සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳගෙන ඉන්නා රසික රසිකාවියනි! දමිළ සිනමා රසිකයින් සියලු දෙනා පුන පුනා බලා සිටි දමිළ සිනමාවේ තවත් පෙරළියක් කල සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද මා වෙබ් අඩවිය වෙත පිය නඟනවා. එසේ නම් වැඩි කතාවක් නැතුවම ඉක්මණින්ම සිනමාපටය ගැන තොරතුරු බිඳක් ඉද…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳගෙන ඉන්නා රසික රසිකාවියනි! දමිළ සිනමා රසිකයින් සියලු දෙනා පුන පුනා බලා සිටි දමිළ සිනමාවේ තවත් පෙරළියක් කල සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද මා වෙබ් අඩවිය වෙත පිය නඟනවා. එසේ නම් වැඩි කතාවක් නැතුවම ඉක්මණින්ම සිනමාපටය ගැන තොරතුරු බිඳක් ඉදිරිපත් කිරීම සඳහා යොමුවෙනවා.

ඔක්තෝම්බර් මාසේ 19 වනදා ලොවපුරා තිරගත වීම ආරම්භ කල LEO 2023 කියන්නේ දමිළ සිනමාවේ ඉතා ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වෙන ලෝකේෂ් කනකරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද පස්වන සිනමාපටයයි. දමිළ සිනමාවේ තවත් ඉතාමත් ජනප්‍රිය නළුවකු වන විජේයි විසින් මෙහි ප්‍රධාන චරිතය රඟපානු ලබන අතර සෙසු චරිත හිංදි සිනමා නළු සංජය දත්, දමිළ සිනමා නළු අර්ජුන්, දමිළ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ගෞතම් වාසුදෙව් මෙනන්,දමිළ සිනමා නිලි ත්‍රීෂා ක්‍රිෂ්ණන්, දකුණු ඉන්දීය සිනමා නිලි මැඩෝනා සෙබස්තියන්, දමිළ සිනමා නළු ජෝර්ජ් මාර්යන් යන නළු නිලි කැල රඟපානු ලබනවා. ඒ වගේම මෙහි සංගීත නිර්මාණය අනිරුද් විසින් සිදුකර තිබෙනවා. මෙම සිනමාපටය ලෝකෙෂ් කනකරාජ් විසින් මේ වනවිට නිර්මාණ කටයුතු සිදුකරමින් සිටින LCU නොහොත් ලෝකේෂ් සිනෙමැටික් යුනිවර්ස් ලෙසින් හඳුන්වන සිනමාපට දාමයේ තුන්වැන්න ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්! ප්‍රධාන නළුවාට පෙර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මේ ලිපියේ මූලික ස්ථානයක් ලබාදී සිනමාපටයේ තොරතුරු ගෙන ඒමට හේතුව කුමක්දැයි කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්ත ප්‍රධාන වශයෙන් Seven Screen Studio සමාඟම විසින් සිදුකර තිබෙනවා.

චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම මෙහි අධ්‍යක්ෂක ලෝකේෂ් කනකරාජ් සිනමාව සබැඳි විශේෂ සම්මුඛ සාකච්ඡා කිහිපයකට සහභාගී වූ අතර එහිදි ඔහු විසින් විශේෂයෙන් සඳහන් කල කරුණු කිහිපයක්..!

LEO සිනමාපටයේ වැඩි කොටසක් රූගත කිරීම් සිදුකර ඇත්තේ උතුරු ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයෙයි. හිම පතනය වන ඉතාමත් අසීරු කාලගුණික තත්වයේදි පවා නිෂ්පාදන කටයුතු සිදුකර තිබෙනවා.

“කරුණාකර චිත්‍රපටයේ මුල් විනාඩි 10 මඟඇරගන්න එපා! එම විනාඩි 10 තුල නිෂ්පාදන කණ්ඩායමෙහි දැඩි කැපවීම හොඳින් බලාගන්නට පුළුවන් වෙයි. ඒ නිසා කරුණාකර නියමිත වෙලාවට සිනමාහල වෙත පැමිණෙන්න යැයි කියමින් සම්මුඛ සාකච්ඡාවේදි අධ්‍යක්ෂ ලෝකේෂ් කනකරාජ් විසින් සිය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක්ද කලා.”

චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපයේ තිබෙන හිම මත දර්ශනය රූගත කරන විට එහි ඇති ඇතැම් ක්‍රියාදාම දර්ශනයන් අතිරේක ශිල්පියෙකු යොදාගනිමින් සිදුකිරීමට අධ්‍යක්ෂකවරයා විසින් මෙහි ප්‍රධාන නළු විජේ වෙත පවසා ඇති අතර ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරමින් හිම මත ඇද වැටෙන දර්ශන ඇතුලු සියලුම ක්‍රියාදාම දර්ශන පාහේ තමන් සිදුකිරීමට සූදානම් බවත්, තමන්ට කිරීමට අපහසු දර්ශනයක් වෙතොත් එය තමන්ම ප්‍රකාශ කරන බවත් අධ්‍යක්ෂ ලෝකේෂ් කනකරාජ් හට විජේ පවසා තිබෙනවා. මේ අවස්ථාවේදි සෙසු තාක්ෂණික ශිල්පීන් ඇතුලු සියලුදෙනා හිම මත සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඳ සිට ඇති අතර ප්‍රධාන නළු විජේ පමණයක් එම දර්ශනයට අදාල වන සුදුපැහැති කමිසය සහ කළු කලිසම පමණයක් ඇඳ සීතල දරාගනිමින් එම දර්ශනය රූගත කිරීම සිදුකල බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

LEO 2023 රූගත කිරීම් අතරතුර…..

සිනමාපටය තිරගත කල මුල් දිනයේදි පමණක් ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 148.5 ක් බැව් චිත්‍රපටයේ නිෂ්පාදක සමාඟම නිල වශයෙන් ප්‍රකාෂ කර සිටියා. තවද තිරගත කර සිව්දිනක් ගත වන විට ලැබු සම්පූර්ණ ආදායම දල වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 405 ක් බවද නිෂ්පාදකයින් ප්‍රකාෂ කලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල පවා LEO සිනමාපටය සඳහා ලැබුනේ ඉතාමත් යහපත් ප්‍රතිචාර බැව් ශ්‍රී ලංකාව තුලදි පවා ලබාගත් ආදායම් වාර්තා සාක්ෂි දරනවා. එනම් තිරගත කල මුල් සතිය තුලදි ශ්‍රීලංකාවේදි ශ්‍රීලංකා රුපියල් කෝටි 15 කට අධික මුදලක් උපයා ගැනීම ආදි දත්තයන් මඟින් චිත්‍රපටය ඉතාමත් පහසුවෙන් කෙටිම කාලයක් තුලදි Blockbuster වී හමාර බවටද මනා ලෙස ඔප්පු වී තිබෙනවා.

LEO සිනමාපටය මේ වසර තුල මෙන්ම දමිළ සිනමා කර්මාන්තය තුලද නව වාර්තා කිහිපයක් පිහිටුවාලීමට සමත් වුණා.

ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්!

LEO සිනමාපටය LCU (Lokesh Cinematic Universe) හා සම්බන්ධ වන අයුරු, LCU මුල් සිනමාපටයන් වන KAITHI 2019 හා VIKRAM 2022 සිනමාපටයන් හි මතකාවර්ජන කතා සාරංශයන් සහ සහ LCU හි ඉදිරි සිනමාපට පෙළ ගැස්ම.

