Watch Trailer

Lego DC Super Hero Girls: Super-Villain High (2018) Sinhala Subtitles | DC සුපිරි වීර කෙල්ලෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාත් පලවෙනියටම උපසිරසියක් Baiscopelk අඩවිය වෙනුවෙන් ගෙන ආවා.මන් මේකේ කට්ටිය වැඩිය දන්නේ නැති උනත් සිසිල ප්‍රසාද් අයියා තමයි මට මේ චිත්‍රපටය කරන්න කියල භාර දුන්නේ.මන් මුලින්ම ස්තුති වන්න ඕනේ සිසිල අයියට.ඉතින් කොහොමහරි මන් එහෙම අද අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටයක්.මට මතක විදියට මේ නම වෙන්නේ Le…

ඔන්න ඉතින් මාත් පලවෙනියටම උපසිරසියක් Baiscopelk අඩවිය වෙනුවෙන් ගෙන ආවා.මන් මේකේ කට්ටිය වැඩිය දන්නේ නැති උනත් සිසිල ප්‍රසාද් අයියා තමයි මට මේ චිත්‍රපටය කරන්න කියල භාර දුන්නේ.මන් මුලින්ම ස්තුති වන්න ඕනේ සිසිල අයියට.ඉතින් කොහොමහරි මන් එහෙම අද අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටයක්.මට මතක විදියට මේ නම වෙන්නේ Lego DC Super Hero Girls: Super-Villain High කියල තමයි.මේක කොහමහරි රූගත වෙලා තිබ්බේ 2018 මැයි 1 වෙනිදා.ඉතින් එහෙනම් මේ චිත්‍රපටේ ගැන පොඩ්ඩක් දැනගමු බලන්න ඉස්සෙල්ල.

කොහොමහරි මේ චිට්‍රපටේ අයත් වෙන්නේ Action/Animated cartoon කියන වර්ගෙට,මේක පැය 1 යි මිනිත්තු 18 ක් පුරාවට දිව යන චිත්‍ර පටයක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙන්න මෙය තමයි Elsa Garagarza.

මේ කතාව අයත් වෙන්නේ Lego DC Super Hero Girls Film Series කියන සීරිස් එකට.අන්න ඒ සීරිස් එකේ තියෙන තවත් එක කතාවක් තමයි මේ Super Hero Girls: Super-Villain High කියල කියන්නේ.මේකේ නිෂ්පාදකය තමයි Sam register කියල කියන්නේ.මේකේ අර යන සින්දු ටික හදල තියෙන්නේ මෙන්න මේ Robert J. Kral කියන කෙනා. මේකේ IMDB අගය ගැන කිවහොත් මේකට ලැබිල තියෙනවා 5.3 වගේ අගයක්.ඒ වගේම google users ල 86% විතර මේකට කැමැත්ත දීල තියෙනවා.මේකේ රගපාන අයට කට හඩ පොවලා තියෙන කට්ටිය ගැන කිව්වොත් මෙයාල ගැන කියන්න පුළුවන්. Tara Strong, Danica McKellar , Teala Dunn වගේ ය තමයි මේකට කටහඩ කවල තියෙන්නේ.දැන් අපි පොඩ්ඩක් මේ චිත්‍රපටේ තියෙන දේවල් ගැන කතාකරමු.

මේකේ අපිට දැක ගන්න පුළුවන් වොන්ඩර් වුමන්,බැට් ගර්ල්, සුපර් ගර්ල් වගේ කට්ටියව මේකේ ඇතුලෙදි.මේකේ ප්‍රධාන චරිතය ලෙස එකක් කියන්න බෑ.මේකේ මේ තුන් දෙනාම ප්‍රධානයි වගේ තමයි.කොහොමහරි මෙයාල යන පාසලේ මේගොල්ලන්ගේ හොදම යාලුවන්ව වෙන ලීනා ලුතර් කියල කෙනෙක් ඒ ගේ පැත්තට හරවා ගන්නවා.ඒ මොකද එයා දුෂ්ට වැඩ කරලා දුෂ්ටයන්ගේ ලයිස්තුවේ උඩට එන්න.ඉතින් ඉතුරු ටික ඕගොල්ලෝ මේක බලලම දැක ගත්තනං හොදයි කියල මන් හිතනවා.කොහොම උනත් කිසිම අවුලක් නැතුව පැයක් වගේ වෙලාවක් පුරාවට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්.

තව මට කියන්න තියෙන්නේ මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය.මොනවම හරි අඩු පාඩුවක් හරි තිබ්බොත් මූණටම කියල දාන්න.හැබැයි අඩු පාඩු විතරක් කියන්නේ නැතුව Comment එකක් දාල පොඩි sup එකකුත් ඔයාලගෙන් ඕනේ.මට තවත් මේ වගේ ලස්සන චිත්‍රපට වල සිංහල sub එක ඉක්මනින්ම ගෙන එන්න මට ශක්තිය ලබා දෙන්න.මන් ගොඩාක් කාලය කළමනාකරණය කර ගෙන තමයි මේක කලේ.ගොඩාක් වෙහෙසත් උනා.ඒ හින්ද ඔයාලගේ sup එක ගොඩාරියක් බලාපොරොත්තු වෙනව.එහෙනම් මන් අදට ගිහිල්ල අයෙත් දවසක වෙනත් ලස්සන උපසිරසියකින් හමුවන පොරොන්දුවෙන් මන් යනවා.

හැමෝටම ජය ශ්‍රී.

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL / HD  පිටපත් සඳහා අදාළ වේ.

2,795 downloadsDownload LEGO-DC-Super-Hero-Girls-Super-Villain-High-2018.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රිවිඳු හිරන්‍ය රත්නායක

Subtitles

2,795 downloadsDownload Subtitles49 KB

18 comments

  1. Helili Hemamali

    පළමු උපසිරැසියට සුබ පැතුම්! තවත් අගනා නිර්මාණකින් හමු වෙමු!

  2. AsithaDilruwan

    Ela saho thanks

  3. උදයංග සම්පත් හතරසිංහ

    Good Luck Mithraya

  4. Malinda

    Thanks Malli.

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සුභ පැතුම් පළමු උපසිරසට..තව තවත් උපසිරස කරන්න ලැබේවා! බුදුසරණයි..ජයවේවා!!!

  6. Ishan Madusha

    පළමු උපසිරැසියට සුබ පැතුම්
    බොහොම ස්තූතියි සහෝ

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……...…..

  9. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ පලවෙනි වැඩේට සුභ පැතුම්. තෑන්කූ වේවා. දිගටම සබ් දෙමු. ජය.

  10. Nadeesha rox alahakoon

    Elm.tnx bro sub akata. Digatama sub gemu

  11. harshani11112

    ස්තුති හිරන්‍ය සහො ....
    තෙරැවන්සරණයි

  12. sasala

    thanks

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  14. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.......!
    දිගටම සබ් කරමු......

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  17. Sachintha Kalhara Benet

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහො!
    බොහෝම ස්තූතියි.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P