Watch Trailer

Life in a Day (2011) Sinhala subtitles | ලොව පුරා රටවල් 192ක ජීවත් වන මිනිසුන්ගේ වාර්තාමය චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ලොව පුරා රටවල් 192ක ජීවත් වන මිනිසුන්ගේ You Tube වීඩියෝ දර්ශන 88,000ක් එක් කොට ගෙන සෑදූ අපූරු /කම්පනය දනවන /වේදනාත්මක /හඟුම්බර වාර්තාමය චිත්‍රපටයක්. හොඳයි, ඔන්න දැන් මම මේ අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා හැමෝම අනිවාර්යෙනම බලන්න ඕනේ දෙයක්. මේක නිකන් බළලා ගණන් ගන්නේ නැතුව යන අයට නම් ජීවතයක් කියලා දෙයක් තිය…

ලොව පුරා රටවල් 192ක ජීවත් වන මිනිසුන්ගේ You Tube වීඩියෝ දර්ශන 88,000ක් එක් කොට ගෙන සෑදූ අපූරු /කම්පනය දනවන /වේදනාත්මක /හඟුම්බර වාර්තාමය චිත්‍රපටයක්.

හොඳයි, ඔන්න දැන් මම මේ අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා හැමෝම අනිවාර්යෙනම බලන්න ඕනේ දෙයක්. මේක නිකන් බළලා ගණන් ගන්නේ නැතුව යන අයට නම් ජීවතයක් කියලා දෙයක් තියෙන්නේ විදියක් නෑ. මේක ඇවිල්ලා මම පෞද්ගලිකවම බලපු හුඟක් ලස්සන, හැඟුම්බර, අර්ථයක් තියන, ජීවතය ගැන දෙයක් ඉගෙන ගන්න වගේම හදාගන්න පුළුවන් ලස්සනම ලස්සන වාර්තාමය චිත්‍රපටියක්. ඒ වගේම මේ වාර්තාමය චිත්‍රපටිය ඉස්කෝලේ ඉන්න ළමයින්ට වෙනම වෙලාවක් වෙන් කරගෙන දාලා පෙන්නන්න පුළුවන් වගේ එහෙම නම් හුඟක් හොඳයි. මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ තනි දිනයකදි. ඒ කියන්නේ මේකේ ඇතුළත් වෙන දර්ශන සියල්ලම පටිගත කරලා තියෙන්නේ 2010 ජූලි 24 වෙනිදා. මම ඔයාලා වගේ සාමාන්‍ය මිනිස්සු තමයි මේ වැඩේට දායක වෙලා ඔවුන් ඔවුන්ගේ ජීවත ඒ ඒ දිනයේ ගත වන විදිය ගැන පටිගත කරලා You Tube එකට දීලා තියෙන්නේ. මේ වැඩේට You Tube එකයි ඔයාලා කවුරුත් දන්න National Geographic Films එකයි එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. තව ආයතන කිහිපයක්ම මේ වැඩේට තම සහයෝගය ලබා දී තිබෙනවා. විශාල IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් ලබා ගන්න මේ වාර්තාමය චිත්‍රපටිය සමත් වෙලා තියනවා. Box office වාර්තා තැබීමටද ඒ අතරේම සමත් වෙලා තියනවා.

පිළිකා වගේ රෝග වලින් දුක් විඳින මිනිස්සු, විවිධ රෝග වලින් පෙලෙන මිනිස්සු, හිනා වෙලා සතුටින් ඉන්න මිනිස්සු, දුකින් ඉන්න මිනිස්සු, තනිකමින් ඉන්න මිනිස්සු, නැති බැරි මිනිස්සු, අසරණ වෙලා ඉන්න මිනිස්සු, විනෝද වැඩ කරන මිනිස්සු, තමන් ආදරය කරන්නේ මොනවටද, තමන් බය මොනවටද, මේ වගේ තවත් බොහෝ දේ ගැන බොහොම අපූරුවට ඒ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික දර්ශන මේ චිත්‍රපටියේ පෙළගස්වලා තියනවා.

මට නම් මේක බළලා ඉවර වුනාට පස්සේ ”මේ ජීවිතය මොකක්ද… ”අනේ මන්දා” කියලා වගේ හැඟීමක් හිතට දැනුනා.

මේක බලන්න කලින් විශේෂයෙන් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ, මේකේ සතෙක්ව මස් වලට ගන්න මරන දර්ශනයක් තියනවා, ඒකට නම් හුඟක් දුක හිතෙනවා. මේ චිත්‍රපටියට සමහර මිනිස්සුන්ගෙන් දෝෂාරෝපනයකුත් එල්ල වුනා ඒ දර්ශනය හින්දා. ඒකට ඉතින් මේ චිත්‍රපටියටවත් කරපු අයටවත් බැනලා වැඩක් නෑ. ලෝකයේ අහුමුළු වල වෙන දේවල් තමයි ඇත්තටම ඒ. කොහොමවුනත් මේ චිත්‍රපටියට මිනිස්සුන්ගෙන් වැඩියෙන්ම ලැබුනේ නම් විශාල වශයෙන් හුඟක් යහපත්ම ප්‍රතිචාරයි.

* මේකේ ඔයාලා ටොරෙන්ට් විදියට Bluray – Version එක අරගන්න. මේකේ You Tube Version එකයි Bluray Version එකයි ටිකක් වෙනස් කියලා තමයි කට්ටිය කියන්නේ. හැබැයි මම ඒක හරියටම කියන්න දන්නේ නෑ. සමහර Comment දැකපු හන්දයි මම මෙහෙම කියන්නේ. මම ඔයාලට මේ දීලා තියන උපසි‍රැසිය ඇවිල්ලා Bluray පිටතට අදාල වෙන්න සකස් කරපු උපසි‍රැසියයි. ඒ හන්දා Bluray පිටපතම අරගන්න.

* ඔයාලා මේ චිත්‍රපටිය බළලා ඉවර වුනාට පස්සේ ඔයාලට ඒ ඇති වුන අදහස් මෙතනට ඇවිත් පහලින් Comment කරගෙන යන්න, හැමෝමට බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

2,719 downloadsDownload Life-in-a-Day-2011.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

2,719 downloadsDownload Subtitles36 KB

20 comments

  1. Sherlock holmes

    Thanks bro..බොහොම ස්තූතියි ..

  2. thilina86

    Wow Thanks dude. This is really great.

  3. Kulanjana Maduranga

    niyamai...subata thanks....keep it up..

  4. Tharaka

    THANKS..........................................................................

  5. harshani11112

    වෙනස්ම චිත්‍රපටයක් ....බලන්්නහිතුනා වෙනසකටත් එක්කම...
    උපසිරැසියට බොහොම ස්තුති සහො

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Shamal Ranasinghe

    Thank you..! jaya wewa.

  8. sampath n perera

    thanks

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ෂෙහාන් සහෝ.
    ජයෙන් ජය.

  10. madhusankha

    Thanks bro..

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ricadodamien

    Thank U Shehan brother & baiscope team for the sub, all the best to baiscope team............

  16. mangalaP

    Thank you...

  17. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  18. MAALnath

    Thanks .......................good luck ...................

  19. Waruna Kamalawansha

    වෙනස් වාර්තා චිත්‍රපටියක්..... බොහෝම ස්තූතියි උපසිරැසි ගෙන ආවාට.....

  20. mariyan12

    thanks