මිලියන හතරයි ඉන්නේ.
ෆෝන් එකෙන් නෙට් යන අය තම ඕකෙන් වැඩිම ඉන්නේ.
ඉතුරු ටික තමා PC එකෙන් යන්නේ. ඒකෙනුත් ෆිල්ම් එකක් ඩව්න්ලෝඩ් කරන්නේ කීයෙන් කීදෙනාද.
නිකම් ගොන් තර්ක ගේන්නේ නැතුව ඉන්න.දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි නිර්මාණී නංගී සිංහල උපසිරැසියට..
(අපේ සහෝදර සහෝදරියෝ මෙච්චර මහන්සි වෙලා තමන්ගෙ කාලය වැය කරගෙන මේ උපසිරැසි පරිවර්තනය කරලා දෙන්නේ ගොන්නුන්ට නෙවෙයි කියලා තමයි මාත් හිතන්නේ. ඒ නිසා මේ ලින්ක් වලින් රට ගැන හිතන ගොන්නු බාගන්නෙ නැති වේවි. ;) )
Praveen
අනේ බන්ස්ලා, මෙයා මේ ලොකුවට කියන්න හදන්නේ "මම ඉංග්‍රිසි ටීවී ශෝ සහ ෆිල්ම් බලන කෙනෙක්" කියන එක.. ඉතින් ඌට ඒ ආතල් එක ගන්න දෙන්නකෝ.
ඈ බන් awantha, උබ හිතාගෙන ඉන්නේ ලංකාවේ සයිට් එකකින් ඩ්අවුන්ලෝඩ් ලින්ක් දුන්නොත් විතරක් පයිරසි කේස් එනවා කියලද? ඇත්තටම උබ ඔය පයිරසි කේස් කියන නම අහල විතරයි නේද තියෙන්නේ.. සිරාවට අහන්නේ.. එතනින් එහාට දෙයක් ඔය ගැන දන්නේ නෑ නේද...
කොල්ලෝ, උබ දන්නවට වඩා ලොකු දෙයක් ඔය වචනේ තියනවා. ඔය කේස් අදින උන්ට මේ සයිට් එක ඕනේ නෑ බන් කේස් එකක් අදිනවනම් අදින්න. උඹ දැන් බාමින් ඉන්න ටොරන්ට් මොකද්ද කියන එක පවා ඕන නම් ඒ මිනිස්සුන්ට හොයාගන්න පුලුවන්. කේස් අදිනවනම් උන්ට මේ සයිට් එක ඕනේ නෑ. උබ ලෝකේ කොයි සයිට් එකෙන් බෑවත් උඹ ඉන්නේ මොන තූත්තුකොඩියෙද කියල උන් හොයාගනියි උන්ට ඕනා නම්...නිකන් පඬියා වෙන්න ගිහින් බූරුවා වගේ වෙන්න වෙන්නේ මේ වගේ නොදන්න දේවල් කතා කරන්න ගියාම තමා... ඒ හින්දා උඹ බාගත්ත දෙයක් තියේනම් ඒක ඔන් කරගෙන බලන්න ගනින්, උබේ මෝඩකම හැමතැනම ප්‍රදර්ශනය කරන්නේ නැතිව..
යශෝධ
මූත් මාර මොළකාරයෙක්නේ බන්. ඒ කියන විදියට මූට මූවීස්, ටීවී ෂෝස් බලන්ඩ හොඳයි. අනිත් උන්ටත් බලන්න දුන්නම තමා අවුල. හිත් වල තියෙන කුහක කම් ප්‍රදර්ශනය කරන්ඩ එපා බන්. රට ගැන හිතනවා කියලා තමන් ගැනයි මූ කියවන්නේ. සිංහල සබ් එක්ක ෆීල්ම්ස් බලන එක හරියන්නේ නැත්නම් මූ සයිට් එකට ආවේ ඒක කියලා යන්න වෙන්නැති. කිව්වත් වගේ විමාට උත්තරයක් දීපන් පැනලා යන්නේ නැතිව. එලස්ස්.... ;-)
ගයාන් රූකාන්ත(ජෝනා)
awantha සහෝදරයා පොෂ් වෙන්න ගිහිල්ලා හත් පොලේ ගා ගෙන වගේ මට පෙන්නේ. LOL
නිකං ගොන් වෙන්නේ නැතිව හිටහං බන්...උඹ වගේ නැට්ට පාගාගෙන කෑ ගහන උන් හුගක්
වැඩ පෙන්වන්න ගිහින් කිච වෙලා තමා නැවතුනේ..උඹත් ඒ ගොඩට වැටෙන්නේ නැතිව හිටු බොට
අපි කවුරුත් බලෙන් සබ් ගන්න කියලා නැනේ ඕනේ නම් අරගෙන බලහං බැරිනම් උඹේ අර වෙස්ටර්න් කල්චර් එකේ ඒවම බලාගෙන අපිට කරුම නොදී හිටහං.
