Watch Trailer

Liberal Arts (2012) | ජීවිතය හා සංගීතය…. [සිංහල උපසිරසි සමඟ]

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30 ඉක්මවා යන වසයේ පසුවන ඔහු දැන් ලොව කාර්යය බහුලම නගරයක තව දිවි ගෙවන්නේ තනිවම වීමට ඔහුගේ වැරදි තියෙන්නට පුළුවන, එසේ නොවන්නටත් හැක.. නමුත් ඒ පිළිඳව මේ සලරුව කතා නොකිරීමෙන් අප හටද ඉන් පලක්…

Liberal Arts (2012)

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30 ඉක්මවා යන වසයේ පසුවන ඔහු දැන් ලොව කාර්යය බහුලම නගරයක තව දිවි ගෙවන්නේ තනිවම වීමට ඔහුගේ වැරදි තියෙන්නට පුළුවන, එසේ නොවන්නටත් හැක.. නමුත් ඒ පිළිඳව මේ සලරුව කතා නොකිරීමෙන් අප හටද ඉන් පලක් නොවන්නේය… ඔහු මහ මග ගමන් කරන්නේද පොතක දෑස ඔබාගෙනය, ඒ ඔහුගේ ජීවිතයයි සාහිත්‍ය විෂයන් ඉහලින් උගත් ඔහු පොත පත තුල තම ජීවිතය තනිකමෙන් ගෙවනා අතරේ ඔහුගේ කුලුපගුම සරසවි ඇදුරෙකිගේ විශ්‍රාම ගැනීමේ සාදය සඳහා නැවතත් ඔහුගේ සරසවිය වෙන යන ගමනෙන් සිබී ඔහුගේ නෙත ගැටෙයි. ඔවුනේ දැන හැදින ගැනීමට මග පෑදුනත් එදා ඔවුන් දෙදෙනා අතර පතාගෙන පැමිණි බැදීමක් දෙදෙනාගේම සිත් තුල නැවතත් උඩු දුවන්නට ගත්තත් එය ලත් තැනම ලොප් වන්නේ ඔහු නැවතත් නිව්යෝක් නගරය වෙත පෙරලා පැමිණීමට සිදුවීම නිසාවෙයි…

නමුත් අවසන් මොහොතේ 19 හැවරිදි ඇය ඔහු අත තබන්නේ CD තැටියකි… එහි අඩංගු වන්නේ ශාශ්ත්‍රීය සංගීත කාණ්ඩයන් හා ගීත එකතුවකි.. එය ඇය සහබාගි වූ එක් දේශනයක ප්‍රතිඵලයක් වුවත් එය ඔහුගේ ජීවිතය මෙන්ම ඇයගේ ජිවිතයද උඩු යටිකුරු කරන සන්ධිස්ථානයක් වන්නේ ජීවිතය හා සංගීතය කොතරම් එකට බැදී ඇද්දැයි මොනවට පැහැදීලි කරමිනි… මේ උතුම් ත්‍යාගයට ඇයට ඔහුගෙන් ලැබෙන්නේ අතින් අකුරු කල ලියුම් යැයි කිවොත් අද තමාජයේ අපි භාවිතා කරන තාක්ෂණය හා සසදන කල විහිළුවක් වනු ඇත… නමුත් ඔවුන්ගේ ආදරය හෝ කුමක් හෝ වේවා ඒ සම්බන්ධය දිව යන්නේ ඒ ආකාරයෙයි… නමුත් ඇය ගේ බලාපොරොත්තු ඔහු ඉටු නොකරයි… ඒ ඇයි ? ඔවුන් දෙදෙනාගේ ජිවිත කෙසේ ගලා යනු ඇති ද? සංගීතය ජිවිතයේ කුමන ජවනිකාවක් රඟදක්වනු ඇතිද….? අත්දැකීම් ඇති ඔහුගේ ජීවිතය තවමත් ජීවිතය තුල යමක් කරන්නට වෙර දරන ඇයගේ ජිවිතයට කෙසේ නම් ලබපායි ද? කියවීම ඇත්තෙන්ම මිනිසා සම්පුර්ණ කරනු ඇති ද? මේ සියල්ල අලංකාර මිනිත්තු 97 තුල ඔබට දැකගත හැකි වේවි.

