Watch Trailer

Nooru Saami (2026) Sinhala Subtitles | සමාජයේ රාමු බිඳදැමූ ආදරණීය මවකගේ සත්‍ය කතාව [සිංහල උපසිරසි]

Nooru Saami (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් රසිකයින් හැමෝටම! අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය මඟබලාගෙන හිටපු සුපිරිම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. මේ තමයි 2026 ජුනි මාසයේ සිනමාහල්වල සාර්ථකව තිරගත වෙලා, මේ වෙද්දි ZEE5 කියන OTT වේදිකාව හරහා අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ‘Nooru Sami’…

Nooru Saami (2026) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් රසිකයින් හැමෝටම! අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය මඟබලාගෙන හිටපු සුපිරිම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. මේ තමයි 2026 ජුනි මාසයේ සිනමාහල්වල සාර්ථකව තිරගත වෙලා, මේ වෙද්දි ZEE5 කියන OTT වේදිකාව හරහා අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ‘Nooru Sami’ චිත්‍රපටය. Family සහ Drama කියන කාණ්ඩවලට අයත් වෙන මේ ලස්සන කතාවට 7.2/10 ක පමණ ඉතා ඉහළ IMDb දර්ශකයේ අගයක් ලබාගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ සමාජයේ සිද්ධ වුණු සත්‍ය කතාවක් පාදක කරගෙනයි. ඉතින් පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් ලස්සන වගේම හැඟීම්බර නිර්මාණයක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්.

 

මේ අපූරු චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම තිර රචනය සිදු කරලා තියෙන්නේ දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වෙන Sasi විසිනි. ඔයාලට මතක ඇතිනේ ඔහු මීට කලින් අපිට තිළිණ කරපු ‘Pichaikkaran’ (2016), ‘Dishyum’, ‘Roja Koottam’, ‘Sivappu Manjal Pachai 2019’ වගේ අතිසාර්ථක චිත්‍රපට. ඒ වගේම ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළු Vijay Antony සහ දක්ෂ නිළි Swasika Vijay විසිනි. Vijay Antony මීට පෙර ‘Pichaikkaran’, ‘Salim’, ‘Kolaigaran’ වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකින් ප්‍රේක්ෂක සිත් දිනාගත්තා වගේම, Swasika ද ‘Lubber Pandhu’, ‘Chathuram’ වගේ චිත්‍රපටවලින් තමන්ගේ විශිෂ්ට රංගන දක්ෂතා පෙන්නුම් කරලා තියෙනවා. මීට අමතරව Ajay Dhishan, Sakthi, Lijomol Jose වගේම ප්‍රවීණ නළු කරුණාස් ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් මේ සත්‍ය කතාවට පණ පොවන්න රංගනයෙන් දායක වෙනවා.

 

මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සෙල්වී කියන තරුණ වැන්දඹු කාන්තාව වටායි. තමන්ගේ සැමියාගේ මරණයෙන් පස්සේ ඇය තමන්ගේ පුතුන් දෙදෙනා වෙන භාස්කර් සහ විවේක්ව හදා වඩා ගන්නේ ගම්මානයක තියෙන සම්ප්‍රදායික රාමු මැද ගොඩක් දුක් විඳලයි. ඇය සමාජයෙන් එන ගැටළු, අපහාස දරාගෙන තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරනවා. මේ සත්‍ය කතාව හරහා හුදෙක් විනෝදාස්වාදය සපයනවාට වඩා, අපේ සමාජයේ පවතින පසුගාමී මතවාද ගැන දැඩිව ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම වැන්දඹු කාන්තාවක් මුළු ජීවිත කාලයම තනිවම ජීවත් විය යුතුයි කියන මතය බිඳ දමමින්, අම්මා කෙනෙක් වුණත් ඇයටත් ආදරය, රැකවරණය සහ සහකරුවෙකුගේ අවශ්‍යතාවය දැනෙන බවත්, මවකගේ ජීවිතය හුදෙක් දරුවන් වෙනුවෙන්ම පමණක් කැපවිය යුත්තක් නොවන බවත් මේ චිත්‍රපටයෙන් ඉතා සියුම් ලෙස සමාජයට කියා දෙනවා. ඒ වගේම දරුවන් ලොකු මහත් වී ඔවුන්ගේ ලෝකවල කාර්යබහුල වෙද්දී, වයසට යන දෙමාපියන්ට දැනෙන තනිකම සහ මානසික අවශ්‍යතා දරුවන් විසින් අවබෝධ කරගැනීමේ වැදගත්කමත්, සමාජ අපවාදවලට බියෙන් තමන්ගේ සතුට කැප නොකර නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කමත් මේ කතාවෙන් මනාව නිරූපණය කරනවා. කාලයත් එක්ක තමන්ගේ මවගේ තනිකම ගැන මේ පුතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයිද වගේම ඇයට සමාජයෙන් සහ පවුලෙන් ඉඩක් ලැබෙයිද කියලා දැනගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

 

එහෙනම් තවත් වැඩි විස්තර කර කර ඉන්නේ නැතුව ජීවිතයට ලොකු ආදර්ශයක් දෙන මේ ලස්සන චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.‍ෙහැමදාමත් වගේ බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේම ලස්සන උපසිරැසියකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Nooru Saami (2026) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

941 downloadsDownload Nooru-Sami-2026.zip56 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nooru Saami Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

941 downloadsDownload Subtitles56 KB

0 comments

No comments yet.