හැකි නම් අර උඹ කිව උබේ "සාර්ථක" ක්‍රමේ ගැනත් පොඩ්ඩක් කියහං මොකද එක අපිටත් උදවුවක් වෙන්න පුළුවන්.මම හිතන්නේ උඹට පොෂ් වෙන්න සිංහල භෂාව හරියන්නේ නැ ඉංග්ලිෂ් වලින්ම කමෙන්ට් එකක් දාහං..අනික සිංහල වලින් "මුවි" කියන එක හරියට ලියන්න ඉගෙන ගනින් කොහෙන් හරි. තැනක් නැත්තං කියහං අපිට හැකියි පොඩි හෙල්ප් එකක් දෙන්න. මොකෝ අපේ තියන අමාරුවටනේ මේ
සිංහල සබත් එක්කම ලින්ක් එකකුත් දෙන්නේ එහෙවු එකේ බොට ඕක කියලා දෙන එක ගැටළුවක් නෙමේ.Dilshan kalinga
මේ ලෝකයේ ඉන්න "ගොන්නු" විවිධයි.
සමහර ගොන්නු උම්බෑ කියන්නේ නැතුව බුරන්න හදනවා.සමහර ගොන්නු උම්බෑ කියන්න දාන්නේ නැතුව ඉගෙන ගන්න හදනවා. සමහර ගොන්නු ඒ පරිසරයේ ඉන්න අනිත් දේවල් බලාගෙන ඉන්න බැරුව උම්බෑ කියනවා.ඔය මම කීවේ මේ ලෝකේ දකින්න පුළුවන් එක එක විදියේ ගොන්නු ටිකක් ගැන.
දැන් මං මිනිස්සු ගැන කථා කරන්නම්, හැම මිනිහෙක්ම එක වගේ නෑ.දැනුම වෙනස්. ඒක පාවිච්චි කරන හැටි වෙනස්. ඉතින් අපි ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ.සමහර ෆිල්ම් බලන උදවිය දන්නේ නෑ සබ් එකක් ඇදලා අරගෙන ප්ලේයර් එකට දාගෙන සබ් එක එක්ක ෆිල්ම් එක බලන්න.එයාල ෆිල්ම් එකත් එක්ක සබ් එක ප්ලේ උනොත් ෆිල්ම් එක තේරුම් ගනී, නැත්නම් මග නවත්වලා දාවි, එහෙම නැත්නම් ඒක තේරුම් අරගන්නේ නැතුව බලාවි.
අන්න ඒ වගේ පිරිසකටත් එක්ක තමයි අපි මේ සබ් දෙන්නේ.
අන්තර්ජාලය භාවිතා කරන හැමෝම ඔබ වගේ ඉංගීසි දැනුම සහ තාක්ෂණික දැනුම ඉහවහා ගිය මිනිස්සු නෙමෙයි.
ඔව්, සමහර වෙලාවට ඔබ කියපු දේ වේවි.මීට කලිනුත් ලෝකේ ඒ වගේ දේවල් වෙලා තියනවා. ඒත් මම නම් හිතන විදියට කාටවත් බෑ අන්තර්ජාලයට වැටක් බඳින්න. අපි මේ සයිට් එක කරගෙන යන්නේ කාගේවත් සල්ලි අරගෙන නෙමයි, ආදායම් පරමාර්ථයකිනුත් නෙමෙයි. ඒක කරගෙන යන්නේ සහෝදරවරු කීප දෙනෙක්ගේ පෞද්ගලික විදමෙන්.අපි වටා එකතු වෙලා ඉන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් උපසිරසි කරන පිරිසක්.
ඉතින් මොනවාහරි ප්‍රශනයක් නම් දෙයියනේ කියල අපි බලා ගන්නම්.මොකද මේක කරගෙන යන සහෝදරවරුන්ගේ පිටිපස්සේ අපි හැමදාම ඉන්නවා.
සබ් එකක් ගැන දන්නේ නැති, ඒ ගැන කිසිම හැඟීමක් නැති මිනිස්සු මෙතන ඇවිත් කියවන එක නිකම් මිනිස්සු පිරිසක් ඉන්න තැනකට ගොනෙක් පැන්නා වගේ වෙනවා.
