Avengers: Code Red (2023) Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අරන් ආවේ සාමාන්‍යයෙන් කරන ඒවට වඩා වෙනස් ජාතියේ ෆිල්ම් එකක්. LEGO කියන ප්‍රසිද්ධ සෙල්ලම් බඩු සමාගම ගැන අහලා නැති කෙනෙක් එන්න බෑ. ඉතින් එයාලා Marvel සමාගම සමඟ එකමුතුවෙන් නිකුත් කරලා තියෙන අලුත්ම ෆිල්…

Avengers: Code Red (2023) Sinhala Subtitles
බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අරන් ආවේ සාමාන්‍යයෙන් කරන ඒවට වඩා වෙනස් ජාතියේ ෆිල්ම් එකක්. LEGO කියන ප්‍රසිද්ධ සෙල්ලම් බඩු සමාගම ගැන අහලා නැති කෙනෙක් එන්න බෑ. ඉතින් එයාලා Marvel සමාගම සමඟ එකමුතුවෙන් නිකුත් කරලා තියෙන අලුත්ම ෆිල්ම් එකට තමයි මේ සිංහල උපසිරසි අරගෙන ආවේ. මේක නමින් Lego Marvel Avengers: Code Red.
මේක IMDb දර්ශකයේ ලකුණු 5.4ක් ලබා ගන්නත්, Rotten Tomatoes දර්ශකයේ 79%ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Trver Devall (රෙඩ් ගාඩියන්), James C. Mathis III (බ්ලැක් පැන්තර්), Steve Blum (වුල්වරින්), Laura Bailey (බ්ලැක් විඩෝ) ආදී ශිල්පීන් හඬ කැවීමෙන් දායක වෙනවා. ඉතින් අපි දන්න අඳුනන මාවල් චරිත බොහොමයක් මේකෙන් බලාගන්න පුළුවන්.
කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙනවා නම් මේක ප්‍රධාන වශයෙන්ම Black Widow සහ Red Guardian වටා ගෙතුණු කතාවක්. Black Widow (2019) ෆිල්ම් එක බැලුවා නම් දන්නවා ඇති නේ මේ දෙන්නා තාත්තයි දූයි බව. ඉතින් Red Guardian සහ Black Widow අතරේ බහින්බස් වීමක් ඇති වෙනවා රෙඩ් ගාඩියන් එයාට තාම පොඩි ගෑනු ළමයෙකුට වගේ සැලකීම ගැන. මේ අතරේ මාවල් විශ්වයේ “රෙඩ්” කියලා කෑල්ලක් නමේ තියෙන කට්ටිය අතුරුදහන් වෙන්න ගන්නවා. ‘රෙඩ් ගාඩියනුත්’ මේ අතරින් කෙනෙක්. එයාට සිද්ධවුණේ මොකක්ද? කවුද මෙයාලව පැහැරගන්නේ? මොන අරමුණකින්ද? ඇයි ‘රෙඩ්’ කියලා තියෙන අයව විතරක් පැහැරගන්නේ?
ඔය ප්‍රශ්නවලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්නකෝ. ඉතින් මේක හැමෝටම සෙට් වෙන ෆිල්ම් එකක් නම් වෙන එකක් නෑ. කැමති අය බලන සේක්වා. එහෙම නම්, අලුත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Avengers: Code Red, Lego Marvel Avengers: Code Red Sinhala Sub, Lego Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා ලබා දි ඇත.
2,470 downloadsDownload Lego-Marvel-Avengers-Code-Red-Sinhala-Subtitles-Baiscopelk.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
3 comments
Buddhika Lakmal
Anonymous
Thank you brother ...puluwan nam zorro tv series eketh sub dennakoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thanks Brother.. Good job.... ♥♥