KAITHI 2019

  • 2019.03.09 දින පොලිස් නිලධාරි බිජෝයි විසින් මත්කුඩු කිලෝ 900 ක් අත්අඩංගුවට ගැනීම.
  • ස්ටීපන් රාජ් නැමැති පොලිස් නිලධාරියා මුදලට ගිජු වී අන්බු නැමැති ජාවාරම්කරුවට මේ පිළිබඳ ඔත්තුව ලබාදීම.
  • මත්කුඩු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරින් සියලුදෙනාවම අන්බු ඝාතනය කිරීමට වෙර දැරීම.
  • දිල්ලි විසින් පොලිස් නිලධාරි බිජෝයි හට පොලිස් නිලධාරින් මුදා ගැනීමට සහය දීම.
  • නැපෝලියන් නැමැති පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයේ සිට විශ්ව ශිෂ්‍යයින්ගේ සහය ඇතිව ජාවාරම්කරුවන්ගෙන්
  • මත්කුඩු තොගය ආරක්ෂා කිරීම.
  • මත්කුඩු ජාවාරම්කරු අඩෛයිකාලම් සහ ඔහුගේ කල්ලිය සිරගතවීම.
  • අන්බු හට බරපතල තුවාල සිදුවීම.
  • දිල්ලිගේ දියණිය වන කාමාච්චි දිල්ලි සමඟින් පිටව යාම.

VIKRAM 2022

  • වික්‍රම් කර්නන් යන නාමයෙන් පෙනි සිටීම.
  • ප්‍රබන්ජන් බිජෝයිගේ මෙහෙයුමක රහසිගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම්කරු සන්තානම්ගේ
  • මත්කුඩු කිලෝ 900 2019.03.09 දින සැඟවීම.
  • 2019.06.07 දින කර්නන්ගේ මිය යෑම.
  • ඉන් පසුව බිජෝයිගේ මුළු පවුලම ඝාතනය කර සිටින අතර ඔහු වික්‍රම්ගේ කල්ලිය හා එකතු වී සිටියි.
  • අමර් නැමැති විශේෂිත රහස් නියෝජිතයා බ්ලැක් ස්කුවාඩ් හි මුලසුන දරන අතර ඔහු විසින්
  • මෙම මිනිමැරුම් පිළිබඳව විමර්ශන කටයුතු සිදුකිරීම.
  • වික්‍රම් විසින් මෙම මත්කුඩු තොරතුර තම පැරණි බ්ලැක් ස්කුවාඩ් මිතුරන්ට දැනුම් දීම.
  • 2019.06.14 දින ස්ටීපන් රාජ් මිය යෑම.
  • 2019.06.23 අමර්ගේ පෙම්වතිය ගයාත්‍රි සහ රහස් නියෝජීත ටීනා මිය යෑම.
  • 2019.06.23 දින සන්තානම් සහ ජෝස් මියගිය බව පෙන්වීම.
  • මෙම සිදුවීම් වලින් සතියකට පසුව……
  • මත්කුඩු ජාවාරමෙහි රජු රෝලෙක්ස් මුම්බායි නඟරයට පැමිණීම.
  • රෝලෙක්ස් සෙසු මත්කුඩු ජාවාරම්කරුවන් වන අඩෛයිකාලම්, අන්බු ඇතුලු පිරිස මුණගැසීම.
  • ඒ වන විට වික්‍රම්ද මුම්බායි නඟරයට පැමිණ සිටිම.
  • දිල්ලි සිය දියණිය සමඟ උත්තර ප්‍රදේශ් හි සිටීම.
  • රහස් නියෝජිත අමර් කේරළයේ සිටීම.

LEO 2023

KAITHI 2 ⏩ ROLEX ⏩ VIKRAM 2 ⏩ බොහෝ විට LEO 2 නිකුත් වීමට ඉඩ ඇත.

LCU හි ආරම්භක සිනමාපටයන් ද්විත්වයේ අන්තර්ගත කතාවන් පිළිබඳව කුඩා සාරාංශයක් ඉහතින් දක්වා තිබෙන අතර ප්‍රේක්ෂක ඔබගේ සිනමා රසවින්දනයට බාධාවක් වන නිසාවෙන් ඇතැම් කරුණු මෙම ලිපියට ඇතුලත් කර නොමැත. LEO 2023 සිනමාපටයේද අන්තර්ගතය පිළිබඳව කිසිදු විස්තර කිරීමක් සිදුනොකරන අතර LCU රසියකයෙකුට LEO 2023 චිත්‍රපටය නැරඹීමේ අභිප්‍රේරණයට ඉහත ලබාදී ඇති මතක ආවර්ජනය සහ තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා මා විශ්වාස කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HQ HDRip / PSA WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

85,576 downloadsDownload LEO-2023-ORIGINAL-HQ-HDRip-PSA-WEBRIP-Update.zip159 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

LEO (2023) Sinhala Subtitles, LEO (2023) Sinhala Sub, LEO Sinhala Subtitles, LEO Sinhala Sub

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

85,576 downloadsDownload Subtitles159 KB

45 comments

  1. Buddhika Lakmal

    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ මචෝ....
    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි තරිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Anonymous

      mcn ma copy eka awlk nadda?