සමීර කරුණාරත්න
"සබ්ස් දෙන්න ඕනේ නම් සබ්ස් දෙන්න මොවී හෝ ටීවී ෂෝ ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්න එපා." මම මේ නොදන්නවාට අහන්නේ අපි දැන් ඔය කියනා හැටියට සබ් එක විතරක් දුන්නා කියමුකෝ. එතකොට මේ සිංහල සබ් එක ගත්ත උදවිය චිත්‍රපටිය බාගන්න ශ්‍රී ලංකාවෙන් පිට යන්න ඕනේ ද? නැත්නම් ඉතින් අපි නම දුන්නත් පයිරේට් කොපි නෙව බාන්න තියෙන්නේ. අපි මේ අමසෝන් එකේ කොපි බාගන්න තරම් සල්ලි කාරයෝ නෙමෙයි නෙව, හැකි එකක් චිත්‍රපට ශාලාවේ බලනවා අනික් ඒවා බානවා, මේවා එන්නෙත් නැහැ නෙව. එහෙම එකේ අපි වෙන මොනවා කොරනන්ද? රටට ආදරෙයි කියලා පෙන්වන්න, තමුන් දන්නවා කියලා පෙන්වන්න ඉදලා හිටලා ඇවිත් මෝඩ දැන්වීම් දාන්න එපා. රටට ආදරේ නම් ගිහින් ඒකට හැටියන වැඩක් කොරන්න. බැරි නම් මේ පයිරේට් වැඩ වෙනුවෙන් උල් පන්දම් දෙන සයිට් පැත්තේ නෑවිත් ඉන්න වෙනත් විනෝදාංශයක් හොයාගන්න....!
awantha
"ගෙදර ඉන්ටර්නෙට්" කියන එක ලංකාවට තාම අලුත් (2007 වගේ ඉඳල තම SLT වලින් ප්‍රොමෝට් වුනේ). දැක්කද ඔය රිපෝට්ස් වලම තියනවා අවුරුද්දට 9% ග්‍රෝව්ත් එකක් තියනවා කියල. එතකොට ඒ වැඩිවෙන අයට ඔයාල හදන්න හදන ට්‍රෙන්ඩ් එක පෙන්නේ නැතිවෙයි නේ?
awantha
සිංහල සබ් ගැහිල්ල කොහොමත් වෙස්ටර්න් ටීවී ෂෝ වලට සාර්ථක නැහැ. මොකද ඒ වචන සහ අවස්තනුකුල හැඟීම් සිංහල සබ්වලින් පැහැදිලිව දෙන්න බැහැ .(උදාහරනෙකට ෆ්‍රෙන්ඩ්ස් අරන් බලන්න එකේ චැන්ඩ්ලර් ගේ එක ජෝක් එකක් පැහැදිලි කරන්න ඔයාලට වෙනම ආටිකල් ලියන්න වෙයි. මොකද එක ඒ කල්චර් එකත් එක්ක ගොඩක් සමීප නිසා) එත් එක වෙනම මාතෘකාවක්. මෙතන ඒ ගැන කතාකරල වැඩක් නැ මොකද මෙතනට එන බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ ඩම්බ් ඩවුන් කරපු ලේසි සිංහල සබ් නිසා.
නිර්මාණි
මේ වගේ කතා වලට අපි සැලෙන්නෙ නැනෙ අයියෙ.අපි දාන සබ් අරන් බලලා සතුටු වෙන අපි කරන දේ අගය කරන ඕන තරම් අය ඉන්නවානෙ.අපි සබ් දෙන්නෙ ඒ අයටනෙ.ඒ මදැයිනෙ.හේ... හේ...
Saman Prasad ( Black Panther )
මේ වගේ කස්ටිය හිතාගෙන ඇත්තෙ මේ ඉංග්ලිෂ් ෆිල්ම් බලන එක ඉංග්ලිෂ් දන්න උන්ටම විතරක් අයිති දෙයක් කියලා වෙන්න ඇති. එකනේ මේ අපි සිංහල සබ් දාපුවම මොකක් හරි එක වචනයක් අල්ලගෙන ඒක ගැන කියව කියව කෑගහන්නෙ. ඇයි දන්නේ නෑ මේ කෑගහන උන්ට බැරි උන් ඔච්චර දන්නවා නම් වෙන මිනිහෙක්ට ඒක තේරුම්ගන්න පුළුවන් විදිහට හරවලා දාන්න උදව් වෙන්නේ නැත්තේ.?. මුන් මේ නිකන් දන්නවා කියලා පෙන්නන එක විතරයි කරන්නෙ. චාටර්....
awantha
හරියට හරි, ඒ ගොල්ලෝ යන්නේ ලොකු ටාගට් පස්සේ.
awantha
මම ඔයාලට වැරද්දක් හෝ එපා කියනවා නෙවෙහි. මෙහෙවට මිට වඩා සාර්ථක ක්‍රම තියනව.
කොහොමත් මම මේ සයිට් එක හැමදාම විසිට් කරන කෙනෙක් නෙවි.මට මේක දිගටම බල බල රිප්ලයි දාන්න බැහැ. ඒකනිසා මම කිව්ව දේ තේරුම් ගන්න උත්සහ කරන්න.