කලක පටන් හොඳ චිත්‍රපට කිහිපයක් එකමුතුව උපසිරැස කිරීමට කතිකා කරගෙන තිබුනත් හැම විටම ඒ සඳහා කුමක් හෝ බාධා කරන්නට පසු බට නොවිණි නමුත් අවසානයේ මෙය එසේ එකමුතුවෙන් ආරම්භකළ මුල්ම උපසිරැස වුවත් මිට කලියෙන් මකර යුද්ධය ඔබ අතට පත් කිරීමට අපට හැකි විනි… මෙය අපි බොහොම දෙනෙක් සිනහ සාගරකය ගිල්වූ “How I Met Your Mother” නම් ප්‍රහසන කතා මාලාවේ ප්‍රධාන නළු Josh Radnor අතින් අධ්‍යක්ෂණය වී තිබෙන අතර ඔහුගේම තිර පිටපතකි… ප්‍රධාන චරිතයටද ඔහුම වග කියන්නේ මෙකල බොහොම ප්‍රසිද්ධ Elizabeth Olsen “සිබී” ලෙස පසකින් ඔහු හා එක්වන විටය…

IMDB දර්ශකයේ 6.8 ක් වැනි අගයක් ලබාගත් මේ අගනා සිත්තම ඔබ බොහොම දෙනෙක් නොබලන බව දැන දැනත් සිංහල උපසිරැස නිර්මාණයට තෝරාගත්තේ මෙහි ඇති අලංකාරය හා හරවත් බව කිහිපදෙනෙකු අතර හෝ බෙදාගැනීමට තිබු කැමැත්ත නිසාවෙනි… එසේනම් අපි හමුවෙමු තවත් මෙවැනිම සලරුවකින්… ඔබ සැමට බුදු සරණයි…!!!

….අලංකාරය අත්විදීමට ස්ථානයවත්, අවස්තාවවත් බල නොපායි….
….ඒ සඳහා අවශ්‍ය වන්නේ මියුරු සංගීත කණ්ඩයක් පමණි….

 

Liberal Arts (2012) on IMDb

 

 

705 MB (720p Br) කොපිය මෙතනින් බාගන්න

7971D922644C91900C909206DC5D7406E105C8C1

800 MB (720p Br) කොපිය මෙතනින් බාගන්න

72EF8AAC1390155C04F3591C14591DE0CF15C761

1.49 GB (1080p Br) කොපිය මෙතනින් බාගන්න

2FCB66B2BF3B2EEDA644309C614B6561746EA7EE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,416 downloadsDownload Liberal-Arts-2012.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,416 downloadsDownload Subtitles315 B

38 comments

  1. Kulanjana Maduranga

    niyamai ahhhhhhhhhhh....lasssanama storyak wge.subata thanks VIMA & SAMEERA sahola dennnatama...ohoma yn...jaya wewa.........

    1. Kulanjana Maduranga

      ahhhhhhhhhhh huga kalekin 1 wela.....

  2. Sisira Hegoda

    Thanks.

  3. czRGsl

    Thanksssssssssss sub ekata.... :) :)

  4. Kalana Praneeth

    Ela Wedak......
    Thanks For Sub........

  5. රවිඳු නිපුන්

    elanee...
    music nam ithin nobala kohomada??
    thankss dennatama sub ekata!!!!

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    නැ නැ මම මේ ෆිල්ම් එක ගන්නේ නැ
    මම මේක බලන්නෙත් නැ...මම මේ ටයිප් එකේ ෆිල්ම්
    මොකුත්ම බලන්නේ නැ ඔව්මයි.
    එත්..........විමා & සමීර සබ් කරපු නිසා හිතලා බලන්න ඕනේ.. ඔව් :)
    ඔන්න ගන්නම්කො එහෙනම් එත් ඉතින් බලයිද දන්නේ නැ විමෝ හොදේ. :)
    එත් ඉතින් සබට තුති කියමි. මම යමි ජය!! :) :)

  7. Jack

    ෴෴ බොහොම දෙනෙක් නොබලන බව දැන දැනත් සිංහල උපසිරැස නිර්මාණයට තෝරාගත්තේ මෙහි ඇති අලංකාරය හා හරවත් බව කිහිපදෙනෙකු අතර හෝ බෙදාගැනීමට තිබු කැමැත්ත නිසාවෙනි ෴෴

    නියමයි සහෝලා ගොඩක් අගය කරනවා ඔයාලා මේ කරපු වැඩේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජයම වේවා.

