Watch Trailer

Leviticus (2026) Sinhala Subtitles | මං ඔබට ඇබ්බැහි වෙලා!   [සිංහල උපසිරසි] 18+

Leviticus (2026) Sinhala Subtitles ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ උපසිරැසියක් එක්ක බයිස්කොප් පිලට ගොඩ වෙලා යන්න ආවා.මුලින් ම උපසිරැසිය පරක්කු උන එකට හැමෝගෙන් ම සමාව ඉල්ලනව.ගොඩක් දුරට හැමෝම වගේ මේ ෆිල්ම් එක දැනටමත් බලල ඇති. කාළයක් මගෙන් උපසිරැසියක් නොආපු එක ගැන පසුතැවිලි වෙනව වගේම පුනරාගමනය වෙනුව…

Leviticus (2026)  Sinhala Subtitles

ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ උපසිරැසියක් එක්ක බයිස්කොප් පිලට ගොඩ වෙලා යන්න ආවා.මුලින් ම උපසිරැසිය පරක්කු උන එකට හැමෝගෙන් ම සමාව ඉල්ලනව.ගොඩක් දුරට හැමෝම වගේ මේ ෆිල්ම් එක දැනටමත් බලල ඇති. කාළයක් මගෙන් උපසිරැසියක් නොආපු එක ගැන පසුතැවිලි වෙනව වගේම පුනරාගමනය වෙනුවෙන් මේ අවුරුද්දෙ හොඳ හොරර් ෆිල්ම් එකක් එක්කම වැඩේට බහිනව කියල හිතාගෙනයි මේ supernatural horror ෆිලුම ඔයාලට මම අරගෙන එන්නෙ. 

 

මේක Obsession,Backrooms පන්නයේ නවමු Horror අත්දැකීමක් වගේම ඒ හා සමානවම Ratings අගයක් දිනාගත්ත නිර්මාණයක් කියලත් මතක් කරන්න කැමතියි.ඈත නගරය සංස්කෘතික ජීවිතයක් ඇතුළෙ ජීවත් වෙන රයන් සහ නයීම් කියන ගැටවරයො දෙන්නගෙ හිතේ ඇතිවන අසාමාන්‍ය සමරිසි ආකර්ෂණයක් සහ වැඩිහිටියන් විසින් ඔවුන් ගේ මේ රාගික ගැඟීම් ඉවත් කිරීම අදෘශ්‍යමාන බලවේගයක් මගින් ඔවුන් ව එකිනෙකාගෙන් ඈත් කිරීමට යාමගෙන් පස්සෙ ඇතිවෙන අසාමාන්‍ය ක්‍රියාකාරකම් ගොන්නක් වටා තමයි මේ සිනෙරුව නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව අතින් ගත්තොත් පොඩි ප්‍රෙඩික්ටබල් ගතියක් තිබ්බත් බොහොම කුතුහලයෙන් නරඹන්න පුළුවන් කතාවක් තමා මේක.ඒ වගේම මේ Leviticus කියන්නෙ මෙහි අද්‍යක්ෂක Adrian Chiarella ගෙ කුළුඳුල් සිනමා නිර්මාණයයි. තමංගෙ පළවෙනි වැඩේ හැටියට බොහොම සාධාරණයක් ඉටු කරපු සිනමා පටයක් විදියටත් අපිට මේක බලාගන්න පුළුවන්. පැයයි විනාඩි විසි අටක් පුරාවට Anxiety සහ Curiosity කියන එකේ උඩම ලෙවල් එක්ක ඉඳං enjoy කරන්න පුළුවන් සුපිරි සිනෙරුවක් තමා මේක.

 

මේ වෙද්දි 92%ක rotten tomatoes අගයකුත් 6.8/10 ක ඉහළ imdb අගයකුත් මේ චිත්‍රපටයට හිමි වෙලා තියෙනව.එහෙනම්,වැඩි කතා බතා මුකුත් නැතුව හැමෝටම සිනමාපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හමුවීමට බලාපොරොත්තු අදට ගිහින් එන්නම්.හැමෝටම සුභ දවසක්! 🖤🖤

Leviticus (2026)  Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

398 downloadsDownload Leviticus-2026.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leviticus Sinhala Subtitles

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

398 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Muditha Dissanayaka

    superb