දිනිඳු සම්පත්
කතාවනම් මල් හතයි.. ඈ... මම හිතන්නෙ මේ පුද්ගලයා බයවෙලා ඉන්නේ අපේ සයිට් එක නිසා එතුමා හොරෙන් බාගන්න අර අමුතු කල්චර් එකක් තියෙන "වෙස්ටන් ටීවී ෂෝ" ටික බාගන්න බැරි වේවි කියලා.. ඇත්තට එතුමට බැරි වේවිද දන්නෙ නෑ අපිට ඒ කල්චර් එකේ තියෙන විහිළු ගැන ආටිකල් ලියලා එවන්න. අපේ ඇඩ්මින්වරු ඒවා බොහොමත්ම කැමැත්තෙන් අපේ සයිට් එකේම පල කරාවි.. ;) එහෙම උනොත් අපිටත් බැරියැ ඔය අමුතු කල්චරේ තේරුම් ගන්න..
තිසර නියෝ (Thisara Buddhika)
සයිට් එක් පටන් අරන් අවරුදු ගානක් උනාට මෙයට දැන් වෙන්න ඇති පයිරසි කේස් ගැන හිතල ලංකාවේ මූවි ඩවුන්ලෝඩ් ගැන අමුතු ආදරයක් ඇතිවෙන්න ඇත්තේ.
තමුන්ට සබ එක්ක ෆිල් බලන්න ඕනි නැත්නම් ඒ ගැන ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න ඕනි. පෙන අහ්ටියට මූ නම් වීමා කිව්වා වගේ එහෙම නැත්තම් ඉංග්‍රීසි හරියට ගැටගහගන්න අමාරු කොල්ලෙක් සබ් එක්ක ෆිල්ම් එකක් බලලා ඒ ගැන කතා කරද්දී ඒක ඉවසගෙන ඉන්න බැරි කුහකයෙක්ම තමයිශාන් විමුක්ති [විමා]
බන් ඔය අලයක් වගේ තියන මොලෙන් ටිකක් හිතපන්
ඕවා නිකම් තියෙන්න දුන්නම තමා මෙහෙම කතා කියන්නේ
නිකම්ම නිකම් ප්‍රසන්ටෙජ් එකක් ගන්න එපා
සංඛ්‍යාත්මකව හිතපන්
මෙන්න ඔයා ඔය කියන වැඩිවීම.
Internet users (per 100 people)
2009 - 8.8
2010 - 12.0
2011 - 15.0
2012 - 18.3
2013 - 21.9 source - World Bank estimatesලංකාවේ උන් ඔය උබ හිතන තරම් ෆිල්ම් බාන්නේ නැහැ
එහෙම බනවානම් dvd කාරයෝ අපේ සබ් හොරකම් කරලා dvd ගහන එක නවත්තනවා
එක්කෝ උබ සුපිරි පැලැන්තියේ ඉන්න කුක්කු බොද්දි එලකියුෂන් ගිය තවත් එක්තරා ඉදගන්න පැත්ත සුදු එකෙක්. එහෙම නැත්තම් ඉංග්‍රීසි හරියට ගැටගහගන්න අමාරු කොල්ලෙක් සබ් එක්ක ෆිල්ම් එකක් බලලා ඒ ගැන කතා කරද්දී ඒක ඉවසගෙන ඉන්න බැරි කුහකයෙක්. මට මතකයි උබ වගේ එකෙක් මිට කලිනුත් බිරුවා අපිට කනක් ඇහිලා ඉන්න නැහැ උබලා සබ් එක්ක ප්‍රිසන් බ්‍රේක් දීලා ඉංග්‍රීසි වචනයක් නොදන්න එවුන් පවා ඒක ගැන මහා ඉහලින් කියවනව කියල.
මම දන්නේ නැහැ උබ කොහොම එකෙක්ද කියල. ලංකාවේ තවම ඉන්නවා සබ් එකත් එක්ක ෆිල්ම් එකක් බලන්නේ කොහොමද කියල කවුරුහරි මුලින් කියල දෙන්න ඕන පිරිසක්. මම තවත් තේරුම් කරන්නේ නැහැ මෙන්න මේකට උත්තර දියන්කෝඅපි ලින්ක් එක දෙන්නේ නැහැ සබ් එක විතරයි දෙන්නේ. අනිත් උන් මේකෙන් සබ් එක බාගෙන ගිහින් ටොරන්ට් එකෙන් ඒකට අදාළ ෆිල්ම් එක බාගන්නවා. එතකොට ඒක ලංකාවේ ඉදන් කෙරෙන පයිරසි වැඩක් නෙමේද?
