Watch Trailer

The Good Neighbor (2016) Sinhala Subtitles | යහපත් අසල්වාසියා [සිංහල උපසිරසි සමඟ]

හිතවත් බයිස්කෝප් වාසීනි, අද මම අරගෙන ආවෙ සමාජයෙ කාලීන මාතෘකාවක් ගැන නිර්මාණය කරලා තියෙන ලස්සන කතාවක් අරං. එහෙම කියන්න හේතුව තමයි අද නවීන තාක්ෂණය අපිට ගිහින් සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන් තැනට ඇවිත් තියෙනවා. ඉතිං අපි කොහොමද ඒවා පරිහරණය කරන්නෙ? ඒවගෙන් මොනවද කරන්නෙ? ඒ කරන දේ වලින් මොනවද ඇතිවෙන බලපෑම…

හිතවත් බයිස්කෝප් වාසීනි, අද මම අරගෙන ආවෙ සමාජයෙ කාලීන මාතෘකාවක් ගැන නිර්මාණය කරලා තියෙන ලස්සන කතාවක් අරං. එහෙම කියන්න හේතුව තමයි අද නවීන තාක්ෂණය අපිට ගිහින් සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන් තැනට ඇවිත් තියෙනවා. ඉතිං අපි කොහොමද ඒවා පරිහරණය කරන්නෙ? ඒවගෙන් මොනවද කරන්නෙ? ඒ කරන දේ වලින් මොනවද ඇතිවෙන බලපෑම්? ඒවගෙන් කරන්නෙ කලයුතු දේවල්මද? කියල කවදාවත් හිතලා බලලා තියෙනවද? කාර්‍යබහුල ජීවනරටා ඇතුලෙ රැකියාවටත් නිවසටත් කොටුවෙලා ඉන්න දෙමව්පියො, තම දරුවන් සමඟ ගතකරන්න නොලැබෙන කාලය මුදල් වලින් හිළවු කරන්න උත්සාහ කරනවා. ඒ මුදල් වලින් ළමයි කරන්නෙ මොනවද කියලවත් හොයල බලන්න එයාලට වෙලාවක් නෑ.

අන්න ඒවගේ ළමයි දෙන්නෙක් තමයි ඊතන් සහ ශෝන් කියන්නෙ. ඊතන් අම්ම විතරක් ඉන්න කෙනෙක්. ශෝන් පොහොසත් දෙමව්පියො ඉන්න ළමයෙක්. මෙයාල දෙන්නා ශෝන්ගෙ සල්ලි වලින් උසස් පාසලේ නිවාඩු කාලයකදි එක පරීක්ෂණයක් කරන්න පටන්ගන්නවා. පරීක්ෂණය තමයි ඊතන්ගෙ අසල්වාසියෙක් වන ග්‍රෙයිනි මහතාගෙ නිවස ඔහුට හොරෙන් කැමරා මඟින් නිරීක්ෂණය කරමින් හොල්මන් සිදුවීම් බොරූවට නිර්මාණය කරමින් සති හයක් ඔහුගේ චර්‍යා වෙනස්වීම නිරීක්ෂණය කිරීම. ඉතිං එහෙම වැඩේ පටන්ගන්න එයාලට අමුතු සිදුවීම් පෙළක් දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ග්‍රෙයිනි මහතාගෙ අද්භූත බිම්මහල. සෑමවිටම බිම්මහල අඟුල් දාල තියෙන ඔහු සමහර දවස්වල ඒක ඇතුලෙ මුළු රාත්‍රියම පහන් කරන බව අපේ යාළුවන්ට දකින්න ලැබෙනවා.

එයින් ඊතන් තුළ බිම්මහල ඇතුලෙ සිදුවෙන්නෙ මොනවාදැයි දැනගැනීමේ දැඩි කුකුසක් ඇති වෙනවා. ඉතිං එයාලට ඒක ඇතුලට ගිහින් එතන වෙන්නෙ මොනවද කියල දැනගන්න ලැබේවිද, ඔවුන්ගේ පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵල මොනවාද කියල කතාව අවසානයේ ඔයාලට දැනගන්න ලැබෙයි. ඒවගේම මම සහතික වෙනවා අවසානයේ කතාව නොසිතන පරිදි සංවේදී වෙනවා කියල. ඉතිං ඇවිත් මේක බලන්න, ඔයාලම තීරණය කරන්න, දේවල් ඇතුලෙ, මිනිස්සු ඇතුලෙ මොන මොනවගේ දේවල් හැංගිලා තියෙනවද කියල.

එහෙනම් ඔයාලට මේකෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. 2016 සැප්තැම්බර් 16 වන දින ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටය Drama, Crime, Horror, Thriller යන ඛාණ්ඩ වලට අයිති වෙනවා. මිනිත්තු 98ක් පුරා ධාවනය වෙන මේ කතාව IMDb ලකුණු 6.3 අරන් තියෙනවා. මෙහි James Caan, Logan Miller, Keir Gilchrist යන අය ප්‍රධාන චරිත නිරූපණය කරනවා. අධ්‍යක්ෂක තමයි Kasra Farahani. කතාව ලියලා තියෙන්නෙ Mark Bianculli, Jeff Richard කියන දෙන්නා.

ප්‍රධාන වශයෙන්ම මේවා තමයි කියන්න තියෙන්නෙ. ඉතිං මේ හැමදෙනාම එකතුවෙලා ලස්සන කතාවක් නිර්මාණය කරලා තියෙනවා. මේක බැලුවාම ඔයාලටත් කල්පනා කරලා බලන්න දේවල් ගොඩක් තියෙයි. ඔයාලත් බලන්න, බලලා ගුණදොස් කියන්න.

මේ කතාවෙ එක වාක්‍ය ඛණ්ඩයක් මගෙ හිතේ තියෙනවා. ඒක තමයි “මිනිස්සුන්ට පෙනෙන්නෙ එයාලට දකින්න ඕනෙ දේ.”

මේ කතාව ගැන මට කියපු සුජීව සොයුරාටත් කතාව මට වෙන්කරලා දුන්නු හසන්ත සොයුරාටත් ස්තූති කරනවා. එහෙනම් ඉක්මනින්ම තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

ඔබලා හැමෝටම වාසනාවන්ත දවසක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,256 downloadsDownload The-Good-Neighbor-2016.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

2,256 downloadsDownload Subtitles47 KB

19 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata brooo...

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Warunaw

    Thanks bro Your Doing great job, keep it up ,All the best

  4. Tharaka

    THANKS......................

  5. Kulanjana Maduranga

    niyamai...subata thanks saho....keep it up.....

  6. harshani11112

    සහො ...
    උපසිරැසියට බොහොම ස්තුති

  7. Asitha Jayasinghe

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!! ජය වේවා!!!

  8. kusal lakindu

    ස්තූතියි.

  9. AsithaDilruwan

    ela saho thanks

  10. Nivom

    substitle ekata thanks!

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය.

  12. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  13. Dushan Tharuka

    thanks for sub

  14. බොබී

    අනිවාර්යයෙන් බලන්න හිතෙන කතා තේමාවක්. ස්තූතියි සහෝ, මේ උපසිරැසිය අපිට ගෙනාවට.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. D.Chamara

    bohoma sthuthi sahooo ...

  17. madhusankha

    THANKS BRO......

  18. Hashan M. Priyadarshana

    තැන්ක් යු බ්රෝ

  19. Sajithlakshan

    thanks ..............