    2. Ravindu_Heshan

      Me cam copy ekata galapena ekak

  3. oshanda

    niyamai sahoo

  4. Tharu

    Baghban (2003) Film එකේ subtitle එක Download කරන්න බැනේ.
    ඒක හරිගස්සන්න පුළුවන්ද ලොකු උදව්වක්

    1. Sanupa Ranmeth

      ගැටලුව නිවැරදි කළා සහෝ.
      දැන් සබ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    2. Tharu

      Thanks ඉක්මනට හදලනෙ.

    3. Kavishka dulan

      අනේ පුලුවන්නම් LCU එක ගැන ලිපියක් ගේන්නකො..දැනට ආපු ෆිල්ම් ටිකේ connections ටික පොඩ්ඩක් පැහැදිලි කරලා..ඉස්සරහට එන ෆිල්ම් ටික ගැන එහෙම

  5. Anonymous

    ma copy eka hodaida? awlk nathuwa balanna puluwanda?

    1. Ravindu_Heshan

      meka cam copy eth awulak nathuwa balanna plwan mattame ekak

    2. Sanupa Ranmeth

      කොපිය හොඳයි සහෝ. අවුලක් නැතුව බලන්න පුළුවන්.

    3. Sameera

      Bro film download karaganne kohomada

    4. විමා

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එක
      අපේ ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් වෙබ් එක

  6. Senith Neththaru

    Kohomada download karnne

    1. Ravindu_Heshan

      මේකෙන් ගන්න සහෝ

  7. හේමන්ත

    ස්තුතියි තරිඳු.....
    ස්තුතියි බයිස්කෝප්...

  8. Anonymous

    thanks...

  9. Buddhika Lakmal

    පට්ට ලිපිය අයියේ.. තෑන්ක්ස් ලිපියට..
    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. ushan perera

    Meke Film Eka download kara ganna puluwan site ekak hri link ekak hri kypnko.

    1. Ravindu_Heshan

      මේකෙන් ගන්න

  12. Anonymous

    Mata leo suptital ganna puluwanda

  13. Pubud

    Mata suntital gnna puluwanda

    1. Dilshan

      Thanks a lot for sub, can you sub partner 2023 tamil movie?

  14. malith

    thanks ayye

  15. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි MTR..
    ඔන්න එහෙනම් හොඳ කොපියම බලන්න ගන්නවා!

    1. Anonymous

      fd

    2. sandeepa liyanage

      Bosa meke webrip qulity eka download karaganne kohomada hamathanama thiyenne hdrip qulity ekane

    3. විමා

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙනුයි
      ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙයි තියෙනව

  16. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දැං තමා ෆිල්ම් එක බලන්න ගන්නෙ. ජයවේවා!

  17. baiscopelk ishu

    Thanks so much, Tharidu for ur hard work.

  18. Hashan

    Superb Artical & Thanx for the sub........!!!!!!!!!!

  19. Kavindu Randika

    LCU එකේ ගැම්ම තියෙන්නෙ Music වලම තමයි.උපසිරැසියට ස්තුතියි

  20. Danushka

    Thank U saho, Supiri movie ekak, Thank U again

  21. Anonymous

    download link

    1. Sanupa Ranmeth

      මෙතනින් බාගන්න සහෝ. අපේ සයිට් එකේ පළවෙන උපසිරසිවලට අදාළ පිටපත් බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් ගන්න පුළුවන්.

  22. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  23. Zithu

    Nice

  24. Anonymous

    Thank you

    1. Anonymous

      Thank you ❤

  25. Anonymous

    Sub aka yaredi

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Shane Nilusha de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  28. Anonymous

    Kate winsaltge Lee film ake sinhala subtitles aka denna pls
    pls