උත්තර දීපන් ඈ පැනලා යන්න එහෙම එපා ;)
ශාන් විමුක්ති [විමා]
සබ් ගැහිල්ල ඔයා ඔය කියන කොමඩි ඒවාට හරියන්නේ නැහැ. එකතාව හරියටම හරි. ඒ නිසා තමා අපි ඒවාට උපසිරසි කරලා නැත්තේ. ඔය කියන වෙස්ටර් ෂෝ බලලා තියනවා මචං. ඉංග්‍රීසි දන්නවා කියල උදපනින්න හදන්න එපා. ඒක තියෙන්නේ ඕන තැනදී අගයක් එන විදිහට පාවිච්චි කරන්න. මෙහෙම කියවන්න නෙමේ. නිකම් විහිළුවක් නොවී ඉදින්
awantha
Mr.ශාන් විමුක්ති
"ලංකාවේ උන් ඔය උබ හිතන තරම් ෆිල්ම් බාන්නේ නැහැ"
මේක උපකල්පනයක් පමණි.
මම ඔයාල කරන දේ කෙලින්ම පයිරසි වලදී ලංකාව ටාගට් වෙනව. සබ් කියන්නේ මුවි එකක සම්පුර්ණ ට්‍රාන්ස්ක්රිප්ෂන් එකක්. එක අනුමැතියකින් තොරව දෙනවා කියන්නේ නීතිවිරෝදී වැඩක්. ඔන්ලයින් පයිරසි වලට එන්කරේජ් කිරීමක්.අනික මම හිතන්නේ මේ ඩුමෙන් එක හරි හොස්ටින් හරි කරලා තියන තැනට මේක රිපෝට් කරන්න පුළුවන් පයිරසි සම්බන්දයෙන්. ඕක කරන්න ඕනේ නම් ඔයිට වැඩ ආරක්ෂාකාරී ක්‍රමයක් යොදාගන්න.
awantha
Spartacus Ripper Street එහෙමත් එහෙම දෙන්න ඇති එල එල.
අද ලංකාවේ අන්තර්ජාල හසුරවන බහුතරයක් ටිනේජර්සලා ටීවී ෂෝ බලනවා එක උදපනින්න දෙයක් නෙවි.ඉංග්‍රීසි දැනුම උදපන්න? ඔබතුම සමග කතාකළ පලක් නැත.මම යටින් කෙනෙක්ට දෙයක් කිව්වා අන්න එකයි මම අදහස් කලේ
දිනිඳු සම්පත්
මටත් හරි ආසයි ඔය සාර්ථක ක්‍රම ඉගෙන ගන්න. කාටහරි ප්‍රයෝජනයක් වේවිනේ. ඒ නිසා පුළුවන්නම් ඔබතුමා ඔය සාර්ථක ක්‍රම ගැන අපිවත් දැනුවත් කරනවනම් හොඳ නැද්ද?
යශෝධ
ඈ බන්, කියහන් බලන්න එක සාර්ථක ක්‍රමයක්. අපිත් ආසයි අහලා දැනගන්න. උඹ වලිගේ පාගගෙන. ඒක පිළිගනින්. අවුලක් නෑ බන් ඕවා ඔහොම තමයි. එලස්ස්ස්.......
තිසර නියෝ (Thisara Buddhika)
ඒ මමත් ආසයි ඒ සාර්ථක ක්‍රම ගැන දැනගන්න. කියහන්කෝ බන් එකක් දෙකක් ගැන :P
Dilshan kalinga
නෑ, මම හිතන්නේ අපි ලින්ක් දෙනවට අකමැති ඇත්තේ, එයා ලින්ක් දෙන සයිට් එකක් පටන්ගන්න ඉන්න නිසා වෙන්න ඇති.
ඒ නිසා අපි ඔහුට ඒකට ඉඩ දෙමු නේද.
මම හිතන්නේ, සදාචාරවත් මිනිස්සු හැටියට අනිත් මිනිසුන්ගේ පෘථග්ජන ආශාවන්ට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනේ.