  8. Dilz

    සුළුතරය උනත් අපි වගේ අය වෙනුවෙන් මේ වගේ ඒවා කරන එක වටිනවා.
    ඉන්නකෝ මමත් ඔය සංගමයට එකතු උනාට තාම මොනවත් කරගන්න බැරි උනානේ.

  9. නලින් පෙරේරා

    ස්තුතියි විමා හා සැමි දෙන්නටම.. ඇත්තමයි ෆිලුම නොබැලුවත් මට නම් ලිපිය කියෙව්වම මර ගතියක් ආවා. ලිපියනම් මැක්සා ම මැක්සා.. කියන්න වචන නැහැ...
    නැවත වරක් ස්තුතියි දෙන්නටම.. අපි වෙනුවෙන් වටිනා කාලය කැප කරලා මෙවැනි ෆිලුමක් ගෙනාවට.

    ජය වේවා.!

  10. Pramodh Chandima

    Niyamai. mama balanne me wage filmsma witarai. hugak thanx. me wage film walata kemati hugak aya innawa. Puluwan nam Carmen(2003) spanish film ekatai, Amelie(2001) film eka hadapu diretorgema A Very Long Engagement film ekatai sub denna. BUDU SARANAI> Lowa ati rasawatma deya Kalawai....

  11. wiki

    Thanks

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි. අනිවා මේකනම් බලන්න ඕනි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. prabhath

    mama nam anivarayen balana IMBD 6.8 k thiyenawa sinhala ekka hondata therenawane thawa monawada Thanks wenas dewal denawata

  14. sriyan

    බොහෝම ස්තුතියි සබ් එකට,,,,,,,,,,,,,,,,,,

  15. roshan_st

    lassanai wage ..thank you machoo

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි දෙන්නටම සබ් එකට
    අනිවා අද බානවා
    සහෝ
    සබට
    තෑන්ක්ස්
    ජය...!!!

  17. Yenu

    Thank you.....

  18. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  19. චන්දිම අමරසිංහ

    niyamai superi katawak thaz...

  20. ලක්ෂාන් නිලංක

    ආහ් මේක දෙන්නගෙම වැඩක් නේද.....අනිවා බලන්නම්...දෙන්නටම බොහොම තුති...ජය වේවා.....!

  21. Nelson

    Good Work Brother, Thanks!

  22. “චූටී මල්ලි”

    බැලෙයි වගෙ මටත් මේක
    එල එල සැමී ඇන්ඩ් විමා
    සබට තුති
    ඔබට ජය......

  23. අදිත ප්‍රවීන්

    නියම ඩබල සෙට් වෙලා තියෙන්නේ .
    බලමුකෝ එහෙනම් .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  24. sama

    ela wedak. balamu balamu

  25. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝලා දෙන්නම.. :-P
    මේ වැඩෙ දිගටම කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙච්චරම කියන එකේ නොබලා කොහොමද? මෙන්න බානවා. ශාන් කෙසේ වෙතත් සමීරත් ආදර කතා පැත්තට බැහැලදෝ මන්දා. ජය෴෴ :P :P

    1. ශාන් විමුක්ති [විමා]

      අමුතුවෙන් කියන්න දෙයක් නෑ
      සමියගේ කෙරුවාව දන්නවා නොවැ රොයිලි අයියේ :P

    2. සමීර කරුණාරත්න

      අනේ පල යන්න....

  27. sujith

    ඔයාගෙ comment එකත් හරියට චිත්‍රපටියක් වගේ.තවත් හොඳ චිත්‍රපටි සොය යෑමට දිරි

  28. DKrooz

    මේ වගේ චිත්‍රපට පුළුවන් තරම දෙන්න.
    සබට තුති.
    ඔබ දෙදෙනාටම ජය.

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නටම :P :P ජය

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  31. Rockstar

    පොතක් කියෙව්වා වගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් film එකක්. මේක මම කලින් බැලුවා. සබත් එක්ක නැවත බලනවා. Thank You..very much...!

  32. Piyumal Dissanayaka

    වටිනම එකක්,ජයවේවා

  33. Poshi

    thank you

  34. MAALnath

    Thanks ..............good luck ..........

  35. Akhila Upendra

    බොහොම ස්තුතියි සබ් එක දුන්නට... යාලුවෙකුට බලන්න දෙන්න කියල හිතුන... ඒක හරිම ලස්සන ෆිල්ම් එකක්...