ඒකට ඉතින් අනිත් මිනිස්සුට වහෙන් ඔරෝ නැතුව ඒක කෙලින් කියන්න පුළුවන් වෙන්නත් ඕනේ.හසන්ත
අනේ මන්දා ඉස්සර නම් කාලෙකට සැරයක් එකෙක් එනවා නාගෙන යන්න. දැන් මාසෙකට එකෙක් එනවා නාගෙන ඇඟත් අතුල්ලගෙන යන්න. වැඩේ කියන්නේ හිටපු ගමන් මීහරක් කඩාගෙන එන්නත් අරගෙන දැන් දැන්... :D
එහෙම දෙයක් උනොත් අපි බලාගන්නම්කො ඈ. උඹ නොදන්නවා උනාට විකිලීක්ස් කාරයෝ, එතකොට මෙහෙම ටොරෙන්ට් හදන උන් මේ වගේ මහා පරිමානෙන් හොර වැඩ වෙන්නේ අන්තර්ජාලෙට පින් සිද්ධ වෙන්න. නොදන්නවා උනාට ලෝකේ සයිට් හැක් කරන එවුන් පවා උන්ගේ සයිට් කරගෙන යනවා කාටත් පෙන්න. අනික ලොක්කා ඔයා රටට ආදරේට නෙමේ නේද කහින්නේ? සබ්ටයිටල් ගැන කියනවා නම් සිංහල සබ් දෙන්නේ අපි විතරක් නම් සබ්සීන්, ඇඩික්ට්ටඩ් වගේ සයිට් තමා බන් අපිට කලින් අල්ලන්න ඕනේ. ඒ වගේ සයිට් වල ෆිල්ම් වල හොඳ කොපි එන්න ඉස්සෙල්ලා සබ්ටයිටල් රිලීස් වෙන්නේ. :v ඒ නිසා දෙයක් වටින් ගොඩින් දැනගෙන මම කෙරුමා මම දනිමි කියලා තප්පුලන්න එපා. මේක අවන්තගේ පියාගේ ආධාර වලින් දුවන සයිට් එකක් නෙමේනේ නේද? ඒ නිසා මෙහාට ආවනම් වැඩේ උනා නම් ගියා නම් නේද හොඳ? හතර පොලේම ගාගෙන හතර වටෙම් ගඳ ගස්සවන්නේ නැතුව. මතකයි මේ නමින්ම කලිනුත් එකෙක් මෙතන උම්බෑ ගාලා ගියා. අනික බං උඹ අපේ සයිට් එක විසිට් කරන්න උඹ බැරක් ඔබාමා ද? හෙහ් ඉඳල හිටලා වත් නොඑනවා නම් තමා වටින්නේ. මොකද උඹලා වගේ මී හරක් ගාල කඩාගෙන ආවහම මෙතන පාඩුවේ ඉන්න උන්ගේ ලේ තමා කෝප වෙන්නේ.ලක්ෂාන් නිලංක
මේ අවන්තයො උබට මේකෙන් පයිරස් කේස් එනවනම් උබ කැමති විදිහට ෆිල්ම් බාගෙන බලහන්.අපිට අපහස කරන්න එන්නැතුව.උබ සද්ද දාන්නෙ පයිරස් කේස් නිසා නෙමෙයි මේ සයිට්එක වට්ටන්නයි කියලා අපි දන්නවා.උබලා වගේ ගොන්වහන්සෙලට බයිස්කෝප්එකේ අගේ වැටහුන්නැති වුනාට රටේලෝකෙ එවුන් දන්නවා බයිස්කෝප්එක කියන්නෙ මොකක්ද කියලා.අනේ පව් නොදී ගෙදර පලයන් බං
ශාන් විමුක්ති [විමා]
ඔව් ඒක උපකල්පනයක් තමයි ඒක වැරදිද කියපන්. මට පේන හැටියට උබ ලංකාවේ ඉන්න එකෙක් නෙමේ. ඔකේ තියන හැටියට ලංකාවේ ඉන්න මිනිස්සු මිලියන 20න් අන්තර්ජලය පාවිච්චි කරන්නේ මිලියන 4යි බොල. ඒකෙනුත් වැඩි පිරිසක් ෆෝන් එකෙන් පිවිසෙන අය. කම්පුයුටරයක් පාවිච්චි කරලා පිවිසෙන අය මිලියන දෙකක් ඉන්නවා ඒ මිලියන දෙකම ෆිල්ම් ඩව්න්ලෝඩ් කරනවා කියල හිතුවත් ලංකාවට වඩා ජනගහනයක් තියන ලංකාවට වඩා අන්තර්ජාලයට පිවිසෙන පිරිස වැඩි රටවල් වල කොහොම ඇද්ද .ගිහින් බලපන් බන් dvd කඩ ගාවට කොච්චර dvd විකිනේනවද කියල. උබ දැන් කියන විදියට උබේ වැඩිවෙන 9% ඇතුලේ ලංකාවේ බහුතරයක් ෆිල්ම් ඩව්න්ලෝඩ් කරගෙන බලනවා. උබට විනෝදෙද කොල්ලෝ. එහෙනම් චිනේ. ඉන්දුනීසියාව වගේ කොහොම පයිරසි වලට අහුවෙන්න ඕනද ඈ
බන් උබ නොදන්නවා උනාට ටොරන්ට් දෙන උඩ රෑනක් වල ඉන්න ඉංග්‍රීසි සයිට් තියනවා. අපි මේ ලංකාවේ උන් විතරක් එන බොහොම පුංචි සයිට් එකක්. අපිට පයිරසි එන්න කලින් උන්ට එන්න ඕනා. උන්ව බෑන් කරන්න ඕනා. දන්න පොඩි දෙයක් අල්ලගෙන ඔහේ කියවන්න ගියාම ඔහොම නාගන්න වෙනවා කොල්ලේ. දැන්වත් ඕක නවත්තගනින් ඉතින්. හසන්ත අයියා කියන්න වගේ දැන් මාසෙකට වතාවක් කවුරුහරි ඇවිත් තප්පුලලා යනවා. මට තේරෙන හැටියට ෆිල්ම් එකක් ද්ව්න්ලෝඩ් කරගන්න එක උබල වගේ මහා බුද්ධිමතුන් අතරේ පමණක් වෙන්න ඕන දෙයක්. උබල කරාට කමක් නැහැ අනිත් උන් කරන එක වැරදියි. උබල හොදටම දැනගෙන හිටියත් me දේවල් ගැන නොදන්නා කොල්ලෝ ගොඩක් ඉන්නවා බන් අන්න ඒක තේරුම් ගනින්. නිකම් කුහකයෙක් වෙන්න එපා. හැම කෙනෙක්ටම තේරෙන්නේ නැහැ අපි දෙන සබ් ෆයිල් එකට ගැලපෙන ෆිල්ම් එක ටොරන්ට් එකෙන් හොයලා ඩව්න්ලෝඩ් කරගන්න. කවුරු කලත් වරද වරදමයි. උබත් පයිරසි ඒ අයත් පයිරසි. කුහක හාල්පාරුවෙක් නොවී ඉදපන්!කැලුම් ගුණසේකර
ඔයාට තියන අමාරුව මොකද්ද අප්පේ? කිව්වා නම් බලන්න.
nishshanka ruwan
ස්තුතියි :)
me
Thanks
Sanjaya
Thanks
Dilshan kalinga
බොහොම තුති උපසිරසියට....
මේක දැක්ක ගමන් මම දන්නවා, පහලින් තියන නම මොකක්ද කියලා.(නිර්මාණි විජේසිංහ)
ඒ වුනාට උඩත් නම තියනවා දැක්කා.
:-)Jack
නියමයිනේ. තවත් ඇනිමේශන් එකක්නේ.
ස්තුතියි සබ් එකට නිර්මානී අක්කේ.Kulanjana Maduranga
niyamai cartoon akki.subata thanks.digatama sub denn.jaya wewa..............
රවිඳු නිපුන්
thankss akkee sub ekata!!!
mamath balanna hithagena hitapu film ekak..
animation walama innath epa hadada..Naween
නියමයි.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝදරි...
Amil
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරි..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
ඇනිමේෂන් හේ හේ..
නිර්මාණිගේ තවත් කදිම නිර්මාණයක්
ඇනිමේෂන් එකක් දානකම් හිටියේ ගොඩකාලෙකින් බැලුවේ නෑ
දැන් බලන්න පුළුවන්
දැන්ම බානවා...
ජයම වේවා සහෝදරිය..අශේන් මදුශංක
ලස්සන කාර්ටූන් 1ක්. බොහොම ස්තූතියි උපසිරසට.
#ChalinduDeshan (කිනා)
සුපිරිය.
කියන්න යෙක් ඇත්තේම නැතිය.
මේක දෙයි කියලා හීණ මැව්වේය.
සුභ පැතුම්ය.
ජයවේවාය!ගයාන් රූකාන්ත(ජෝනා)
සබට තුති නිර්මාණි අක්කේ ඇත්තටම මම ඇනිමේෂන් ෆිල්ම් බලන්න පටන් ගත්තේ
ඔයාගේ සබ් බලලම තමා මේකත් බලන්න ඕනි...ලගදි නම් නෙමේ
අනිවා ටයිම් එකක් ආපු ගමන් බලනවා දැනට සබ ගන්නම්.සබට තුති ජය!! :) :)(ආආ මම මේ උඩ කමෙන්ට් එකේ බුරලා තියන ගොඩ සුද්දා ගැන නම් මොකුත් කියන්නේ නැ
ඉල්ලා සිටිනවා ඔය වගේ හරක් කියන කතා ගනන් නොගෙන ඉන්න ලෙසට.) :) :)යශෝධ
බොහෝම ස්තුතිියි නිර්මාණී උපසිරසට.. එක එක හිවල්ලු හූ කීවට ලොවෙත් ගණන් ගන්නෙපා. උන්ගේ හැටිනේ. දිගටම උපසිරැසි දෙමු. අපිත් පුළුවන් හැටියට කමෙන්ට් කරනවා. මේකත් අනිවා බානවා එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්......
සමීර කරුණාරත්න
උපසිරසට බොහොම ස්තුතියි සහෝදරි. ඉදලා ඉදලා වැහු පැටියෙක් කාටුන් එකක් අස්සෙම පැන්නා නෙව, මේකවත් Oz වලට යවන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද ? :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි නිර්මාණි සහෝදරී.. :-P
ඇනිමෙෂන් නම් නිර්මාණි.
නිර්මාණි නම් ඇනිමෙෂන්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!chandima amarasinghe
niyamai niyami onna bawa thaz...
ශාන් විමුක්ති [විමා]
ඒකෙන් මේකෙන් අමතක උනානේ
උපසිරසට බොහොම ස්තුතියි අක්කේ :Dඅදිත ප්‍රවීන්
නියමයි නිර්මාණි අක්කේ !
දෙනකම් තමයි බලාගෙන හිටියේ .
මම හිතුවා මේකත් ඔයාගේ වැඩක් තමයි කියලා . :D(ඔය කෑගහලා තියන මනෝව්‍යාධිකයා ගැන නම් කියන්න දෙයක් නෑ .මම හිතන්නේ අපේ ඇඩ්මින්වරු භාවිතා කරන්නේ සාර්ථකම ක්‍රමය තමයි . නැත්නම් මෙච්චර කාලයක් සයිට් එක කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙන්නේ කොහොමද ? ඒ කොලුවට කියන්න තියෙන්නේ , බලන දෙයක් බලාගෙන සද්ද නැතුව හිටියා නම් තමයි වඩා හොඳ කියලයි . )
කල්හාර ප්‍රසාද්
තැන්කූ වේවා අක්කෙ සබ් එකට.
awantha කියන හාදයාගෙ කතාවට දෙකක් කියන්න
හිතන් පහලට ආවෙ, ඒත් කියන්න ඕන දේවල් ටික ඌට
කස්ටිය ලෙසටම කියලා තියෙනවා. පව් මෝඩයා :-)වරුණ රංගජිත් (වරූ)
මොකෙක්ද අර උඩ ඉඳගෙන බුරලා තියෙන්නේ
ඌ ලැජ්ජාවක් නැති එකෙක් වෙන්නැති
උගේ අං තට්ටුව ගැලවෙන්න ඇති මගේ හිතේ දැන්
කාලකණ්නි මෝඩයෙක්
ලේ පුච්චන්න ඇවිල්ලා අපේ
බල්ලො බිරිවට කඳු පාත් වෙන්නේ නෑ කවදාවත්
ලංකාවේ අංක 01 සිංහල උපසිරැසි සයිට් එක බයිස්කෝප්ම තමයි ඒකේ අායි විවාදයක් නෑ
ඒක උන් වගේ ගොබ්බයින්ට දිරවන්නේ නැතුව ඇති
මේ ගොන් කතා අපේ එකෙක්වත් ගණන් ගන්න එපා
අපේ වැඩේ අපි දිගටම කරගෙන යමු...Sanjaya
අනිවා සහා්‍ෙ...... ගොන් පාර්ටි දාන්නේ මු ලංකාවෙි නෙමයෙිද කොහේ.... අනුන්ගේ මහන්සියට ගරැ කරන්න දන්නේ නැති කොහේහරි ගොඩයෙක්....
Sanjaya
අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝදරිය.
ස්තුතියි.....බල්ලෙක් බිරැවට කන්දක් පත්වෙන්නේ නෑනේ අනේ? ඔයාලගේ මහන්සියට වචනෙකින් හරි ශක්තියක් වෙනවා නෙමෙයි.. හරකෙක් වගේ ගොන් පාර්ටි දානවා. ඉතින් ඔය කියන කෙරැමට බැරියැ අඑත් සයිටි එකක් හදලා ඒ ගොන් පර්ටි ටික දාගන්න. නිකන් නයට කහින්නේ නැතුව....... හික් හික් හික්.......
“චූටී මල්ලි”
කට්ටියත් එක්ක එකතු වෙලා
එකෙක්ට අල්ලන් නෙලුවා නෙ
හැබැයි ඉතින් ඌම තමයි ඉල්ලන් කාලා
තියෙන්නෙත් :D
එල අක්කියො ඔයා
බය වෙන්න එපා පැටියෝ :P
දිගටම සබ් දෙන්න
සබට තුති
ඔබට ජය............දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට. මෙහි කලින් දෙකම බලල තියෙනවා, අනිවා මේකත් බලන්න ඕනි, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
The Wizard of Oz (1925), The Wizard of Oz (1939), The Wizard of Oz (1982), Return To Oz (1985)
Dorothy and the Witches of Oz (2012)
Oz the Great and Powerful (2013), Legends of Oz: Dorothy’s Return (2013) ඔයනමින් හදල තියෙන ෆිල්ම් ටික, සමහර ඒවට ටොරන්ට් තියෙනවා, නැත්නම් යූ ටියුබ් බලන්න පුළුවන්.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P ජය
pamuditha
thank U වේවා sis... ;)
pamuditha
Kick the bucket කියන්නේ "බකට් වලට පයින් ගහනව" නෙමෙයි ඒක idiom 1ක් මරනය හඳුන්වන.
Ex - My grand mother Kick the bucket [මගේ ආච්චි මළා]pamuditha
still love your work sis
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. සෑහෙන වලියක් ගිහින් වගේනේ.... ජය෴෴ :P :P
Lasiru
thanx...!!!
sri
tnx
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
kalin eke linka eka dennako